BREAKING
Top Ad
සමාලාප

සිද්ධියක් ඒ ආකාරයෙන් ම ඉදිරිපත් කිරීම සාහිත්‍යය නෙවෙයි - ලේඛක රනිල් ජයසිංහ (වීඩියෝ)

T

The Leader

September 20, 2026 • 1:09 AM

සිද්ධියක් ඒ ආකාරයෙන් ම ඉදිරිපත් කිරීම සාහිත්‍යය නෙවෙයි - ලේඛක රනිල් ජයසිංහ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශපාලනයේ අදිසි හස්ත සහ නොදුටු යථාර්ථය හාරා අවුස්සන ‘‘වෘත්ත චතුරස්‍රය’’ ගැන ලේඛකයා The Leader TV ‘‘සරග’’ වැඩසටහනට හෙළි කළ කතාව.
  • එලෙස අදිසි හස්ත විසින් පාලනය කරනු ලබන, ගූඪමය ක්ෂේත්‍රයේ සිදුවන සියල්ල පාලනය කරනු ලබන්නේ ද නොපෙනෙනසුලු/ ඇස නොගැටෙන (Inconspicuous) පුද්ගලයින්/ කණ්ඩායම්/ සංවිධාන විසිනි.
  • එහි දී කිසියම් අබිරහස් කටයුත්තක නිර්මාතෘ ද, එය මෙහෙයවන්නා ද එක් නිමේෂයක එම කණ්ඩායමේ ම, සංවිධානයේ ම බිල්ලක් විය හැකි ය.
  • ඇතැම් විට අදාළ සිද්ධිය මෙහෙයවන සමස්ත කණ්ඩායම ම එසේ බිලි විය හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සැබෑ සිදුවීම් ප්‍රබන්ධයක් බවට පත් කිරීමේ සීමාවන් සහ ගූඪ දේශපාලන බල අරගලය ගැන රනිල් ජයසිංහ කළ සුවිශේෂී විවරණය.



ලාංකීය මතු නොව සමස්ත ලෝකයේ ම දේශපාලනය යනු කිසිවකුට, කිසිදු දිනක එහි සැබෑ තත්තවය හඳුනාගත නොහැකි ක්ෂේත්‍රයකි. එහි: ඇසට පෙනෙන, සවනට ඇසෙන කිසිවක් ම සැබෑ යථාර්ථය නොවේ. එම ක්ෂේත්‍රය තුළ සිදුවන බොහෝ දේ නොව සියල්ල ම පාහේ ගූඪත්වයෙන් අනූන ය; අදිසි හස්ත විසින් පාලනය කරනු ලබන්නේ ය.

එලෙස අදිසි හස්ත විසින් පාලනය කරනු ලබන, ගූඪමය ක්ෂේත්‍රයේ සිදුවන සියල්ල පාලනය කරනු ලබන්නේ ද නොපෙනෙනසුලු/ ඇස නොගැටෙන (Inconspicuous) පුද්ගලයින්/ කණ්ඩායම්/ සංවිධාන විසිනි. එහි දී කිසියම් අබිරහස් කටයුත්තක නිර්මාතෘ ද, එය මෙහෙයවන්නා ද එක් නිමේෂයක එම කණ්ඩායමේ ම, සංවිධානයේ ම බිල්ලක් විය හැකි ය. ඇතැම් විට අදාළ සිද්ධිය මෙහෙයවන සමස්ත කණ්ඩායම ම එසේ බිලි විය හැකි ය. ඒ අන්කිසිවක් නිසා නොව සංවිධානයේ පැවත්ම උදෙසා ම ය.

ලේඛක රනිල් ජයසිංහ විසින් ප්‍රබන්ධිත ''වෘත්ත චතුරස්‍රය'' නමැති සාහිත්‍ය කෘතිය ද යට කී සිද්ධි පාදක කරගනිමින් රචිත කෘතියකි.

මතු පළ වන්නේ එම කෘතිය සම්බන්ධයෙන් එහි ප්‍රබන්ධකරු වන රනිල් ජයසිංහ, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...