The Leader News
BREAKING
Top Ad
බුකිය

මහින්ද Vs බැසිල් චිත්‍රපටිය ගැන පිබී දෙන විචාරය -රටේ රාළ

T

The Leader Desk

December 27, 2021 • 11:29 AM

මහින්ද Vs බැසිල් චිත්‍රපටිය ගැන පිබී දෙන විචාරය -රටේ රාළ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලේකම් ධූරයෙන් අල්ලා අස්වෙන්න අවසර ඉල්ලලා.
  • ඇත්තටම පීබීගේ ඉල්ලා අස්වීම හරහා අපූරු දේශපාලන කතාවක් මේ රටට කියනවා.
  • හැබැයි ඒක හරියට තේරුම් ගන්න පුළුවන් ගොඩක් අය ආණ්ඩුව ඇතුළේ වගේම එළියෙත් නෑ.
  • අනික එතුමා ප්‍රශ්නය ආණ්ඩුව ඇතුළට ගෙනත් දීලා තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ලේකම් ධූරයෙන් අල්ලා අස්වෙන්න අවසර ඉල්ලලා.

ඒ ගැන ජනාධිපතිතුමාගේ මතය තවම කියලා නෑ.  කොහොම හරි ඊයේ පීබීගේ ඉල්ලා අස්වීම ගොඩක් අය දැකලා තිබුනේ ආණ්ඩුවට හම්බ වෙච්ච තත්තල් තෑග්ගක් විදිහට.

ඇත්තටම පීබීගේ ඉල්ලා අස්වීම හරහා අපූරු දේශපාලන කතාවක් මේ රටට කියනවා. ඒක හරියට චිත්‍රපටි විචාරයක් වගේ. හැබැයි ඒක හරියට තේරුම් ගන්න පුළුවන් ගොඩක් අය ආණ්ඩුව ඇතුළේ වගේම එළියෙත් නෑ. ඒක නිසා රටේ රාළට හිතුනා පීබීගේ ඉල්ලා අස්වීම යට තියෙන දේශපාලනය කතා කරන්න.

ඒකට හොද සපෝට් එකක් අද උදේම පුවත් පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ දීලා තිබුණා. ඉතින් මහින්ද පතිරණ රටේ රාළගේ මිත්‍රයාටත් ස්තුතිවන්ත වෙමින් වැඩේ පටන් ගන්නවා. මහින්ද පතිරණ නං කියන්නේ පීබී කියන්නේ මේ මොහොතේ සිටිය යුතුම අත්‍යවශ්‍යම කණ්ඩායමේ කෙනෙක් කියලා.

 ඊළඟට මහින්ද පතිරණ කියනවා මේ මොහොත අසාර්ථක වෙනකම් බලා ඉන්න අයත්, අර්බුදයේ ගැඹුර නොදන්නා අයත් පීබීව පිටු දකිනවා කියලා.

 

ඔන්න දැන් ප්‍රශ්නයේ මුලින් අල්ලගන්න මහින්ද පතිරණ ආචාර්යතුමා අවස්ථාවක් හදලා දීලා තියනවා. අනික එතුමා ප්‍රශ්නය ආණ්ඩුව ඇතුළට ගෙනත් දීලා තියනවා. ඒක නිසා මේක දැන් විපක්ෂයේ කුමන්ත්‍රණයක් නෙවෙයි, ජෙප්පන්ගේ වැඩකුත් නෙවෙයි. ඒ කතා කෙලින්ම අතාරින්න පුළුවන්. දැන් වටේ යන්න ඕනි නෑ. කෙලින්ම ප්‍රශ්නයට බහින්න පුළුවන්. දැන් ප්‍රශ්නය ඇතුළේ එකක් කියලා පැහැදිලියි.

 

පහුගිය දවසක විමල් ඇහැළියගොඩදී ජනාධිපතිගෙන් ඇහුවා පීබී වගේ ජයත් නැති ,සුන්දරත් නැති මිනිහෙක් මොකට තියාගෙන ඉන්නවද කියලා. පීබී මෙලෝ රහක් නෑ කියලා. මිනිහා දන්නේ වාහනය වයර් කැලි දෙකක් අමුණලා ස්ටාට් කරන්න විතරයි කියලා. හැබැයි මහින්ද පතිරණ රටේ රාළගේ මිත්‍රයා මේ ගේන විරෝධය විමල්ට පටු කරන එක වැරදී. රටේ රාළ කියන්නේ නෑ Mr Mahinda Pathirana ඒක විමල්ට පටු කරලා කියලා.

මොකද විමල් කියන්නේ කාගේ හරි දේශපාලන කුලියක් කරලා ජීවත් වෙන කෙනෙක්. ඒක නිසා මේ ප්‍රශ්නයට විමල්ගේ ඇඟේ එල්ලෙන එක වැරදී. මෙතනදී විමල් කියන්නේ ප්‍රශ්නයේ එක මතුපිටක් විතරයි. අපි යන්ඩ ඕනි ගැඹුරට. විමල් කළේ කාගේ කොන්ත්‍රාත් එකද්ද කියලා බලන්න පුළුවන් එතකොට.

එහෙම ගැඹුරට ගියහම හම්බ වෙන්නේ රාජපක්ෂලා.  රාජපක්ෂලාගේ පවුල ඇතුළේ තියන බල ගැටුම. පහුගිය දවස්වල ඇමති චමල් පීබීයි, ජනාධිපතියි ඉන්න තැනකට පැනලා ජනාධිපති ඉස්සරහා පීබීට නෙලලා තිබුණා කුඩු වෙන්න. ආරංචියේ හැටියට පීබීත් නිකං හිටලා නෑ. පීබීත් ඇරලා දාලා යන වත්තක් පාරේ යන්න කියලා. කොහොම උනත් ජනාධිපති කරලා තියෙන්නේ අහ හිටීම විතරයි.

ඊට පස්සේ දිලිත්ලත් කඩින් කඩ පීබීට කෝචොක් පාරවල් එයාගේ ෆේෂ් බුක් පිටුවේ දාලා තිබුණා. ඒවා නං මහ ලොකු දේවල් නෙවෙයි. දිලිත්ලා කරන්නෙත් විමල්ලා වගේම කුලී වැඩක් මිසක් ඒ තීන්දු තිරණ ගන්න තැන්වල දිලිත්ලා නෑ. හැබැයි දිලිත්ලා දන්නවා කාගේ හරි කටින් පනින වචනයක් බෝල කරලා, රවුං කරලා අරන් පැපරාසි වැඩේ කරන්න.

ඊට පස්සේ පීබී ගැන කතා කරන්න මහ රාජපක්ෂලා එකතු වෙලා තිබුණ බව මාධ්‍ය වල ගියා. රටේ රාළටත් ආපු ආරංචියි හැටියට ඒක ඇත්ත. ගෝඨාභය, මහින්ද, චමල්, බැසිල් එකතු වෙලා. එතනදී මහින්ද, චමල් දෙන්නම හිටලා තියෙන්නේ පීබීට ෂොට් එක දෙන්න ඕනි කියන තැන. බැසිල් හිටලා තියෙන්නේ පීබී තියාගන්න ඕනි කියන තැන. ජනාධිපති හිටලා තියෙන්නේ ඔයාලා පත් කරන්න කියනකොට පත් කරන්නයි, අයින් කරන්න කියනකොට අයින් කරන්නයි මට බෑ කියලා.

 

එතනදී බැසිල් කියලා තියෙන්නේ පීබී අයින් කළොත් මම එයා මුදල් අමාත්‍යාංශයේ ජේෂ්ඨ උපදේශකයෙක් කරලා ගන්නවා කියාලා. ඔය සාකච්ඡාවෙන් පස්සේ තමයි බැසිල් රට ගියේ. දැන පීබී අස්වෙන්නේ. ඇත්තටම මෙතන හිතන්න ගොඩක් දේවල් තියනවා. මෙතනදී මෙහෙම තර්කයක් ගොඩනගන්න පුළුවන්. බැසිල් රට ඉන්න වෙලාවේ පිබීට බලපෑම් කරලා ඉල්ලා අස්වීම ගත්තද?

 

එහෙමත් නැත්නම් 2022 ජනවාරි 31 කියලා දිනය දාලා දුන්න එක තවත් ගේමක්ද? එතනදී මෙහෙම ප්‍රශ්නයක් තියනවා විශේෂයෙන්ම සාමාන්‍ය තනතුරකින් උනත් ඉල්ලා අස්වීමේදී ඒක මාසයකට පෙර දැනුම් දෙන්න ඕනි. ඒක සාමාන්‍ය දෙයක්.ඒ කද මේ පීබී කළේ.

එතනදී පීබී අස්වෙන්නේ තමන්ට එල්ලවෙන මානසික පීඩනය හින්දා නං ඒක පීබිට දැන් කාලෙක ඉදන් එන දෙයක්. එහෙම නං පීබිට තිබුණ හොදම දේ තමයි මිට මාසෙකට උඩදී දෙසැම්බර් 31 වෙනිදා දිනය දාලා ඉල්ලා අස්වීම දෙන්න. එතකොට පීබීත් නිදහස් අනිත් අයත් නිදහස් .දෙයියනේ කියලා අලුත් අවුරුද්දේ අලුත් ජනාධිපති ලේකම් කෙනෙක් දාගෙන ජනාධිපතිතුමාටත් මියෙම්වා හෝ රැකෙම්වා කියලා වැඩේට බහින්න තිබුණා.

රටේ රාළට ප්‍රශ්නය එන්නේ ඔතන. ජනවාරි 31 වෙනිදාට දිනය දාලා පීබී දෙන ඉල්ලා අස්වීම තවත් දේශපාලන ගේම් එකක ඉගියක්ද කියන සැකය රටේ රාළට තියනවා?

මොකද පීබී ඉල්ලා අස්වෙන්න යනවා කියන කතාව ආවේ මිට මාස කීපයකට උඩදී. අද ඒක ඇත්ත වෙලා. ඒ වගේම බැසිල් ජනවාරි මාසේ අගමැති වෙනවා කියන කතාවත් ආවේ ඒ කාලෙම තමයි. දැන් ඊට ගැලපෙන විදිහට කරුණු පෙල ගැහෙනවා.

බැසිල් මාසයක් ඇමරිකාවේ ගියා. ගිර පාර මාසයක් හිටලා ඇවිත් නිකම්ම නිකං බැසිල් පාර්ලිමේන්තුව මන්ත්‍රී වෙලා මුදල් ඇමතිත් උනා.නෑ මුදල් ඇමති වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රි උනා. පේනවනේ ඒවා වෙන විදිහ. බැසිල් මහින්දගේ ලොකුම කෑල්ල ගැලෙව්වා.ඒක දෙවෙනි උනේ මහින්දගේ අගමැතිකමට විතරයි.

 

ඊළඟට බැසිල්ගේ තියෙන එක හොද ලක්‍ෂණයක් තමයි පොඩි, පොඩි සූපින් කැලිවලට රන්ඩු වෙන්නේ නෑ. මිනිහා පොර බදන්නෙම ලොකුම කෑල්ලත් එක්ක. දැනට එයා ඉන්න තැනත් එක්ක පොර බදන්න තියෙන ලොකුම කෑල්ල තමයි අගමැතිකම. ජනාධිපතිකමට පොර බදන්න වෙන්නේ අගමැතිකමටආවට පස්සේ.

 

 

මෙහේ පන්සලකට ගියහම මහින්දගේ තිබුණු උද්දච්චකම තිරුපති එකේදි තිබුණේ නෑ.

 

ඉතින් ඒකද මේ වෙන්නේ. ඔන්න ආයෙත් News එනවා මහින්ද කළකිරිලා කියලා. මූණ දැක්කම ඒ බව පේනවා. මොකද මහින්දට රට ගැන හිතලා කලකිරෙන්න විදිහක් නෑනේ. එහෙම කළකිරෙනවා නං එයා 2015 ගෙදර ගියාට පස්සේ ආය එන්න ඕනි නෑනේ.

මහින්ද පෙරේදා පණ කඩාගෙන තිරුපති ගියා. මෙහේ පන්සලකට ගියහම මහින්දගේ තිබුණු උද්දච්චකම තිරුපති එකේදි තිබුණේ නෑ. අර සදහිරු සෑය ළග වගේ මහින්දට උස පුටුවයි ශිරන්තිට පොඩි පුටුයි තිබුනේ නෑ. යසට දෙන්නම බිම වාඩිවෙලා හිටියේ.

බුදුන්ට දාන ලොකුකං දෙයියෝ ඉස්සරහා නෑ. පව් අප්පා ඒ යුවල.

ඉතින් ජනවාරි 31 දාලා පීබී දුන්න ඉල්ලා අස්වීමත් එහෙම දේශපාලන ගේමක කස කාරයෙක් වෙන්න බැරිද? පිබී අයින් වෙනවා කියලා මතය හදනවා. ඊට ඉස්සෙල්ලා බැසිල් අගමැති වෙනවා නං අගමැති බැසිල් ළග ඉහළම පුටුවකට එනවා. ඒකට මේ ඉල්ලා අස්වීම දීම හයියක්. ඒ වගේම මහින්ද පතිරණගේ පෝස්ට් එකත් ලොකු හයියක්.

 

මොකද එතකොට බැසිල් අගමැති වගේම මුදල් ඇමති. පීබීගේ ගෝලයෝ ඔක්කොම ඉන්නේ මුදල් අමාත්‍යාංශයේ. පීබී එතෙන්ට කැමතී. පීබී තරහකාරයෝ ටික ඉන්නේ ජනාධිපති කාර්යයේයි, අගමැති කාර්යාලයෙයි. ටිකක් පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. එහෙනම් පීබීගේ මේ ලිපියෙන් දෙන්නේ බැසිල් අගමැති වෙනවා කියන ඉගිය නෙවෙයිද?

 

ඊළඟට ඒක ඔප්පු කරන්න තවත් සාක්කියක් තියනවා. ඒ තමයි පීබී ජයත් නැති, සුන්දරත් නැති, මෙලෝ රහක් නැති බඩුවක් කියපු විමල්ගෙත් දැන් කට වැහිලා. එක්කෝ ජනාධිපති බැනලද? නැත්නම් බැසිල් අගමැති වෙන බව පිලි අරගෙන කට වහගත්තා වෙන්න පුළුවන්.

මොකද තවත් ආණ්ඩුව ඇතුළේ ඉන්න විමල්ගේ හිතේ තියනවා වෙන්න ඕනි. ආණ්ඩුවේ හිටියත් නැතත් විමල්ට සැප නං අඩු වෙන්නේ නෑ. ඒවාට ඕනි ගේම විමල් ගහගෙන ගොඩක් කළ්. හැබැයි තවම විමල් නඩු ටිකෙන් නිදොස් කොට නිදහස් වෙලා නෑ. ඒක නිසා ඉන්න ඕනි. පීබී ගැන රටේ රාළට වෙනම විග්‍රහයක් තියනවා.

රටේ රාළ මෙතනදී කළේ පීබී ගැන කතා කිරීම නෙවෙයි. ඒක වෙන දවසක කරමු. පීබී ඉල්ලා අස්වීම හරහා අපිට ලොකු දේවල් ටිකක් මේ පැය කීපය ඇතුළත උගන්වලා තියනවා. ඊළඟට ඒ ඉල්ලා අස්වීම ඊළඟට එන චිත්‍රපටියේ Coming කෑල්ලක් වගේ. ඊළඟට එන චිත්‍රපටය තමයි මහින්ද Vs බැසිල්. ඒක මජර බලකාමය ගැන කියන චිත්‍රපටියක්.



එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

මීට
Priynatha witharanaරටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 

බැසිල් ගෙදරම යන කතාවක්! | The Leader TV | Gossip

 


බුද්ධි අංශ ඔත්තුවක් නිසා තිරුපතිට විශේෂ ආක්‍ෂාවක් ! |මොණරවිලගේ ලියමන

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...