The Leader News
BREAKING
Top Ad
බුකිය

චියර්ස්! : අපේ කසිප්පු ලෝකෙටම යවමු -Mahesh Hapugoda

T

The Leader Desk

April 4, 2021 • 3:48 AM

චියර්ස්! : අපේ කසිප්පු ලෝකෙටම යවමු -Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පශ්චාත් නිදහස් ලංකාවේ විපරීත බව ඩොටේටම උත්සන්න වෙච්ච අවස්ථාවක් බලන්න ඕනි නම් කසිප්පු සීන් එක දිහා බලන්න.
  •      එන්න ජැක් ඩැනියෙල් වලටත් වඩා හොඳ ස්වදේශික මත්පැන් ප්‍රවර්ගයක් හදමු.    අර පොලිසියේ එක්කෙනාටත් එන්න කියමු සව්දිය පුරන්න.    හරියට කළොත් එයාටත් තේරෙයි අපි කරන වැඩේ බරපතලකම.    එකෙන්ම මම එතැන.
  •      රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය?
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ඇයි මම එහෙම කියන්නේ? 
 
මත්පැන් ගැන සුද්දගේ කාලේ ඉඳන් හදපු සහ ක්‍රියාත්මක වෙච්ච මූලික නීතියක් තියනවා. 
 
සුද්දගේ කාලේ ඉඳන් සුරාබදු එක සහ පොලිසිය ඒක ක්‍රියාත්මක කරනවා. 
 
ඒක සුද්දා උගේ වාසියට උගේ අරක්කු ටික ගොඩ දාගන්න හැදුවා වෙන්න පුළුවන්. 
 
නමුත් ඒක අපේ වාසියටත් හිටලා තියනවා. 
 
මොකද වහ බොන්නේ නැතුව යම් ප්‍රමිතිගත පානයක් ඒ නිසා අපිට ලැබෙන නිසා. 
 
ඒ එක්කම අරක්කු නිසා ලොකු අදායමක් ආණ්ඩු එකතු කර ගන්නවා. 
 
හැම අය වැයකින් ම අරක්කු සිගරට් වල ගණන් උස්සනවා කියල පොඩි ළමයෙක් උණත් දන්නවා. 
 
දැන් මේ සුද්දා නැති අල්ල පනල්ලේ සිද්ද වෙන්නේ මොකක්ද? 
 
අර පශ්චාත් යටත් විජිත නීතිය ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්න පොලිසියේ නිලධාරියා ඉවත් කරලා අපිට කසිප්පු පෙරන්න ඉඩ දීපියව් කියල අදාල පළාතේ මන්ත්‍රී කෙනෙක් කියනවා. 
 
ඒ එක්කම ඒ පළාතේ සම්බාහන මධ්‍යස්ථාන නැවත විවෘත කරනවා කියල රාවයක් යනවා. 
 
බැලු බැල්මට නිදහස වගේ පෙනුනට මේක නිර්යටත්විජිත ක්‍රියාවක් නෙවෙයි (decolonizing act). 
 
ඔව්, මොඩන් ස්ටේට් එකක් ඇතුලේ ඔය දෙකම උනාට කමක් නැහැ. 
 
එකක් තමයි ස්වදේශික මත්පැන් ප්‍රවර්ගයක් ප්‍රමෝට් කරන්න ඕනිනම් සහ ඒ මිනිස්සුන්ට අදායමක් ඕනිනම් ඒක ඒ විදියට කරන්න. 
 
සකේ වගේ, සෝජු වගේ, වයින් වගේ, වොඩ්කා වගේ ප්‍රමිතිගත විදියට - අන්තර්ජාතික විදියට ඒක කරන්න. 
 
කිසි ප්‍රශ්නයක් නැහැ. 
 
මාවෝ කිව්වා වගේ බටහිරටත් වඩා බටහිර වෙන්න. ලෝකේ ඉස්සරහා නිකම් පාජාල වෙන්න එපා. 
 
ලංකාවේ හදන ටොප් ක්ලාස් බිමක් හැටියට ලංකාවට එන සංචාරකයින්ට ඒවා දෙන්න. 
 
ලංකාවට එන සුද්දෝ කොහොමත් ආසයි ගල් බොන්න. 
 
ඔය එතනෝල් අනන් මනන් නැතුව හරියට හදා ගත්තොත් ගල් කියන්නේ පානයක් තමයි. 
 
කිතුල් රා, තල් රා, පොල් රා, කසිප්පු, කටුකම්බි, තාපසයා, සීනි කරිඥඥ, මූන්ෂයින්, වන් ෂොට් යන ඕනි ස්වදේශීය නමකින් ඒවා ලෝකෙට යවන්න. 
 
අපේ අශ්ලීල ආත්මීය අන්තර්ගතය ගැන ලෝකෙට විවෘතව කියන්න. මාකට් කරන්න. 
 
kasiya
 
හොඳ නැගල යන ලේබල් එකක් එක්ක, ස්ලෝගන් එකක් එක්ක, ලංකාවේ ලස්සන කෙල්ලක් දාල මාකටින් පාරක් දාන්න. 
 
සුද්දගේ වික්ටෝරියන් ඌරා ඌ උඩම තියල කපන්න. 
 
එකෙන්ම ඒකට එකඟයි.
 
හැබැයි අර යටත් විජිත නීතිය අමාරුවෙන් ක්‍රියාත්මක කරන නිලධාරියා උඩ තියල ඒ පෝස්ට් කොලෝනියල් ඇරියස් එක යවන්න එපා. 
 
ප්‍රශ්නය එයාගේ නෙවෙයි. 
 
එයාට නිර්-යටත්විජිත ක්‍රියාව තේරෙන්නේ නැහැ. 
 
මේ ප්ලේ කරන නීතිය බයිපාස් කරලා කසිප්පු ප්‍රමෝට් කරන වැඩේ පට්ට විපරීතයි. 
 
නියම ජාතිකත්ව පොරවල් හැටියට කෙලින්ම සුද්දගේ නීතියට අත තියන්න.
 
 එරෙහි වෙන එවුන්ට තේරුම් කරලා දෙන්න. 
 
වැඩේ කෙලින් කරන්න. 
 
ගෘහාශ්‍රිත ස්වදේශීය බිම වර්ග නිෂ්පාදනය, බෙදාහැරීම, අපනයනය මූලික නීතියට එකතු කරන්න.
 
 ඔයාලගේ කඳවුර එක්ක සංවාදයක් ගන්න. 
 
ස්පා කරන එකත් එහෙම කරන්න. 
 
ප්‍රමිතිගත කරන්න. 
 
කොහොමත් කොරෝනා වලින් පස්සේ එන සංචාරක ව්‍යපාරය ගැනනේ ඔක්කොමල හිතමින් ඉන්නේ. 
 
මූලික නීතියක් උනාම එයාලට නිකම්ම කරන්න වෙනවා ඒක. 
 
නමුත් ඒ විදියට වැඩේ කරන එක අමාරුයි කියල ආණ්ඩුව දන්නවා (අනික එතකොට එයාලත් අපි වගේ වෙනවා). 
 
ඒ නිසා වැඩේ පුද්ගලයෙක් උඩට දාල කියනවා මේ පොලිසිය සහ නිලධාරී එක්ක තමයි මුකුත් කරන්න බැරි කියල. 
 
තුනෙන් දෙකක්ද මොකක්ද තියන ආණ්ඩුවක් නේද මේක? කෙළින් කරන්න බැරි වෙන පැරඩොක්ස් එකක් නිසා. 
 
මොකද ඇත්තට වැඩේට බැස්සොත් ජාතිකවාදී, ශුද්ධවාදී, ආගම්වාදී, දේශීය සෙන්ටිමෙන්ට්ස් එයාලට බැලන්ස් කරන්න වෙනවා. 
 
ඇත්තට මුහුණ දෙන්න වෙනවා. 
 
එළියේ නටන්න වෙනවා. 
 
ප්‍රාග්ධනය, මාකට් එක, ගෝලීයකරණය එක්ක ගොඩක් දේවල් වෙනස් වෙන්න ඕනි කියල පිළිගන්න වෙනවා.
 
 හෝමි කේ. භාභා කියනවා වගේ මේ ගහන හයිබ්‍රිඩ් ඩබල් ගේම් එක හරියන්නේ නැති වෙනවා.   
 
එන්න ජැක් ඩැනියෙල් වලටත් වඩා හොඳ ස්වදේශික මත්පැන් ප්‍රවර්ගයක් හදමු. 
 
අර පොලිසියේ එක්කෙනාටත් එන්න කියමු සව්දිය පුරන්න. 
 
හරියට කළොත් එයාටත් තේරෙයි අපි කරන වැඩේ බරපතලකම. 
 
එකෙන්ම මම එතැන.
 
පිරිමි වගේ මේ ගේම දැන්වත් කෙලින් ගහමු...
 
චියර්ස්!
 
 
Mahesh Hapugoda-මහේෂ් හපුගොඩ
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
 
(උපුටා ගැනීම -මහේෂ් හපුගොඩ ගේ FB පිටුවෙන් ....)

 


 

 

THE LEADER TV 
 
 

 

'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?

 

 

 රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...