The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
Top Ad
සමාලාප

පොත් ක්ෂේත්‍රයේ වෛරය පිටුදැකිය යුතුයි: පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති අතුල ජයකොඩි (වීඩියෝ)

T

The Leader Desk

September 13, 2026 • 6:28 AM

පොත් ක්ෂේත්‍රයේ වෛරය පිටුදැකිය යුතුයි: පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති අතුල ජයකොඩි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘පොත් වෙළෙන්දෝ මඩිය තරකර ගන්නවා’ කියන කතාව ඇත්තක්ද?
  • වසර 39ක පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ගමන්මග සහ කලාවේ අනාගතය ගැන විවෘත කතාබහක්.
  • එම මාස දෙළහෙන්: දෙසැම්බර්, ජනවාරි, අප්‍රියෙල්, මැයි, ජුනි සහ ජූලි එනම් මාස හයක් ම විවිධ උත්සව අවස්ථා සඳහා වෙන් කර ඇත.
  • මේ අතරට සැප්තැම්බර් මාසය ද කිසියම් විශේෂ මාසයක් ලෙස නම් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


‘පොත් වෙළෙන්දෝ මඩිය තරකර ගන්නවා’ කියන කතාව ඇත්තක්ද? වසර 39ක පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ගමන්මග සහ කලාවේ අනාගතය ගැන විවෘත කතාබහක්.



අපි භාවිත කරන දින දර්ශනයෙහි අන්තර්ගත මාස දොළහකි. එම මාස දෙළහෙන්: දෙසැම්බර්, ජනවාරි, අප්‍රියෙල්, මැයි, ජුනි සහ ජූලි එනම් මාස හයක් ම විවිධ උත්සව අවස්ථා සඳහා වෙන් කර ඇත. ඒ සෑම මාසයක ම වෙළෙන්දෝ මෙන් ම පාරිභෝගිකයෝ ද බිහි වෙති. එම මාස හයෙහි වෙළඳාමේ යෙදෙන්න්ට ද පාරිභෝගිකයන්ට ද කිසිදු බාධාවකින් තොරව තම තමන් ගේ කටයුතු කරගත හැකි ය.

මේ අතරට සැප්තැම්බර් මාසය ද කිසියම් විශේෂ මාසයක් ලෙස නම් කර ඇත. යට සඳහන් කළ මාස හය තුළ වෙළෙන්දන් සහ පාරිභෝගිකයන් ලෙස තම සිතුම් පැතුම් ඉටු කරගන්නා අය ම සැප්තැම්බර් මාසයේ දී තම සිතුම් පැතුම් ඉටු කරගන්නා අය දෙස වපරැසින් බලති; 'සාහිත්‍ය මාසෙ කියන්නෙ පොත් විකුණන මාසෙ' යැයි කියති, 'පොත් වෙළෙන්දෝ මඩිය තර කරගන්නා මාසෙ' යැයි කියති. ඒ අපේ ජනතාව ගේ විධිය යි. එබැවින් සැප්තැම්බර් මාසය පොත් වෙළෙන්දන් ගේ මාසය යැයි ඇතැමුන් පරිභව කළ ද ඒ කිසිදු පරිභවයක් මායිම් නොකර ලංකාවේ ''ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය'' නමින් සංගමයක් පිහිටුවී ය. එය පිහිටුවා මේ වන විට වසර වසර 39කි.

ඔවුන් විසින් සංවිධානය කරනු ලබන පොත් ප්‍රදර්ශනය පළමුව පැවැත්වූයේ කොළඹ කලා භවනේ ය. අනතුරුව එය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට රැගෙන ආවේ ය. මෙවර පැවැත්වෙන්නේ එහි 27වන පොත් ප්‍රදර්ශනය යි.

මේ වන විට එම සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පත්ව සිටින්නේ මරදාන සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි ය. මෙවර The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග එක් වන්නේ ඔහු ය.

මතු පළ වන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අභිනව සභාපති, සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...