BREAKING
Top Ad
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඖෂධ ගේන්න රජයට වඩා පෞද්ගලික අංශය වේගවත්! ඉන්දීය ණය මුදල් බෙදී ගිය හැටි එන්නත් නඩුවේදී හෙළි වෙයි

T

The Leader

March 17, 2026 • 6:54 AM

ඖෂධ ගේන්න රජයට වඩා පෞද්ගලික අංශය වේගවත්! ඉන්දීය ණය මුදල් බෙදී ගිය හැටි එන්නත් නඩුවේදී හෙළි වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු මුදල් ඖෂධ මිලදී ගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික සදහා සමාන ප්‍රමාණයකින් ලබා දී තිබුණ ද රාජ්‍ය අංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට වඩා පෞද්ගලික අංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් බැවින් එම අංශය ලබා දී තිබූ මුදල් ප්‍රමාණයක් කිරීමට වැඩි කිරීමට පසුව සිදු ව බව සෞඛ්‍යය අමාත්‍යංශයේ බෝනොවන රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ශිරාණි චම්පිකා වික්‍රමසිංහ මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (16) සඳහන් කර සිටියාය.
  •   "වෛද්‍ය සැපයුම් අංශයට යම් බෙහෙතක් අවශ්‍ය වූ විට අවශ්‍ය බවට කරන දැනුම් දීම ඖෂධ සංස්ථාවේ සභාපතිවරයාට ලැයිස්තුවක් ලෙස ආවරණ ලිපියක් සමග ලැබෙනවා.
  •   විවෘත ලන්සු කැඳවීමකදී  ඕනෑම අයෙකුට ලන්සු ඉදිරිපත් කළ හැකි අතර  සීමිත ලන්සු කැඳවීමකදී පෙර සැපයුම්කරුවන්ට හා ලියාපදිංචිය ඇති සැපයුම්කරුවන්ට ලංසු ඉදිරිපත් කළ හැකි බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
  •   එහිදී තෝරා ගත් සැපයුම්කරුට ඒ බව දැනුම් දෙන අතර කොන්දේසි සපුරා ගැනීමෙන් අනතුරුව ඇනවුම නිකුත් කරන බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
බාහිර ප්‍රතිකාර සඳහා යන රෝගීන්ගෙන් සියයට පනහක් පමණක් පෞද්ගලික අංශයේ ප්‍රතිකාර ලබාගැනීමට යන බැවින්  එම අංශයේ ඖෂධ  හිඟයක් ඇතිවුවහොත් ඔවුන් ද රාජ්‍ය අංශය වෙත යොමුවී තදබදයක් ඇතිවිය හැකි බැවින් එලෙස මුදල් වෙන් කිරීමට කටයුතු කළ බව ඇය ප්‍රකාශ කළාය.
 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවට අදාළව සාක්ෂි ලබාදෙමින් ඇය මේ බව සඳහන් කළාය.
 
Keheliya Rambukwalla 2
 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කැදවන ලදි.
 
මෙම නඩුවේ පළමු වන විත්තිකරු මීට පෙර අධිකරණයෙන් ලැබුණු අවසරය මත  අද දින මේ වන විට ජාතික මානසික විද්‍යාතනයේ  සායනයකට සහභාගි වන බැවින් ඔහු නොමැතිව නඩුව විභාගය සිදු කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
ඒ සදහා විනිසුරු මඩුල්ලේ අවසරය ලැබුණි.
 
ඒ  අනුව සාක්ෂි විභාගය ආරම්භ වූ අතර  නඩුවේ 130 වැනි සාක්ෂිකරු ලෙස,  අධිකරණයේ පෙනී සිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැඩ බලන තොග පාලන කළමනාකාරිණියක වන නිෂානි මධූෂා ලියනාරච්චි ගෙන් හරස් ප්‍රශ්න ඇසීම 11 වන  විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා විසින් සිදු කළේය. 
 
ප්‍රසමපාදන ක්‍රියාවලිය සිදුකිරීම සඳහා වෛද්‍ය සැපයුම් අංශයෙන්  ලේඛනයක් සමග ආවරණ ලිපියක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත ලැබෙන්නේදැයි නීතිඥවරයා එහිදී ප්‍රශ්න කර සිටියේය.
 
"වෛද්‍ය සැපයුම් අංශයට යම් බෙහෙතක් අවශ්‍ය වූ විට අවශ්‍ය බවට කරන දැනුම් දීම ඖෂධ සංස්ථාවේ සභාපතිවරයාට ලැයිස්තුවක් ලෙස ආවරණ ලිපියක් සමග ලැබෙනවා. වෛද්‍ය සැපයුම් අංශයට අවශ්‍ය කොන්දේසි ඒ සමග තියෙනවා. මෙම ඇනවුම් ලැයිස්තුව සභාපතිවරයා විසින් ප්‍රසම්පාදන අංශය වෙත යොමු කරනවා" යනුවෙන් සාක්ෂිකාරිය එහිදී පිළිතුරු ලබා දුන්නාය. 
 
ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී පුවත්පත් මගින් සහ අන්තර්ජාලයෙන් ලන්සු කැඳ වීමක් සිදු කරන අතර විවෘත සහ සීමිත ලෙස කැඳවීමක්ද සිදුවන බව සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
 
විවෘත ලන්සු කැඳවීමකදී  ඕනෑම අයෙකුට ලන්සු ඉදිරිපත් කළ හැකි අතර  සීමිත ලන්සු කැඳවීමකදී පෙර සැපයුම්කරුවන්ට හා ලියාපදිංචිය ඇති සැපයුම්කරුවන්ට ලංසු ඉදිරිපත් කළ හැකි බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
එහිදී තෝරා ගත් සැපයුම්කරුට ඒ බව දැනුම් දෙන අතර කොන්දේසි සපුරා ගැනීමෙන් අනතුරුව ඇනවුම නිකුත් කරන බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
medicine hospital
එහිදී නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ "තෝරාගන්නා සැපයුම්කරු ලියාපදිංචි නොවන සැපයුම්කරුවෙකු නම් ඔහුට ලියාපදිංචිය මුදා හැරීමේ සහතිකය  (WOR) ගැනීමට සිදුවෙනවාද" යනුවෙනි. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ "නෑ. WOR සහතිකය ඇනවුම් සහතිකය ලබාගැනීමට පෙර ලබාගත යුතුයි" යනුවෙන් සඳහන් කළාය. 
 
එම අවස්ථාවේදී නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රෙගුලාසි අනුව සැපයුම්කරුට WOR  සහතිකයක් ලබා ගැනීම ව්‍යවස්ථාපිත ක්‍රමවේදයක් තියෙනවා එය ලේඛනගතයි නේද?"යනුවෙනි. ඒ පිළිබඳව තමන් නොදන්නා බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කර සිටියාය.
 
"ව්‍යවස්ථාපිත නීතිය අනුව සහතිකය ලබා ගැනීමට පෙර සැපයුම්කරුට ගැනුම් ඇණවුම දිය යුතුයි නේද?. යනුවෙන් නීතිඥවරයා එහිදී ප්‍රශ්නයක් මතු කළේය. 
 
"ඒ ක්‍රමය අපිට පහසුයි. ඒ නිසා පහසු ක්‍රමයට අපි කටයුතු කරනවා" යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
546un5yhth
 
එහිදී නීතිඥවරයා තවදුරටත් සාක්ෂිකාරියගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කරමින් අසා සිටියේ  WOR නිකුත් කිරීම සම්බන්ධ මාර්ගෝපදේශ තිබෙනවා. එය ලබා ගැනීමේදී ගැනුම් ඇනවුම අනිවාර්යයයි. ගැනුම් ඇනවුම පරිගණක ලේඛනයක්. පරිගණක ලේඛනයක් නිවැරදි යැයි විශ්වාස කරනවා නේද" යනුවෙනි.
 
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය එහිදී සඳහන් කළේ ඒ පිළිබඳව  තමන් නොදන්නා බවය. 
 
එවැනි පරිගණක ලේඛනයක් උඩුගත කර කිරීමේදී එම කාර්යය සිදු කරන පුද්ගලයාගේ නම එහි සඳහන් වන බව සඳහන් කළ නීතිඥවරයා "එවැනි උඩුගත කිරීමකදී වරදක් වුණොත් එය නිවැරදි කළ යුතුයි නේද"? යනුවෙන් විමසා සිටියේ ය.
 
එහිදී සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ එවැනි ලේඛනයක් උඩුගත කිරීමට පෙර පරීක්ෂකයෙකු විසින් පරීක්ෂා කර බලන බලන බවය. වාර්ෂිකව සිදු කරන ප්‍රසම්පාදන කරුණු සම්බන්ධයෙන් වන ලේඛන තමන්ට හඳුනා ගැනීමට හැකිවන බවද, එවැනි අවස්ථාවකදී ඖෂධයක් සපයා ගැනීමට අවශ්‍ය වූ විට ඒ සඳහා අදාළ කරගන්නා මූලිකම ලේඛනය ඇනවුම් ලැයිස්තුව බව සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය. 
medicine 20260131
 
එහිදී හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් කාණ්ඩ දෙකක් මිලදී ගැනීමට අදාළව සිදුකරන ලද ගැනුම් ඇනවුමක කොටසක් සාක්ෂිකාරියගේ අවධානයට යොමු කළ අතර එම කොටස සාක්ෂිකාරිය  හඳුනා ගත් සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ ම එහි දිනය 2022යි නමයයි 24 ලෙස සඳහන්ව ඇති බවය. 
 
"එවැනි ගැනුම් ඇනවුමක් තියෙනවා කියන්නේ ඒ වන විටහියුමන්ඉමියුනෝග්ලොබියුලීන්  ඖෂධයේ හිඟතාවයක් හෝ සපයා දීමේ අවශ්‍යතාවයක් සහ සපයාගත යුතුව තිබෙනවා නේද?" නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඊට විරෝධතාවය පළ කරමින්" ප්‍රශ්න තුනකට සාක්ෂිකාරිය එකවර පිළිතුරු දෙන්නේ කෙසේදැ"යි ප්‍රශ්න කර සිටියාය.
 
අනතුරුව එම ප්‍රශ්න තුන වෙන් වෙන්ව ඇසීමට නීතිඥවරයා කටයුතු කළ අතර  සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ ඒ වන විට එම ඖෂධය සපයා ගත යුතුව තිබූ බවය. එහෙත් එම ඖෂධයේ හිඟතාවයක් ඇති බව ඉන් පෙනී නොයන බව සඳහන් කළ සාක්ෂිකාරිය ඖෂධ ඉතිරිව තිබියදීත් ඇනවුම් කරන අවස්ථා ඇති බව ද ඉදිරි කාලයේදී භාවිතා කිරීමේ අරමුණින් එලෙස ඇනවුම් කරන අවස්ථා ඇති බවද සඳහන් කළ සිටියාය. 
hospital farmercy
 
2022 සැප්තැම්බර් මස 26  දිනැති ඇනවුම් ලැයිස්තුව අත්සන් කර ඇත්තේ කවුරුන්ද යන්න තමන්ට හඳුනාගත නොහැකි බව  සඳහන් කළ  සාක්ෂි එම ලේඛනය ඇති නිල මුද්‍රාවේ වෛද්‍ය චන්දන විජේසිංහ  ලෙස සඳහන්ව ඇත ද  එම වෛද්‍යවරයා තමන් නොදන්නා බව ද සාක්ෂිකාරිය සඳහන් කළාය.
"
ඒ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි කපිල වික්‍රමනායක මහතා විදේශගත වී සිටි බව ඔබ දන්නවාද ?" යනුවෙන් නීතිඥවරයා කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දුන් සාක්ෂිකාරිය සඳහන් කළ ඒ පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවය.
 
ඖෂධ සපයා ගැනීම සඳහා ඇනවුම් ක්‍රියාත්මක වන ක්‍රමවේද දෙකක් ඇති බව තමන් නොදන්න හරි නිවැරදිව නොදන්නා බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
ඇතැම් ඖෂධ සපයා ගැනීමට දුෂ්කර වූ විට සමාන්තර ප්‍රසම්පාදන ක්‍රමයක් ක්‍රියාත්මක වන බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
"ප්‍රමාණවත් ලෙස ඖෂධ ලෙස ලැබී තිබියදී තවත් සමාන්තර සැපයුම් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබේද" යන්න සාක්ෂිකාරියගෙන්විමසා සිටි අවස්ථාවේදී ඇය සඳහන් කළේ එය  ඖෂධ සැපයුම් අංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ කටයුත්තක් බවය.
Close-up of accusation and protection sides with juridical documents standing in front of female judge during discussion of case points
 
ඒ සමගම එකොළොස් වන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කරන ලදී. අනතුරුව මෙම නඩුවේ පළමු වන විත්තිකාර සුගත් ජානක ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර.  බානගල මහතා සාක්ෂිකාරියගෙන්  හරස්ප්‍රශ්න ඇසීම සිදු කළේය.
 
"ගැනුම් ඇනවුමක් නිකුත් කරන්නේ සහතිකයක් තිබුණොත් පමණද ?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කර සිටියේය
 
"ටෙන්ඩර් කරුවකුට ඔප්ෂන් තුනක් ලබා ගැනීමේ නීති ක්‍රමවේදයක් තිබෙනවා. උපමාණ අනුව ගිවිසුමක් ඇතිකර ගැනීමෙන්    අනතුරුව  තමයි ගැනුම් ඇණවුම නිකුත් කරන්නේ යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය .
 
ඊට සෞඛ්‍ය සැපයුම් අංශයෙන් අදාළ  ඇනවුම් ලැයිස්තුව ඉදිරිපත් කර  ඊට ප්‍රසම්පාදන කමිටුවේ අවසරය ලැබීමෙන් අනතුරුව  පුවත්පත් හා අන්තර්ජාලය හරහා දැන්වීම් පළ කරමින් ලන්සු කැඳවීමක් සිදුකරන බව සිදුකරන බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
විවෘත ලංසු කැඳවීමකදී ලියාපදිංචි සැපයුම්කරුවන්ට මෙන්ම ලියාපදිංචි නොමැති සැපයුම්කරුවන්ට ද ඊට අදාල ඉල්ලුම්පත් යොමු කළ හැකි බව ඇය සඳහන් කළාය. එමෙන්ම පෙර සැපයුම්කරුවන් සම්බන්ධ ද එම අවස්ථාවේ හිමිවන බව සාක්ෂිකාරිය තවදුර සඳහන් කළාය. අනතුරුව තෝරා ගත් බව සැපයුම්කරුට දන්වන බවද අදාළ කොන්දේසි සපුරා ගැනීමෙන් අනතුරුව ඔවුන් වෙත ඇනවුම නිකුත් කරන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"අදාළ සැපයුම්කරු ලියාපදිංචි නොමැති නම් ඔහුට ලියාපදිංචිය  මුදා හැරීමේ  සහතිකය  ලබාගැනීමට අවශ්‍ය ද?" යනුවෙන් නීතිඥවරයා විසින් ප්‍රශ්නයක් විමසා සිටියේය. එවිට සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ  එසේ කිරීම අවශ්‍ය වන අතර  සාම්පල ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බවය. එලෙස ටෙන්ඩර් කැඳවූ අවස්ථාවකදීය දේශීය සැපයුම්කරුවන් තිදෙනෙකු ඉදිරිපත් වූ අතර ඔවුන් අතරින් එක් අයෙකු පමණක් සාම්පල ඉදිරිපත් කර ඇති බව ඇය ලේඛන පරිහරණය කරමින් සඳහන් කළාය.  අදාළ සාම්පල ය තාක්ෂණික කැදවීම් කමිටුව මගින් අනුමත කළහොත් එම ටෙන්ඩර් ලබාදීමට කටයුතු කර වෛද්‍ය අංශය වෛද්‍ය සැපයුම් අංශයෙන් භාණ්ඩ ලැබීම් නිවේදනය ලැබුණු පසු ඊට අදාළ ලදුපත්  ලබා ගෙන  ඊට අදාළ ගෙවීම් කටයුතු යි කිරීම සඳහා බැංකු අංශයට යොමු කරන බවද ඇය සඳහන් කළාය.
court shadow
 
අදාල ඖෂධය වෛද්‍ය සැපයුම් අංශයට ලැබීමෙන් පසුව බෙදා හැරීම සිදු කරනවා නේද? එහිදී නිෂ්පාදනය හෝ බෙදා හැරීම සම්බන්ධ ගැටලුවක් ඇතිවෙලා නම් කරන්නේ මොකක්ද? " යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ සිටියේය. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ අදාල ඖෂධ ලබාගන්නා රෝහල් මගින් වෛද්‍ය සැපයුම්අංශයට ඒ පිළිබඳව දැනුම් දීමක් සිදුකරන බවය. අදාළ ඖෂධය හේතුවෙන් සංකූලතා ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් තාක්ෂණික අංශයට දැනුම් දීමක් කළ  යුතු බව සාක්ෂිකාරිය වැඩි දුරටත් සඳහන් කළාය.
 
2022  -2023 වසර වලදී තමන් ඖෂධ ආනයනය සම්බන්ධ ප්‍රසම්පාදන අංශයේ    සේවය කළ අතර එම කාලයේ එම කාලයේ මූල්‍ය දුෂ්කරතා පැවතීම හේතුවෙන් සැපයුම්කරුවන් නොපැමිණීම ඇතුළු ගැටලු තමන්ට තිබූ බව ඇය සඳහන් කළාය. 
 
"මුදල් ගැනීමකින් තොරව අයිසොලේස් බයෝටෙක් පාමා ආයතනය ඖෂධ සැපයීමක් සිදු කළ ඔබ දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරියකින් විමසා සිටි අතර තමන් ඒ පිළිබඳව නොදන්නා බව ඇය සඳහන් කළාය 
"
අයිසොලේස් බයෝ ටෙක් පාමා ආයතනය  ප්‍රදානයක් සිදුකළ බව ඔබ  දන්නවාද ?"යනුවෙන්  නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේ තමන් ඒ පිළිබඳව නොදන්නා බව සාක්ෂිකාරිය  සඳහන් කළාය.
 
එම හරස් ප්‍රශ්නය විමසීම සිදු කිරීමෙන් අනතුරුව දොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතු කෝරළ මහතා සාක්ෂිකාරියට හරස් ප්‍රශ්නයක් යොමු කරමින් ඇයගේ විද්‍යුත් ලිපිනය පිළිබඳව විමසා සිටියේය. 
තමන් ඉදිරියේ ඇති ලේඛනයකට අවධානය යොමු කරමින් සාක්ෂිකාරිය එහි ඇති විද්‍යුත් ලිපිනය තමන්ගේ බවට හඳුනා ගත් අතර එම විද්‍යුත් ලිපිනය ඔස්සේ ප්‍රසම්පාදන කටයුතුවලට අදාල කීපයක් සිදුකර ඇති බව සඳහන් කළාය.
email
 
එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය සාක්ෂිකාරිය ගෙන් නැවත ප්‍රශ්න විමසීම සිදු  කළාය.
 
තමන් ප්‍රසම්පාදන අංශයේ සේවය කළද" V" අකුරෙන් සඳහන් කේතයක් තුළත් ප්‍රසම්පාදනයක්   සම්බන්ධයෙන් තමන් කටයුතු නොකළ බව ඇය  එහිදී නැවත ප්‍රශ්න කිරීම් හමුවේ සිටියාය. ඊට අදාළ ලේඛන ද තමන් පරිහරණය කර නොමැති බව සාක්ෂිකාරිය තවදුරටත් සඳහන් කළාය.
 
ඇනුවුම් ලයිස්තුව නොමැතිව සම්පාදන කටයුතු කරගෙන යාම කළ නොහැකි බවද, එම ලැයිස්තුව ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මුල් ම ලේඛනය බවද සඳහන් කළ සාක්ෂිකාරිය  ඇනවුම් ලැයිස්තුව ලබාදීමෙන් අනතුරුව ඊට අදාළ ඖෂධ සැපයීම  සිදුකර සැපයුම්කරුට ඊට අදාළ මුදල් ලබාදීම ලබාදීම  තෙක් වන කටයුතු ප්‍රසම්පාදන ආයතනය සම්පාදන අංශය මගින් සිදුකරන බව නැවත ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් සාක්ෂි කාරිය කියා සිටියාය.
 
මිලියන 200ට වඩා වැඩි ම වන පරිදි තමන්ට ලැබෙන ඇනවුම් සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශයට යොමු කරන අතර ඊට අදාළ ප්‍රසම්පාදනය කටයුතු සිදුකිරීමෙන් අනතුරුව තෝරාගත් සැපයුම්කරු කවුරුන්ද යන්න පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රාජ්‍ය ඖෂධ සංස්ථාව වෙත දැනුම් දෙන බව  ඇය තවදුරටත් සඳහන් කළාය. 
නැවත ප්‍රශ්න සිදුකිරීමෙන් අනතුරුව එම සාක්ෂිකාරියගේ සාක්ෂි විමසීම අවසන් කරන ලද අතර මෙම නඩුවේ 203 වැනි  සාක්ෂිකාරිය වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  ශිරානි චම්පිකා වික්‍රමසිංහ  මහත්මිය සාක්ෂි ලබාදුන්නාය. 
 
1989 වසරේ වෛද්‍ය සේවයට එක් වූ තමන් 2002 වසරේ වෛද්‍ය පරිපාලනයට වෛද්‍ය පරිපාලන සේවයට එක් වීමෙන් අනතුරුව  2001 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග  අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වූ අතර  රාජ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයීම හා ලියාපදිංචිය සම්බන්ධයෙන් අතිරේක ලේකම්වරියක ලෙස කටයුතු කළ බවද ඇය සඳහන් කළාය.
 
india medicine
 
ඒ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ ආර්.එම් එස් කේ. රත්නායක විසින් එම පත් වීම් ලිපියට අත්සන් තබා තිබූ බව සඳහන් කළ සාක්ෂිකාරිය ඔහු මෙම අධිකරණය හමුවේ විත්තිකරුවන් අතර සිටින බවට හඳුනා ගත්තාය. ඉන්දියානු ණය ආධාර සම්බන්ධීකරණ කමිටුවේ ග තමන් සේවය කළ අතර න් එය ක්‍රියාත්මක විය යුතු මාර්ගෝපදේශ යේ තිබූ බවද ඇය සටහන් කළාය. එම කමිටුව විසින් අනුකමිටු තුනක් පත්කළ බවද සාක්ෂි කාරිය සදහන් කළාය. අදාල අනුකමිටුව සතියකට වරක් රැස්වූ අතර අවශ්‍යතාවය අනුව දෙවරක් රැස්වූ අවස්ථාද ඇති බව ඇය තවදුරටත් සඳහන් කළාය. 
 
ඉන්දියානු ණයයෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් වෙන් කර තිබූ අතර  අනුකමිටු දෙවෙනි රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව ඇය සඳහන් කළාය.
"ඒ අනුව SPC,SPMC යන ආයතන වලට එහිදී ප්‍රමුඛතාවය දිය යුතු බවට තීරණය කළා . ආර්ථික අතින් දුර්වල අය ගොඩක් රජයේ ශ වෙතින් තමයි  ප්‍රතිකාර ලබාගන්නේ. 
 
එහිදී ඖෂධ හිඟයක් නොතිබිය යුතුයි ඒ නිසා එම ආයතන වලට වැඩි මුදලක් වෙන් කිරීමට තීරණය කළා" යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය. 
"බාහිර රෝගීන් සියයට පනහක් පමණ පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ගන්නවා. ඔවුන්ටත් ඖෂධ ලබාදීම වැදගත්. ඒ නිසා පෞද්ගලික අංශයේ හිඟතාවක් ආවොත් එම අංශයට ප්‍රතිකාර ලබා ගැනීමට යන අය රාජ්‍ය අංශය වෙත යොමු වී තදබදයක් ඇතිවීමේ හැකියාව තිබුණා. ඒ නිසා පෞද්ගලික අංශයටත් ප්‍රමුඛතාවය දීමට කටයුතු කළා. අවශ්‍ය බෙහෙත් ලිස්ට් කර ලබාදෙන ලෙස වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දුන්නා" යැයි මූලික සාක්ෂි ලබාදෙමින් සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"හදිසි ටෙන්ඩර් සඳහා සාකච්ඡා තිබුණාද? යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය එහිදී ප්‍රශ්නයක් යොමු කළාය. 
 
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ " SPC ආයතනය විසින් ටෙන්ඩර් කැඳවා තිබුණා වෛද්‍ය සැප අංශයේ ප්‍රමුඛතා ලේඛනයකට යටත්ව හදිසි මිලදී ගැනීමට සිදුකිරීම සඳහා ඩොලර් මිලියන හතළිස් තුනයි දශම පහක මුදලක් ලබාදීමට සූදානම්ව තිබුණා. රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශයටත් මුදල් ලබාදීමට තීරණය කර තිබුණා. ඉන්දියාවෙන් ඖෂධ මිලදී ගැනීමේදී සම්බන්ධයෙන් වන ලදුපත් ඉදිරිපත් කරන ලෙස අප අදාළ සමාගම්වලට දැනුම් දුන්නා" යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 200ක මුදල  කවර අංශවල ට යොමු කරන්නේද යන්න පිළිබඳව දෙවැනි සාකච්ඡාවේදී අවධානයට ලක් කළ බව අදාළ ලේඛන  පරිහරණය කරමින්සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
20170401 112441
 
අදාළ සාකච්ඡාවේදී spc ආයතනයෙන් සහ spmc ආයතනය  ලදු පත් දොළහක් සහ පනස් හතරක් වශයෙන් ඉදිරිපත් කළ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. එම ලදු පත් ඇතුළත් ගොනු වෙන වෙනම සකස් කර  ප්‍රධාන කමිටුව වෙත යොමු කළ ද ඔවුන් ඒ බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අදාළ ගොනු තමන් සන්තතකයේ තබා ගැනීමට සිදු වූ බව සාක්ෂිකාරිය තවදුරටත් කියා සිටියාය.
 
රාජ්‍ය අංශය ටෙන්ඩර් පත් කැඳවා කරන ඖෂධ මිලදී ගැනීම සඳහා විශාල කාලයක් ගත වූ අතර ඊට සාපේක්ෂව  සාපේක්ෂව පෞද්ගලික අංශයට අඩු කාලයක් ගත වූ බවද සඳහන් කළ සාක්ෂිකාරිය ඒ හේතුව මත ඇති වී හැකි තදබදය සහ ඖෂධ හිඟතාවය මගහරවා ගැනීම සඳහා පෞද්ගලික අංශය වෙත ලබාදීමට වැඩි මුදලක් ලබාදීමට පසුව සිදු වූ බවද සඳහන් කළාය. ඒ සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාවට වෙන්කර තිබූ මුදලින් රුපියල් මිලියන දහයක් ලබා ගැනීමට සිදුවූ බවද ඇය සඳහන් කළාය. 
 
රාජ්‍ය අංශයේ වන විට විශාල ගෝස් හිඟයක් ඇති බව වෛද්‍ය සැපයුම් අංශයෙන් දැනුම් දුන් අතර  එය සැපයීම සඳහා නූල්  දේශීය නිෂ්පාදකයන්ට  ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ අතර ඒ සඳහා රුපියල් මිලියන එකක මුදලක් එස්.ටී.සී ආයතනය වෙත ලබාදුන් බවද සාක්ෂිකාරිය සඳහන් කළ සිටියාය. ඒ සඳහා වන අනුමැතිය රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන් සහ ප්‍රධාන කමිටුවෙන්ද ලබාගත් බව සාක්ෂිකරිය වැඩිදුරටත් සඳහන් කළාය.
 
වැඩිදුර සාක්ෂි විභාගය  අද (17) සිදු කිරිමට  නියම කෙරිණ
 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අධිචෝදනා ගොනු කෙරුණි.
 
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13 ක් එල්ල කර තිබේ.
 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරුන් ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 
 Nelka Madagedara
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...