BREAKING
Top Ad
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව : විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සාක්ෂි දෙයි

T

The Leader

March 5, 2026 • 1:07 AM

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව : විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සාක්ෂි දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හදිසි අවස්ථාවකදී ලියාපදිංචි නොකළ සැපයුම් කරුවන් ගෙන් සහ ලියාපදිංචි නොකළ ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයට ලබා ගැනීමට අවසර ඉල්ලා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර
  • ඖෂධ හිඟයක් පවතින මීට හදිසි අවස්ථාවකදී ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන ඒමට අවසර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් වන සියලු වගකීම් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව පවතින බව ඔහු සාක්කි ලබා දෙමින් සඳහන් කළේය.
  •  ඖෂධ සැපයුම්කරුවන් සහ නිෂ්පාදකයින් පිළිබඳ තොරතුරු ලේඛන ගතව ඇති බවද ඔහු එහිදී සඳහන් කළේය.
  • රෝගීන්ට ලබාදීම සඳහා ලියාපදිංචි ඖෂධ මෙරටට ආනයනය කරන අතර හදිසි අවස්ථාවකදී ලියාපදිංචි නොමැති ඖෂධ, ලියාපදිංචි නොමැති නිෂ්පාදකයකුගෙන් ගෙන ඒමට අවසර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

තිබූ බව තමන් දන්නා බවත් එම කටයුතු ඖෂධ නියාමන අධිකාරියේ යන්ට අනුකූලව සිදුකළ යුතු බව එම අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහන් වූ බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඊයේ  (04) ස්ථිර ත්‍රිපුද්ගල  මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සඳහන්  කළේය.

හදිසි හෝ විශේෂ අවස්ථාවකදී ලියාපදිංචි නොකළ ඖෂධ මිලදී ගැනීමට සහ භාවිතා කිරීමට අවසර ඇති අතර එය ඖෂධ නියාමන අධිකාරියේ නියමයන්ට යටත්ව සිදුකළ යුතු බවද එම කටයුතු නියාමනය කිරීමේ පූර්ණ වගකීම ඖෂධ නියාමන අධිකාරිය සතුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

ඖෂධ හිඟයක් පවතින මීට හදිසි අවස්ථාවකදී ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන ඒමට අවසර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් වන සියලු වගකීම් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව පවතින බව ඔහු සාක්කි ලබා දෙමින් සඳහන් කළේය.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනිණි.

National medicines authority 860x430.jpg

එහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වත්මන් සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා දෙවැනි දිනටත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ගේ මෙහෙයවීමෙන් සාක්ෂි ලබා දෙමින් සඳහන් කළේ, වෛද්‍ය සැපයුම් අංශයේ අවශ්‍යතා මත හදිසි මිලදී ගැනීම් ඖෂධ නියාමන අධිකාරියේ නියමයන්ට යටත්ව සිදු කිරීමට අවසර ඇති බවය.

 ඖෂධ සැපයුම්කරුවන් සහ නිෂ්පාදකයින් පිළිබඳ තොරතුරු ලේඛන ගතව ඇති බවද ඔහු එහිදී සඳහන් කළේය. රෝගීන්ට ලබාදීම සඳහා ලියාපදිංචි ඖෂධ මෙරටට ආනයනය කරන අතර හදිසි අවස්ථාවකදී ලියාපදිංචි නොමැති ඖෂධ, ලියාපදිංචි නොමැති නිෂ්පාදකයකුගෙන් ගෙන ඒමට අවසර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 එවැනි තත්ත්වයකදී පුද්ගලික අංශයට එම ඖෂධ ආනයනය කිරීම සඳහා ඉඩ ලබා දෙන බව අත්දැකීම් අනුව දන්නා බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

එම කටයුතු නියාමනය කිරීමේ පූර්ණ බලතල සහ වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු වන බව සඳහන් කළ ඒ මහතා හදිසි ඖෂධ මිලදී ගැනීම් වලට අදාලව ඉදිරිපත් කර අමාත්‍ය මණ්ඩල සංදේශයේ ලියාපදිංචි සැපයුම්කරුවන් ගැන සටහනක් කර නොමැති වුවත් ඖෂධ නියාමන අධිකාරියේ ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව කියා සිටියේය.

ලංකාවට ඖෂධ ගෙන එන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන ඖෂධ නියාමන අධිකාරිය දැනුම් වත් කර තිබෙනවාද, ඒ කවර ඖෂධ සඳහාද එම අවසර ලබා දෙන්නේ යනුවෙන් නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල්වරිය එහිදී සාක්‍ෂිකරුගෙන් ප්‍රශ්න කළාය .

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කර සිටියේ ලියාපදිංචි ඖෂධ සඳහා අවසර ලබා දෙනවා හදිසි අවස්ථාවකදී ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන ඒමට අවසර තිබෙනවා. වෛද්‍ය සැපයුම්  අංශය ට ලියාපදිංචි නොකළ අයගෙන් ඖෂධ  ගැනීමට අවසර ඉල්ලා තිබුණා අමාත්‍ය මණ්ඩල සංදේශයකින්. එහිදී ඖෂධ නියාමන අධිකාරිය වඩාත් සැලකිලිමත් ලෙස කටයුතු කළ යුතුයි යනුවෙන් සඳහන් කළේය.

 එම අවස්ථාවේදී නියෝජ්‍ය සොරිස්ටර් ජෙනරාල් වරිය තවදුරටත් ප්‍රශ්න කර සිටියේ ලියාපදිංචි නැති කෙනෙකුගේ ලියාපදිංචි ඖෂධ ගෙන්වීම ගැන සඳහනක් එහි තිබෙනවාද  යන්නයි.

 "පුද්ගලික අංශයෙන් ඖෂධ ගෙනවීම  ගැන තමයි මෙහි සඳහන් වෙන්නේ. ඖෂධ නියාමන අධිකාරියේ වගකීම වන ගුණාත්මක බව, ඖෂධ මොනවාද යන්න පිළිබඳව වඩාත් සැලකිලිමත්විය යුතුයි. ලියාපදිංචි නොකළ ඖෂධ, ලියාපදිංචි නොකළ සැපයුම්කරුවෙකුගෙන් ගෙන ඒම පනතට අනුව කළ නොහැකියි .සැපයුම්කරු, නිෂ්පාදකයා, ඖෂධ වර්ග ,පිළිබඳව නියාමන අධිකාරිය වඩාත් සැලකිලිමත්විය යුතුයි. "යනුවෙන් සාක්ෂි කරු සඳහන් කළේය.

මෙම කැබිනට් සංදේශයේ සඳහන් වෙන්නේ නියාමන අධිකාරියේ අනුමැතියන්ට යටත්ව  එම ඖෂධ ලබා ගන්නා ලෙස "යනුවෙන්  නියෝජ්‍යය සොරිස්ටර් ජනරාල්වරිය එහිදී විමසීමක් කළාය.

Locking Medical Cabinet

"ඖෂධ ලබාගන්නා නිෂ්පාදකයා කවරෙක් ද යන්න නියාමන අධිකාරිය අනිවාර්යෙන්ම දැනගත යුතුයි. ලියාපදිංචි අයෙකුගෙන් ඖෂධ ගෙන ඒම වඩා හොඳයි නැත්නම් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් ඇගයීමක් කළ යුතුයි" යනුවෙන් සාක්ෂිකරු එහිදී ප්‍රකාශ කළේය.

"ඉන්දියානු ණයෝජනා ක්‍රම යටතේ ඖෂධ ආනයනය කළ බව ඔබ දන්නවාද? "යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් සාක්ෂිකරු "එහෙමයි ,ඒ අවස්ථාවේ නීතිය ලිහිල්  කර තිබුණා, ඖෂධ ඇනවුම් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඖෂධ නියාමන අධිකාරියට ම ලිපි යොමු කර ඇති බව දැන ගැනීමට ලැබුණා. මේ සම්බන්ධයෙන් වන නඩුවකට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඒ පිළිබඳව ලේඛන ඉල්ලා සිටියා.  එම ලේඛන පරිහරණය කළ නිසා ඒ සම්බන්ධව දන්නවා ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ එම ඖෂධ හදිසි මිලදී ගැනීම් සිදු කළ බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී චන්ද්‍රගුප්ත ඖෂධ ලබාගැනීමට අදාළව යාදෙව් සමාගමට ලිපියක් යවා තිබෙනවා ඒ පිළිබඳව ඖෂධ නියාමන අධිකාරිය දැනුවත්ව ව සිටියා "යැයි කියා සිටියේය.

 "ලියාපදිංචි සැපයුම්කරුවන් සහ ඖෂධ පිළිබඳව දත්ත සතුව අධිකාරිය සතුව තිබෙනවා අදාළ සමාගම් ලියාපදිංචි ද යන්න සොයාගත හැකියි. ඖෂධයේ ප්‍රමිතිය පිළිබඳව තත්ත්වය පිළිබඳව සහ එහිදී වඩා සැලකිල්ල යොමු කළ  යුතුයි. ඖෂධයකින් අතුරු ආබාධ ඇතිවිය හැකියි. නිර්ණායකවලට වඩා අතුරු ආබාධ තිබේ නම් ඒ පිළිබඳව සැලකිය යුතුයි. රෝගීන්ටත් ඒ පිළිබඳව පැමිණිලි කළ හැකියි. එවැනි පැමිණිලි පිළිබඳව සොයා බලා සාමාන්‍ය අතුරු ආබාධ ද, අසාමාන්‍ය අතුරු ආබාධ ද  මේ යන්න පිළිබඳව සොයා බැලීම කල යුතුයි අසාමාන්‍ය ආබාධ නම් එම ඖෂධය භාවිතා කිරීම නතර කරනවා"

ඕනෑම අයෙකුගෙන් ඖෂධ ගෙන්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති අවස්ථාවක සංවේදී ඖෂධ රෝගීන්ට ලබාදීමට පෙර බැලීමට නියාමන අධිකාරියට හැකියාවක් තිබෙනවාදැයි එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්‍ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියේය සිටියාය .

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කර සිටියේ එවැනි ඖෂධ රෝගීන්ට ලබාදීමට පෙර ඒවා රෝගීන්ට ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව ඖෂධ නියාමන අධිකාරියට වගකීමක් ඇති බවය. ඖෂධ වල ගුණාත්මක භාවය, ප්‍රමිතිය සහ ප්‍රත්‍යක්ෂ භාවය පිළිබඳව එහිදී ඇගයීමකට ලක්කළ යුතු බවද ශේෂඥ වෛද්‍ය ආනන්ද විජය වික්‍රම මහතා සාක්ෂි දෙමින් තවදුරටත් සඳහන් කළේය.

එසේම එවැනි ඖෂධ සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් තිබේ නම් එම ඖෂධ භාවිතා කිරීමට ඉඩ නොදිය යුතු බව ඔහු කියා සිටියේය.

medicine hospital

හදිසි තත්ත්වය මත  ලියාපදිංචියට යටත්ව සමාගම් කිහිපයකින් ඖෂධ ගෙන්වීමට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් යවා ඇති ලිපියක්  අධිකරණයේදී හඳුනාගත් සාක්ෂිකරු ඇතැම් ඖෂධ ගෙන්වීම සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් සිටියදී ලියාපදිංචි නොමැති සැපයුම්කරුවන්ගෙන් ලබාගෙන ඇති බවද , ලියාපදිංචි නොමැති ඖෂධ ලබාගෙන ඇති බවද සඳහන් කළේය.

එලෙස ගෙන්වන ඖෂධ ගෙන්වන ඇතැම් ඖෂධ අධි සංවේදී වන අතර පෙතිවලට වඩා එන්නත් කෙලින්ම රුධිරයට මග මිශ්‍රවන බැවින් එවැනි එන්නත් ලබාදීමේදී වඩා සැලකිලි මත් විය යුතු බවද කියා සිටියේය.

ඖෂධ සැපයුම්කරුවන් සහ ඖෂධ පිළිබඳව කරුණු ඇතුළත් ලේඛනයේ No Production ලෙස සඳහන්ව ඇත්තේ අදාළ ඖෂධය සැපයීම සඳහා වලංගු ලියාපදිංචි ආයතනයක් නොමැති වීම බවද සාක්ෂිකරු ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ අවධානයට ලිපියක් යොමු කර ඇති බවද එහිදී රිටොක්සිමැබ් යන ඖෂධය ලියාපදිංචිය මුදාහැරීමකට යටත්ව ලබා ගැනීම සම්බන්ධයෙන් කරුණු සඳහන් වන බවද විශේෂඥ වෛද්‍යවරයා අධිකරණය හමුවේ සඳහන් කළ සිටියේය.

හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබින් යන එන්නත් පිළිකා රෝගීන සහ විශේෂ තත්ත්වයන් යටතේ රෝගීන්ට ලබා දෙන අධි සංවේදී ඖෂධ බවද සඳහන් කළ සාක්ෂිකරු එවැනි ඖෂධ වල නිෂ්පාදකයා පිළිබඳව සොයා සොයා බැලීමේ වගකීමක් ඖෂධ නියාමන අධිකාරියට ඇති බවද, එවැනි කරුණු සොයා ගන්නා තෙක් එම වගකීමෙන් බැහැරවීමට අධිකාරියට නොහැකි බවද, තවදුරටත් සඳහන් කළේය.

 ඖෂධ පිළිබඳව සොයා බැලීමේ වගකීම දරන එකම ආයතනය ඖෂධ නියාමන අධිකාරිය වන බවද රෝගීන්ට ඖෂධ ලබාදීමට පෙර ඒ පිළිබඳ සොයා බැලීමේ වගකීම එම අධිකාරිය සතුවන බවද, නිෂ්පාදකයාට එම ඖෂධ නිෂ්පාදනය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය තිබෙනවාද, එම ඖෂධය නිෂ්පාදිත රටේ භාවිතා කරනවාද යන්න පිළිබඳව ආරක්ෂිත පියවරක් ලෙස සලකා බලන බවද ඔහු සඳහන් කළේය.

men meeting room with window them 693425 69

යම් ඖෂධයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් තාක්ෂණික කමිටු අනුමැතිය තිබුණද එහි අවසාන වගකීම හිමිවන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට වන බවද සාක්ෂිකරු එහිදී තව දුරටත් කියා සිටියේය.

මෙහිදී මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ලේඛන එකම පුද්ගලයකුගෙන් විසින් සකස් කර ඇති බව අවධානයට යොමු කළ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා එම පුද්ගලයා සාක්ෂිකරුවකු ලෙස කැඳවාන්නේදැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරියගෙන්  විමසා සිටියේය .

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය සඳහන් කළේ එම පුද්ගලයා සාක්ෂිකරුවකු ලෙස කැඳවීමට නියමිත බවය.

ඖෂධ නියාමන අධිකාරිය ගන්නා තීරණ පිළිබඳව වගකීම එහි ප්‍රධාන විධායක නිලධාරියා සතුවන බවද ඖෂධ 131 ක් ලියාපදිංචිය මුදා හැරීමට යටත්ව මිලදී ගැනීමට නිර්දේශ කර තිබූ බවද සාක්ෂිකරු එහිදී ම ලේඛන පරිහරණය කරමින් සඳහන් කළේය.

ලියාපදිංචි මුදා හැරීමේ සහතික යන් යම් කාල සීමාවකට අදාළව නිකුත් කරන අතර එම කාල සීමාව ඇතුළත පමණක් එම ඖෂධ ආනයනය කිරීම කළ හැකි බවද, එම සහතික පිළිබඳව තොරතුරු ශ්‍රී ලංකා රේගුව, ඖෂධ සංස්ථාව ඇතුළු ආයතන හයකට ලබාදෙන බවද සාක්ෂිකරු තවදුරටත් මෙහිදී සඳහන් කර සිටියේය. ඊට අදාළ සිසු තොරතුරු ද ඊ මේල් මාර්ගයෙන් දැනුම් දෙන බවද ඔහු සඳහන් කළ සිටියේය.

 ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු ඔවුන්ගේ කැමැත්ත මත සභාපතිවරයා ලෙස පත්කරන අතර අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කරන බවද සාක්ෂි ලබාදෙමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජය වික්‍රම මහතා කියා සිටියේය.

 සභාපති ධුරය පූර්ණ කාලීන තනතුරක් නොවන අතර පූර්ණ කාලීන තනතුරක් ලෙස කටයුතු කරන්නේ ප්‍රධාන විධායක නිලධාරියා වන අතර අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරන පත්‍රිකා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ගන්නා තීරණ පිළිබඳව දැනුම්වත් කිරීමේ වගකීම ප්‍රධාන විධායක නිලධාරියා සතුවන බවද සාක්ෂිකරු කියා සිටියේය.

ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස ආයතනයෙන් කටයුතු හොඳින් සිදු කිරීමට වග බලා ගැනීම වගකීම බවද සාක්ෂි ලබාදීම අවසන් කරමින් විශේෂඥ වෛද්‍යය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ගේ මෙහෙයවීම මත සාක්ෂි ලබාදීම අවසන් කිරීමෙන් අනතුරුව ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසීම දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා ආරම්භ කළේය.

එහිදී මතු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ හදිසි මිලදී ගැනීම් යටතේ ලියාපදිංචිය මුදා හැරීමේ යටතේ අවසන් තීරණය ගැනීමේ බලය ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලයට බවයි. අභ්‍යන්තර කටයුතු  යම් රහසිගත භාවයකින් සිදුවන බවද රහසිගත භාවය ආරක්ෂා කිරීමට පනත අනුව බැඳී සිටින බවද සාක්ෂිකරු සඳහන් කළේය.

pamarcy

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ ආයතනයක් ඇති බවද රෝහල්වලට, ඖෂධ හල්වලට ගොස් ඖෂධ පරීක්ෂා කිරීමේ බලයක් එම නිලධාරීන්ට ඇති බවද ඔහුත් තවදුරටත් සඳහන් කළේය.

මෙහිදී සාක්ෂිකරුගෙන් ඇතැම් ප්‍රශ්න විමසීම සිදුකිරීමේදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ඊට පස්සේ විරෝධය පළ කිරීම නිසා විත්ති පාර්ශ්වයෙන් අසන ලද ප්‍රශ්න කිහිපයක් ඉවත් කරගත් අතර වෙනත් ආකාරයකින් ප්‍රශ්න නැවත විමසීමද  නීතිඥ අසේල සේනාරත්න මහතා විසින් ලදී.

අධිකරණයට ඉදිරිපත් කර තිබූ ලේඛනය කිහිපයක සඳහන් කර ඇති කේතයක් පිළිබඳව ප්‍රශ්න කළ විත්තියේ නීතිඥවරයා එමගින් සංකේත කර ඇති ඖෂධ වේදනියක් පිළිබඳව ප්‍රශ්න කළ අවස්ථාවේදී විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ අදාළ ඖෂධ වේදනිය සාක්කිකාරිය ලෙස මෙම අධිකරණය සාක්ෂි දෙන අවස්ථාවේදී එම ප්‍රශ්නය කළ යුත් ඉදිරිපත් නොකර මෙම අවස්ථාවේදී ඉදිරිපත් කිරීම සුදුසු නොවන බවය.

ඒ අනුව එම ප්‍රශ්න කිරීමට කිරීම සිදු නොකිරීමට විත්තියේ නීතිඥවරයා කටයුතු කළේය.

ඖෂධ සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ වේදන්ට බධාවක් නොමැති බවද සාක්‍ෂිකරු හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළ සිටියේය.
එහෙත් ඒ සම්බන්ධයෙන් වගකීමක් එම නිලධාරීන්ට නොමැති බවද එම කටයුතු  සිදුකිරීමට එක් නිලධාරියකුට පමණක් කිසිදු අවස්ථාවක නොහැකි බවද සාක්ෂිකරු තවදුරටත් සඳහන් කර සිටියේය.

තවදුරටත් සාක්ෂි ලබාදීම හෙට දිනට සාක්ෂි විමසීම හෙට දින සිදුකිරීමට නියම කෙරිණ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබින් සහ රිටොප්සිමැප් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13 ක් එල්ල කර තිබේ.

 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරුන් ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබේ.

(අධිකරණ වාර්තාකරු) 

 

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...