The Leader News
BREAKING
Top Ad
බුකිය

අජිත් රෝහණ නඩු භාණ්ඩත් අරන් මාධ්‍ය හමුවට ඇවිත් ? ඇත්ත බොරුව ප්‍රශ්නයක් ! - Uvindu Kurukulasuriya

T

The Leader Desk

March 19, 2021 • 9:45 AM

අජිත් රෝහණ නඩු භාණ්ඩත් අරන් මාධ්‍ය හමුවට ඇවිත් ? ඇත්ත බොරුව ප්‍රශ්නයක් ! - Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අර මාධ්‍යවේදියෙක් තමන් තමන්වම පුච්චගෙන පැහැරගත්ත කියල බොරු පැමිණිල්ලක් දැම්ම කියල එයාව අත්අඩංගුවට අරන්.
  • ඉක්මන් තීරණවලට එන්න අමාරුයි.    මේ මාධ්‍යවේදී කතාවෙදි උනත් නීතීඥ සහය ගන්න ඉඩදීල නැහැ, ඒ මනුස්සය නඩුකාරය ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් දීල තියෙනව.    හැම දේදිම වගේ ඉවසීමෙන් වාර්තාකරන එක, හැම පැත්තකටම ඇහුන්කන් දීල තීරණ ගන්න එක තමා හොඳ.
  •     (උවිඳු කුරුකුලසූරිය) 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ      The Leader TV   ICCPR පනත රටට හානියක්!
අකුරු ප්‍රමාණය (Font Size):

 

 
කරුණු කීපයක් තියෙනව. 
 
අජිත් රෝහණ කියනව "මේ තියෙනෙ එයා තමාවම පුච්ච ගත්ත මේසන් හැන්ද" කියල. ඒක පෙන්නනව. 
 
ඒක ඇත්ත නම් ඒක නඩු භාණ්ඩයක් වෙන්න ඕනෙ. 
 
ඒකෙ ඇඟිලි සළකුණු රැකෙන්න ප්ලාස්ටික් බෑග් එකක දාල සීල් කරල තියෙන්න ඕනෙ. 
 
ඒව පොලිස්කාරයො මුලින්ම උනත් අල්ලන්නෙ ග්ලවුස් දාල. 
 
මෙයා කොහොමද ඒක අතින් අල්ලන් මාධ්‍ය සාකච්ඡා දෙන්නෙ.
 
ඇත්ත. මාධ්‍ය අයත් බොරු කියනව, පොලීසියත් බොරු කියනව. 
 
# අර මර්වින් ගස් බැන්ද සමුර්ධි සේවකය එයාම ගස් බැඳගත්ත කෙනෙක් කරා. 
 
 
# මර්වින්ගෙ පුතා ගහල රෝහල් ගතකරපු හමුදා බුද්ධි අංශ මේජර් එයාම එයාගෙ ඔලුවට පිස්තෝලෙන් ගහගෙන තුවාල කරගත්ත කියල පාපෝච්චරණ අරන් මිනිහවත් මාරු කරල කේස් එක වැහැව්ව. 
 
 
# පූජිත් ලිෆ්ට් එකේ සේවකයට ගහපු එක අපි ලිව්වම පොලීසිය මාධ්‍ය සාකච්ඡා තියල කිව්ව ඒ බොරු, ඒව ලිව්ව අපි වගේ අයට නඩු දානව කියල. ඒත් ආණ්ඩුව මාරු උනාම දැන් පූජිත්ට නඩු දාල තියෙන්නෙ ඒ මනුස්සයට ගැහැව්ව කියල. 
 
 
මේ වගේ ඒව හරිම සංකීරණයි. ඉක්මන් තීරණවලට එන්න අමාරුයි. 
 
මේ මාධ්‍යවේදී කතාවෙදි උනත් නීතීඥ සහය ගන්න ඉඩදීල නැහැ, ඒ මනුස්සය නඩුකාරය ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් දීල තියෙනව. 
 
හැම දේදිම වගේ ඉවසීමෙන් වාර්තාකරන එක, හැම පැත්තකටම ඇහුන්කන් දීල තීරණ ගන්න එක තමා හොඳ.
 
 
UK(උවිඳු කුරුකුලසූරිය)
'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ 

 


 

The Leader TV

 

ICCPR පනත රටට හානියක්! වහාම වෙනස් කළ යුතුයි. - රොහාන් සමරජීව 

 

කිව්වේ කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්! - මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද? 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...