BREAKING
Top Ad
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

රිටොප්සිමැබ් ඖෂධයේ ලේඛන පැමිණිල්ල පෙන්වූයේ නෑ - ඖෂධ නඩුවේ සාක්ෂිකරුවකු කියයි

T

The Leader

June 19, 2026 • 3:31 AM

රිටොප්සිමැබ් ඖෂධයේ ලේඛන පැමිණිල්ල පෙන්වූයේ නෑ - ඖෂධ නඩුවේ සාක්ෂිකරුවකු කියයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රිටොප්සිමැබ් ඖෂධයට අදාළ ලේඛන පැමිණිල්ල විසින් මූලික ප්‍රශ්න විමසූ අවස්ථාවේදී තමන්ට පෙන්වූයේ නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලන නිලධාරී ධනේෂ් නන්දන බණ්ඩාර මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී ප්‍රකාශ කළේය.
  • යන්න පිළිබඳව නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී ඔහු මෙම ප්‍රකාශය සිදු කළේය.
  •   "මෙම ලේඛනවලට අමතරව වාචික උපදෙස් ලබා දුන් ප්‍රකාශ කළාද ?" යනුවෙන් නීතිඥවරයා නැවත සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු "නෑ ස්වාමීනී ,  වාචික උපදෙස් මේ ලිපිය සම්බන්ධයෙන් ලබා දුන්නා.
  •   "මා යෝජනා කරනවා 7වන විත්තිකරු තුන්වන විත්තිකාරිය ට වාචික උපදෙස් ලබාදී නැති බව" යනුවෙන් නීතිඥවරයා කියා සිටි අතර සාක්ෂිකරු " වාචික උපදෙස් ලබා දෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය ට අදාළ නඩුවේ 177 වන සාක්ෂිකරු ලෙස හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සිටියදී මෙම නඩුවට පාදක වූ හියුමන් ඉමියුනෝග්ලොබියුලීම් ඖෂධය සහ රිටොප්සිමැබ් ඖෂධය සම්බන්ධයෙන් ලේඛන ඉදිරිපත් කළාද? යන්න පිළිබඳව නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී ඔහු මෙම ප්‍රකාශය සිදු කළේය.

 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.
 
එහිදී මෙම නඩුවේ තුන්වෙන විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා සාක්ෂිකරුගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
 
මෙම නඩුවට අදාළව පැ. 305, 306 සහ 307 ලෙස  ලකුණු කර ඇති ලේඛන සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කළ නීතිඥවරයා "මූලික සාක්ෂි විභාගයේදී ඔබ ප්‍රකාශ කර සිටියා මෙම ලේඛනවල ඇති උපදෙස් වලට අමතරව 7වන විත්තිකරු විසින් තමන්ට සහ සහකාර අධ්‍යක්ෂකවරියට වාචිකව උපදෙස් ලබා දුන් බව?" යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ වාචික උපදෙස් ලබාදුන් අවස්ථා ඇති බවය.
 
"මෙම ලේඛනවලට අමතරව වාචික උපදෙස් ලබා දුන් ප්‍රකාශ කළාද ?" යනුවෙන් නීතිඥවරයා නැවත සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු "නෑ ස්වාමීනී ,  වාචික උපදෙස් මේ ලිපිය සම්බන්ධයෙන් ලබා දුන්නා. ඒ ප්‍රකාරව කටයුතු කළා." යනුවෙන් කියා සිටියේය.
 
"මා යෝජනා කරනවා 7වන විත්තිකරු තුන්වන විත්තිකාරිය ට වාචික උපදෙස් ලබාදී නැති බව" යනුවෙන් නීතිඥවරයා කියා සිටි අතර සාක්ෂිකරු " වාචික උපදෙස් ලබා දෙනවා. ඒ අනුව මේ ලිඛිත උපදෙස් ලබාගත් බව තමයි මා කිව්වේ "යනුවෙන්  ප්‍රකාශ කළේය.
 
"ඔබ ven classification අනුව ඖෂධ ලයිස්තුව හදලා තියෙනවාද ?" ප්‍රශ්නය නීතිඥවරයා යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු" වට්ටෝරු සමාලෝචන කමිටුවලදී එම ඖෂධ වර්ගීකරණය කියලා තිබුණා" යනුවෙන් සඳහන් කළේය .
 
"ඖෂධ කීයක් එලෙස වර්ගීකරණය කර තිබුණාද?" යන්න නීතිඥවරයා සාක්ෂිකරු ගෙන් විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ ජීවිතාරක්ෂක ඖෂධ 14, අත්‍යවශ්‍ය ඖෂධ 875ක් සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ 461 ක් ලෙස අවස්ථාවේදී තිබූ බවය. 
 
"එම ඖෂධ සංඛ්‍යාවේ එකතුව කීයද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර  ආසන්න වශයෙන් 1350 ,ක් බව සාක්ෂිකරු එහිදී කියා සිටියේය.
 
"ඔබ 2023 අප්‍රේල් මස වන විට අසේල ගුණවර්ධන මහතාව දන්නවද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි  ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ "ඔහු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස කටයුතු කරන බව"ය.  
"ඔහු මෙම ven classification  ඖෂධ වෙනුවට ප්‍රමුඛතා ලැයිස්තුවක් චක්‍රලේඛයක් මගින් හඳුන්වා දුන්නාද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අතර සාක්ෂිකරු එවැනි චක්‍රලේඛයක් නිකුත් කළ බව සඳහන් කළේය .
 
ven classification වල තිබූ ඖෂධ 1350 වෙනුවට විද්වත් කමිටුවේ නිර්දේශය මත ඖෂධ 850ක ලැයිස්තුවක් එම චක්‍රලේඛය මගින් හඳුන්වා දුන් බව ඔහු සඳහන් කළේය. අදාළ චක්‍රලේඛය තමන්ට හඳුනාගත හැකි බව ප්‍රකාශ කළ සාක්ෂිකරු, නීතිඥවරයා පෙන්වා සිටි ලේඛනය එම චක්‍රලේඛය ලෙස හඳුනාගත්තේය. 
 
එම ලේඛනය තමන් විසින් පරිශීලනය කර ඇති බවත් එහි දිනය 2023.04.04 ක් ලෙස සඳහන් වන බවත් ප්‍රකාශ කළ සාක්ෂිකරු ඖෂධ 850ක ප්‍රමුඛතා ලැයිස්තුවක් මෙමගින් හඳුන්වා දී ඇති බව කියා සිටියේය.
 
"සෞඛ්‍ය අංශයේ සියලුම දෙනාට එම චක්‍රලේඛයට අනුගත වෙයි ද වන ලෙස කියලා තියෙනවද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අතර සාක්ෂිකරු කියා සිටියේ එවැනි සටහනක් ඇති බවය. "එහි 349වන අයිතමය ලෙස හියුමන් ඉමියුනෝග්ලොබියුලීම් ඖෂධය සඳහන් වන අතර අයිතම අංක 57 යටතේ රිටොප්සිමැබ් ඖෂධය සඳහන් කර ඇති බව"ද හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේය. 
 
නීතිඥවරයා : ven classification එකේ තිබුණු ඖෂධ 850 තෙක් අඩු කිරීමට හේතුව කුමක් කියලද චක්‍රලේඛයේ තියෙන්නේ?
 
සාක්ෂිකරු : ස්වාමීනී, ඒ වන විට රටේ පැවති crisis එකේදී health budget එක පාලනය කරන්න වඩාත්ම අවශ්‍ය ඖෂධ පමණක් රෝගීන්ට භාවිතා කිරීමට කියලා තමයි තියෙන්නේ
 
නීතිඥවරයා: ven ඖෂධ වෙනුවට මෙම ලැයිස්තුව ආදේශ කිරීමක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් කළාද?
 
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි, ඔහු උපදේශයක් ලබා දුන්නා. 
 
 
එම අවස්ථාවේදී ලේඛන කිහිපයක් සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ නීතිඥවරයා 2023.05.26 වන දිනය වන විට වෛද්‍ය සැපයුම් ඒකකයේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීම් ඖෂධය කොපමණ තොගයක් පවතින බව සඳහන් වන්නේ දැයි ඔහුගෙන් විමසා සිටියේය. 
 
සටහන අනුව ඒකක 870 ක් පවතින අතර මාසික අගය 7500 ක් වන බව සඳහන් කළ  සාක්ෂිකරු දිනකට අවශ්‍ය ඒකක ප්‍රමාණය 250ක් පමණ වන බව නීතිඥවරයා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය. 
 
"එම දිනය වන විට වෛද්‍ය සැපයුම් ඒකකයේ පැවති තොගය තවත්  දින කීයකට  අදාළව තිබෙනවාද ?"යනුවෙන් නීතිඥවරයා  ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ දින තුනකට ආසන්නව පවතින බවය. 
 
 තොග තත්ත්වයන් පිළිබඳව මෙම සටහන් සකස් කිරීමේදී pronto පද්ධතිය හරහා දත්ත ලබා ගැනීම සිදුකරන බව කී සාක්ෂිකරු නීතිඥවරයා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේ  ඖෂධයේ sr අංකය අනුව විමසීමක් කරන අතර ඒ වන විට ආයතනවල ඒකක 12840 ක් තිබූ බව සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
 
"දිවයින පුරා ආයතන කීයක් තියෙනවාද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ රෝහල් සහ ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථාන ඇතුළුව දෙදහකට ආසන්න ප්‍රමාණයක් ඇති බවය.
 
නීතිඥවරයා: සියලුම තොග ගත්විට මාස දෙකකට පමණ ප්‍රමාණවත් ප්‍රමාණයක්ද පවතින්නේ?
 
සාක්ෂිකරු :ආසන්න වශයෙන් 1.71 ක් පුළුවන් ස්වාමීනී 
 
නීතිඥවරයා: මෙම ඖෂධයේ annual forecast 90,000 කියල තියෙනවා?
 
සාක්ෂිකරු: වර්ෂයකට අවශ්‍ය පුරෝකථනය කළ සංඛ්‍යාව තමයි 90,000. 
 
නීතිඥවරයා : 00008 දරන ඇනවුමේ ඒකක 75000ක් ලෙස දක්වා තිබෙනවා නේද 
 
සාක්ෂිකරු: ඔව්, එලෙස දක්වලා තියෙනවා ස්වාමීනී.
 
නීතිඥවරයා : එහි delivery schedule එක මුල් අවස්ථාවේදී කොහොමද තිබුණේ?
 
 සාක්ෂිකරු: එය ලේඛන බලලා තමයි කියන්න පුළුවන් 
 
නීතිඥවරයා: ඔබ මූලික සාක්ෂියේදී කියලා තියෙනවා delivery schedule එක 2023 ජනවාරි මස 40000ක් සහ ජූලි මාසයේ 35000ක් ලෙස සඳහන් කර ඇති බව?
 
සාක්ෂිකරු: එහෙම සාක්ෂියක් දෙන්න ඇති ස්වාමීනි 
 
නීතිඥවරයා: මෙහි පළමු තොගය ජනවාරි පලවෙනි දාට හතළිස් දාහක් ලෙසත් දෙවැනි තොගය ජූලි මස දෙවැනි දිනට 35000ක් ලෙසත් ලැබීමට තමයි ඇනවුම අනුව ප්ලෑන් කරලා තියෙන්නේ.?
 
සාක්ෂිකරු: වෙන්න ඇති ස්වාමීනි, මෙහි දිනයක් සඳහන් වෙන්නේ නෑ. මාසය පමණයි සඳහන් වෙන්නේ 
 
නීතිඥවරයා: ඔබේ අවධානය 2023 දිනට යොමු කරන්න එහි තියෙනවා දිනය ජනවාරි එක 40,000ක් ලැබිය යුතු බවට 
 
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි, එලෙස සඳහන් වෙලා තියෙනවා 
 
නීතිඥවරයා: මා යෝජනා කරනවා ජනවාරි 11 වැනිදා වන විටත් මෙම order list එකේ තිබුණු ඖෂධ ලැබී නැති බවට.
 
සාක්ෂිකරු: ලේඛනයක් තිබුණොත් තහවුරු කරගන්න පුළුවන් ස්වාමීනී 
 
අනතුරුව සාක්ෂිකරුගේ අවධානය 2 v 36  නමැති ලේඛනයට යොමු කළ නීතිඥවරයා" එහි සඳහන් ඇනවුම් ලැයිස්තුවේ 00102 දරණ ඇනවුම් ලැයිස්තුවේ දිනය ලෙස 2022/11/12 සඳහන් වන බව පෙන්වා දුන් අතර 2024 /10/ 13 දිනවන විටත් එම ඇනවුම ලැබී තිබෙනවාද?" යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අතර සාක්ෂිකරු කියා සිටියේ එහි "order not received "යනුවෙන් සඳහන් කර ඇති බවය.
 
වෛද්‍ය සැපයුම් ඒකකයට ලැබෙන භාණ්ඩ භාර ගැනීමේදී ක්‍රම දෙකක් යටතේ එය සිදුවන බව පෙන්වා දුන් නීතිඥවරයා "අයිතම සම්බන්ධයෙන් ගැටලුවක් තිබේ නම් සහකාර අධ්‍යක්ෂකවරයා හරහා අධ්‍යක්ෂක ට යොමු කරන අතර  තාක්ෂණික ගැටලුවක් නොමැති නම් භාර ගැනීම සිදුකරනවා නේද ?" යනුවෙන්  ප්‍රශ්න කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එම ප්‍රශ්නයට විරෝධය පළ කළාය. "තාක්ෂණික ගැටලුවක්" යන වචනය භාවිතා කළ නොහැකි බවට ඇය පෙන්වා දුන්නාය.  
එහිදී නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ "යම් ගැටලුවක් තිබෙනවා නම් උපදෙස් ලබා ගැනීම සඳහා ඉහළ නිලධාරීන්ට යොමු කරනවා නේද?" යනුවෙනි. 
 
"මෙම ලේඛනය අනුව තොග පාලක නිලධාරීවරයා සටහනක් තබා තිබෙනවා නේද?" යනුවෙන් සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කර නීතිඥවරයා" එහි සඳහන් කර ඇත්තේ කුමක්දැයි "විමසීමක් කළේය. 
 
"ඕඩර් එකක් ලැබිලා තියෙනවා delivery date එක expire වෙලා. ඒ භාණ්ඩ තොගය බාර ගැනීම සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද?" යන්න පිළිබඳව උපදෙස් ලබාදෙන ලෙස තමයි උපදෙස් ඉල්ලා තියෙන්නේ යැයි සාක්ෂිකරු කියා සිටියේය. 
 
"එලෙස conscitement එකක් ප්‍රමාද වීම වෛද්‍ය සැපයුම් ඒකකයේ සාමාන්‍ය දෙයක්ද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "delivery lap එකක් වුණාම උපදෙස් ගන්න ඕන. ඉන්පසුව තමයි තොග ලබා ගැනීම සිදුකරන්නේ" යනුවෙනි 
 
එම අවස්ථාවේදී නීතිඥවරයා "සාක්ෂිකරු ,මම අහන්නේ ප්‍රමාද වී ලැබෙන අවස්ථා වෛද්‍ය සැපයුම් ඒකකයේ තිබෙනවාද ?" යනුවෙන් විමසීමක් කළේය. එවැනි ප්‍රමාද වීම් ඇති බව සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
 
 "එවැනි  අවස්ථාවලදී penalty එකක් අය කරගෙන භාණ්ඩ  බාර ගැනීමේ හැකියාව තිබෙනවාද?" යන්න පිළිබඳව නීතිඥවරයා විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලබා ගැනීමක් එවැනි අවස්ථාවලදී සිදු කෙරෙන බව"ය . පැනල්ටි එකක් මත අදාළ භාණ්ඩ භාර ගැනීම ඉහළ නිලධාරීන් විසින් තීරණය කරනු ලබන බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය. 
 
"ගැනුම් ඇනවුමේ දොළොස් වැනි අංකය අනුව penaltyයකට යටත්ව භාණ්ඩ බාරගත හැකි බවට සඳහන් කර තිබෙනවා නේද?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකරුගෙන් එහිදී විමසීමක් කළේය .
 
එවැනි සඳහනක් ඇති බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
"ඖෂධයේ  අවශ්‍යතාවය අනුව පැනල්ටි එකකට යටත්ව ඖෂධය ලබාගන්න පුළුවන්." සාක්ෂිකරු කියා සිටියේය .
 
එම penalty එක ගණනය කරනු ලබන්නේ වෛද්‍ය සැපයුම් අංශය සහ ගිණුම් අංශයේ මැදිහත්වීමෙන් බව ප්‍රකාශ කළ සාක්ෂිකරු ඒ සම්බන්ධයෙන් අවසාන තහවුරුවක් ගිණුම් අංශයෙන් සිදු කරන්නේ ද යන්න පිළිබඳව තමන්ට අවබෝධයක් නොමැති බව කියා සිටියේය.
 
00019 ලෙස ඇති ඇනවුම 2021/08/15 ,2021/11/15, 2022/02/38, 2022/05/31 යන දිනයන් වල ඒකක 28125 බැගින් ලබාදීමට නියමිතව තිබූ බව නීතිඥවරයා සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු එවැනි දැනුම් දීමක් රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන් කරලා ඇති ඒක එහේ එම ලේඛන බලලා තමයි තහවුරු කරන්න පුළුවන්" යනුවෙන් කියා සිටියේය. 
 
"මෙම ඖෂධය 2021/07/08 දිනට කොපමණ ප්‍රමාණයක්ද ලැබිලා තියෙන්නෙ?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර එදින ඒකක 6 ක් ලැබී ඇති බවද ඊට පසු දිනයක 1241ක් ලැබුණු බවද එම ලේඛනයෙහි සඳහන් වන බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
මේ අවස්ථාවක නියමිත ප්‍රමාණයම නැති වුණත් කොටස් වශයෙන් බාර ගැනීමක් සිදුකරනවාද යනුවෙන් සාක්ෂිකරුවන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ කොටසක් භාර ගැනීමක් සිදුකරන බවය.
 
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා :
delivery schedule එකට නැතුව මොන වගේ වෙලාවකද භාණ්ඩ භාර ගන්නේ?
 
සාක්ෂිකර: ස්වාමීනි spc එක හරහා කරන සක්‍රීය ඇනවුමක් තියෙන ඕනම වෙලාවක ඖෂධ භාර ගන්නවා 
 
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: ඕනම අවස්ථාවක භරගන්නවාද?
 
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී භාර ගැනීම සිදුකරනවා.
 
සභාපති විනිසුරුවරයා : 2v38 ලේඛනය බලලා කියන්න 
 
සාක්ෂිකරු: ස්වාමීනි, මෙය s p c එකේ එම ක්‍රියාවලියට අයිතම ලැබිය යුතු ඇනවුමක් 2023.01.23 ලෙස දිනයක් ලබා දීලා තියෙනවා. ඒම අයිතමය එදිනට ලබාදිය යුතු බව ප්‍රමාද වුණොත් අයිතමයට අයිතමය අවශ්‍ය නම් තැනට එකකට යටත්ව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ සාමාන්‍ය ඇනවුමක් නෙමෙයි
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා
human ඖෂධයේ මානසික අවශ්‍යතාවය හත්දාස් පන්සීයක් දිනකට 250ක් අවශ්‍යයි. මේ ලේඛනය අනුව අයිතම හයක් බාරගෙන තියෙනවා. 
 
සාක්ෂිකරු: ස්වාමීනි ඊට පසුව 2021/07/0.8 දින 28120ක් ඒ ලැබී තිබෙනවා. 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: අයිතම හයක් බාර ගැනීම ගැනීමක් ගැන මෙහි සඳහන් වෙනවා. 
 
සාක්ෂිකරු: අවස්ථානුකූලව ලැබෙන අයිතම බාර ගැනීම සිදුකරනවා ස්වාමීනි 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා : මෙම ඖෂධයේ දිනක අවශ්‍යතාවය 250ක් එසේ තිබියදී හයක් ලබාදීම සහ හයක් භාර ගැනීම සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දෙයක්ද?
 
සාක්ෂිකරු: පුළුවන් ස්වාමීනී
 
නීතිඥවරයා මෙම සටහන අනුව ජාතික තොගය 12840 ලෙස සඳහන් වෙනවා නේද මහත්මයා?
 
නීතිඥවරයා: ස්වාමීනි ජාතික තොගය ලෙස සඳහන් වෙනවා.
 
අනතුරුව නීතිඥවරයා" පැ. 103 ලෙස නම්කර ඇති ලේඛනයේ 2840 ක් ලෙස ඒකක ගණන සඳහන් වන එම ඖෂධය සම්බන්ධයෙන් පැ. 294 ලේඛනයේ ඒකක 12868ක් ලෙස එම දිනයටම අදාළව සඳහන් වන්නේ කෙසේ දැ?"යි සාක්‍ෂිකරුගෙන් විමසීමක් කළේය. 
 
"ස්වාමීනි තොග පාලන නිලධාරියා පරිගණක දත්ත බලන වේලාව සහ ලේඛනය සැකසීමට දත්ත ගන්න වේලාව අනුව එහි පවතින දත්ත වෙනස් වෙන්න පුළුවන්. එකම දිනයේ transaction ගොඩක් වෙනවා. ඒ නිසා එකම දිනය දත්ත වෙනස් වෙන්න පුළුවන්."
 
 
msd තොගය අවසන් වූ විට ආයතනවල තිබෙන තොගයක් හුවමාරු කර ගැනීමේ අවස්ථාව ආයතනයන්ට ලබා දී ඇති අතර එය එම ආයතන ප්‍රධානීන් විසින් ඒ අනුව කටයුතු කිරීමට බැඳී සිටින බවද සඳහන් කළ සාක්ෂිකරු එම හුවමාරු කිරීම් සුළු ප්‍රමාණයෙන් වන බැවින් එය GRN නොවන බවත් එම ආයතන වලින් දත්ත ඇතුළත් කළහොත් මිස pronto පද්ධතියට ඇතුළත් නොවන බවත් සඳහන් කළේය. 
 
" pronto පද්ධතිය තුළ පවතින තොග ප්‍රමාණය ට වැඩි ප්‍රමාණයක් දිනයක තිබෙන්න පුළුවන් ද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ" ස්වාමීනි GRN කළ විට තමයි දත්ත පද්ධතියට එම තොගය ඇතුළත් වන්නේ. ප්‍රාදේශීය මිලදී ගැනීම් කරන්නේ ආයතන වලින්. 
 
"පැ. 39 ලේඛනයේ ඇති II සටහන අනුව එම සටහන 3 වැනි චූදිත විසින් තැබූවක් බවට ඔබ හඳුනා ගත්තා නේද"යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අතර තමන් එය හඳුනා ගත් බව සාක්ෂිකරු කියා සිටියේය.
 
නීතිඥවරයා:  Priority item කියලා තියෙනවා. එය සඳහන් කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා නිකුත් කළ චක්‍ර ලේඛනය අනුවද?
 
සාක්ෂිකරු:  ඔව් ස්වාමීනි, චක්‍රලේඛය අනුව Priority item කියලා තිබුණා. ඒ අනුව තමයි ඒ සටහන කියලා තියෙන්නේ 
 
නීතිඥවරයා: එහි තියෙනවා recommended to accept the order with penalty පැනල්ටි කියලා.
 
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි 
 
නීතිඥවරයා: තුන්වෙනි චූදිතට penalty එකකට යටත්ව භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව තියෙනවද?
 
සාක්ෂිකරු: ඒක තීරණය කරන්නේ අධ්‍යක්ෂවරයා 
 
නීතිඥවරයා: දඩයක් අය කර ගත හැකි බව පර්චස් ඕඩර් එකේ තියෙනවා නේද?
 
සාක්ෂිකරු: ඔව්, එය purchase order එකේ දොළොස් වැනි අයිතමයේ තියෙනවා.
 
නීතිඥවරයා: ඒ අනුව තුන්වෙනි චූදිත විසින් අදාළ භාණ්ඩ තොගය penalty එකකට යටත්ව ලබා ගත හැකි බවට නිර්දේශ කර තිබෙනවා නේද?
 
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි එහෙම සඳහනක් තියෙනවා  
 
නීතිඥවරයා: පසුව එය අධ්‍යක්ෂකවරයාට යොමු කරලා තියෙනවා නේද?
 
සාක්ෂිකරු: ඔව්, එය අධ්‍යක්ෂවරයාට යොමුකර තියෙනවා 
 
නීතිඥවරයා: අධ්‍යක්ෂක අනුමැතිය දීලා තියෙනවා 
 
නීතිඥවරයා: Approved කියලා ලියලා තියෙනවා 
 
නීතිඥවරයා: මූලික ප්‍රශ්න වල දී හියුමන් ඉමියුනෝගිලොබියුලීන් ඖෂධ භාර ගැනීම සම්බන්ධයෙන් වන සටහන් ඔබට පෙන්වානේ.
 
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි පෙන්නුවා 
 
නීතිඥවරයා: ඊට අමතරව රිටොප්සිමැබ් සම්බන්ධයෙන් සටහන් ඉදිරිපත් කළාද?
 
සාක්ෂිකර: නෑ ස්වාමීනී.
 
මෙහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ඖෂධයේ මාත්‍රාවන් සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය.
 
එහිදී සාක්ෂිකරු කියා සිටියේ එක් ඖෂධයක මාත්‍රාවක් නිර්දේශ කර ඇති විටම එම මාත්‍රාව නොමැති නම් ඊට සරිලන අන්දමින් එම ඖෂධයේ ඒකක කිහිපයක් වුවද වෙනත් මාත්‍රා වලින් ලබා ගැනීමේ හැකියාව ඇති බවය. 
 
කුඩා මාත්‍රා වල ඒකක සංඛ්‍යාව සාමාන්‍යයෙන් ඇනවුම් කරන අවස්ථාවලදී අඩු සංඛ්‍යාවක් ඇනවුම් කරන අතර වැඩි මාත්‍රාවක් භාවිතා කළ යුතු අවස්ථාවකදී එවැනි ඒකක වැඩි ප්‍රමාණයක් යොදා ගැනීම සිදුවුවහොත් ගැටලුවක් ඇතිවිය හැකි බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
'අවශ්‍ය ඖෂධයේ මාත්‍රාව වෙනුවට වෙනත් මාත්‍රාවක් තිබේ නම් ප්‍රාදේශීය මිලදී ගැනීම් වලට යෑමේ අවශ්‍යතාවයක් නෑ නේද? "යනුවෙන් සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි අවශ්‍යතාවයක් නොමැති අතර බවය." අදාළ මාත්‍රාව වෙනුවට පවතින මාත්‍රා ඇතුළත් ඒකක කිහිපයක් වුවද භාවිතයට ගත හැකි බව" සාක්ෂිකරු කියා සිටියේය. 
 
අනතුරුව නීතිඥවරයා මෙම ඖෂධයට අදාළව AIIV ආයතන විසින් ලබාදීමට සූදානම් වූ ඇනෝමක් සහ AIB ආයතනය විසින් ලබාදීම ට නියමිතව තිබූ ඇනෝම් දෙකක් සම්බන්ධයෙන්ද, සාක්ෂිකරුගෙන් සාක්ෂි විමසීමක් සිදු කළේය. 
 
තුන්වෙනි විත්තිකාරිය වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කිරීමෙන් අනතුරුව මෙම නඩුවේ 11 වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අමිත ආරියරත්න මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය. 
 
"වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධානතම කාර්යය ඖෂධ කළමනාකරණ. ඖෂධ කළමනාකරණයට අදාළ මාර්ගෝපදේශ drug manual එක මගින් ලබාදී  තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා එහිදී සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය. එහි එවැනි මාර්ගෝපදේශයක් සඳහන් වන බව සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියේය. 
 
 
"bufferstock එකක් තබාගත යුතු බව එහි සඳහන් වෙනවා ඒ පිළිබඳව ඔබ දැනුවත්ද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ තමන් ඒ පිළිබඳව දන්නා බවය.
 
"මාසික අවශ්‍යතාවය ×12+3- ඒ වන විට පවතින තොග සහ ලැබීමට නියමිත තොග කියන එක හරිද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු ස්වාමීනි, ඒ ක්‍රමය වැරදියි. වාර්ෂික අවශ්‍යතාවය වසර හතරකට අදාළව පුරෝකථනය කරනවා පසුව මාසික අවශ්‍යතාවය ගණනය කරලා ඉදිරි වර්ෂය සඳහා ගණනය කරනවා ඉතිරි ප්‍රමාණය සහ ලැබීමට ඇති තොගය  අඩු කරලා ස්වාරක්ෂක තොග එකතු කිරීමක් කරනවා. වාර්ෂික අවශ්‍යතාවය සපුරා ගත හැකි නම් බාධාවකින් තොරව ඉදිරියට යන්න පුළුවන්. මාස එකොළහක පොරොත්තු කාලයට යටත්ව තමයි ඇනවුම් සකස් කරන්නේ. "යනුවෙන් කියා සිටියේය. 
 
"ඒක තමයි මා ඔබට කිව්වේ මාසික අවශ්‍යතාවය වැඩි කිරීම 12 එකතු කිරීම මාස තුන යන පිළිතුරෙන් අත ඇති තොගය සහ ලැබීමට ඇති තොගය අඩු කළාම හරි නේද?" යනුවෙන් නීතිඥවරයා විමසී විමසා සිටියේය 
 
එම අවස්ථාවේදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා "ඒක formula එකකට ගන්න පුලුවන්. ඒත් ඒක ඒ තරම්ම සරල නෑ" යනුවෙන් ප්‍රකාශ කළේය. 
 
"Drug manual එකේ තොග කළමනාකරණය තුළ මාස තුනක තොග තිබිය යුතු බව නේද කියන්නේ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "එහි එහෙම සටහනක් නෑ. ක්‍රියාවලිය තුළ මාස තුනක් තොග පවත්වාගෙන යන්න පුළුවන් "
 
නීතිඥවරයා: ඔබ කියන්නේ මාස තුනක තොගයක් අවශ්‍ය නෑ කියලද තියෙන්නේ?
 
සාක්ෂිකරු කළමනාකරණය තුළ තොගය පවත්වාගෙන යන්න කියලා තමයි කියන්නේ. 
 
නීතිඥවරයා: ඔබ ඔය තොග කළමනාකරණය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්න කට උත්තරේ දී කිව්වද? 
 
සාක්ෂිකරු: නෑ ස්වාමීනි, මගෙන් ඒ පිළිබඳව වැඩිදුරට ඇහුවේ නෑ 
 
නීතිඥවරයා :මා යෝජනා කරනවා ඔබ  කියලා තියෙන බව මාස තුනක තොගයක් පවත්වාගෙන යාමට උත්සාහ කරන බවක්. එම මාස තුනක තොගය පවත්වාගෙන යාමට බැරි නම් එය අසාමාන්‍ය තත්ත්වයක් නේද?
 
සාක්ෂිකරු: ඒ පිළිබඳව එහෙම විග්‍රහ කරන්න බෑ .ක්‍රියාවලිය තුළ වෙනස්වීම් වෙනවා 
 
නීතිඥවරයා: ඔබ ප්‍රශ්න මගහරින සාක්ෂිකරුවෙක්?
 
සාක්ෂිකරු: නෑ, ස්වාමීනි මා එය ප්‍රතික්ෂේප කරනවා සාමාන්‍ය ක්‍රමය යටතේ තමයි මම සාක්ෂි දුන්නේ.
 
හදිසි ප්‍රසම්පාදනයකදී ජාතික තොගය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවට සාක්ෂිකරු විසින් මූලික සාක්ෂි විභාගයේදී පවසා ඇති කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ නීතිඥවරයා  "ආයතන අතර තොග හුවමාරු කරන විට හදිසි ප්‍රසම්පාදන අවශ්‍යතාවය පැන නගින්නේ නෑ කියලා හිතනවද?" යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අතර  අදාළ තොගය ලැබෙන දිනය අනුව එය වෙනස් වන බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
ආයතනයක තොග හුවමාරු කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් ඒකකයට අදාළ ආයතනයන්ට බලපෑම් කර නොහැකි බවත්,  හුවමාරු සිදු කරන ලෙස ඉල්ලීම් කිරීම පමණක් කළ හැකි බවත් සාක්ෂිකරු නීතිඥවරයා යොමු කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළේ ය.
 
විශාල තොග ආයතනවල තිබෙනවානම් අනෙකුත් ආයතනවල අවශ්‍යතාවයට අනුව ම ආයතනයක් ඉල්ලා සිටියහොත් ඒවා ලබාදීමට ආයතන ප්‍රධානීන් බැඳී සිටින බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය. 
 
"ආයතනයක අවශ්‍යතාවය ගණනය කිරීමෙන් අනතුරුව ඖෂධ නිකුත් කිරීමක් වෛද්‍ය සැපයුම් අංශයෙන් සිදු කරන බැවින් විශාල තොග ආයතන තුළ පවතින්නේ කෙසේදැ"යි නීතිඥවරයා එහිදී සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය. 
 
"සාමාන්‍යයෙන් ඖෂධ නිකුත් කිරීම අඩු වූ අවස්ථාවක එවැනි විශාල තොග පැවතිය හැකි බව "සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේය. 
 
"ආයතනයකින් ආයතනයකට ඖෂධ හුවමාරු කිරීම එම ආයතනයේ පහසුකම් සහ අවශ්‍යතා මත තීරණය වෙනවා නේද ?"යන්න නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර එවැනි ගැටලු මතු වීමේදී  මැදිහත් වී පියවර ගැනීම සඳහා වෛද්‍ය සැපයුම් ඒකකය සහ රාජ්‍ය ඖෂධ සංස්ථාව කටයුතු කරන බව සාක්ෂිකරු කියා සිටියේය .
 
ආයතන වලින් තමන් සතු තොගය තවත් ආයතනයකට ලබාදීමට යාමේදී ගැටලු මතු අවස්ථා තිබෙනවාද යනුවෙන් සභාපති වෙනතුරු රියන්ත ලියනගේ මහතා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ගැටලුකාරී තත්ත්වයන්ට මතුවී නොමැති බවත්  ආයතනය අන්‍යෝන්‍ය සහයෝගය මත එම ඖෂධ හුවමාරු කිරීම් දීර්ඝ කාලයක් තුළ තිස්සේ සිදුකරන බවත්ය. 
 
"ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ වන ඇනවුම් සඳහා uni අංකයක් ලබාගත යුතු බවට තමන් නොදන්නා බව" සඳහන් කළ සාක්ෂිකරු ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කළ බැවින් එම ආයතනයෙන් විමසා එම කරුණු දැන ගැනීමේ හැකියාවක් ඇති බව කියා සිටියේය. 
 
වෛද්‍ය චන්දන විජේසිංහ මහතා මාස අටක පමණ කාලයක් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂක  ලෙස කටයුතු කළ අතර අනතුරුව වෛද්‍ය සුදර්ශන මහතා එම ධුරයේ කටයුතු කළ බවද ඔහු අධ්‍යාපන කටයුතුවලට විදේශගත වීමෙන් පසු නැවත වරක් කපිල වික්‍රමනායක මහතා එම ධුරයේ කටයුතු කළ බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
" සුදර්ශන මහතා මෙරටට පැමිණෙමින් පසු වැලිසර රෝහලේ අධ්‍යක්ෂක ලෙස පත්වීමක් ලැබූ බව දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ "එවැනි පත්වීමක් ලැබෙන්න ඇති. මා ඒ පිළිබඳව සොයා බැලුවේ නෑ යනුවෙනි.
 
හරස් ප්‍රශ්න විමසීම අවසන් කිරීමෙන් අනුව මෙම නඩුවේ 6 වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ  නුවන් ජයවර්ධන මහතා හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
 
"ඔබ ප්‍රධාන තොග පාලක නිලධාරිවරයා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපිගොනු හෝ ලේඛන ලබාදීමක් සිදුකලා ද?"  යන ප්‍රශ්නය නීතිඥවරයා යොමු කළ අතර සාක්ෂිකරු එවැනි එක් සටහනක් ඉදිරිපත් කළ බව කියා සිටියේය.
 
files 260606
 
වෛද්‍ය සැපයුම් ඒකකයේ පවතින තොග සම්බන්ධයෙන් වන සටහන් pronto  පද්ධතියෙන් සොයා ගත හැකි අතර "ඊට අමතරව ඒ ඒ ඖෂධ සම්බන්ධයෙන් තොග පාලක නිලධාරීවරයා විසින් ලිපි ගොනු පවත්වාගෙන යනවා ද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ අයිතමයෙන් අයිතමය ට අදාළව ලිපි ගොනු ඇති බවය.
 
තොග පාලක නිලධාරීවරයා සතු  ලිපි ගොනුව මෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින්ද ඒ ඒ ඖෂධයට අදාළව තොග ලිපිගොනු පවත්වාගෙන යන බව සාක්ෂිකරු කියා සිටියේය.  
 
තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ තුනක් ලබා දුන් අතර ඔවුන් විසින් ලිපි ගොනු කිසිවක් ලබා ගැනීමක් සිදු නොකළ බව සඳහන් කළ සාක්ෂිකරු හියුමන් ඉමියුනොග්ලොබියුලීම් ඖෂධයට අදාළ ගොනුව අද වන විටත් වෛද්‍ය සැපයුම් ඒකකයේ පවතින බව සඳහන් කර සිටියේය.  
කෙසේ වුවද රිටොප්සිමැබ් ඖෂධයට අදාළ ගොනුව පොලිසිය විසින් තමන්ගෙන් ලබාගත් බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
ඖෂධ කළමනාකරණය සම්බන්ධයෙන් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන් අවස්ථාවේදී සඳහන් නොකළ බවද ඒ සම්බන්ධයෙන් ඔවුන් විමසීමක් නොකළ බවද සඳහන් කළ සාක්ෂිකරු ඒ පිළිබඳව දීර්ඝ විමසීමක් මෙම අධිකරණයේදී සිදුකළ බැවින් අදාළ කරුණු ප්‍රකාශ කළ බව සඳහන් කළේය. 
 
පැය 292 දරණ ලේඛනය pronto පද්ධතියෙන් ලබාගත් දත්ත ඇසුරෙන් සකස් කර ඇති බව සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය
 
"ඖෂධ කළමනාකරණය" යන්න මෙම අධිකරණයේදී සඳහන් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද කට උත්තරයේ  එවැන්නක් සඳහන් නොකිරීම ඌනතාවයක් ලෙස නීතිඥවරයා අධිකරණයේ අවධානයට යොමු කර ලකුණු කිරීමක් කළේය. 
 
පද්ධතිය තුළ anservisible තොගයක් ලෙස සඳහන් වන්නේ කල් ඉකුත් වූ හෝ withhold තොගය පිළිබඳව බව සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය. 
 
ඒ සමගම එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලද අතර ඊළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුට නියම කරන ලදී.
 
මෙම ඖෂධය හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ. 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න     

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...