එම සාක්ෂිකරු දෙවැනි ප්‍රකාශයක් කර ඇති බව තමන් දැන ගත්තේද අද උදෑසන බවද, එහි පිටපත් විත්තියට කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවද, එම ප්‍රකාශයේ පිටපත් ලබා නොදීම චේතනාන්විත ව කර නොමැති බව ද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය එහිදී සඳහන් කළාය .

අනතුරුව අදාළ පිටපත් විත්තියට ලබා දුන් නමුත් ඉදිරිපත් වූ කරුණු සලකා බලා එම සාක්ෂිකරු ගෙන් හරස් ප්‍රශ්න විමසීම අද දින සිදු නොකිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේ ය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනිණි.
එහිදී පෙර දින නිකුත් කරන ලද සිතාසි අනුව සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් හය දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.
එම සාක්ෂිකරුවන් අතරින් නඩුවේ දෙවැනි සාක්ෂිකරු වන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සචින් ශාන්ත හේවගේ මහතාගේ සාක්ෂිය සටහන් කර ගැනීමට විනිසුරු මඩුල්ල තීරණය කළ අතර සෙසු සහ සාක්ෂිකරුවන් ට නොතීසි ලැබුණු පසු අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස උපදෙස් ලබා දී මුදා හරින ලදී .

පැමිණිලි කාර පාර්ශවය විසින් එම සාක්ෂිය මෙහෙයවීමට සූදානම් වූ අවස්ථාවේදී විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කර සිටියේ මෙම සාක්ෂිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙවැනි ප්‍රකාශයක් ලබාදී ඇති බව දැන ගන්නට ලැබී ඇති බවත්, එම ප්‍රකාශය අධිචෝදනා පත්‍රය සමඟ හෝ පසුව හෝ විත්තිකාර පාර්ශවය වෙත ලබාදී නොමැති බවය. එම ප්‍රකාශය ලබා නොදීම මගින් විත්තිවාචකයක් ලබාදීමේදී පිළිතුරු සැපයීම සඳහා විත්තිකරුවන්ට ඇති අයිතිය උල්ලංගනය වන බවද එමගින් විත්තිකරුවන් අගතියට ලක්වන බවද නීතිඥවරු පෙන්වා දුන්හ.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය ජනරාල් වරිය සඳහන් කළේ මෙම සාක්ෂිකරු දෙවැනි ප්‍රකාශයක් ලබාදී ඇති බව තමා දැන ගත්තේ ද අද උදෑසන පැවැති සාකච්ඡාවේදී බවය. කෙසේ වුවද එම ප්‍රකාශය පිටපත් ලබාදීමට කඩිනමින් කටයුතු කළ හැකි බව බවද සඳහන් කළාය.
එහිදී මෙම නඩුවේ දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා කරුණු දක්වමින් කියා සිටියේ මෙම සාක්ෂිකරු විසින් එවැනි ප්‍රකාශයක් කර ඇති බව විත්තිකාර පාර්ශවය දැනගත්තේ අද දින බවත්, එවැනි ප්‍රකාශයක් පිළිබඳව දැනුවත් නොකිරීම සාධාරණ නඩු විභාගයක මූලධර්ම උල්ලංඝනය කිරීමක් වන බවත් ය.
අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 162 (2) වගන්තිය අනුව සියළුම සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ විත්තියට ලබා දීමට රජය බැඳී සිටින අතර සාක්ෂිකරු ලබා දී ඇති ප්‍රකාශ දෙක අතරින් එක් ප්‍රකාශයක් පමණක් ලබාදීම එම වගන්තිය උල්ලංඝනය කිරීමක් බව නීතිඥ අසේල සේරසිංහ මහතා එහිදී සඳහන් කර සිටියේය. හරස් ප්‍රශ්න ඇසීම සඳහා මෙම ප්‍රකාශය වැදගත් වන බවත් විත්තිකරු විසින් මෙම ප්‍රකාශය 2024 මැයි මස 07 වැනිදා ලබාදී ඇති අතර එය මේ වනතෙක් ලබා දීමට කටයුතු නොකිරීම අපරාධ නඩු විධාන සංග්‍රහය මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු දෙකක් උල්ලංඝනය කිරීමක් බවද නීතිඥවරයා එහිදී සඳහන් කර සිටියේය .එසේම මෙම නඩුවේ තවත් සාක්ෂිකරුවන් මෙවැනි ප්‍රකාශ ලබාදී තිබේද යන්න පිළිබඳව තමන්ට ගැටලුවක් ඇති බවද නීතිඥවරයා තවදුරටත් සඳහන් කළේය.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරිය සඳහන් කළේ අපරාධ නඩුවිධාන සංග්‍රහය 162 වගන්තිය සම්බන්ධ ව්‍යතිරේකයක් ඇති බව ය.

අධිචෝදනා පත්‍රයේ ඇතුළත් නොවන දේවල් නඩු විභාගයේදි ලබාදීම මගින් එම වගන්තිය උල්ලංඝනය කිරීමක් නොවන බව ඇය සඳහන් කර සිටියාය. කෙසේ වුවද පූර්ව නඩු විභාගයේදී මෙවැනි ප්‍රකාශයක් කර ඇති බව දැනුම් දුන් බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළාය.
මෙම සාක්ෂිකරු දෙවැනි ප්‍රකාශයක් කර ඇති බව පැමිණිල්ල දැන ගත්තේ අද උදෑසන වන බැවින් එහි පිටපත් ලබා නොදීම පැමිණිල්ල ට වූ අතපසුවීමක් මිස චේතනාන්විත ව අපරාධ නඩු විධාන සංග්‍රහය උල්ලංඝනය කිරීමක් නොවන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මේ සම්බන්ධ නියෝගය දෙමින් සභාපති විනිසුරුවරයා සඳහන් කළේ මෙම සාක්ෂිකරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙවන ප්‍රකාශයක් ලබාදුන් බව පැමිණිලිකාර පාර්ශ්වය පසුව දැනගෙන ඇති බවත් ,එම සාක්ෂිකරු ගෙන් සාක්ෂි ලබාගැනීමට පෙර එහි පිටපත් විත්තියට ලබා දුන් අතර පැමිණිල්ල විසින් අපරාධ නඩු විධාන සංග්‍රහය උල්ලංඝනය කර නොමැති බවට නිගමනය කරන බවය.
එසේම විත්තිකාර පාර්ශ්වය විසින් පෙන්වා දෙන ලද විජේපාල නඩු තීන්දුව මෙම සිද්ධියට වෙනස් සිදුවීමක් බවද විනිසුරුවරයා එහිදී සඳහන් කළේය. කෙසේ වුවද හරස් ප්‍රශ්න විමසීමක් අද දින සිදු නොකිරීම හේතුවෙන් මෙම කට උත්තරය ලබා නොදීම මගින් විත්තියට අගතියක් නැති බවට තීරණය කරන බවද විනිසුරු මඩුල්ල තීරණය කළේය.
අනතුරුව සාක්ෂිකරු ගෙන් සාක්ෂි විමසීම සඳහා අවසර දෙන ලදි.

ඒ අනුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය ගේ මෙහෙයවීමෙන් සාක්ෂිකාර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි විශේෂඥ වෛද්‍ය සචින් නිශාන්ත හේවගේ සාක්ෂි ලබාදීම ආරම්භ කළේය.
තමන් 1997 වසරේදී මූලික වෛද්‍ය උපාධිය ලබා ගත් අතර පශ්චාත් උපාධිය සම්පූර්ණ කළ බවද ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය අංශයට සම්බන්ධ වී සේවය කිරීමෙන් අනතුරුව 2023 වසරේ දී විශ්‍රාම ලැබූ බවද සාක්ෂිකරු එහිදී සඳහන් කළේය. තම සිය සේවා කාලය තුළ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා දකුණු සුඩානය, නැගෙනහිර ටිමෝරය යන රටවල සේවය කර ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකුණු ආසියානු කලාප කාර්යාලයේ වසරක කාලයක් සේවය කළ බව ඔහු සඳහන් කළේය. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස 2021 වසරේ නොවැම්බර් මස නව වැනිදා සිට 2022 වසරේ මැයි මස 31 වැනිදා වන තෙක් කටයුතු කළ තමන් පසුව ඉල්ලා අස් වූ බවද අනතුරුව 2024 වසරේ ජනවාරි මස 08 වැනිදා සිට 2025 මැයි 31 දින වනතෙක් සේවය කර ඉල්ලා අස් වූ බවද සඳහන් කළේය .
"ඖෂධ නියාමන අධිකාරිය ප්‍රධාන විධායක නිලධාරියා කියන්නේ කවුද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය එහිදී ප්‍රශ්න කර සිටියාය.
"ඔහු තමයි එම ආයතනයේ ප්‍රධාන නිලධාරියා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ඔහුව පත් කරනවා. ඒ ඇමතිවරයාගේ අනුමැතියට යටත්ව යි."
යනුවෙන් සාක්ෂිකරු ප්‍රකාශ කර සිටියේය.
2021 වසරේදී ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් තමන්ට පත්වීම ලබා දුන්නේ එවකට සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා බවත් ඔහු මෙම අධිකරණයේ සිටිනු තමන්ට හඳුනාගත හැකි බවත් සාක්‍ෂිකාර විශේෂඥ වෛද්‍යවරයා එහිදී සඳහන් කර සිටියේය .2024 වසරේදී තමන්ට පත්වීම ලබා දුන්නේ එවකට සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ රමේෂ් පතිරණ මහතා විසින් බව සඳහන් කළ සාක්‍ෂිකරු එම තනතුර පූර්ණ කාලීන ව තනතුරක් බව ට සඳහන් කළේය.

ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් දහතුන් දෙනෙකු සිටින අතර ප්‍රධාන විධායක නිලධාරීවරයා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයාගේ නියෝජිතයෙක් නිල බලයෙන් ඒ සඳහා පත්වන බවද , වෛද්‍ය ආයතන නියෝජිතයන් ලෙසවිශේෂඥ
වෛද්‍යවරුන්ද, ක්ෂේත්‍ර කිහිපයක සහ ප්‍රවීණයන් වන ඇමතිවරයාගේ නියෝජිතයින් හතර දෙනකු ඒ සඳහා පත්වන බව සාක්ෂිකරු කරුණු පැහැදිලි කරමින් සඳහන් කළේය.
ප්‍රධාන විධායක නිලධාරීවරයා පූර්ණකාලීන නිලධාරියෙකු වුවද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පූර්ණ කාලීන සේවකයන් නොවන අතර එම සාමාජිකයන් අතරින් එක් අයෙකු අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඇමතිවරයා විසින් පත් කරන බවද සඳහන් කළේය.
මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඇමතු සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා දැනුම් දුන්නේ මීට පෙර මෙම නඩුවට අදාළව සාක්ෂි ලබාදුන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසින්ද මෙන්ම කරුණු ඇතුළත් සාක්ෂි ලබාදී ඇති බැවින් එම කරුණු සම්බන්ධයෙන් නැවත නැවත මෙම සාක්ෂිකරු ගෙන්ද විමසීම් නොකරන ලෙසය.
අනතුරුව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරිය ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් "අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණ ක්‍රියාත්මක කරන්නේ කවුරුන්ද?" යන්න විමසා සිටියාය.
"අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණ ප්‍රධාන විධායක නිලධාරියා විසින් ක්‍රියාත්මක කරනවා .එම තීරණ අධ්‍යක්ෂ මණ්ඩලයේ සටහන් අනුව මෙමෝ පතක් මගින් මෙමෝ පතක් මගින් අනෙකුත් නිලධාරීන්ට දැනුම් දෙනවා. එම දැනුම් ම කරන ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නියෝග කරනවා. ්‍අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් ලෙස ප්‍රධාන විධායක නිලධාරියා කටයුතු කරනවා අධ්‍යක්ෂ මණ්ඩලයේ න්‍යායපත්‍රය සකස් කිරීම, සටහන් තැබීම, ආදිය සිදු කරන්නේ ප්‍රධාන විධායක නිලධාරියා විසින්. අධ්‍යක්ෂ මණ්ඩල න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතු කරුණු ඇතුළත් සටහන්, ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ උපදෙස් මත ඒ ඒ අංශ ප්‍රදානය විසින් සකස් කොට ප්‍රධාන විධායක නිලධාරීවරයාට ලබා දෙනවා. අනතුරුව ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ අත්සනින් එම පත්‍රිකා අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කරනවා" යනුවෙන් සාක්ෂිකරු ඊට පිළිතුරු ලබා දුන්නේය.

"ප්‍රධාන විධායක නිලධාරීයා ගේ උපදෙස් මත කියන්නේ කුමක්ද ?"යි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වලින් ප්‍රශ්න කර සිටියාය.
"යම් යම් දේ ගැන ගන්නා ප්‍රතිපත්ති තීරණ තිබෙනවා නම් අංශ ප්‍රධානීන් සමග සාකච්ඡා කර අදාළ උපදෙස් ලබාදී කෙටුම් පත් කර එම පත්‍රිකා සකස් කරනවා. අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරන සටහන් කුමක්ද යන්න පිළිබඳව අංශ ප්‍රධානීන් හැර දැනුවත්ව සිටින්නේ ප්‍රධාන විධායක නිලධාරියා පමණයි .අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාවක අන්තර්ගතය පිළිබඳ වගකීම අංශ ප්‍රධානියා සතුයි. ඔහු සහ ප්‍රධාන විධායක නිලධාරියා එම පත්‍රිකා අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කිරීමට පෙර සභාපති සමඟ සාකච්ඡා කරනවා .එවිට සභාපතිවරයා ත් ඒ ගැන දැනගන්නවා " යනුවෙන් සාක්ෂිකරු සඳහන් කර සිටියේය.
අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පිළිබඳ පූර්ව දැනුම්දීම් පෙර රැස්වීම් දිනයේ ම දැනුම් දෙන අතර එහිදී සාකච්ඡාවට ගතයුතු පත්‍රිකා සහ සටහන් පිළිබඳ දැනුම් දීමක් රැස්වීමට දින හතරකට පෙර ඊමේල් මගින් සියලුම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වෙත ලබාදෙන බවද සාක්ෂිකරු තවදුරටත් සඳහන් කළේය.
"අධ්‍යක්ෂ මණ්ඩල තීරණ එම අවස්ථාවේදීම නිලධාරීන්ට දැනුම් දෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ අදාල තීරණ දැනුම්දීම සඳහා සතියක් පමණක් ගතවන බවය.ඒ සම්බන්ධයෙන් සටහන් සැකසීම හ සාමාජිකයන්ට බෙදා දීමේ වගකීම සම්පූර්ණයෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා සතුව ඇති බවද ඔහු සඳහන් කළේය. අධ්‍යක්ෂ මණ්ඩල තීරණ ක්‍රියාත්මක කිරීමත් ,කාර්යය මණ්ඩලය බඳවා ගැනීමේ සිට සියලුම පරිපාලන කටයුතු ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් සිදු කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේය. ජාතික ඖෂධ නියාමන අධිකාරිය ,සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය මගින් පාලනය වන අතර එම අමාත්‍යාංශ සමග සම්බන්ධීකරණ කටයුතු කිරීම විගණන කාර්යයන් ආදී සියල්ලම ප්‍රධාන විධායක නිලධාරීවරයා සතු වගකීම් බවද සාක්ෂිකරු තවදුරටත් කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ ය.
"සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන රැස්වීම් වලට ප්‍රධාන විධායක නිලධාරීවරයා සහභාගී වෙනවාද" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය දී එහිදී විමසා සිටියාය. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ ඇමතිවරයාගේ සහභාගිත්වයෙන් පවත්වන සමාලෝචන රැස්වීම් වලට ප්‍රධාන විධායක නිලධාරීවරයා ද සහභාගී වන බවය.
"ඖෂධ නියාමනය පිළිබඳ වගකීම ඇත්තේ කා සතුව දැයි කවුරුන් සතුව දැ"යි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය එහිදී ප්‍රශ්න කර සිටියාය .
"ඖෂධ නියාමනය ගැන වගකීම ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියට යි. නිවැරදි, ප්‍රත්‍යක්ෂ, ආරක්ෂාකාරී ,ඖෂධයක් පහසු මිල ගණන් යටතේ ලබාදීම සම්බන්ධයෙන් වගකීමක් එම ආයතනය සතු වෙනවා. එහි සම්පූර්ණ වගකීම ඇත්තේ අධ්‍යක්ෂක මණ්ඩලයට යි.
එහිදී ඖෂධ වේදීන් තමයි මූලික කරුණු සකස් කරන්නේ .පසුව එම කරුණු විශේෂඥයන්ගේ අවධානයට හා අධ්‍යක්ෂක මණ්ඩලයට යොමු වෙනවා. ඒ සම්බන්ධයෙන් වන නියාමන මාර්ගෝපදේශ ඖෂධ නියාමන අධිකාරියේ රෙගුලාසි වල ඇතුළත් වෙනවා .මාර්ගෝපදේශ අනුව ප්‍රධාන ප්‍රධාන විධායක නිලධාරීවරයා කටයුතු කළ යුතුයි. නියාමන යේදී ගන්නා තීරණ අධ්‍යක්ෂක මණ්ඩලයට දැනුම් දෙනවා. එහිදී නියාමන මෙහෙයවීම සහ පාලනය කිරීම ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ වගකීමක්. ඒ අනුව තමයි පසුව සහතික නිකුත් කිරීමේ යනාදිය ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් සිදුකරන්නේ," යනුවෙන් සාක්ෂිකරු දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කළේය.

අධිකාරියට දෛනිකව විශාල ලියකියවිලි ප්‍රමාණයක් ලැබෙන බවද ලියාපදිංචිය මුදාහැරීමේ සහතික දෛනිකව නිකුත් කරන බවද ලංකාවේ ඖෂධ ජාලය පවත්වාගෙන යාම සඳහා එවැනි සහතික නිකුත් කිරීම අත්‍යයවශ්‍ය බවද කිරීමට සිදුවන බවද ඔහු තවදුරටත් සඳහන් කර සිටියේය.
"යම් ඖෂධයක් සඳහා අනුමැතිය දීමේ හැකියාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට තිබේදැයි" නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී ප්‍රශ්න කර සිටියාය.
ඖෂධයක තාක්ෂණික ඇගයීම සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව සහ ඇගයීම් කමිටුව විසින් කටයුතු කරන අතර ඉන් පරිබාහිරව සෞඛ්‍ය ලේකම්වරයාට එම ඖෂධය සඳහා අනුමැතිය දීමට හැකියාවක් නොමැති බවද සාක්ෂිකරු කියා සිටියේය. අමාත්‍යාංශ ලේකම්වරයා අභියාචන කමිටු සාමාජිකයෙක් පමණක් වන අතර අධිකාරිය මගින් ලබා දෙන තීන්දු තීරණ සම්බන්ධයෙන් යම් සමාගමකට හෝ පුද්ගලයකුට අභියාචන මණ්ඩලයට අභියාචනා කළ හැකි බව ද, විශ්‍රාමික විනිසුරුවරයෙක, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එම කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන බවද සාක්‍ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
"අධිකාරිය විසින් ම යම් ඖෂධ නිෂ්පාදකයන් සඳහා මාර්ගෝපදේශ නිකුත් කර ඇති අවස්ථාවක එය ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රධාන විධායක නිලධාරීවරයා බැඳී සිටිනවාද?"යි නියෝජ්‍ය සොරිස්ටර් ජනරාල්වරිය ය ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය.
ඇගයීම් කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කළ පසුව ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් සහතික නිකුත් කරනවා. මාර්ගෝපදේශ වලට පරිබාහිරව ලියාපදිංචිය මුදාහැරීමේ සහතික නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය ලේකම්වරයාට නීතිමය හැකියාවක් නෑ , අධිකාරියේ තීරණ ක්‍රියාත්මක වන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින්. . අධිකාරියේ එම කටයුතුවලට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයක් නෑ .ලියාපදිංචිය මුදා හැරීමේ සහතික නිකුත් කිරීමට සෞඛ්‍ය ලේකම්වරයාට හැකියාවක් නෑ" සාක්ෂිකරු තවදුරටත් සඳහන් කළේය .
" අතිරේක ලේකම්වරයෙකු ට එවැනි සහතිකයක් නිකුත් කිරීමේ බලය තිබේදැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී ප්‍රශ්න කර සිටියාය .
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ ලියාපදිංචි මුදා හැරීමේ සහතික ලබාදීමට අයදුම්කරුවන් යොමු කරන අයදුම්පත් අතිරේක ලේකම්වරයාගේ නිර්දේශ මත අධිකාරියට ම ලැබෙන බවත්, සියලුම ලියාපදිංචි ලියාපදිංචිය මුදා හැරීමේ සහතිකය ලබා ගැනීමේ අයදුම්පත් අමාත්‍යාංශයේ නිර්දේශයට අනුවම පැවති යුතු බව යි. කෙලින්ම අයදුම්පත් යොමු කිරීමට කිසිදු සැපයම්කරුවකුට හෝ නිෂ්පාදකයකුට බෑ. එම අයදුම්පත් සෞඛ්‍ය යෙන්ම අමාත්‍යාංශ ලේකම් අතිරේක ලේකම් හෝ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හරහා වරයා නිර්දේශ කිරීමෙන් අනතුරුව ලැබිය යුතුයි .එවැනි ඉල්ලුම්පත් ලැබුණු පසුව ලිපි භාර ගැනීමේ අංශය සටහනක් තබා අංකයක් ලබාදී ඉතිරි කටයුතු සිදු කරනවා.' යනුවෙන් සාක්ෂිකරු පිළිතුරු ලබා දුන්නේය.

අදාල අයදුම්පත් ලැබීමෙන් පසුව එය ඖෂධ උපකරණ අංශයට යොමු කළ යුතුද යන්න සලකා බලා අදාල අංශවලට න්න මාර්ගෝපදේශ අනුව ඉතිරි කටයුතු සිදුකරන බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර සිටියේය.
එම අයදුම්පත් සමග අමාත්‍ය මණ්ඩල සංදේශ හා ඊට අදාළ ගිය කියවිලි අමුණා එවනවාද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය එහිදී ප්‍රශ්න කර සිටියාය තමන්ගේ සේවා කාලය තුල එවැන්නක් ලැබී නොමැති බව ඔහු කියා සිටියේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව ඇති ලේඛනයක් තම කැමැත්තට පුද්ගලික විමර්ශනයක් සඳහා ලබාදීමට හෝ පුද්ගලික රස පරීක්ෂණයකට ලබාදීමට ප්‍රධාන විධායක නිලධාරීවරයාට නොහැකි අතර ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් ලබා ගත යුතු බවද සඳහන් කළ සාක්ෂිකරු මෙම ප්‍රශ්නගත ඖෂධ මිල දී ගැනීමට අදාළ සටහන් මාලිගා කන්ද අධිකරණය විසින් සිදු කරන ලද නියෝග අනුව තමන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කළ බවද ප්‍රකාශ කළේය.
"ඖෂධයක ලියාපදිංචි නිෂ්පාදකයා දේශීය සැපයුම්කරු සහ ලියාපදිංචිය සම්බන්ධයෙන් වන තොරතුරු දීමේ හැකියාව තිබේ දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී ප්‍රශ්න කර සිටියාය.
අදාළ තොරතුරු ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව ඇති බවත් එම තොරතුරු වලට ප්‍රවේශ වී කමිටුවලට සහාය දැක්වීමට ඖෂධ වේදීන්ට හැකියාව ඇති අතර ඒ සම්බන්ධයෙන් මහජනතාවට දැන ගැනීම සඳහා වෙබ් අඩවිය යාවත්කාලීන කරන බවද සඳහන් කළ සාක්ෂිකරු ඉන්දියානු ඖෂධ නිෂ්පාදනාගාර සහ එහි නිෂ්පාදනය කරන ඖෂධ වල දේශීය සැපයුම්කරුවන් සම්බන්ධ තොරතුරු ද с දැනගැනීමේ හැකියාව ඇති බව සඳහන් කළේය.
අප ඖෂධ ඖෂධ නිෂ්පාදනාගාර පරීක්ෂා කරනවා ඇතැම් විට අදාළ රටට ගිහින් සිදු කරනවා. විශේෂ ගැටලුවක් නොමැති අවස්ථාවල සැකයක් නොමැති නම් ලිපි ලේඛන මගින් සොයා බලනවා " රටවල ලියාපදිංචි වූ ආයතන ගැන තොරතුරු තිබෙනවා. දකුණු ආසියානු කලාප සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා එම නිෂ්පාදකයන් ලියාපදිංචි වී තිබෙනවා ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකියි යනුවෙන් සාක්ෂිකරු තවදුරටත් සඳහන් කළේය.

ලියාපදිංචි මුදාහැරීමේ සහතික නිකුත් කිරීමට අදාළ ඖෂධය සැපයුම්කරු සහ නිෂ්පාදකයා පිළිබඳ තොරතුරු එම සහතිකය ලබා ගැනීමට අදාළ ආවරණ ලිපිය සමඟ ඉදිරිපත් කරන බව සාක්ෂිකරු සඳහන් කළ අවස්ථාවේදී එම සහතික නිකුත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය අවශ්‍ය වන්නේ කවර හේතුවක් මත දැයි නියෝජ්‍ය සොරිස්ටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කර සිටියාය.
ලියාපදිංචිය මුදා හැරීමෙන් සහතික ලබාදෙන්නේ අදාල ඖෂධය සඳහා ලියාපදිංචි සහතිකයක් නොමැති වූ විටයි. එය රටට අවශ්‍ය ඖෂධයක් ද යන්න බව තහවුරු කර ගැනීමට තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය අවශ්‍ය වන්නේ " යනුවෙන්සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.
යම් ඖෂධයක නිෂ්පාදකයා දේශීය සැපයුම්කරු පිළිබඳව සොයා බැලීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට හැකියාවක් තිබෙනවා තොරතුරු සියල්ලම අධිකාරිය සතුයි. ලියාපදිංචි නොමැති නිෂ්පාදකයෙකු සහ ලියාපදිංචි නොමැති සැපයුම්කරුවකු විසින් ඖෂධයක් සැපයීම ඒ සම්බන්ධයෙන් ලියාපදිංචි සහතික ලියාපදිංචිය මුදාහැරීමේ සහතික නිකුත් කිරීමට ත්ර ගෙන ඇති බව ප්‍රධාන විධායක නිලධාරීවරයා දැනුවත් වූ අවස්ථාවක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඔහුට නොහැකි බවත් එය විශේෂඥ කමිටුවට යොමු කර න්න එහි නිර්දේශය මත ලියාපදිංචි මුදා හැරීමේ සහතිකය නිකුත් කිරීම හෝ නොකිරීම සිදු කළ හැකි බව යි සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
ලියාපදිංචි සැපයුම්කරුවන් හා විදේශ නිෂ්පාදකයා කවුරුන්ද යන්න පිළිබඳව දත්ත ඇති අතර එය ඕනෑම අවස්ථාවකදී පරීක්ෂා කර න්න බැලීමේ හැකියාව ප්‍රධාන විධායක නිලධාරීවරයාට සහ අදාළ අංශ ප්‍රධානීන්ට ඇති බවද ,ඉන්දියානු සමාගමකින් "රිටොක්සිමැප් ඖෂධය න් ලබා ගැනීම සඳහා බයෝ ටෙක් පාමා ආයතනයට ලියාපදිංචි මුදාහැරීමේ සහතික ය ලියා ලබාදීමට අදාළව එම සමාගම් සහ සැපයුම්කරු ලියාපදිංචිව සිටින්නේද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීමේ හැකියාව ප්‍රධාන විධායක නිලධාරීවරයා සතුව තිබෙන බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
"සාමාන්‍යයෙන් ඖෂධයක් පිළිබඳව පැමිණිලි ලැබෙන්නේ එය භාවිතයට පෙරද එසේ නොමැතිව පසුව" දැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී ප්‍රශ්න කර සිටි අතර ඔව් යනුවෙන් සාක්ෂිකරු පිළිතුරු ලබා දුන්නේය.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කර සිටියේ " නොදන්නා නිෂ්පාදකයකු ගෙන් ඖෂධයක් ලබාගෙන එන පැමිණිලි බාර ගැනීම පමණද කළ යුත්තේ නැතිනම් ඊට වැඩි වගකීමක් තියෙනවද" යනුවෙනි.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු "වැඩිමනත් වගකීමක් තියෙනවා තාක්ෂණික කමිටුව විසින් රසායනාගාර පරීක්‍ෂණ සිදු කරනවා . සමීක්ෂණ කටයුතු කරනවා ආවේක්ෂණ කටයුතු මගින්ද ඖෂධයක ගුණාත්මක භාවය පරීක්ෂා කළ හැකියි. ලියාපදිංචිය මුදාහැරීමේ සහතික නිකුත් කිරීමේ දී අදාල ඖෂධය සම්බන්ධයෙන් රෝගීන් ඉදිරිපත් කළ පැමිණි තිබේද යන්න පිළිබඳව සලකා බලනවා. අතුරු ආබාධ වෙනත් රටවල අදාළ ඖෂධය භාවිතා කර තිබේද යන්න පිළිබඳව දැඩි විශ්ලේෂණයක ට යොමු කිරීමෙන් අනතුරුවයි එම සහතික යන් නිකුත් කරන්නේ" යනුවෙන් කියා සිටියේය.
ප්‍රදානය ලබාදී ඇති නිෂ්පාදකයා අදාළ ඖෂධ නිෂ්පාදනය නොකරනවා නම් එම ඖෂධය ලබාගන්නා රෝගියාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නිලධාරීවරයා විසින් ඒ සම්බන්ධයෙන් ප්‍රසම්පාදන ය අංශය දැනුවත් කළ යුතුයි.ඒ සම්බන්ධ අවසන් තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගනු ලබනවා. "යැයි සාක්ෂිකරු තවදුරටත් සඳහන් කර සිටියේය.
ප්‍රශ්න ගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නෑ. එය ලංකාවේ නිෂ්පාදනය කිරීමට හැකියාවක් නෑ. එය ඉතාම සංවේදී ඖෂධයක්. ලෝකයේ නිෂ්පාදන ආයතන කිහිපයක පමණයි. එය අදාළ ආයතනය නිෂ්පාදනය නොකරන බව, ප්‍රධාන විධායක නිලධාරීවරයා අනාවරණය කර ගත්විට ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශයට හ ප්‍රසම්පාදන කමිටුවට දැනුම් දිය යුතුයි යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු තවදුරටත් සඳහන් කළේය .
ලියාපදිංචිය මුදා හැරීමේ සහතික නිකුත් කිරීමේ WOR කමිටුවේ තීරණ එහි නිලධාරීන් විසින් වගුවක් ආකාරයෙන් ප්‍රධාන විධායක නිලධාරීවරයාට දැනුම්දෙන අතර මෙම ප්‍රශ්නගත ඖෂධය සම්බන්ධයෙන් ඇති ලේඛන තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් බවද සාක්ෂිකරු කියා සිටියේය.
ඖෂධ ආනයනකරුවන් ට ඖෂධ ආනයනය කිරීම සඳහා බලපත්‍ර තිබෙනවා බලපත්‍ර ලබාදීම සහ ඖෂධ ප්‍රවාහනය සඳහා ප්‍රවාහන සහතික ලබා ගැනීම සුදුසුකම් සහ යෝග්‍යතාවය යනාදිය පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව සිදු කරන බව සඳහන් කළ සාක්ෂිකරු ගුණාත්මක භාවය සහ ඖෂධයක තත්ත්වය ආරක්ෂා කර ගැනීමට නිසි ප්‍රමිතියෙන් යුතු ගබඩාකරණය සහ ප්‍රවාහනය අත්‍යවශ්‍ය වන බවද එසේ ම නොවන අවස්ථාවක ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව ක් අධිකාරිය සතුවන බවද කළේය.

මෙම අවස්ථාවේදී විත්තිකාර පාර්ශවය මෙම නඩුවේ නව වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේ දස වැනි විත්තිකරු විසින් මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශයක් ලබාදී ඇති තර එහි පිටපතක් ලබා ගැනීමට අවශ්‍ය බවය.
තමන් ඒ ගැන නොදන්නා බවත් එම ප්‍රකාශය මහේස්ත්‍රාත් අධිකරණයේ රහසිගතව කරන ලැබූ ප්‍රකාශයක් වන බැවින් එහි පිටපත් තමන් සතුව නොමැති බවත් නියෝජ්‍ය සොරිස්ටර් ජනරාල්වරිය එහිදී කියා සිටියා.
එහිදී මෙම නඩුව සම්බන්ධයෙන් කටයුතු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීවරයා අධිකරණයට කැදවූ විනිසුරු මඩුල්ල "එවැනි ප්‍රකාශයක් සිදුකර තිබේදැයි" ප්‍රශ්න කර සිටියේය.
අදාළ විත්තිකරු විසින් එවැනි පාපොච්චාරණයක් අධිකරණයේදී සිදුකළ බව විමර්ශන නිලධාරීවරයා සඳහන් කර සිටියේය.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ලෙස විනිසුරු මඩුල්ල එහිදී කාර්ය මණ්ඩලයට නියෝගයක් කළේය.
අනතුරුව දිවා විවේකයෙන් අනතුරුව නඩු කටයුත්ත ආරම්භ කළ අවස්ථාවේදී විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා අදාල ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් කරමින් සඳහන් කළේ දස වන විත්තිකරු විසින් මහ්ස්ත්‍රාත් අධිකරණයේදී රහසිගත ප්‍රකාශයක් කර ඇති අතර එය මුද්‍රා තබා බව දැන ගැනීමට කරුණු සොයා බැලීමේදී දැනගැනීමට ලැබුණු බවය. ඒ අනුව එම ප්‍රකාශය මෙම නඩු ගොනුවට ගොනු කරන ලෙස රෙජිස්ටර්වරයා ට නියෝග කෙරිණි.
එම අවස්ථාවේදී අධිකරණය ඇමතූ දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා සඳහන් කළේ දස වන විත්තිකරු විසින් මෙවැනි ප්‍රකාශයක් කර ඇති බවය. දෙවැනි විත්තිකරු දන්නෙත් අද. ඒ පිළිබඳව නීතිපති නිශ්චිතව දන්නේ නැති බවද අනාවරණය වුණා මහේස්ත්‍රාත් අධිකරණයේදී දහවන චූදිත අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව ප්‍රකාශයක් කර ඇත්නම් එය අති චෝදනා පත්‍රයේ ඇතුළත් විය යුතුයි. නැතිනම් පිටපත් ලබාදිය යුතුයි.
මෙම ප්‍රකාශය පිළිබඳව අධි චෝදනා ගොනුකළ නීතිපති දෙපාර්තමේන්තුවත් නොදැන සිටිනවා විමර්ශනයේදී ඉදිරිපත් වන කරුණු අධි චෝදනා ගොනු කරන නීතිපති හා විත්ති පාර්ශ්වය දැනගත යුතුයි. එමගින් එසේ නොමැති වූ විට සාධාරණ නඩු විභාගයට ඇති අයිතිය අහිමි වෙනවා. මේ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කිරීමට කැමතියි" යනුවෙන් ප්‍රකාශ කළේය.
නඩුවේ අටවෙනි විත්තිකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා ද එම ප්‍රකාශය සඳහා අනුමැතිය පළ කරමින් සඳහන් කළේ මෙම නඩුවට අදාළ විමර්ශනය කොතරම් නිවැරදි විමර්ශනයක් ද යන්න පිළිබඳව ගැටලූ සහගත බවය." විමර්ශකයන් ගේ සද්භාවය ගැන ගැටලුවක් තිබෙනවා සමීකරණයට විසඳුමක් සිතේ තබාගෙන එම විසඳුම ලබා ගැනීම සඳහා මෙම විමර්ශනය සිදු කළාද යන්න පිළිබඳව සාධාරණ සැකයක් ඇතිවෙනවා විමර්ශනයට අදාළ සියලු කටයුතු සියලු කරුණු නීතිපති දැනගත යුතුයි. "යනුවෙන් සඳහන් කළේය
එහිදී "නීතිපතිවරයා ත් ඒ සම්බන්ධයෙන් දැනුවත් වන්නේ වරින්වර යනුවෙන් ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය කරේ මෙවැනි ප්‍රකාශයක් ගැන පූර්ව විභාගය සම්මන්ත්‍රණයේ දී කතා කළා. අදාළ ප්‍රකාශය අවශ්‍ය නම් අදාළ ප්‍රකාශයේ පිටපත් ලබා ගැනීම් ගත හැකි බවට අධිකරණය විසින් එහිදී නියෝගයක් කළා. මේ සම්බන්ධයෙන් දෙවැනි චූදිත අධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළ අතර ඊට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන පෙත්සමක් ගොනු කළා. එම නඩුවට අදාළව මෙම මහේස්ත්‍රාත් අධිකරණ සම්පූර්ණ නඩු ගොනුව ඉදිරිපත් කර තිබෙනවා දෙවෙනි චූදිත විසින් ගනිමින් අසත්‍ය ප්‍රකාශයක් මෙම අධිකරණයට සිදුකරනවා" යනුවෙන් සඳහන් කළේය.
එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ප්‍රකාශය දස වන විත්තිකරු විසින් කර ඇති අතර එහි පිටපත් ලබා ගැනීම සඳහා ඔහු කිසිදු අවස්ථාවක ඉල්ලීමක් කර නොමැති බව ද, අදාළ ප්‍රකාශයේ පිටපත් ලබා ගැනීම සඳහා වන චූදිත මීට පෙර කළ ඉල්ලීමට අදාළව අධිකරණය විසින් නියෝගයක් ලබාදී ඇති බවද සඳහන් කළේය ඒ අනුව නීතිපති නොදන්නා, විත්තිය නොදන්නා විමර්ශනයක් මත මෙම නඩුව පදනම් වී ඇති බවට කරන ලද ප්‍රකාශය පදනම් විරහිත බවට නියෝග කරන බවද සභාපති විනිසුරුවරයා එහිදී සඳහන් කළේය. අදාළ ප්‍රකාශ ව චේතනාන්විත පදනමක් නොමැතිව ආරක්ෂාව සඳහා කළ කරුණු දැක්වීමක් පමණක් ලෙස අධිකරණය නිරීක්‍ෂණය කරන බවද සභාපති විනිසුරුවරයා සිය නියෝගය ප්‍රකාශ කරමින් සඳහන් කළේය.
අනතුරුව සාක්ෂිකරුගෙන් මූලික ප්‍රශ්න කිරීම නැවත ආරම්භ කරන ලදී.

"ජාතික තත්ත්ව ආරක්ෂණ රසායනාගාරය සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට බලයක් තිබේද" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය එහිදී ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ එවැනි බලයක් ඇති බවය. ප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රධානියා වන අතර ආයතනයේ සියලු පරිපාලන කටයුතු, සම්බන්ධීකරණ කටයුතු ඔහු හරහා සිදුවන අතර බවද සාම්පල් ලබාගැනීම , ඖෂධ වල තත්ත්වය පරීක්‍ෂා කිරීම රෝහල් මගින් පෞද්ගලික අංශයේ රෝහල්. හල්වල භාවිතා වන ඖෂධ සම්බන්ධයෙන් ලබාදෙන පැමිණිලි වල තත්වය පරීක්ෂා කිරීම සාම්පල් ලබා ගැනීම යනාදී සියලු කටයුතු ඔහුගේ පරිපාලනයට යටත්ව සිදු කරන බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.
පෞද්ගලික අංශවල පරීක්ෂා කරන ලද සාම්පල පිළිබඳව තොරතුරු ලබා ගැනීම සිදු කරන අතර ඇතැම් අවස්ථාවලදී විශේෂ රටවලට සාම්පල යවා පරීක්ෂාවන් සිදු කරන බවද සාක්ෂිකරු වා තවදුරටත් සඳහන් කර සිටියේය.
ඒ සමගම සාක්ෂිකරුගෙන් මූලික සාක්ෂි විමසීම වසන් කරන බව නියෝජ්‍ය සොරිස්ටර් ජනරාල්වරිය සඳහන් කළාය. මෙම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම හෙට දින සිදුකිරීමට නියම කෙරිණ.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අධිචෝදනා ගොනු කෙරුණි.
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13 ක් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරුන් ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද
නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබේ.

(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)




