BREAKING
Top Ad
සමාලාප

'ලංකාවේ රදල පැලැන්තිය ගරා වැටුණු හැටි' - රත්නායක තිලකරත්න 'වැටෙත් සුරන් ගිරග මතින්' කෘතියෙන් හෙළි කරයි (වීඩියෝ)

T

The Leader

August 30, 2026 • 1:42 AM

'ලංකාවේ රදල පැලැන්තිය ගරා වැටුණු හැටි' - රත්නායක තිලකරත්න 'වැටෙත් සුරන් ගිරග මතින්' කෘතියෙන් හෙළි කරයි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජාණ්ඩු ක්‍රමයේ බිඳවැටීමෙන් පසු ලංකාවේ සිදුවූ ඓතිහාසික යුග පෙරළිය පිළිබඳව 'වැටෙත් සුරන් ගිරග මතින්' කෘතියෙන් කළ විමසුම.
  • එහි දී ද එක් පෙළැන්තියක් අනෙක් පෙළැන්තිය තළා පෙළා දැමුවේ තමන් 'පාලකයා' හෝ 'පාලකයෝ' නමැති බලය මුදාහරිමිනි.
  • සමස්ත ලෝකය ම මේ තත්ත්වයෙන් ක්‍රමක්‍රමයෙන් මිදෙමින් පැවතිය ද ලංකාවේ එම ක්‍රමය පහවී යන්නට දීර්ඝ කාලයක් ගත විය; තවමත් එය වෙනත් ආකාරයකින් පවතින බව ද පැහැදිලි ය.
අකුරු ප්‍රමාණය (Font Size):


සාහිත්‍ය කලා වින්දනීය ‘සරග’ වැඩසටහන සමඟ එක්වෙමින් රාජ්‍ය සම්මාන ලාභී ප්‍රවීණ ලේඛක රත්නායක තිලකරත්න කළ සම්පූර්ණ සාකච්ඡාව.



මිනිසා පාලනය කරනු පිණිස, මිනිසා විසින් ම මිනිසකු පත් කර ගැනීමේ සිට මිනිස් සමූහයා පාලක සහ පාලිත යනුවෙන් දෙකොටසට වෙන් වුණි. තැන් සිට පාලක පෙළැන්තිය ද බිහිවිය. ඒ පෙළෙැන්තිය නිරන්තරයෙන් ම පාලිත පාර්ශ්වය වෙත අති අමානුෂික පීඩා එල්ල කළේ ය.

ලෝකය ක්‍රමක්‍රමයෙන් දියුණු වන විට මෙම ක්‍රමය වැඩවසම් ක්‍රමයට දෝලනය විය. එහි දී ද එක් පෙළැන්තියක් අනෙක් පෙළැන්තිය තළා පෙළා දැමුවේ තමන් 'පාලකයා' හෝ 'පාලකයෝ' නමැති බලය මුදාහරිමිනි.

සමස්ත ලෝකය ම මේ තත්ත්වයෙන් ක්‍රමක්‍රමයෙන් මිදෙමින් පැවතිය ද ලංකාවේ එම ක්‍රමය පහවී යන්නට දීර්ඝ කාලයක් ගත විය; තවමත් එය වෙනත් ආකාරයකින් පවතින බව ද පැහැදිලි ය.

මේ සුදානම ඒ තත්ත්වය පැහැදිලි කිරීම නොව, රාජාණ්ඩු ක්‍රමය අහෝසි වී, විදේශික බලවේගයකට යටත්වීමෙන් ඉක්බිති මේ දක්වා ලංකාවේ සිදුවූ යුග පෙරළිය කුමනාකාර ද යන්න පිළිබඳ විමසා බැලීම සඳහා ප්‍රවේශයක් ගැනීම ය. නමුදු එය සිදු කරන්නේ මා නොව රාජ්‍ය සම්මාන ලාභී ලේඛකයකු වන රත්නායක තිලක රත්න ය; ඒ, ඔහුගේ අභිනව ප්‍රබන්ධ කෘතිය වන ''වැටෙත් සුරන් ගිරග මතින්'' නමැති කෘතිය තුළිනි.

මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග  ''වැටෙත් සුරන් ගිරග මතින්'' ප්‍රබන්ධ කෘතියේ කර්තෘ රාජ්‍ය සම්මාන ලාභී ලේඛක රත්නායක තිලකරත්න කළ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ විඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...