The Leader News
BREAKING
Top Ad
සමාලාප

LOUIE එක්ක CHAT එකක්

T

The Leader Desk

April 23, 2023 • 9:50 AM

LOUIE එක්ක CHAT එකක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලුවී වැන්ඩස්ට්‍රාටන් සමග 2006 දි ගරිල්ලා සඟරාව විසින් කළ සාකච්ඡාවක් කොටස් වශයෙන්) ප්‍රශ්නය : ලංකාවෙ කුප්‍රකටම චිත්‍රපටකරුවා හැටියට ගෞරව ලබන තැනකට ඔබ පත්වුනේ කොහොම ද?
  • ඇත්තටම ඒක තමයි විජය කුමාරතුංගගෙ මුල්ම චිත්‍රපටය.
  • ඇත්තටම ඒ ෆිල්ම් එක බ්ලූ ෆිල්ම් එකක් වගේ.
  • කතාවට අවශ්‍ය වෙන විදිහට ඒ සීන් කීපයක් සම්බන්ධ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

ලුවී වැන්ඩස්ට්‍රාටන් සමග 2006 දි ගරිල්ලා සඟරාව විසින් කළ සාකච්ඡාවක් කොටස් වශයෙන්)

 

ප්‍රශ්නය :
ලංකාවෙ කුප්‍රකටම චිත්‍රපටකරුවා හැටියට ගෞරව ලබන තැනකට ඔබ පත්වුනේ කොහොම ද?

ලුවී :
'' මුලින් සිනමා ජීවිතය ආරම්භ කරන කොට මං ඔය හොඳයි කියන චිත්‍රපටි තමයි හැදුවෙ. මගේ මුල්ම චිත්‍රපටය විජය කුමාරතුංග, රොබින් ප්‍රනාන්දු, නීටා ප්‍රනාන්දු, දෙනවක හාමිනේ වගේ අය සම්බන්ධ කරගෙන තමයි කෙරුවෙ. ඒකෙ නම ‘බිඳුනු හදවත’. ඇත්තටම ඒක තමයි විජය කුමාරතුංගගෙ මුල්ම චිත්‍රපටය. නමුත් මට ඒක ඉවර කරගන්න බැරි වුනා ඉක්මනට. විජය ඒ අතරෙ තමයි හන්තානෙ කතාව’ට ඉන්ටවිව් ගිහිල්ලා ඒක ඉක්මනට කෙරිලා එලියට ආවෙ. මම ප්‍රමාද වුනා එතනදි. අද ප්‍රසිද්ද වෙලා තියෙන්නෙ ඉතිං හන්තානෙ කතාව තමයි විජයගෙ මුල්ම චිත්‍රපටිය කියල.

ඊට පස්සෙ මං කරපු ෆිල්ම් දෙකක් මේ ළගදි පෙන්නුවා සිරසෙ. ‘බෝනික්කා’ එකක්. අනික ‘මව්බිම නැත්තං මරණය’. මේ දෙකම ක්‍රියාදාම චිත්‍රපට. ගීතා කුමාරසිංහ, අනෝජා වීරසිංහ, රොබින් ප්‍රනාන්දු, සෝමසිරි දෙහිපිටිය වගේ අය තමයි ඒ ෆිල්ම්වල රගපෑවෙ. අදත් මට පැසසුම් ලැබෙනවා ඒ චිත්‍රපට සිරසෙ පෙන්නද්දි බලපු අයගෙන්.

louis movies

ඊට පස්සෙ මං හැදුවා ‘ඇගේ වෛරය’ කියන චිත්‍රපටිය. ඒකෙ කතාව ගත්තෙ මං බලපු ඉන්ග්ලිෂ් ෆිල්ම් එකකින්. ඇත්තටම ඒ ෆිල්ම් එක බ්ලූ ෆිල්ම් එකක් වගේ. ඒත් මට තේරුනා මේ කතාවෙ අපේ කාන්තා පාර්ශ්වය සිනමාහලට ගෙන්නා ගන්න තරම් ආකර්ශනයක් තියෙන වග. ගැහැණිය පුරුෂ ආධිපත්‍යයට විරුද්ධව සටන් කරන කතාවක්. අපේ ලංකාවෙ ගෑනුත් මේ වගේ දූෂණය වෙලා තියෙනවා. පිරිමින්ගෙන් නොයෙක් අතවර වලට ලක්වෙලා තියෙනවා. නමුත් ඔවුන්ට පෙරලා පහර දෙන්න තරම් ශක්තිය නෑ. නමුත් මේ චිත්‍රපටයෙ ගැහැණිය එයාට හතුරුකම් කරපු හැම පිරිමියෙක්ගෙන්ම පලි ගන්න තරම් ආත්ම ශක්තියක් තියෙන කෙනෙක්.

 

ගැහැණියකට ශක්තියත් නෑනෙ පිරිමියෙකුට වගේ. මෙතනදි එයාගෙ ශරීරය තමයි ආයුධයක් විදිහට පාවිච්චි කරන්නෙ. මිනිස්සු ඕකට කාම කියනවා, අරක කියනවා මේක කියනවා. ඒත් ගාමන්ට් ෆැක්ටරිවල කෙල්ලො කෑම පාර්සල් අතේ තියාගෙන පෝලිමේ ඉඳලා ඒ ෆිල්ම් එක බැලුවෙ. ගෑනු තමයි ඇගේ වෛරය බැලුවෙ පිරිමින්ට වඩා. කොහොම හරි ඒකෙ පොඩි සීන් දෙකක් තිබුණ. ඒවා හින්දා තමයි ආන්දෝලනාත්මක වෙලා ඒ චිත්‍රපටිය සාර්ථක වුනේ. ඒත් ඒ චිත්‍රපටිය කරද්දි අපි බලාපොරොත්තු වුනේ නෑ ප්‍රේක්ෂකයන්ගෙන් එහෙම ප්‍රතිචාරයක්. අනිත් එක ඒක කාමුක චිත්‍රපටියක් විදිහට නිර්මාණය කලෙත් නෑ. කතාවට අවශ්‍ය වෙන විදිහට ඒ සීන් කීපයක් සම්බන්ධ කළා. ඒක තමයි මං හිතන්නෙ ලංකාවෙ චිත්‍රපටියකට වැදුන හොඳම කණා පල්ලම. මොකද අපි ඉතා සුළු වියදමකින් ඒ චිත්‍රපටිය කලේ. ලක්ෂ අටහමාරකින් විතර. අපි කොහොමවත් බලාපොරොත්තු වුනේ නෑ ඒ වගේ ආදායමක් ඒ චිත්‍රපටියට ලැබෙයි කියල. මට හුගක් මඩ ගහන්නෙ ඇත්තටම ඊට පස්සෙ ඒ චිත්‍රපටිය අනුකරණය කරලා ගොඩක් අය කරපු චිත්‍රපටි දුර්වල හින්ද. ඒවා හුගක්ම කාමුක වර්ගයේ ඒවා තමයි.

 

age wairayaමම කරපු ඇගේ වෛරය දෙවනි එකත් හොඳ කතාවක් ඇතුවයි කලේ. ඒකටත් මට ප්‍රශංසා ලැබුන. ඉතින් මිනිස්සු බැලුවෙ මේ වගේ වැඩිහිටියන්ට පමණයි තේමාව යටතේ චිත්‍රපටි හැදුනොත් මේවා දුවනවා, ලාබ ගන්න පුළුවන් කියලයි. නිෂ්පාදකයො කීප දෙනෙක් මැදිහත් වෙලා මේ අරමුණට පහත් ගණයෙ චිත්‍රපටි හදන්න ගත්තා. ඒ වැඩවල සේරම මඩ ආවෙ මට. කවුරු හරි වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියක් හැදුවොත් මගෙන් අහනවා, ලුවී ඔයා නේද ඒක කලේ කියල. ඕක තමයි වුනේ. මම දැන් ඒ තේමාවෙන් ඈත් වෙලයි වැඩ කරන්නෙ. ඒත් මට හොඳ කතාවක් ලැබුනොත්, මේකෙන් ආයිමත් ප්‍රේක්ෂකයො සිනමාහලට ගේන්න පුළුවන් කියල දැනුනොත් මං ආයිමත් වැඩිහිටියන්ට පමණයි තේමාවෙ චිත්‍රපටියක් කරනවා.


ප්‍රශ්නය :
ඒ කියන්නෙ ඔබට අවශ්‍ය වුනේ නෑ Sex Film Director කෙනෙක් වෙන්න?

ලුවී :
'' නෑ. කිසිම උවමනාවක් තිබුනෙ නෑ. මම ඇගේ වෛරයත් එක්කම ‘සෙල්ලම් කුක්කා’ කියල මේ ළමයෙක් ගැන චිත්‍රපටියක් කෙරුවා. ඒක හරියට ප්‍රචාරය කරගන්න බැරි වුනු හින්ද අසාර්ථක වුනා. ඊට පස්සෙ මම ‘ජූරිය මමයි’ කළා. ඒකෙ රන්ජන් රාමනායකට චරිත තුනක් දුන්නා. ඒකෙ රන්ජන්ගෙ රගපෑම් දැකලා තමයි ඊට පස්සෙ එයාට දිගටම චිත්‍රපටි ලැබුනෙ. ඒක බ්ලැක් ඇන්ඩ් වයිට් ෆිල්ම් එකක්. ඒකෙ ශ්‍රියන්ත මෙන්ඩිස්, සඳුන් විජේසිරි, ඩිලානි වගේ අය රගපෑවා. ඊට පස්සෙ ඔන්න ආයිමත් ‘ගර්ල් ෆ්‍රෙන්ඩ්’ කියල වැඩිහිටියන්ට පමණයි එකක් කළා.

 

මේකනෙ ඔය චිත්‍රපටියක් දුවනකොට සමහර අයට බලන් ඉන්න බෑ. මේ ක්ෂේත්‍රයේ ඉරිසියාව කියන එක උපරිමයි. ඒකට බෙහෙත් නෑනෙ. මගේ චිත්‍රපටිය දුවද්දි ඒ කාලෙ හැදුන සමහර චිත්‍රපටි දිව්වෙ නෑ. ඉතිං ඒ ගොල්ලො බැලුවා, අපේ චිත්‍රපටි දුවන්නෙ නැත්තෙ මොකද? ආ, මේ ලුවී හින්ද. ඉතිං මට පහර දෙන්න ගත්තා. ඒකෙන් මට මොකුත් වුනේ නෑ. තවත් වැඩියෙන් පබ්ලිසිටි එකක් හම්බුනා. බොරුල්ලෙ කනත්ත ළග කට්ටියක් පෙලපාලි ගියා මගේ නම බෝඩ්වල ලියලා උස්සගෙන. ලුවීගෙන් සිංහල සිනමාව බේරගන්න ඕනය කියල. මමත් ඒක බලාගෙන හිටියා. හුගක් අය මාව දන්නෙ නෑනෙ. ඉතිං ඒ ගොල්ලො මාව අදුරගත්තෙ නෑ.

 

(සාකච්ඡාව - අශෝක වීරසිංහ)
උපුටා ගැනීම - facultyofsex.com



සබැඳි පුවත් :
ඇඟේ වෛරය රටට දායාද කළ ලුවී සමුගනී!


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...