එම අනුමැතිය ලබා ගැනීම සඳහා වන ලිපියක් 2024 මේ මස 24 වැනිදා පැවති ඖෂධ ඇගයීම් රැස්වීමට ලැබුණු බවද අලුතෙන් ඖෂධ ලබා ගැනීමට ගතවන කාලය සහ ජල භීතිකා එන්නත අධික මිලකින් යුක්තවීම හේතුවෙන් කල් ඉකුත් වූ එම එන්නත් තොගය විනාශ කිරීම රජයේ මුදල් නාස්ති කිරීමක් වන බැවින් අදාළ තීරණය ගත් බවද එහිදී අනාවරණය විය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ දෙවැනි සාක්ෂිකරු ලෙස නම් කර සිටින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සචින් නිශාන්ත සේමගේ මහතා වෙත හය වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නුවන් ජයවර්ධන මහතා හරස් ප්‍රශ්න යොමු කළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
කල් ඉකුත් වූ ඖෂධ විකිණීම වරදක් වුවත් මෙම කල් ඉකුත් වූ ජලභීතිකා එන්නත් තොගය භාවිතා කිරීමට තාක්ෂණික කරුණු මත තීරණය කළ බව එම හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න පළ බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනිණි.
එම නඩුවේ දෙවැනි සාක්ෂිකරු වන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සචින් නිශාන්ත සේමගේ මහතා ගෙන් දෙවන දිනට සාක්ෂි විමසීම අද සිදුකරන ලදී.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න පළ බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනිණි.
එම නඩුවේ දෙවැනි සාක්ෂිකරු වන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සචින් නිශාන්ත සේමගේ මහතා ගෙන් දෙවන දිනට සාක්ෂි විමසීම අද සිදුකරන ලදී.

පෙර නඩු දිනයේ දී සාක්ෂි ලබා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් බවට ඔහු විසින් ප්‍රකාශ කරන ලද ලේඛන කිහිපයක මුල් පිටපත් සහ ලේඛන විවෘත අධිකරණයේදී හඳුනා ගන්නා ලදී.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන බැවින් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලබන තීරණ සෙසු ආයතන වලට දැනුම් දීම ඔහු විසින් සිදු කරන බවද එකම ආකෘතියක් යටතේ සිදුකරන බවද සාක්ෂිකරු සඳහන් කර සිටියේය. අනතුරුව මෙම නඩුවේ චූදිත වෛද්‍යය විජිත් ගුණසේකර මහතා ශ්‍රි ලංකා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්කිරීම සඳහා වූ ඇමතිවරයාගේ අනුමැතිය සහිත ලිපියේ පිටපතක් ඔහු හඳුනාගත්තේ ය. එම ලිපිය නිකුත් කර ඇති එවකට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම අධිකරණයේ විත්තිකරුවන් අතර සිටින බවද සාක්ෂිකරු හඳුනාගත්තේ ය.

අනතුරුව සාක්ෂි ලබාදෙමින් සාක්ෂිකරු සඳහන් කළේ "අයිසොලස් බයෝටෙක් පාමා" ආයතනයේ ඖෂධ නිෂ්පාදනාගාරය ට අවසර ගැනීමට අනුමැතිය ඉල්ලා තිබූ බවය.ඒ සඳහා ස්ථානීය පරීක්‍ෂණයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකළ අතර ඒ සඳහා අනුමැතිය නොහැකි බවට එම ස්ථානීය පරීක්ෂණයෙන් අනතුරුව අදාළ නිලධාරීන් විසින් තමා වෙත දන්වා සිටි බවද ඒ බව එම ආයතනයට තමන් විසින් ලිඛිත දැනුම් දීමක් කළ බවද සාක්ෂිකරු එහිදී සඳහන් කර සිටියේය.
ඖෂධයක උපරිම වෙළඳපළ මිල යනු කුමක්දැයි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය එහිදී ප්‍රශ්න කර සිටියාය. උපරිම මිල නියම කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය බවත් එම මිල පවත්වාගෙන යාම ,නියාමනය කිරීම එම අධිකාරියේ වගකීමක් වන බවත් සාක්ෂිකරු එහිදී සඳහන් කර සිටියේය.
"යම් නිෂ්පාදන සමාගමක් වෙනත් රටක් විසින් අසාදු ගත කර ඇති අවස්ථාවක ඒ පිළිබඳව කරුණු සොයා බැලීමේ හැකියාවක් ඖෂධ නියාමන අධිකාරියට තිබේ ද?"යි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය එහිදී විමසා සිටියාය.
ඖෂධයක උපරිම වෙළඳපළ මිල යනු කුමක්දැයි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය එහිදී ප්‍රශ්න කර සිටියාය. උපරිම මිල නියම කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය බවත් එම මිල පවත්වාගෙන යාම ,නියාමනය කිරීම එම අධිකාරියේ වගකීමක් වන බවත් සාක්ෂිකරු එහිදී සඳහන් කර සිටියේය.
"යම් නිෂ්පාදන සමාගමක් වෙනත් රටක් විසින් අසාදු ගත කර ඇති අවස්ථාවක ඒ පිළිබඳව කරුණු සොයා බැලීමේ හැකියාවක් ඖෂධ නියාමන අධිකාරියට තිබේ ද?"යි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය එහිදී විමසා සිටියාය.
"එවැනි අසාදු ගත කිරීමක් පිළිබඳව මගේ සේවා කාලය තුළ මා මට දැනගන්නට ලැබී නෑ . නමුත් අවශ්‍ය නම් ආසියානු වගේ වෙබ් අඩවි වලට ගිහින් බලන්න පුළුවන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඒ බව නිවේදන මගින් දැනුම් දී තිබෙන අවස්ථා තිබෙනවා. " යනුවෙන් සාක්ෂිකරු පිළිතුරු ලබා දුන්නේය.

යම් නිෂ්පාදක යෙක් වෙනත් රටක අසාදු ගත කර ඇතිවිට ,ලංකාවේ සැපයුම්කරුවකු ලෙස වෙනත් රටකින් ඖෂධයක් ආනයනය කිරීමට ඔහු තේරී ඇති අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ වගකීම කුමක්දැයි නියෝජ්‍ය සෙල්සියස් ජනරාල්වරිය එහිදී ම විමසා සිටියාය. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කරුණු විමසා කටයුතු කිරීම ඖෂධ නියාමන අධිකාරියේ වගකීමක් බවය. ෆාමේන් සමාගම එලෙස අසාදු ගත කළ සමාගමක් බවත් තම සේවා කාලයේදී එම සමාගම වෙනුවෙන් ලැබී තිබූ අයදුම් පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බවත් සාක්‍ෂි කරු තවදුරටත් සඳහන් කර සිටියේය.
""යහපත් පුරුදු "යන මූලධර්මය අව භාවිතා කළ පුද්ගලයකු ප්‍රදානයක් කිරීම සඳහා සඳහා තෝරාගෙන ඇති විට ඒ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වනවාද?"යි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය. "ඒ ගැන සලකලා බලලා තමයි තාක්ෂණික තීරණ ගනු ලබන්නේ .ඒ සම්බන්ධයෙන් වෙනත් ආයතන වලට දැනුම් දීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වගකීමක්' යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළේය.

ඒ සමඟම සාක්ෂිකරු ගෙන් මූලික සාක්ෂි විමසීම කිරීම අවසන් කරන ලදි..
අනතුරුව විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් හරස් ප්‍රශ්න ඉදිරිපත් කිරීම නව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයතිලක මහතා ආරම්භ කළේය.
එම හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කර සිටියේ තමන් විවිධ රටවල විවිධ ආකාරයේ තනතුරු වල කටයුතු කර ඇති බවය.
ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරියක් තිබෙන බව තමා දන්නා බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්ණායක අනුව එම ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරිය පහළම මට්ටමේ එකක් බවද සාක්ෂිකරු එහිදී ප්‍රකාශ කළේය. අප්‍රිකාවේ හෝ ආසියාවේ රටකට ඖෂධ සැපයීමේ විශේෂයක් නොදක්වන බවද ඔහු සඳහන් කර සිටියේය.
ඉන්දියාවේ සිට දකුණු ආසියානු රටකට හෝ අප්‍රිකානු රටකට ඖෂධ අපනයනය කිරීමේදී ඒ සම්බන්ධයෙන් ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒකාබද්ධ ව දැඩි නියාමනය කට ලක් කරන බ වට විත්තිකාර පාර්ශ්වයේ නීතිඥවරයා ඉදිරිපත් කරන යෝජනාව තමන් නොපිළිගන්නා බවද , තමන්ගේ දැනීමේ හැටියට එවැන්නක් සිදු නොවන බවද, සාක්ෂිකරු කියා සිටියේය.
නව ඖෂධ සැපයුම්කරුවකුට ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි වීමට හෝ ලියාපදිංචිය මුදාහැරීමේ සහතික ලබා ගැනීමට කිසිදු බාධාවක් නොමැති බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය. එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව මෙම නඩුවේ පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
එම හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කර සිටි යේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වරයා ලෙස තමන් අවස්ථා දෙකක දී කටයුතු කළ අතර මුල් අවස්ථාවේදී අදාළ තනතුර සඳහා අයදුම් පත්‍රයක් යොමු කළ යුතු බවය. කෙසේ වුවද තමන් එවැනි අයදුම් පත්‍රයක් යොමු නොකළ නමුත් පනතේ විධිවිධාන අනුව තමන් පත්කර ඇති බව කරුණු සොයා බැලීමේදී දැනගත් බවද සාක්ෂිකරු සඳහන් කර සිටියේය.
කෙසේ වුවද දෙවැනි අවස්ථාවේදී අදාළ තනතුර සඳහා පත්වීමට තමන් විසින් අයදුම් පත්‍රයක් යොමු කළ බව සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.
"එම තනතුර සඳහා පත්වීමට අවශ්‍ය සුදුසුකම් මා සම්පූර්ණ කර තිබෙනවා අදාළ පත්වීම අධ්‍යක්ෂක මණ්ඩලය ඇමතිවරයාගේ අනුමැතියට යටත්ව සිදු කළා. පළමු අවස්ථාවේදී මම මා එම තනතුරෙන් ඉල්ලා අස් වූයේ පෞද්ගලික හේතුවක් මතයි. ඒ වනවිට රටේ මහජන කැලඹීමක් තිබුණා. ආර්ථික අපහසුතා තිබුණු කාලයක් බව පිළිගන්නවා වන විටත් මම යුද හමුදාවේ බ්‍රිගේඩියර් කෙනෙක් වශයෙන් සක්‍රීයව සේවය කළා. ජන අරගල සම්බන්ධයෙන් විශේෂ දැනුවත් වීමක් නෑ. සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් සාමාන්‍ය ප්‍රවෘත්ති වලින් ලැබුණු තොරතුරු දැනගත්තා"යනුවෙන් සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි මුදා හැරීමේ සහතික ලබා ගැනීම සඳහා ඕනෑම අයෙකු ට සිය අයදුම් පත සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත ඉදිරිපත් කළ යුතු බවද සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
එම අවස්ථාවේදී සාක්ෂිකරුට තවත් ප්‍රශ්නයක් යොමු කරමින් නීතිඥ වරයා" ඖෂධ ලබාගැනීම , ප්‍රවාහනය, බෙදා හැරීම සහ වෛද්‍ය සැපයුම් අංශයට භාර දීම දක්වා වන කටයුතු නියාමනය කිරීම ජාතික ඖෂධ ඖෂධ නියාමන අධිකාරියේ වගකීමක් වන්නේදයි විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කර සිටියේ මුල් අවස්ථාවේ සිට නියාමනය කිරීම අධිකාරිය විසින් සිදුකරන බවත් නීති විරෝධයේ යමක් සිදුවන්නේ නම් ඊට එරෙහිව පියවර ගැනීමේ හැකියාවද ඇති බවය.
කෙසේ වුවද "අධිකාරිය විසින් සිය වගකීම් නිසි ලෙස ඉටුකර නොමැති බව"ට වන සඳහනක් "ජාතික විගණන විමසීම කමිටු වාර්තාව"ක සඳහන් වන බව සාක්ෂිකරු දන්නේදැයි නීතිඥවරයා එහිදී ප්‍රශ්න කර සිටියේ ය.
ඒ පිළිබඳව තමන් දන්නා බවත් , ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට යොමු කළ බවත් සඳහන් කළ සාක්ෂිකරු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා ඒ සම්බන්ධයෙන් සිදු කළේ කුමක්ද යන්න පිළිබඳව නොදන්නා බව සඳහන් කළේය. ඒ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා තමන්ට දැනුම් දීමක් නොකළ බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ සහ ආහාර පරීක්ෂකවරු ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් කටයුතු කරන අතර නීති විරෝධී න් කටයුතු සිදුවන අවස්ථාවලදී ඊට එරෙහිව පියවර ගැනීමට ඔවුන් කටයුතු කරන බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර සිටියේය.
මෙහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ විගණන කමිටු වාර්තාව මගින් ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් දක්වා ඇති ගැටලු පිළිගන්නේ ද යන්නය.
ඒ බව නිරීක්ෂණය කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය පියවර ඇති බවත් සඳහන් කළ සාක්ෂිකරු ඖෂධ නියාමන අධිකාරියේ යම් යම් අඩුපාඩු ඇති බව විගණන වාර්තාව හේතුවෙන් දැනගත් බව සඳහන් කළේය.
එහිදී විනිසුරු විරාජ් වීර සූරිය මහතා නැවත වරක් ප්‍රශ්න කර සිටියේ "මෙම වාර්තාවේ සඳහන් අඩුපාඩු සත්‍ය වශයෙන්ම අධිකාරියේ ඇති බවට පිළිගන්නවාද ?"යනුවෙනි.
ලෞකික අමාත්‍යාංශයේ යම් යම් අඩුපාඩු ඇති බව පිළිගන්නවා.
"ඖෂධ ගබඩා කිරීම ප්‍රවාහනය සම්බන්ධයෙන් අධිකාරියේ අවධානය යොමු නොවූ බව එම විගණන වාර්තාවේ සඳහන් වන වෙනවා. එය පිළිගන්නවාද?"යනුවෙන් විනිසුරුවරයා නැවතත් ප්‍රශ්නයක් යොමු කළේය. ඊට පිළිතුරු දෙමින් " යම් අඩුපාඩුවක් තිබුනා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ සඳහා පහසුකම් නොතිබූ බව තමයි සඳහන් වෙන්නේ .එහි සඳහන් කර ඇත්තේ 23 වසරට අදාළ කරුණු" යනුවෙන් සාක්ෂිකරු සඳහන් කර සිටියේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය හැර මෙරට ඖෂධ නියාමනයට වෙන ආයතනයක් නෑ නේද යනුවෙන් විනිසුරු විරාජ් වීරසූරිය මහතා එහිදී නැවත ප්‍රශ්නයක් යොමු කළේය.
"නෑ . අධිකාරියේ යම් යම් අඩුපාඩු තිබුණා. ඒ හේතුවෙන් ගුණාත්මක භාවයට බලපෑමක් තිබුණා මා රාජකාරී කරන විට විගණන වාර්තාව ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් මෙම අඩුපාඩු නිවැරදි කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට දැනුම් දුන්නා මෙම අඩුපාඩු දීර්ඝ කාලීනව පැවත එන අඩුපාඩු තමයි.
මා දන්නා පරිදි පහසුකම් තිබුණත් යම් යම් අතපසුවීම් වී තිබුණා" යනුවෙන් සාක්ෂිකරු ම ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන්නේය.
එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා " ප්‍රවාහනය නිසා ඖෂධයට හානි වූ බවට වාර්තා වූ අවස්ථා තිබෙනවාද?" යනුවෙන් විමසීමක් කළ අතර සාක්ෂිකරු එවැන්නක් වාර්තා වී නොමැති බව සඳහන් කළේය.
"ගබඩා කිරීම් නිසා ඖෂධයට හානි වූ අවස්ථා පිළිබඳව වාර්තා වී තිබේද"?
යනුවෙන් සභාපති විනිසුරුවරයා නැවත ප්‍රශ්නයක් යොමු කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කර සිටියේ "ඔව්පෞද්ගලික අංශයේ ගබඩා සම්බන්ධයෙන් එවැනි දේ වාර්තා වුණා. රජයේ ගබඩා සම්බන්ධයෙන් එවැනි වාර්තා වීමක් මගේ සේවා කාලය තුළ සිදුවී නෑ" යනුවෙනි.
හරස් ප්‍රශ්න විමසීම සිදු කරමින් එහිදී නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා" රජයේ ඖෂධ ගබඩා පරීක්ෂා කිරීමක් අධිකාරියේ නිලධාරීන් විසින් සිදු කරන්නේද "යන්න සාක්‍ෂිකරුගෙන් විමසා සිටියේය.
එය අධිකාරියේ නිලධාරීන්ගේ රාජකාරියේ කොටසක් බව ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළ සිටියේය. ඖෂධ නිෂ්පාදනාගාර වල ස්ථානය පරීක්‍ෂණ සිදුකිරීම ඖෂධ වේදීන් ඇතුළු අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන අතර ඇති යන්ත්‍ර සූත්‍ර සම්බන්ධයෙන් පරීක්ෂාවන් සිදු කිරීමට අදාළ දැනුම ඔවුන් සතුවන බවද සඳහන් කළ සාක්ෂිකරු අදාළ නිලධාරීන් බඳවා ගැනීමේ දී ඔවුන් සතුව එම සුදුසුකම් නොමැති වුවත් පසුව ඔවුන්ට විශේෂ පුහුණුව ලබාදී එම සුදුසුකම් සම්පූර්ණ කරන බව කියා සිටියේය.
අනතුරුව නඩුවේ දෙවෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය. ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ගන්නා තීරණ සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරීවරයා සිය අත්සනින් යුතු ලිපි අදාල ආයතන වෙත යොමු කරන බව එහිදී සාක්ෂිකරු සඳහන් කළේය.
යම් සැපයුම්කරුවෙකු ට ආනයනය කළ ඖෂධ රේගුවෙන් නිෂ්කාශණනය කර ගැනීම සඳහා ලියාපදිංචිය මුදාහැරීමේ ලේඛනය
සම්බන්ධයෙන් විද්‍යුත් ලිපියක් ලෙස පෙන්වීමෙන් සිදුකළ නොහැකි බවද ඒ සඳහා ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ අත්සන සහිත ලිපිය අත්‍යවශ්‍ය බවද සාක්ෂිකරු එහිදී කියා සිටියේය. ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් දෙවැනි වර තමන් පත් වූ අවස්ථාවේදී හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් යන ඖෂධ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විමර්ශනයකට අදාළව ලිපි ලේඛන ලබාදීමට කටයුතු කළ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
යම් සැපයුම්කරුවෙකු ට ආනයනය කළ ඖෂධ රේගුවෙන් නිෂ්කාශණනය කර ගැනීම සඳහා ලියාපදිංචිය මුදාහැරීමේ ලේඛනය
සම්බන්ධයෙන් විද්‍යුත් ලිපියක් ලෙස පෙන්වීමෙන් සිදුකළ නොහැකි බවද ඒ සඳහා ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ අත්සන සහිත ලිපිය අත්‍යවශ්‍ය බවද සාක්ෂිකරු එහිදී කියා සිටියේය. ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් දෙවැනි වර තමන් පත් වූ අවස්ථාවේදී හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් යන ඖෂධ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විමර්ශනයකට අදාළව ලිපි ලේඛන ලබාදීමට කටයුතු කළ බවද සාක්ෂිකරු සඳහන් කළේය.

එසේම එම විමර්ශන වලට අදාළව තමන් අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවට කට උත්තර දෙකක් ලබාදුන් නමුත් අදාළ විමර්ශනය සම්බන්ධයෙන් පුද්ගලිකව සොයා බැලීමක් නොකළ බව සාක්ෂිකරු එහිදී කියා සිටියේය.
"සැපයුම්කරු නිසි පරිදි ලියාපදිංචි වී සිටියත්, නිසි පරිදි ගබඩා කර තිබුණත්, ඇතැම් ඖෂධ රෝගීන්ට ලබාදීම දීමේදී සංකූලතා ඇතිවිය හැකියි නේද "
යනුවෙන් නීතිඥවරයා එහිදී ප්‍රශ්නයක් යොමු කළ අතර එවැනි සංකූලතා ඇතිවිය හැකි බවද සාක්ෂිකරු සඳහන් කර සිටියේය. එවැනි අවස්ථාවක නඩු පැවරිය හැකිද යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළේය
ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණු පසු විශේෂඥ කමිටුවක් මගින් එය විමර්ශනය කරන බවය.ඖෂධයක් හේතුවෙන් මරණයක් සිදුවූ කළ වාර්තා වූ අවස්ථාවකදී මරණය සිදු වූ ආකාරයත් තහවුරු කර ගැනීමෙන් අනතුරුව අදාළ ඖෂධය තාවකාලිකව අත්හිටුවීමට, ස්ථිර ලෙස අත් හිටුවීම, තාවකාලිකව භාවිතා නොකිරීමට සහ ස්ථිර ලෙසම එම ඖෂධය භාවිතයෙන් ඉවත් වීමට යනාදී කරුණුවලින් එකක් සිදුකරන බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.
රජයේ රෝහල්වල පවතින සියලුම ඖෂධ සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකිරීමට ඖෂධ නියාමන අධිකාරියට හැකියාවක් නොමැති බවද සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.

යම් භාණ්ඩ තොගයක් ලියාපදිංචි මුදාහැරීමේ සහතික මත ආනයනය කර තිබියදී රේගුවෙන් නිෂ්කාශනය කර ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් එම ඖෂධයේ වලංගු කාලය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති වන්නේදැයි නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේය. ඖෂධයක ජීව කාලය තුළදී එම ඖෂධය භාවිතා කළ හැකි බව සාක්ෂිකරු සඳහන් කළේය.
කෙසේ වුවද ඖෂධ සියල්ලම පරීක්ෂාවට ලක් කිරීම රජයේ මුදල් අපතේ යාමක් ලෙස හැඳින්විය හැකි බවද සාක්ෂිකරු සඳහන් කර සිටියේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය අභ්‍යන්තර සාකච්ඡා වලදී ගනු ලබන තීරණ වල රහසිගත භාවයක් තිබේදැයි නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළේය.
අධිකාරියේ සියළු නිලධාරින් සේවයට එක්වීමේදී රහසිගත භාවය සම්බන්ධයෙන් දිවුරුමක් ලබාදෙන අතර 2021 වසරේ සිට මේ දක්වාම ලියාපදිංචි මුදා හැරීමේ සහතික ක්‍රමවේදයක් නොමැති බවද සාක්ෂිකරු තවදුරටත් කියා සිටියේය.
මෙම නඩුවේ තුන්වන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න යොමු කළ නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා ගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් සාක්ෂිකරු කියා සිටියේ රටේ පුරවැසියන්ට නිදහස් සෞඛ්‍ය සේවාවක් ලබාදීම රටේ ප්‍රමුඛ අරමුණක් බව සඳහන් කළේය.
අනතුරුව නඩුවේ හය වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නුවන් ජයවර්ධන මහතා හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවිය තුළ ඖෂධ සම්බන්ධයෙන් තොරතුරු ඇති බව සඳහන් කළ සාක්ෂිකරු එම සංකූලතා ඇති ඖෂධ වලට අදාළ තොරතුරු ද අදාළ වෙබ් අඩවියේ ඇති බව සඳහන් කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවියේ දත්ත සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවූ විට තමන් ඒ පිළිබඳව සොයා බැලූ බව සාක්ෂිකරු සඳහන් කළේය. ලියාපදිංචිය මුදා හැරීමේ සහතික නිකුත් කිරීමට අදාළ අයදුම්පත් සම්බන්ධ තොරතුරු වලට අදාළ දත්ත එලෙස මකා දමා තිබූ අතර පින්ලන්ත ආයතනයක් සමඟ එක්වී එම දත්ත නැවත ලබා ගැනීමට කටයුතු කළ බවද, සාක්ෂිකරු එහිදී කියා සිටියේය අදාළ දත්ත නැති වූ වහාම ඒ සම්බන්ධව භෞතිකව කටයුතු කිරීමට තීරණය කළ බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේය. කෙසේ වුවද අදාළ දත්ත මකා දැමීම හේතුවෙන් ඖෂධ නියාමන අධිකාරියේ කටයුතුවලට බාධාවක් ඇති නොවූ බවද සාක්ෂිකාර විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස අවස්ථා දෙකකදී කටයුතු කළ තමන් පෞද්ගලික හේතූන් මත එම අවස්ථා දෙකේදීම ඉල්ලා අස්.වූ බව සාක්ෂිකරු කියා සිටියේය.
ජල භීතිකා එන්න සම්බන්ධයෙන් ගැටලුවක් තිබූ බවට තමන්ට වැටහීමක් නොමැති බවට සඳහන් කළ සාක්ෂිකරු කල් ඉකුත් වූ වූ ජල භීතිකා එන්නත් භාවිතය යනුවෙන් සඳහන් ලේඛනයක් 2022 මැයි 24 දින ය පැවැත් වූ නම් ඇගයීම් රැස්වීමට සහභාගි ඉදිරිපත් කළ බව පිළිගත්තේය.. කල් ඉකුත් වූ ඖෂධ රෝගීන්ට ලබා දීම නීතියට පටහැනියට නැද්ද යනුවෙන් නීතිඥවරයා එහිදී ප්‍රශ්නයක් යොමු කළේය.
එය තාක්ෂණික කරුණක් බව සාක්ෂිකරු සඳහන් කළේය. ඖෂධයක කල් ඉකුත් වීමේ දිනයක් සඳහන් කරන්නේ ඇයි යනුවෙන් නීතිඥවරයා එහිදී විමසා සිටියේය. සාමාන්‍යයෙන් ඖෂධයක ජීව කාලය අනුව කල් ඉකුත් වීමේ දිනයක් සඳහන් කරනවා. කල් ඉකුත් වූ ඖෂධ භාවිත කළ නොහැකි බවට සඳහන් වුවද තාක්ෂණික කරුණ මත එය වෙනස්වන බව වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර සිටියේය.

"ඒ වනවිට රටේ ඖෂධ හිඟයක් පැවතුණා ඊට පිළියමක් ලෙස තමයි ජල භීතිකා එන්නත් තොගය කල් ඉකුත් වී තිබුණත් රෝගීන්ගේ කැමැත්ත මත ඔවුන්ට ලබාදීමට තීරණය කළේ. එසේම ජල භීතිකා එන්නත යනු ඉතාම මිල අධික ඖෂධයක්. අලුතෙන් එන්නත් ලබා ගැනීමට අයදුම් කිරීම සුවිශේෂී තත්ත්වයක්." යනුවෙන් සාක්ෂිකරුවන් වැඩිදුරටත් සඳහන් කළේය.
ජල භීතිකාව යනු අනිවාර්යෙන්ම මරණය සිදුවන තත්ත්වයක්. එහිදී ඖෂධයක් ලබා නො දීමට වඩා කල් වූ ඖෂධ හෝ ලබාදීම වැදගත් යනුවෙන් සඳහන් කළේය. එම එන්නත් තොගය නැවත භාවිතා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණයක්. එම එන්නත් අලුතින්ම ගෙන්වීමට ගතවන කාලය ද ඊට බලපෑවා. කල් ඉකුත් වූ ඖෂධ විනාශ කිරීම යනු රජයේ මුදල් නාස්ති කිරීමක් යනුවෙන් සාක්ෂිකරු නීතිඥවරයාගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියේය. අනතුරුව සාක්ෂි විමසීම එදිනට අවසන් කරන ලදි.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අධිචෝදනා ගොනු කෙරුණි.
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප්මැබ්ති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13 ක් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරුන් ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද
නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබේ.
නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබේ.

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)




