The Leader News
BREAKING
Top Ad
බුකිය

මමත් ගෝටාට උපදෙස්දීමේ සංගමයට බැඳෙනව -Uvindu Kurukulasuriya

T

The Leader Desk

August 17, 2020 • 1:37 PM

 මමත් ගෝටාට උපදෙස්දීමේ සංගමයට බැඳෙනව -Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මමත් ගෝටාට උපදෙස්දීමේ සංගමයට බැඳෙනව
  • මම ඊට පහුවදා ඉඳන් උදේ 6.30 අවිස්සවේල්ල කෝච්චිය මගදි අල්ලගෙන එන්න පටන් ගත්ත.
  • ඒක හැමදාමත් දිගටමත් කරන්න බැරි උනා, මොකද ඒ 88/99 කාලෙ නිසා.
  • ගෑනි කියපි "ඩාලිං ඩාලිං, දැට් ඊස් රෝන්ග්", කියල.
අකුරු ප්‍රමාණය (Font Size):

[අරවට නෙමේ හරිද, ඒව එහෙමම තමා]

වැඩිහිටියො ඉඟෙන ගන්නෙ කිරීමෙන් - Adults learn by doing.

මට පරිසරය ගැන කියල දුන්න හතරදෙනෙක් ඉන්නව. අලුත් පරිසර ඇමති අමරවීරටත් අලුත් ඇප්‍රෝච් එකක් ගන්න පුලුවන් වෙයි මේ කාතාවෙන්.

 පොඩි කාලෙ කොච්චර ඉස්කෝලෙ පරිසරය කියලම තිබ්බ විශය ඉඟෙන ගත්තත් හිතට වැදිච්ච දෙයක් තිබිල නැහැ, ඔය පොඩි පොඩි වපසරිවල ඇරුනම. 

මගේ පලවෙනි පාඩම: මම විශ්ව විද්‍යාලයෙ ඉන්න කාලෙ, නිර්මාල් රංජිතුත් මාත් කඩේ ගියා ඉඳි ආප්ප ගේන්න. එයා ප්ලාස්ටික් කන්ටේනර් එකක් අරන් ආව. මම ඇහැව්ව මොකද කියල. ඌ කීව්ව, කඩෙන් ඉටි බෑග්වල දාල දෙන්නෙ ඒක ගෙදර ගෙනිහින් විසික් කරන්න වෙනව කියල. ඒ නිසා පරිසරයට ආර්ථිකයට වෙන හානිය ගැන අපි දෙන්න කතා කර කර ආව. මේ 1993 දි විතර. මම අදටත් කඩේ යන්නෙ ගෙදරින් බෑග් එකක් අරගෙන. නිර්මාල්ව මට මතක් වෙනව ඒ හැම වෙලේම.

දෙවෙනි පාඩම: මම ඒ කාලෙ හිටපු ගෙදර ඉඳන් තනියම කාර් එකේ කොළඹ එනව. හෝමාගමදි කුමාරි කුමාරගේව දැකල මම එයාව දාගන්න නැවැත්තුවා. එයත් නැග්ග. නැගල කියපි, "මට හිතා ගන්නත් බැහැ උඹ වගේ එකෙක් තනියම කාර් එකේ එනව" කියල, ඒකෙන් වෙන පරිසර හානිය ගැන කිව්ව. ඊට පස්සෙ අපි දෙන්නම ඒකෙ ආර්ථික පැත්ත ගැනත් කතා කරකර ආව. මම ඊට පහුවදා ඉඳන් උදේ 6.30 අවිස්සවේල්ල කෝච්චිය මගදි අල්ලගෙන එන්න පටන් ගත්ත. ඒක හැමදාමත් දිගටමත් කරන්න බැරි උනා, මොකද ඒ 88/99 කාලෙ නිසා. ඒකත් එක්තරා භීෂණ කාලයක් මම වගේ අයට. ඒත් මම ඊට පස්සෙ කාර් එකේ ආපු ඒ හැමදාම ඉඳන් සීට් පිරෙන්නෙ ඔක්කොම පලවෙනි හෝල්ට් එකේම ඉන්න දන්න අය දාගෙන තමා ආවෙ ඊටත් අවුරුදු දහයකටත් පස්සෙ කාලෙදිත්. කුමාරිව මට මතක් වෙනව ඒ හැම වෙලේම.

Gaoata 17
තුන්වෙනි පාඩම: ඒක එංගලන්තෙදි. මම මගේ මිතුරියක් එක්ක පලවෙනි වතාවට ඩ්‍රයිව් කරපු දවස්වල, අපි යනකොට එඩින්බරෝ ඉඳන් ලන්ඩන්, මීශා සැන්විච් වගයක් හදල දුන්න. මම ඩ්‍රයිව් කරන්නෙ, මම මගේ ඒව කාල, කොලේ එලියට විසිකරා එලියට. ගෑනි කියපි "ඩාලිං ඩාලිං, දැට් ඊස් රෝන්ග්", කියල. තියෙන ඔක්කොම කතා ටික කිව්ව. පරිසරයට විතරක් නෙමෙයි හානි වෙන්නෙ, ඒ විසිකරන එක පස්සෙන් එන වාහනේ රියදුරුගෙ වින්ස්ක්‍රීන් එකේ ඇලවිල එයාට පාර පේන්නෙ නැති උනොත් මොකද වෙන්නෙ? තව ඕක අපි ගොඩක් පැතිවලින් කතා කරා. මට මතක් උනා මම ලංකාවෙන් එද්දි අන්තිමට ඩ්‍රයිව් කරන ගමන් ඔය මීගෝඩ දික් හැතැප්මෙදි කඩල ගොඩ්ඩක් ඒ වගේ විසික් කරපු එක. මම කවදාවත් ඒ ලන්ඩන් ගමනෙන් පස්සෙ වාහනයකින් එලියට කිසිම දෙයක් විසි කරන්නෙ නැහැ. ඒ 2000 අවුරුද්දෙ ඉඳන්. මට හැමදාම එහෙම කවුරු හරි විසික් කරන ඒව දැක්කමත් නික්ව මතක් වෙනව.


හතරවෙනි පාඩම: මම එංගලන්තෙ ඉඳල ලංකවට ආවත් සිගරට් බොන හැම වෙලාවෙම බීල ඉතුරු කෑල්ල බිම දාල සපත්තුවෙන් පොඩි කරනව. මගේ හිටිය දේශිනී කියල මගෙත් එක්ක වැඩ කරපු යාලුවෙක් යාලුවෙක්. ඒකිත් සිගරට් බොනව. මම කොට බිම දාන දාන පාර මට එපා කියල කියනව. මම හිතන්නෙ "යු ඩිඩ් ඉට් අගේන්" කියල හතරෙවෙනි පාරටත් කිව්වම තමා මම ඒක නැවැත්තුවේ. පස්සෙ කාලෙ කියවල ඉඟෙන ගත්ත සිගරට් ෆිල්ටර් එකක් ස්වාභාවිකව විනාශවෙන්නෙ මාස ගානක් යනව කියල, සමහර අනිත් අපද්‍රව්‍ය වලට සාපේක්‍ෂව. මම අද කවදාවත් දාන්නෙ නැහැ පාරෙ හෝ බිමට. ඊටත් වඩා මම දැන් ඉන්න රටවල නම්, දඩ ගහනව එහෙම විසික් කරොත්. ඒ කාලෙ ලන්ඩන්වලත් ඔක්කොම පාරෙ විසික් කරේ, අදටත් කරන ඉතාම සුලු පිරිසක් ඉන්නව. ඒව, මම දකිනව. ඒත් මම කරන්නෙ නැහෙ. ඒ දඩය නිසා නෙමෙයි, මට දේශිනීව මතක් වෙනව.


මම මේ කියන්නෙ පරිසර කතාවක් නෙමෙයි. පොඩි කාලෙ පාඩම් වලට වඩා වැඩිහිටි පාඩම් වැදගත්. පොඩි ලමයි නෙමෙයි ලෝකෙ විනාස කරන්නෙ, වැඩිහිටියො. ප්‍රධානම දේ තමා වැඩිහිටියො ඉඟෙන ගන්නෙ කිරීමෙන් - Adults learn by doing.


( 'කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ උවිඳු කුරුකුලසුරියගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...