BREAKING
Top Ad
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

අයිසොලෙස් බයෝටෙක් පාමා කෙමිකල් ඇතුළු ද්‍රව්‍ය වෛද්‍ය සැපයුම් ඒකකයට සැපයුවා ඖෂධ නඩුවේ සාක්ෂිකරුවකු කියයි.

T

The Leader

July 10, 2026 • 5:12 AM

අයිසොලෙස් බයෝටෙක් පාමා කෙමිකල් ඇතුළු ද්‍රව්‍ය වෛද්‍ය සැපයුම් ඒකකයට සැපයුවා ඖෂධ නඩුවේ සාක්ෂිකරුවකු කියයි. 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රශ්නගත ඖෂධ සැපයීම සිදුකළ අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ අධ්‍යක්ෂවරයා කෙමිකල් වර්ග තිස් දෙකක් සැපයීම සඳහා වෛද්‍ය සැපයුම් ඒකකය සමඟ ගිවිසුම් ගතව සිටි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ කළමනාකාර සහකාර නිලධාරී කෝරාධිපතිගේ නිහාල් රංජිත් මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
  • 315 දරණ සටහනට යටින් සටහනක් තබා තිබෙනවා.
  • එම අංශයේ ප්‍රධානියා ලෙස සමන් රත්නායක මහතා කටයුතු කළා.
  • නිරාන් ධනංජය ඒ වන විට වසර එකහමාරක පමණ කාලයක සිට මා හඳුනනවා ඔහුගේ අත්අකුරු සහ අත්සන හඳුනාගත හැකියි." යනුවෙන් සඳහන් කළ සාක්ෂිකරු එලෙස ලේඛන වල අත්සන් තබන ලද නිරාන් ධනංජය මෙම නඩුවේ හතර වන විත්තිකරු ලෙස අධිකරණ ශාලාවේ සිටින බවට හඳුනාගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය ට අදාළ නඩුවේ 151 වන සාක්ෂිකරු ලෙස සාක්ෂි දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ කළමනාකාර සහකාර  නිලධාරීවරයා මේ බව ප්‍රකාශ කළේය.
 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.
 
 

මෙම නඩුවේ 151වන සාක්ෂිකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කළමනාකාර සහකාර කෝරාධිපති ගේ නිහාල් රංජිත් මහතා එහිදී දෙවන දිනටත් සාක්ෂි ලබාදීම පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීමෙන් ලේඛන පරික්ෂා කර බලමින් ඊයේ සිදු කළේය. 

 
"අධිකරණය හමුවේ ලකුණු කර ඇති පැ. 315 දරණ සටහනට යටින් සටහනක් තබා තිබෙනවා. ගණකාධිකාරී සැපයුම් මගින් අධ්‍යක්ෂක වෛද්‍ය සැපයුම් වෙත යොමු කිරීම සඳහා 2022 /12/ 23 වැනි දින ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීමට සැපයුම්කරුවන් සම්බන්ධයෙන් පැවැත්වෙන රැස්වීමක් සම්බන්ධයෙන් වන ලිපිය අත්සනට ඉදිරිපත් කරන බව එහි සඳහන් වෙනවා .එම ලිපිය මා විසින් සකස් කළා. ලිපිය ගණකාධිකාරී සැපයුම් වෙත යොමු කළා. ඒ වන විට එම තනතුරේ කටයුතු කළේ නිරාන් ධනංජය ඔහු එහි අත්සන සහ දිනය යොදා  තිබෙනවා .ඔහුට පෙර එම තනතුරේ සේවය කළේ යමුනා නමැති නිලධාරිනිය යි. නිරාන් ධනංජය ඖෂධ නිෂ්පාදන සැපයුම් ඒකකයේ සේවය කළා. එම අංශයේ ප්‍රධානියා ලෙස සමන් රත්නායක මහතා කටයුතු කළා. නිරාන් ධනංජය ඒ වන විට වසර එකහමාරක පමණ කාලයක සිට මා හඳුනනවා ඔහුගේ අත්අකුරු සහ අත්සන හඳුනාගත හැකියි." යනුවෙන් සඳහන් කළ සාක්ෂිකරු එලෙස ලේඛන වල අත්සන් තබන ලද නිරාන් ධනංජය මෙම නඩුවේ හතර වන විත්තිකරු ලෙස අධිකරණ ශාලාවේ සිටින බවට හඳුනාගත්තේය. ඔහු අත්සන් කිරීමෙන් අනතුරුව අදාළ ලිපිය වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂකවරයා වෙත ඉදිරිපත් කළ බවද සාක්ෂිකරු කියා සිටියේය.  
සාක්ෂිකරුට ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරීමේ අපහසුතාවයක් ඇති බවට මීට පෙර දින කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීමක් එහිදී සිදු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය    "ඉංග්‍රීසි භාෂාවෙන් ඇති මෙම ලිපිය සකස් කළේ කෙසේදැ"යි ප්‍රශ්න කර සිටියාය. 
 
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ අදාළ ලිපි සම්බන්ධ ආකෘති පත්‍ර පරිගණකයේ ඇතුළත්ව ඇති අතර ඒ ඇසුරෙන් අදාළ ලිපිය සකස් කළ බවය. 
 
එලෙස සකස් කරන ලද ලිපිය ගණකාධිකාරී සැපයුම් හෝ අධ්‍යක්ෂක වෛද්‍ය සැපයුම් විසින් නිවැරදි කිරීම් කරන බවද  එම නිවැරදි කිරීම් යොදා ලිපි නැවත සකස් කිරීමෙන් අනතුරුව එය නිවැරදි කිරීම් සලකුණු කළ නිලධාරියා වෙත යොමු කරන බවද සාක්ෂිකරු කියා සිටියේය. මෙම ලිපිය තමන් විසින් සකස් කර කාර්යාල පිටපත අදාළ ගොනුවට ඇතුළත් කළ බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
අදාළ ලිපියෙහි වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා විසින් අත්සන් තබා ඇති අතර එම අත්සන තමන්ට හඳුනාගත හැකි බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
එම අවස්ථාව වන විට මෙම ලිපිය සැකසීමේ රාජකාරිය පමණක් තමන්ට පැවරී තිබූ අතර ඊට අදාළ මිනිට් සටහනක් උදේශිකා නමැති සංවර්ධන නිලධාරිනිය විසින් තබා ඇති බව යි සාක්ෂිකරු කියා සිටියේය. එම නිලධාරිනිය තමන් සමඟ රාජකාරී කරන අතර ඇයගේ අත් අකුරු සහ අත්සන හඳුනාගත හැකි බවද සඳහන් කළ සාක්ෂිකරු අදාළ සටහන ගණකාධිකාරී සැපයුම් මගින් අධ්‍යක්ෂක වෛද්‍ය සැපයුම් මගින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත යොමු කර ඇති බවද කියා සිටියේය. 
 
එම මිනිට් සටහන ඇතුළත් ලිපියට ගණකාධිකාරී සැපයුම් විසින් අත්සන් තබා දිනය යොදා ඇති අතර අනතුරුව එම ලිපිය අධ්‍යක්‍ෂකවරයා ට යොමු කිරීම තමන්ගේ වගකීමක් බවද ඒ අනුව එවකට සිටි අධ්‍යක්ෂක කපිල වික්‍රමනායක මහතා වෙත එම ලිපිය යොමු කළ අතර එහි recommended ලෙස යොදා ඔහු විසින් අත්සන් තබා ඇති බවද කියා සිටි සාක්ෂිකරු ඊළඟට සිටින ඉහළ නිලධාරියා වන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මහතා වෙත අදාළ ලිපිය යොමු කිරීම සිදුකළ බව කියා සිටියේය.
 
ndia medicine
 
එම ලිපිය සකස් කරන විට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අයිතම 9ක් ඇනවුම් කර තිබූ අතර ඉන් 5ක් සම්පූර්ණ වශයෙන් ලැබී තිබූ බවද 4ක් කොටස් වශයෙන් ලැබී තිබූ බවද  නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය. 
 
අධිකරණය හමුවේ ලකුණු කර ඇති පැ. 317 නමැති මිනිට් සටහනට යටින් තබා ඇති මුද්‍රාව නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ජෙනරාල්වරයා විසින් භාවිතා කරන මුද්‍රාවක් වන අතර ඔහුගේ අත්සන තමන්ට හඳුනාගත හැකි බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
මෙම ගොනුවට අදාළව ආයතනයක් හෝ පුද්ගලයන්ගෙන් ලැබෙන ලිපි එම ගොනුවට ම ඇතුළත් කළ අතර ඉහළ මාණ්ඩලික නිලධාරියා විසින් එම ලිපියක් පරීක්ෂා කර බැලීමක් සිදුකරන බවද සාක්ෂිකරු සඳහන් කළේය. මෙහිදී එම ගොනුවේ ලිපි ගණකාධිකාරී සැපයීම විසින් පරීක්ෂා කළ බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය. 
 
"2022 10.28 දින දරන ලිපියේ තබා ඇති සටහන කාගේද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී  සාක්ෂිකරු සඳහන් කර සිටියේ "නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේරත් මහතාගේ අත්අකුරු හා අත්සන එහි ඇති බවය. එහි AC supply ලෙස සඳහන් කර ඇති අතර "please place order" ලෙස සඳහන් කර ඇති බවද ඊට යටින් අංක එක යටතේ director ලෙස ද, දෙක යටතේ ADP 1 P2 ලෙස සඳහන් කර ඇති බවද ප්‍රකාශ කළ සාක්ෂිකරු අදාළ ලිපිය ගණකාධිකාරි සැපයුම් වෙත ආමන්ත්‍රණය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගේ අත්සනින් යුතුව යවා ඇති බව යි සාක්ෂිකරු කියා සිටියේ ය.
 
පැ. 319 ලෙස  ලකුණු කර ඇති ලිපියේ සඳහන් කරුණු සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට තමන්ට අපහසුතාවයක් ඇති නමුත් එම ලිපිය wor ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති බවට දළ වශයෙන් අදහසක් ඇති බව සාක්ෂිකරු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.
 
එම ලිපියෙහි wor සම්බන්ධයෙන් සටහනක් ඇති අතර එහි මාතෘකාවේ රිටොප්සිමැබ් ඉන්ජෙක්ෂන් ලෙස සඳහන් වන බවද ප්‍රකාශ කළ සාක්ෂිකරු අදාල ඖෂධය ලබාගැනීම සඳහා ගැනුම් ඇනවුමක් නිකුත් කර තිබූ බවද අදාළ ගැනුම් ඇනවුම් අංකය එම ලිපියෙහි තිබෙන බවද කියා සිටියේය.
 
අදාළ ලිපිය අයිසොලේස් බයෝටෙක් පාමා ඒ ජී ත් සමාගමේ අධ්‍යක්ෂකවරයා විසින් යොමු කර ඇති බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය. 
 
අදාළ ලිපියෙහි දෙවන ඡේදයේ ගණකාධිකාරී සැපයුම් වෙත යොමු කරන ලද ලිපියක් යොමු කළ දිනයක් පිළිබඳව සටහනක් ඇති අතර එවැනි දිනයක් සහිත ලිපියක් අදාල ගොනුවේ ඇති එකේ සිට අසුව දක්වා පිටු අතර දක්නට නොමැති බවද සාක්ෂිකරු ප්‍රකාශ කළේය. 
 
අදාළ ලිපියෙහි උදේශිකා නිලධාරිනිය විසින් මිනිට් සටහනක් තබා ගණකාධිකාරී සැපයුම්, අධ්‍යක්ෂක වෛද්‍ය සැපයුම් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරයා වෙත යොමු කර ඇති අතර  2023 /03/20 තුනයි විස්ස දින ය අයිසොලේස් බයෝ ටෙක් පාමා ඒජී සමාගම wor ඉල්ලා යොමු කර ඇති ලිපිය අත්සන් සඳහා ඉදිරිපත් කරන බව මිනිට් සටහනේ සඳහන් වන බව සාක්ෂිකරු කියා සිටියේය 
 
"ඊට අදාළ ලිපිය සකස්කර ගණකාධිකාරී සැපයුම් වෙත ඉදිරිපත් කළා. එම තනතුරේ කටයුතු කළ නිරාන් ධනංජය එහි අත්සන් තබා දිනය සටහන් කර තිබෙනවා. ඉන් අනතුරුව ඊට ඉහළ නිලධාරියා වන අධ්‍යක්ෂකවරයා වෙත යොමුකර  ඇති අතර  එම ලිපියේ වැරදි නිවැරදි කර අධ්‍යක්ෂක කපිල වික්‍රමනායක මහතා විසින්  සිදු කර තිබෙනවා. එම ලිපිය අදාල ගොනුවේ අසූ පහ ලෙස සඳහන් වන අතර දිනය 2022/02/20 ලෙස සඳහන් වෙනවා. එම සටහන තබා ඇති කපිල වික්‍රමනායක මහතා  බව හඳුනාගත හැකියි." යනුවෙන් ප්‍රකාශ කළ සාක්ෂිකරු එම නඩුවේ දෙවැනි විත්තිකරු වන වෛද්‍ය කපිල වික්‍රමනායකයින් අධිකරණ ශාලාවේ සිටින බවට හඳුනාගත්තේය. 
 
"එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සැපයුම් විසින් තබා ඇති සටහන තනි ඉරකින් කපා ඇති බවක් පෙනීමට තිබෙනවාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එම කොටස නිල් පාටින් කපා ඇති බව පෙනීමට ඇති බවය. 
 
අදාළ ලිපිය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යාමට පෙර වෙනත් අයෙකු වෙත යාමේ හැකියාවක් නොමැති අතර තමන් විසින් අදාළ ලිපිය නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වෙත යොමු කරන අතර වෙනත් අයෙකුට ඊට සටහන් යෙදීමේ හැකියාවක් නොමැති බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ අධ්‍යක්ෂක අලෙවි විසින් එවන ලද ලිපියක් 2023 මාර්තු පළවෙනිදා සැපයුම් අංශයට ලැබී තිබූ අතර එය අධ්‍යක්ෂක තුමාගේ අවධානයට යොමු විය යුතු බවට සටහන් කර තිබූ බවද, ප්‍රකාශ කළ සාක්ෂිකරු එම ලිපිය ගණකාධිකාරී සැපයුම් වෙත යොමු කිරීමෙන් අනතුරුව ඔහු විසින් අත්සන සහය දිනය යොදා ඇති අතර පසුව එය අධ්‍යක්ෂක කාර්යාලයට යොමු කළ බවද කියා සිටියේය. අනතුරුව අධ්‍යක්ෂකවරයා විසින් අත්සන තබා දිනය සටහන් කර ඇති බව සාක්ෂිකරු කියා සිටියේය.
 
Businessman tearing contract.
 
මීට අදාළ ලිපි දෙකක් තමන්ට ලැබුණ උපදෙස් මත සකස් කිරීමෙන් අනතුරුව ගණකාධිකාරී සැපයුම් මගින් අධ්‍යක්ෂක වෛද්‍ය සැපයුම් වෙත යොමු කර ඔවුන්ගේ අත්සන් ලබා ගැනීමෙන් අනතුරුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත යොමු කළ බවද එම අවස්ථාවේදී "එම ලිපි බැලීමේ අවශ්‍යතාවයක් තමන්ට නොමැති බව" පවසමින් ඔහු විසින් එම ලිපි දෙකම ඉරා දැමූ බව ප්‍රකාශ කළ සාක්ෂිකරු ඒ පිළිබඳව තමන් ගණකාධිකාරී සැපයුම් ලෙස කටයුතු කළ කිරාන් ධනංජය ට දැනුම් දුන් බවද කියා සිටියේය. 
 
අනතුරුව සැපයුම්කරු වන අයිසොලෙස් බයෝ ටෙක් පාමා ඒජී සමාගමේ ජානක ප්‍රනාන්දු එම ලිපි ලබා ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී නිරාන් ධනංජය ගේ උපදෙස් මත අදාළ ලිපිවල මුල් පිටපත් ඔහුට ලබාදුන් අතර එහි ඡායාස්ථ පිටපත් ගොනු වලට ඇතුළත් කළ බවද සාක්ෂිකරු ප්‍රකාශ කළේය. 
 
"අදාළ ගොනුවේ අංක අසූ හය සහ අසූ හත ලෙස සටහන් යොදා ඇත්තේ එහි මුල් පිටපත් ද?" යනුවෙන්  නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ එහි ඇත්තේ එම මුල් පිටපත් බවය ජානක ප්‍රනාන්දුට එම ලිපි ලබා දුන් අවස්ථාවේදී ඊට අදාළ සටහන් තබාගත් අතර ඔහුගෙන් අත්සන් ලබාගත බවද සාක්ෂිකරු ප්‍රකාශ කළේය. 
 
ඔහු වෛද්‍ය සැපයුම් අංශයට කෙමිකල් තිස් දෙකක් සැපයීම සඳහා ගිවිසුම් ගතව සිටි අතර face marks, V p kit සැපයුම් කළ බවද , ඔහු විසින් ඉදිරිපත් කළ අයිතම මිල කමිටුවට ඉදිරිපත් කිරීමක් සිදුකරන බවද ප්‍රකාශ කළ සාක්ෂිකරු තමන් ජනක ප්‍රනාන්දු ව හඳුනන බව ප්‍රකාශ කළේය.
 
"එලෙස සැපයුම්කරුවකු සමග සම්බන්ධතා පවත්වා ගැනීමට රාජකාරීමය වශයෙන් හැකියාවක් තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර සාක්ෂිකරු සඳහන් කළේ දේශීය සැපයුම්කරුවන් 25 දෙනෙකු පමණ සමග තමන් සම්බන්ධතා පවත්වන බවය. ඔවුන් සම්බන්ධීකරණය කිරීමේ කටයුතු තමන් විසින් සිදුකරන බව  සඳහන් කළ සාක්ෂිකරු අදාල සටහනේ අංක එක සහ දෙක ලෙස සටහනක් යොදමින් අත් අකුරින් තමන් විසින් සටහනක් තැබූ බවද Original Received ලෙස එහි සඳහන් බවද කියා සිටි සාක්ෂිකරු ඊට ජනක ප්‍රනාන්දුගේ අත්සන ලබා ගැනීමක් සිදුකළ බව ප්‍රකාශ කළේය.
 
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ගැනුම් ඇනවුම් 158ක් නිකුත් කිරීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන්නා නේද යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ තමන් එලෙස සාක්ෂි ලබාදීමක් සිදුකළ බවය 
 
"අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගම හැරුණු විට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ තවත් සැපයුම්කරුවන්ට wor ඉල්ලා සිටි බවට 1-85 තෙක් වන ලේඛනවල සටහන් වී තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර එවැනි සටහනක් නොමැති බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ නිකුත් කරන ලද ගැනුම් ඇනවුම් වලට අදාළ ලිපිගොනු පවත්වාගෙන ගිය අතර එහි ගැනුම් ඇනවුම් වල SR අංකය, ඇනවුම් ලැයිස්තුව, අදාළ අයිතමයේ නම, සැපයුම්කරුගේ නම, ‍ ප්‍රදානය කළ සංඛ්‍යාව යන දත්ත ඇතුළත් වන අතර ගැනුම් ඇනවුම අංකය සඳහන් කර ඇති විට එහි අංකය ඇසුරෙන් අදාළ අයිතමයන් ලැබී ඇති ප්‍රමාණය සහ ලැබීමට ඇති ප්‍රමාණය පිළිබඳව බලා ගැනීමේ හැකියාව ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
ඒ වන විට ඇනවුම් කර තිබූ අයිතම අතරින් සම්පූර්ණයෙන්ම තොග ලබා දුන් සැපයුම්කරුවන් කී දෙනෙක් හඳුනාගත හැකිද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අතර සාක්ෂිකරු අදාළ ලේඛන පිරික්සමින් සඳහන් කළේ සැපයුම්කරුවන් 17 දෙනෙකු හඳුනාගත හැකි බවය. ඔවුන් විසින් සම්පූර්ණ අයිතම භාරදී ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
"ලැබුණු අයිතම සහ නොලැබුණු අයිතම සම්බන්ධයෙන් සටහන් කිරීමෙන් අපේක්‍ෂා කරන්නේ කුමක්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු සඳහන් කළේ නොලැබුණු අයිතම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා බලාපොරොත්තු වන බවය 
 
නොලැබුණු අයිතම ඇතුළත් ලේඛනය ගණකාධිකාරී සැපයුම් වෙත යොමු කරන අතර ඔහු විසින් දිනය සහ අත්සන යෙදීමෙන් අනතුරුව සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂක කපිල වික්‍රමනායක මහතා වෙත යොමු කළ අතර ඔහු එය ඉදිරියට යවන ලෙස දක්වා ඇති අතර නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ජෙනරාල්වරයා වෙත එය යොමු කළ බවද කියා සිටි සාක්ෂිකරු එහි එම ඖෂධ හැකි ඉක්මනින් මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් එහිදී සටහන් කර දින මුද්‍රාවක් තබා ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය 
 
"මේ දිනය වන විට මේ අයිතම මිලදී ගැනීමට ඇනවුම් සකස් කර අවසන්ද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය විමසීමක් කර අතර සාක්ෂිකරු සඳහන් කළේ ඒ වන විට අදාල ඇනවුම් සකස්කර ඇති අතර 2022/11/04 දිනය වන විට අයිතම සඳහා ගැනුම් ඇනවුම් ලබා දී ඇති බව ඉහළ නිලධාරීන්ට දැනුම් දීමක් කර තිබූ බවය. 
 
"එසේ ගැනුම් ඇනවුම් නිකුත් කර ඇති අවස්ථාවක තමයි හත්වන චූදිත නැවත කියන්නේ ගැනුම් ඇණවුම් සකස් කරන ලෙස?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "ස්වාමීනි, ඔහුගේ සටහන නිවැරදි සටහනක් නෙමෙයි. මෙම ගොනුව ලැබුණු විට 2024/04/ 24 දින නැවත මම සටහන් දැම්මා. ගොනුවට අදාළව නිවැරදි තීන්දුවක් ලැබී නැති නිසා එම සටහන යතුරු ලියනය කර දැම්මා. ඊට පෙර  ගොනුවේ මා අතින් ලියූ සටහනක් තමයි තිබුනේ. මගේ අත් අකුරු කියවීමේ අපහසුතාවයක් තිබේද, යන සැකය මත එම කරුණු යතුරු ලියනය කර නැවත යොමු කිරීමට කටයුතු කළා." 
 
"අදාළ අයිතම වලින් 22 ලැබී ඇති බවත් තවත් අයිතම 136 ක් ලැබීමට ඇති බවත් එහි සටහන් කළා. එම ගොනුව ගණකාධිකාරී සැපයුම් වෙත යොමු කිරීමෙන් අනතුරුව ඔහු දිනය සහ අත්සන යෙදීම සිදුකළා. අනතුරුව එය කපිල වික්‍රමනායක මහතා වෙත යොමු කළා. 2022/04/24 දින ඔහු ඊට අත්සන් තබා සටහනක් යොදා තිබෙනවා. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හේරත් මහතා වෙත එය යොමු කළා. ඔහු එය forwarded ලෙස සඳහන් කර අත්සන් තබා තියෙනවා එම අත්සන සහ සටහන් මට හඳුනාගත හැකියි ."යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය. 
 
"ඊට පසුව ඔබ මොනාද කළේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළ අතර  එම ගොනුව අතිරේක ලේකම් වෙත යොමු කිරීමක් තමන් සිදුකළ බවද සාක්ෂිකරුවෝ ප්‍රකාශ කළේය. 
 
"ඖෂධ ලැබීමට අදාල ගොනුව නැවත ඔබේ අංශයට පැමිණියේ 2023 /04/ 24 වැනි දින බවට ඔබ ප්‍රකාශ කළා. එහි purchase order නිකුත් කර තිබූ ඇනවුම කුමක්ද කියලා ඔබ  විමසුවාද? " යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළ අතර ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු සඳහන් කළේ එම සටහන් භාවිත කළ නමුත් අයිතම 14 සම්බන්ධයෙන් සැසඳීමක් නොකළ බවය. 
 
"spc v order "ලෙස ඇති ගැනුම් ඇනවුම "msd v order" ලෙස සකස් කර එවන ලෙස  සඳහන් සටහනක් ගණකාධිකාරී සැපයුම් වෙත යොමු කළ අතර ඔහු අත්සන් කිරීමෙන් අනතුරුව එය අධ්‍යක්ෂක වෛද්‍ය සැපයුම් වෙතද, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සැපයම් වෙතද යැවූ බව සාක්ෂිකරු ප්‍රකාශ කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය " ඒ වන විටත් අයිතම 17ක් msd v order යටතේ නිකුත් කර ඇති බව ඔබ ඉහළ නිළධාරීන් කිසිවෙකු හෝ දැනුවත් කිරීමක් කලාද?" යනුවෙන් විමසීමක් කළාය. 
 
කිසිවෙකු ඒ පිළිබඳව තමන්ට දැන්වීමක් නොකළ බව සාක්ෂිකරු කියා සිටියේය 
 
"සැපයම් නොකරන ලද අයිතම සම්බන්ධයෙන් නැවත ගැනුම් ඇනවුම් නිකුත් කිරීමේ අනතුරුව wor ලබා ගැනීම සඳහා සැපයුම්කරුවන් කී දෙනෙකු ඉල්ලීම් කර තිබුණාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ සැපයුම්කරුවන් දෙදෙනෙකු ට එලෙස ඉල්ලීම් කර තිබූ බවය.
 meeting minutes
 
"අයිසොලෙස් බයෝ ටෙක් පාමා සහ යාඩෙන් සමාගම විසින් එම ඉල්ලීම් කළ අතර යාඩෙන් සමාගම විසින් කරන ලද ඉල්ලීමට තමන් විසින් මිනිට් සටහනක් යෙදූ බව සාක්ෂිකරු කියා සිටියේය .
 
එම ඉල්ලීමට අදාල ලිපිය මෙම ගොනුවේ 250 පිටුවේ සඳහන්ව ඇති අතර එකී ලිපිය තමන්ට හඳුනාගත හැකි බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
"අදාළ wor සහතික ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගැනීම සඳහා අතිරේක ලේකම් වෛද්‍ය  සැපයුම් වෙත යොමු කළ බවට ඔබ සටහන් කර තිබෙනවා නේද?" යනුවෙන් විමසීමක් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය "යාඩෙන් ආයතනය එම අතිරේක ලේකම් වෛද්‍ය සැපයුම් වෙත යැවීමට ඉල්ලීමක් කර ඇත්තේ කුමන පදනමෙන් ද?" යන්න පිළිබඳව ඔබ දැනුවත්ව යනුවෙන් විමසීමක් කළාය. 
 
ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු සඳහන් කළේ තමන්ට එවැනි අවබෝධයක් නොමැති බවත් ලැබුණු උපදෙස් අනුව තමන් කටයුතු කළ බවත්ය. 
 
"wor සහතිකය ඉල්ලා අයිසොලෙස් බයෝ ටෙක් පමා සමාගම විසින් ඉදිරිපත් කළ ලිපිය ඔබ හඳුනා ගත්තා. එම ලිපියේ අතිරේක ලේකම් ඖෂධ නිෂ්පාදන අමාත්‍යාංශය ලෙස ආමන්ත්‍රණය කර තිබෙනවා. එම ඉල්ලීම සුදුසු කටයුතු කිරීම සඳහා ඉදිරිපත් කරන බවට සඳහන් කර තිබෙනවා නේද? යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ wor එක ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කරන ලද ලේඛනයක් වන බැවින් සුදුසු කටයුතු සඳහා යොමු කරන බව තමන් ඉන් අදහස් කළ බවය. 
 
මෙම ගොනුව තමන් සතුව තමන්ගේ භාරයේ තිබූ බවද සාක්ෂිකරු සඳහන් කළේය 
 
"රිටොප්සි මැබ් ඖෂධය මිලදී ගැනීම සඳහා ගැණුම් ඇනවුම් නිකුත් කිරීමට අදාළ ප්‍රසම්පාදන තීරණය මේ ගොනුවේ තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර එවැන්නක් මෙම ගොනුවේ නොමැති බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
එම ඇනවුම අයිසොලස් බයෝටෙක් පාමා වෙත ලබාදීමට එවකට වෛද්‍ය සැපයීම් අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ ඒ.ටී සුදර්ශන මහතා විසින් අත්සන් තබා ඇති බවද ඔහු සමග වසර අටක පමණක් කාලයක් මිල කමිටුවල තමන් සේවය කර ඇති බැවින් ඔහුගේ අත් අකුරු සහ අත්සන් හඳුනන බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
"සැපයුම් අංශයේ ගැනුම් ඇනවුම්  නිකුත් කිරීම සැපයුම් ගණකාධිකාරී විසින් සිදු කරන බවට ඔබ සාක්ෂි ලබා දුන්නා. මෙම ඇනවුම අධ්‍යක්ෂක වෛද්‍ය සැපයුම් විසින් නිකුත් කළේ ඇයි කියලා ඔබට කියන්න පුළුවන්ද? යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කළ අතර ඒ සම්බන්ධයෙන් තමාට ප්‍රකාශයක් කළ නොහැකි බව සාක්ෂිකරු කියා සිටියේය.  
 
"ගැනුම් ඇනවුම ලබාගන්නා සැපයුම්කරු අලුත් සැපයුම්කරුවෙකු නම් ගන්නා පියවර කුමක්දැ"යි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී එම සැපයුම්කරු සම්බන්ධයෙන් වන දත්ත යතුරු ලියනය කිරීමෙන් පරිගණක පද්ධතියට ඇතුළත් කළ යුතු බව යි සාක්ෂිකරු කියා සිටියේය.  
ඇනවුම ලබා දී ඇත්තේ දැනටමත් ලියාපදිංචි සැපයුම්කරුවෙකු නම් ඔහුගේ නම ඇතුළත් කිරීමෙන් අනතුරුව සැපයුම්කරු පිළිබඳව පරීක්ෂා කර බැලිය හැකි බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
"ගෙවීම් වව්චර් සකස් කිරීමේදී සලකා බලන කාරණා මොනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අතර ලියාපදිංචි සහතිකය, GRN සහතිකය යනාදිය එහිදී සලකා බලන බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
තමන් විසින් ලියාපදිංචිය මුදා හැරීමේ සහතිකයක් හෙවත් wor සහතිකයක් සම්බන්ධව කටයුතු කළේ මෙම ඉන්දියානු ණයයෝජනා යෝජනා ක්‍රමය යටතේදී බව  සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය .කෙසේ වුවද ඒ සම්බන්ධයෙන් විශේෂ උපදෙස්  ඉහළ නිලධාරීන්ගෙන් තමන්ට ලැබී නොතිබූ බව සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය. 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් ගෙවීම්  වවුචරයක් සාක්ෂිකරුගේ අවධානයට යොමු කරමින් ප්‍රශ්න කිරීම් යොමු කළ අතර  අදාළ ගෙවීම වවුචරය තමන්ට හඳුනාගත හැකි බවද, එය අයිසොලස් බයෝ ටෙක් පාමා ඒ ජී ලිමිටඩ් වෙත ගෙවිය යුතු ගෙවීම් වව්චරයක් බවද සාක්ෂිකරු සඳහන් කළේය.
 
අදාල ගෙවීම් වව්චරයේ සඳහන් invoice, GRN, ගැනුම් ඇනවුම් යනාදිය පද්ධතිය මගින් ලබාදීමක් සිදුකරන බවද සාක්ෂිකරු කියා සිටි අතර අදාළ ගෙවීම් වව්චරය නසීර් මහතා විසින් සකස් කර ඇති අතර එය checked by සඳහන් කර ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳව අවබෝධයක් නොමැති බවද වැඩි දුරටත් සඳහන් කළේය. 
 
අදාළ ගෙවීම් වව්චරවල ගැටලුකාරී තත්ත්වයක් ඇති වූ විට එය නැවත ආපසු හරවා යැවීමක් සිදුකරන අතර මෙම වව්චරයේ ද මිනිට් සටහනක් ඇතුළත් වන බව සාක්ෂිකරු කියා සිටියේය.
 
ඒ සමගම එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදී. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
medicine 20260131
හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ. 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය, (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න     

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...