The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
බුකිය

කොරෝනාවලින් පසුව එන 88/89 ය - රටේ රාළ

T

The Leader Desk

September 7, 2021 • 3:46 PM

කොරෝනාවලින් පසුව එන 88/89 ය - රටේ රාළ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරිලා තියෙන බලතල ප්‍රකාරව හදිසි නීති රෙගුලාසි බලාත්මක කරලා.
  • කොටින්ම කිව්වොත් ආණ්ඩුව මර්ධනයකට ලෑස්ති වෙනවා කියලා. ඇත්තටම මේ තර්ක දෙකෙන් ඇත්ත මොකක්ද?
  • හැබැයි අපි අවංකව කල්පනා කලොත් මේ වෙළද පොළ ත්‍රස්තවාදය හැදුවේ කවුද? වෙළඳ පොළ තරගය ඇතුළේ වෙළඳ පොළ ඒකාධිකාරීන් බිදවට්ටනවා වෙනුවට වෙළද පොළ තරග අහෝසි කරලා කීපදෙනෙක් අතර වෙළද ආධිපත්‍යයක් නිර්මාණය කළේ කවුද?
  • අද වන විට ප්‍රමිති ආයතනය කිසිම ප්‍රමිතියක් නැති ආයතනයක් බවට පත් කරලා තියෙන්නේ කවුද?
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරිලා තියෙන බලතල ප්‍රකාරව හදිසි නීති රෙගුලාසි බලාත්මක කරලා. ඊයේ පාර්ලිමේන්තුවෙනුත් ඒක අනුමත කළා.
 
ආණ්ඩුව පැත්තෙන් කියන තර්කය තමයි අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යන්න හදිසි නිතිය දැම්මා කියලා.
 
විපක්ෂය කියන්නේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන මුවාවෙන් ආණ්ඩුව මර්ධන අණපනත් සම්මත කරගන්නවා කියලා. කොටින්ම කිව්වොත් ආණ්ඩුව මර්ධනයකට ලෑස්ති වෙනවා කියලා. 
 
ඇත්තටම මේ තර්ක දෙකෙන් ඇත්ත මොකක්ද?
 
ආණ්ඩුව කියන විදිහට රට තුළ වෙළඳ ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වෙළද මාපියාවෙන් පාරිභෝගික ජනතා ආරක්ෂා කරගැනීමට තමයි හදිසි නීතිය දාන්නේ.
 
හරි අපි ආණ්ඩුව කියන ඒ තර්කය තාවකාලිකව පිලිගමු.
 
මේ වගේ අවස්ථාවක ජනතාව ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමක්. ඒකත් ඇත්ත. හැබැයි අපි අවංකව කල්පනා කලොත් මේ වෙළද පොළ ත්‍රස්තවාදය හැදුවේ කවුද? 
 
වෙළඳ පොළ තරගය ඇතුළේ වෙළඳ පොළ ඒකාධිකාරීන් බිදවට්ටනවා වෙනුවට වෙළද පොළ තරග අහෝසි කරලා කීපදෙනෙක් අතර වෙළද ආධිපත්‍යයක් නිර්මාණය කළේ කවුද?
 
අපේ රටේ පාරිභෝගික කටයුතු අධිකාරියට ස්වාධීන ආයතනයක් විදිහට පාරිභෝගික ආරක්ෂක පනත ක්‍රියාත්මක කිරීමට නොදී දේශපාලන මැදිහත්වීම් කළේ කවුද?
 
පහුගිය කාලේ ප්‍රසිද්ධ පොල් තෙල් වංචාව, විෂ පොල්තෙල් ප්‍රශ්නය, ෆාම් ඔයිල් වංචාව, සීනි බදු වංචාව වගේ මහා පරිමාණ වෙළඳ පොළ වංචා පිටිපස්සේ හිටියේ කවුද?
 
ඒ වංචාවලට සම්බන්ධ සභාපතිවරුන් අදාළ ආයතනවලින් ඉවත් කරගෙන ඊට වඩා හොඳ ආයතනවලට දැම්මේ කවුද?
 
අද වන විට ප්‍රමිති ආයතනය කිසිම ප්‍රමිතියක් නැති ආයතනයක් බවට පත් කරලා තියෙන්නේ කවුද?
 
මේ වගේ ලෝක වසංගතයක් ඉස්සරහා දුක් විදින ජනතාව නිරෝධායනයෙනුත් ගසාගෙන කන්නේ කවුද?
 
ඇන්ටිජන් පරීක්ෂණයෙන්, PCR පරීක්ෂණයෙන් ජනතාව ගසා කන්නේ කවුද?
 
මේ ගසා කෑම පිටිපස්සේ ඉන්න පුද්ගලයෝ කවුද?
 
මේ ප්‍රශ්න ටිකට උත්තර හොයා ගත්ත ගමන් උඩ ප්‍රශ්නයට උත්තරය එනවා. වටේ කැරකෙන්න දෙයක් නෑ. ඇත්තටම මේ සියල්ලට වගකියන්න ඕනි ආණ්ඩුව. ආණ්ඩුවයි එයාලගේ ගජමිතුරු  කණ්ඩායමයි. 
 
එතකොට ආණ්ඩුව මේ හදිසි නීතිය දාලා දඩුවම් දෙන්න හදන්නේ කාටද?
එයාලගේ ගජමිතුරන්ටද? අයියෝ නෑ. එහෙම හීනෙන්වත් හිතන්න එපා. 
  
අද අපේ රටේ තියන ප්‍රධාන ප්‍රශ්නය ආර්ථිකය කඩාවැටීම. ඒ කියන්නේ අද අපට වියදමට සරිලන ආදායමක් නෑ. බදු ආදායම කඩා වැටිලා. ණයක් ගන්න කෙනෙක් නෑ. අපනයන ආදායමෙන් එන කීයය හරි විතරයි තියෙන්නේ.
 
අද අපි ගැන කතා කරන ලෝකය කියන්නේ අර්ධ සාගතයක් ගැන. ඒ වගේම අනාගත සාගතයක් ගැන. අපට අද ඩොලර් නෑ. බැංකු පද්ධතිය තියෙන්නේ බරපතල කඩා වැටීමක් ඉස්සරහා.
 
මේවාට හදිසි නීතිය දැමීමෙන් ලෑබෙන උත්තර මොකද්ද? එහෙම උත්තරයක් හදන්න පුළුවන්ද? හදිසි නීතිය ඇතුළේ ඩොලර් හිගයට තියන උත්තරය මොකද්ද?
 
ආණ්ඩුව මේ හදන්නේ හදිසි නීතියට මුවා වෙලා උත්තරයක් හොයන්න තමයි.
 
ඒ ගැන ඉව රටේ රාළට දැනිලා ගොඩක් කල්. 
 
මේ අර්බුය ඉස්සරහා ආණ්ඩුවට තියන එකම උත්තරය තමයි රට විකිණීම.
රනිල් ගෙනා Regaining Sri Lanka වෙන විදිහකට ගේන එක.
ඒ හැර උත්තරයක් මෙයාලට නෑ. 
  
එහෙම වික්කට පස්සේ ආණ්ඩුව පවත්වාගෙන යන්න කීයක් හරි එනවා ටික කාලෙකට.
 
ඒ වගේම අත යට ලොකු ගනුදෙනුවකුත් වෙනවා. ටිකක් ආණ්ඩුවට, ගොඩක් පවුලට.
 
මේක කරන්න යනකොට ජනතාව නැගිටිනවා. ඒ නැගිටීම නවත්තන්න හදිසි නීතිය ඕනි. පටන් ගන්නේ හදිසි නීතියෙන්. ඉවර කරන්න තව නීති ගොඩක් තියනවා.ඒවාත් පිලිවෙලට එයි.
 
දැන් මේ තක්කඩි ආණ්ඩුව මේ වෙනකොටත් කොළඹ වරායට අයිති අක්කර 13 ක කෝටි සිය ගණනක් වටින ඉඩමක් සොච්චම් මුදලකට චීනෙට දෙන්න ඕනි කරන සියලු දේම කරලා ඉවරයි.
 
ඒවගේ කොළඹ අවට වටිනා ඉඩම් පිටරට සමාගම් වළල්ල අතට යවන්න පිඹුරුපත් හදමින් ඉන්නේ.
 
ත්‍රිකුණාමල වරායටයි,ඒ අවට ඉඩම් අක්කර දහස් ගානක් ඇමරිකානු, ඉන්දියානු සමාගම්වලට දෙන්න ලෑස්තියි.
 
ගාල්ල වරායත් එහෙමයි. රට මැද තියෙන කිසිඳු සම්පතක් බේරගන්න බෑ.
 
ඊළඟට මේ ආර්ථික අර්බුදය දරා ගන්න බැරිව මිනිස්සු පාරට බහිනවා.
ඒ තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලගෙන.
ඒවා මර්ධනය කරන්න හදිසි නීතය ඕනි.
 
රටේ රාළ මේ අනතුරු ඇඟවීම කළේ මිට ගොඩක් කාලෙකට ඉස්සර. ඒ කියන්නේ හරියම මෙයාලා 20 වෙනි සංශෝධනය සම්මත කරපු දවසේ.
 
අදත් රටේ රාළ ඒ අනතුරු ඇගවීම හතරවෙනි වරටත් අලුත් කරනවා.
 
මේ අපි ගතකරමින් සිටින්නේ ජේ.ආර් ජයවර්ධනගේ පාලනයේ දෙවන අදියරේ අවසන් කාල පරිච්ඡේදය. හරියට 85 - 87 වගේ කාලයක්.
 
හැබැයි මතක තියාගන්න ඊළඟට 88/89 යක් එනවා. දැන් මෙයාලා මේ සුදානම් වන්නේ එවැනි ආකාරයක මර්ධනයකට. 
 
 මේ කරන්නේ ඒකට අවශ්‍ය මර්ධන අනපනත් ටික හදාගැනීම. අවශ්‍ය තැන්වල අවශ්‍ය පුද්ගලයන් ස්ථානගත කිරීම. ඒක කරන්න මෙයාලට කොරෝනා ඕනි. කොරෝනා වලින් පස්සේ එන අනාගතය ගැන මෙයාලට හොදට පේනවා.
 
මේ කරන්නේ ඊට පූර්ව සුදානම් වීමක්. කොරෝනාගෙන් බේරිලා එන අයට තමයි බඩු ලෑස්ති කරන්නේ. එදාට වාසු කිව්වා වගේ සර් යාලුවන්ටත් කඩුව උස්සනවා. ඒ කියන්නේ 69 ලක්ෂෙටත් එක්ක.
 
එහෙනම් ගිහින් එන්නම්.
 
 
බුදු සරණයි ජයවේවා.
 
මීට
රටේ රාළ
 
Priyant 2021 1(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 

 

 


 

THE LEADER TV 
 
 
 
කබ්රාල් වෙනුවට යෝෂිත පාර්ලිමේන්තුවට! 
 
 
 
ස'ගෙ කඩුවට බය වූ වාසු ආපසු හැරෙයි! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...