ලියාපදිංචිය මුදා හැරීමේ සහතික නිකුත් කිරීමේ කමිටුවේ( WOR) සාමාජිකයෙකු ලෙස වසර ගණනක් කටයුතු කළ තමන්ට ඒ සඳහා පත්වීම් ලිපියක් නොතිබූ බවත්, අධ්‍යක්ෂක මණ්ඩලය කිසිදු අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න නොකළ බවත් විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ 43 වැනි සාක්ෂිකරු ලෙස නම් සාක්ෂි ලබාදෙමින් විශේෂඥ වෛද්‍ය වරයා මේ බව සඳහන් කළේය
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනිණි.
ඊයේ (09) දින සාක්ෂි ලබාදීම සඳහා සිතාසි නිකුත් කරන සිටින මෙම නඩුවේ 241 වන සාක්ෂිකාර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදී ඩිල්ෂානී සෞභාග්‍යා ගුණසේකර ගෙන් සාක්ෂි ලබා ගැනීම අවශ්‍ය නොවන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට දන්වා සිටියාය .
මෙම නඩුවට අදාළව මීට පෙර සාක්ෂි ලබා දුන් සාක්ෂිකරුවකු විසින් සදහන් කළ කරුණු නැවත ප්‍රකාශ කිරීමක් මෙම සාක්ෂිකාරියගෙන් ද ප්‍රකාශ වන බැවින් එකම සාක්ෂිය පුනර්කථනය වීමක් වන බව මෙම සාක්ෂිකරුවන් සමඟ නීතිපති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදී අනාවරණය වූ බව නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය සඳහන් කළාය.ඒ අනුව එම සාක්ෂිකාරිය මුදා හරින ලෙස ඉල්ලා සිටියාය. එම කරුණු සලකා බැලූ අධිකරණය එම සාක්ෂිකාරිය මුදා හැරීම ට නියම කළේය.
අනතුරුව මීට පෙර නිකුත් කරන ලද සිතාසි මත අධිකරණයේ පෙනී සිටි අනෙක් සාක්ෂිකරු ගෙන් සාක්ෂි විමසීම ආරම්භ කරන ලදී .
ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය ගේ මෙහෙයවීමෙන් කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් බණ්ඩාර දිසානායක මහතා සාක්ෂි ලබා දුන්නේය.
වෛද්‍ය උපාධිය 1992දී ලබා ගැනීමෙන් අනතුරුව කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ සුදුසු කම් සම්පූර්ණ කර 1993 වසරේ සිට වසර 32 ක් පමණ රජයේ රෝහල් වල ද්‍රව්‍ය කළ බව ද කායික රෝග විශේෂඥ වෛද්‍ය ආයතනයේ නියෝජිතයකු ලෙස සහ විශේෂඥයකු ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සේවය ට එක් වී එහි වෛද්‍ය ඇගයුම් කමිටුවේ සහ එම කමිටුවේ උප කමිටුවක් වන ලියාපදිංචිය මුදා හැරීමේ සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් වන කමිටුවේ (WOR ) සාමාජිකයෙකු ලෙස කටයුතු කළ බව ඔහු සඳහන් කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොමැති සැපයුම්කරුවෙකු ඖෂධ සැපයීම සඳහා තෝරා ගත් විට WOR කමිටුව විසින් "ලියාපදිංචිය මුදා හැරීමේ සහතික" නිකුත් කරනවා. එහිදී ඖෂධය , නිෂ්පාදකයා සහ සැපයුම්කරු, පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරවනවා කමිටුවේ සාමාජිකයන් ට අමතරව ඇතැම් ඖෂධ සඳහා විශේෂඥයෙකු ගේ සහාය ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් එවැනි විශේෂඥයෙකු කැඳවනවා" යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළේය.
" WOR " කමිටුවේ කටයුතු සඳහා මාර්ගෝපදේශ මාලාවක් තියෙනවාද "
යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙහිදී ප්‍රශ්න කළාය.
ඊට පිළිතුරු දුන් දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ලබාදුන් මාර්ගෝපදේශ අනුව කමිටුව සෑම විටම කටයුතු කරන බවය . එම කමිටුව මාසයකට දෙවරක් රැස්වෙන අතර විශේෂ අවස්ථාවකදී වැඩි වාර ගණනක් රැස්වන අවස්ථා ඇති බවද , විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නියෝජිතයෙක් ,වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජිතයෙක්, සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නියෝජිතයෙක් අදාළ කමිටුවට රැස්වන බව තමන්ගේ මතකයේ ඇති බව සාක්ෂිකරු එහිදී සඳහන් කර සිටියේය.
"වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජිතයෙක් ඊට සහභාගී වන්නේ ඇයි"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය මෙහිදී ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය.

"WOR" එකක් දීමේදී කරුණු කිහිපයක් ගැන සැලකිලිමත් වෙනවා කොපමණ තොග තියෙන එම ඖෂධය අත්‍යවශ්‍ය අවශ්‍ය දෙයක්ද ඖෂධ කොපමණ තොග තියෙනවාද ඉදිරියට ලැබීමට තිබෙන තොග ප්‍රමාණය කොපමණද ලැබෙමින් පවතින තොග ඖෂධ ප්‍රමාණය කොපමණද යන්න පිළිබඳව දැනගත යුතුයි එම තොරතුරු ලබා දෙන්නේ වෛද්‍ය සැපයුම් අංශය විසින් එම තොරතුරු වාර්තාව තාක්ෂණික කමිටුව විසින් කැඳවනු ලබනවා"යනුවෙන් සාක්ෂිකරු පිළිතුරු ලබා දුන්නේය.
එහිදී ලංසු පරීක්ෂාවක් සිදු කරන්නේදැයි නියෝජ්‍ය සුදුසු ජනරාල්වරිය විමසා සිටියාය.
සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියේ අවශ්‍යතාවයක් ඇතිවූ විට එවැනි පරීක්ෂාවක් සිදුකරන බවය . WOR සහතික ය ඉල්ලා සිටින්නේ ලංකාවේ ලියාපදිංචි නොවූ ඖෂධයකට නම් එම ඖෂධය සැපයීම සඳහා ලියාපදිංචි වී සිටින තවත් අය සිටිනවාද යන්න පිළිබඳව සලකා බලන බවත් එසේ ලියාපදිංචි වී සිටින සැපයුම්කරුවන් සිටී නම් ලියාපදිංචි නොවූ සැපයුම්කරුවකුට ලියාපදිංචි මුදා හැරීමේ සහතික නිකුත් කිරීම කිරීම සුදුසු නොවන බව ට තීරණය කරන බව කරුණු පැහැදිලි කරමින් සාක්ෂිකරු සඳහන් කළේය.
"ලංකාවට ඖෂධ ගෙන ඒම සඳහා ලියාපදිංචි වී සිටින අයෙකු ට සම්බන්ධයෙන් ඇගයීම් කිරීම පහසුයි. නමුත් ලංකාවේ ලියාපදිංචි නොවූ සැපයුම්කරුවකු පිළිබඳව ඇගයීම් කිරීමක් කරන්න බැහැ"යනුවෙන් සඳහන් කළ සාක්ෂිකරු ලංකවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොවූ ඖෂධ ඇති බවත් , බොහෝවිට ලංකාවට අනවශ්‍ය ඖෂධ, ලංකාවේ නැති රෝග සඳහා වන ඖෂධ, ලංකාවේ ජාතික ආර්ථිකයට දැරිය නොහැකි මිලක් සහිත ඖෂධ, ලෙස හැඳින්විය හැකි බවද එවැනි ඖෂධ ලියාපදිංචි කිරීම සඳහා කටයුතු නොකරන බවද කියා සිටියේය.
කෙසේ වුවද අත්‍යවශ්‍ය අවස්ථාවලදී ලියාපදිංචි නොමැති ඖෂධ සඳහා WOR සහතික නිකුත් කරන බව සාක්ෂිකරු ප්‍රකාශ කළ අතර එම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කවර හේතු මත එලෙස සහතික නිකුත් කරන්නේ දැයි විමසා සිටියාය .
"ජීවිතයක් බේරා ගැනීම සඳහා සමහර අත්‍යවශ්‍ය ඖෂධ තිබෙනවා. එවැනි අවස්ථාවකදී ලියාපදිංචි වූ ඖෂධ නොමැති නම් එවැනි අවස්ථාවකදී කරුණු සලකා බලා නීත්‍යානුකූලව අදාළ ඖෂධය ගැන්වීම සඳහා WOR සහතික නිකුත් කරනවා " යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළේය.
"එක් රෝගයක් සඳහා අවශ්‍ය ඖෂධයක් සැපයීමට ලියාපදිංචි වී සිටින කෙනෙකු ට වෙනත් ඖෂධ ගෙන ඒමට ලියාපදිංචි කර තිබෙනවාද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය එහිදී ප්‍රශ්න කර සිටියාය .
"ඔව් ,මීට පෙර ඖෂධ සපයා ඇත්නම් ඔහු විශ්වාසනීය සැපයුම්කරුවෙකු ලෙස සලකනවා මීට පෙර සපයා ඇති ඖෂධයේ ප්‍රමිතිය , විශ්වාසනීය භාවය ,යනාදිය සලකා බලා එවැනි අයෙකුට WOR සහතික නිකුත් කරනවා.කරුණු සලකා බැලීමෙන් අනතුරුව කිසිදු බියකින් තොරව එවැනි අයෙකුට WOR සහතික නිකුත් කළ හැකියි. යම් නිෂ්පාදකයෙක් ගුණාත්මක භාවයෙන් යුතු ඖෂධ ලංකාවට එවා තිබෙනවා නම්, එසේ නැති කෙනෙකුට WOR සහතික නිකුත් කිරීමට වඩා ලියාපදිංචිය අවලංගු වී ඇති සැපයුම්කරුවකුට එය නිකුත් කිරීමට කටයුතු කරනවා. සැපයුම්කරුත් නිෂ්පාදකයත් යන දෙදෙනාම ලියාපදිංචි වී නොමැති අවස්ථාවක WOR සහතික වීමට ඇති හැකියාව ඉතාම අඩුයි. රෝගීන්ට ලබාදීම සඳහා ඖෂධ සැපයීමට තමයි මෙම සහතිකය නිකුත් කරන්නේ.ඒ සඳහා හොඳ විශ්වාසයක් තිබිය යුතුයි. රෝගීන්ට දෙන ඖෂධ විශ්වාසයකින් තොරව ලබා දෙන්න බෑ " යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළේය
WOR සහතික පත් නිකුත් කිරීමට අවශ්‍ය කරන ඖෂධ වර්ග කුමක්ද යන්න පිළිබඳව කමිටුවේ රැස්වීම පැවැත්වීමට පෙර ඖෂධ නියාමන අධිකාරිය විසින් විද්‍යුත් ලිපි මගින් දැනුම් දීමක් කරන අතර ඊට පෙර දින දුරකථන මගින්ද දැනුම් දෙන බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය. එලෙස එම කමිටුවට නිකුත් කරන ලද ලේඛනයක් සාක්ෂිකරු විසින් අධිකරණයේදී හඳුනාගනු ලැබිය.
එම ලේඛනයේ අවසන් තීරු තුන කමිටු අවස්ථාව වන විට සම්පූර්ණ කර නොමැති බවත් කමිටුව රැස්ව එම තීරු සම්පූර්ණ කිරීම කරන බවත් සාක්ෂිකරු තවදුරටත් සඳහන් කර සිටියේය.

යම් ඖෂධයක ගුණාත්මකභාවය , නිෂ්පාදකයා සහ සැපයුම්කරු මත රඳා පවතිනවා. ඔවුන් ලියාපදිංචි නොමැති වූ විට WOR කමිටුවට පුළුවන්. බාල ඖෂධ සඳහා එම ගේට්ටුව වැසීමේ බලය කමිටුවට අභිනියෝජනය කර තිබෙනවා. යම් ඖෂධයක් සැපයීම සඳහා නිෂ්පාදකයා සහ සැපයම්කරු ලියාපදිංචි වී නොමැති අවස්ථාවල ඒ සඳහා WOR සහතික නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරනවා. එවිට අදාළ ටෙන්ඩරය නැවත කැඳවන ලෙස උපදෙස් නිර්දේශ කරනවා .
"සාක්ෂිකරු ඖෂධ ඇගයීම් කමිටුවේ සාමාජිකයෙකුද ?"යන්න පිළිබඳව සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එහිදී ප්‍රශ්න කර සිටි අතර න් සාක්ෂිකරු ඊට "ඔව්" ලෙස පිළිතුරු ලබා දුන්නේය
නිෂ්පාදකයා සහ සැපයුම්කරු ලියාපදිංචි නොමැති අවස්ථාවක ඖෂධයක් ගැනීම භයානක බවත් එබැවින් WOR සහතික නිකුත් කිරීමට පෙර නිෂ්පාදකයා සහ සැපයුම්කරු කෙරෙහි දැඩි සැලකිල්ල යොමු කරන බව සාක්ෂිකරු එහිදී සඳහන් කර සිටියේය. තමන්ට එම කමිටුවේ කටයුතු කරද්දී පිළිකාව හේතුවෙන් පෙනහැල්ලට වතුර පිරීමේ රෝගී තත්ත්වයට ලබාදෙන ඖෂධයක් ගෙන්වීම සඳහා WOR සහතික නිකුත් කරන ලෙස ඉල්ලා තිබුණා. නමුත් එම ඖෂධයේ ගුණාත්මක භාවය පිළිබඳ දැඩි අවධානය යොමු කරමින් නිකුත් කිරීම ප්‍රතික්ක්‍ෂේප කළ බව සාක්ෂිකරු තවදුරටත් සඳහන් කළේය.
ඇතැම් ඖෂධ සැපයුම්කරුවන් WOR සහතික ඉල්ලා දිගින් දිගටම ඉල්ලීම ඉල්ලීම් කරන අතර එවැනි අවස්ථාවල ද එම සහතිකයලබා නොදීමට කටයුතු කරන බවද සාක්ෂිකරු කරුණු පැහැදිලි කරමින් සඳහන් ප්‍රකාශ කළේය.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළේ "WOR සහතිකය නිකුත් කිරීමේදී ඖෂධවල මිල සහ අදාළ ලංසුවේ සඳහන් මිල පිළිබඳව සැලකිල්ල යොමු කරනවාද නැද්ද යන්නය .
ඒ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ල යොමු කරන බවත්, ඇතැම් ඖෂධ ලංකාවේ ඖෂධහලකින් අඩු මිලකට ගත හැකිව තිබියදී ඉහළ මිලකට සැපයීම සඳහා WOR පත් ඉල්ලා සිටින බව ද එවැනි අවස්ථාවකදී, එය අසාධාරණ වන බැවින් "ඉහළ මිලකට ඖෂධ ලබා ගැනීම සඳහා අවසර දීම අසාධාරණ බව" සටහන් කර ලංකාවේ ඖෂධ හලකින් එම ඖෂධ ලබා ගන්නා ලෙස තමන් නිර්දේශ කරන බවද සාක්ෂිකරු තවදුරටත් සඳහන් කළේය .
"ඇතැම් අවස්ථාවල WOR කමිටුවේ අනුමැතිය ලබාදීම කල් තබන අවස්ථා තිබෙනවා නේද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය .
"ලිපි ලේඛන වල අඩුපාඩු ඇති විට ඊළඟ රැස්වීම තෙක් එය සලකා බැලීම කල් තබනවා ,එවැනි අවස්ථාවලදී අවශ්‍යතාවය මත වෛද්‍යවරුන්ගේ අනුමැතියට යටත්ව WOR සහතික ලබා දෙනවා ඒ වෛද්‍යවරයා අදාළ ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ භාවයකින් යුතු අයකු නම් ඒ සම්බන්ධයෙන් සැකයක් නොමැතිව WOR සහතික ලබාදිය හැකි යි." යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.
රෝගීන් ට ලබාදුන් නිර්වින්දන ඖෂධයක් හේතුවෙන් මරණ ය පවා සිදු වූ අවස්ථා තිබූ බවද ,ඒ හේතුවෙන් එම එන්නත ලබාදීම සඳහා එම අවස්ථාවේදී WOR සහතික ලබා නොදුන් බවද සඳහන් කළ සාක්ෂිකරු එහි නම් සදහන්ව සිටි නිෂ්පාදකයා සහ සැපයුම්කරු දෙදෙනාම ලියාපදිංචි නොමැති අය බවද, එවැනි අයගෙන් සුවිශේෂී ඖෂධයක් ලබා ගැනීම භයානක බැවින් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බව වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ලියාපදිංචි අය සිටියදී ලියාපදිංචි නැති අයෙකුට එම සහ අවස්ථා තිබේදැයි නියෝජ්‍ය ජෙනරාල් වරිය එහිදී ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය.

"එහෙම දෙන අවස්ථා අඩුයි . රෝගීන් ට මෙහෙම තමයි මෙම ඖෂධ අපි ලබා දෙන්නේ .එහිදී ගුණාත්මක භාවය පිළිබඳව දැඩි සැලකිල්ල යොමු කරනවා .සාමාන්‍යයෙන් මිලට වඩා ගුණාත්මක භාවය පිළිබඳව තමයි සලකන්නේ" යනුවෙන් සාක්කිකරු ප්‍රකාශ කළේය
"ඖෂධයක නිවැරදි සහ ආරක්ෂාකාරී බව තහවුරු කරගැනීම සඳහා අඩු ලන්සුව කෙරෙහි අවසර දීමට වඩා ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වීමට සිදුවෙනවා. එය අපට "අභි යෝජනය කර ඇති වගකීමක්. ඖෂධය ආරක්ෂාකාරී බව ගුණාත්මක බව සහ භාවිතය තමයි වැදගත්. ඒ ගැන සෑහීමකට පත්වීමට හැකිනම් WOR සහතික නිකුත් කරනවා අදාල තීරණ පිළිබඳව සටහන් රාජ්‍ය ඖෂධ නියාමන සංස්ථාව ට සහ වෛද්‍ය සැපයුම් ඒකකයේ දැනගැනීම සඳහා ඔවුන් වෙත යවන බවද සාක්ෂිකරු තවදුරටත් සඳහන් කර සිටියේය.
2022 වසරේ සැප්තැම්බර් මස 16 දින අමාත්‍ය මණ්ඩලයේ දැනුම්දීමකට යටත්ව ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් ශීඝ්‍රගාමී ක්‍රමය යටතේ WOR සහතික නිකුත් කර ඇති බව ඔබ දැනුවත් දැයි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියාය.
තමන් ඒ පිළිබඳව පසුකාලීනව දැනගත් බව ත් එම ඖෂධ ලැයිස්තුව පිරික්සීමේදී ඇතැම් ඖෂධ වලට ලබාදිය නොහැකි බව පෙනී යාම නිසා ය ප්‍රතික්ෂේප කළ බවත් සඳහන් කළ සාක්ෂිකරු ඒ වන විට ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ව ලෙස කටයුතු කළ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පෞද්ගලිකව හඳුනන බවත් ඔහු මෙම නඩුවෙහි විත්තිකරුවකු ලෙස අධිකරණයේ සිටිනු තමන්ට හඳුනාගත හැකි බවත් කියා සිටියේය අනතුරුව ඔහුගේ මූලික සාක්ෂි විමසීම අවසන් කරන ලදී
ඉන් අනතුරුව නඩුවේ දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ ල මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය .
2023 ජනවාරි මස 27 වැනිදා රැස් වූ ඖෂධ ඇගයීම් කමිටුව WOR සහතික ලබා ගැනීම ට ලබාදුන් ඖෂධ ලැයිස්තුවක් පිළිබඳව නීතිඥවරයා එහිදී ප්‍රශ්න කර සිටියේය.

"⁹එය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සකස් කළ ඖෂධ ලැයිස්තුවක් නේද ?"
යනුවෙන් නීතිඥවරයා එහිදී ප්‍රශ්න කර සිටියේය.
එහිදී සාක්ෂිකරු සඳහන් කළේ එය WOR කමිටුව නොමැතිව නිකුත් කරන ලද ලැයිස්තුවක් බවය.
"ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයක් සිටින්නේ"දැයි ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
ඊට "ඔව්" යනුවෙන් සාක්ෂිකරු පිළිතුරු ලබාදුන් අතර WOR නිකුත් කිරීමේ අවසන් බලය අධ්‍යක්ෂ මණ්ඩලය සතුව පවතින්නේ ද යනුවෙන් නීතිඥවරයා ඔහුගෙන් විමසා සිටියේය .
"මං මේ ගැන පැහැදිලි කිරීමක් කරන්නද"? යනුවෙන් සාක්ෂිකරු එහිදී ප්‍රකාශ කළ අතර නීතිඥවරයා" ඔව් ද නැතිද යන්න ප්‍රකාශ කරන්න ලෙස සඳහන් කර සිටියේය.
නෑ එය මම පිළිගන්නේ නෑ. අපට රාජකාරියක් බාරවී තිබෙනවා. කමිටුවේ තීරණ ප්‍රධාන විධායක නිලධාරියාට යවනවා .ඔහු අවශ්‍ය ආයතන වලට ලිපි යවනවා .අධ්‍යක්ෂ මණ්ඩලයේ දැනගැනීමටත් එවැනි ලිපියක් යවනවා යනුවෙන් සාක්ෂිකරු සඳහන් කර සිටියේය .
පනතේ එකසිය නමය වගන්තිය අනුව අවසන් බලය ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලයට බව.එහිදී නීතිඥවරයා "සඳහන් කළේය
අවස්ථාවේ දී සාක්ෂිකරු සඳහන් කර සිටියේ "මට පනත බලන්න ඕන " යනුවෙනි . අනතුරුව සාක්ෂිකරු පනත පරීක්ෂා කළ අතර සභාපති විනිසුරු වරයා ඔහුට දන්වා සිටියේ පනතේ වගන්ති වෙන් වෙන්ව සලකා බැලිය යුතු නැති බවත් තමන්ගේ රාජකාරී කාලය තුළ ලැබූ අවබෝධයෙන් පිළිතුරු ලබා දෙන ලෙසත් ය.

තමන්ට අධිකාරිය විසින් රාජකාරියක් පවරා ඇති බවත් ගුණාත්මක භාවයෙන් යුතු ඖෂධ නිකුත් කිරීම ඊට අයත් බවත් එය සද්භාවයෙන් ඉටු කිරීම තමන්ගේ වගකීම බවද සාක්ෂිකරු එහිදී පිළිතුරු ලබාදෙමින් සඳහන් කර සිටියේය.
අදාල අවස්ථාවේදී ඖෂධ තුන්සිය විසි දෙකක් සඳහා WOR සහතික නිකුත් කර තිබීම සම්බන්ධයෙන් දැනුවත් බවක් තිබේදැයි නීතිඥවරයා එහිදී සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.
ඖෂධ 322ක් සඳහා නිකුත් කර ඇති WOR සහතික කටයුතු නොකරන ලෙස දැනුම් දීමක් පිළිබඳව තමන් නොදන්නා බවත් සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.
"හදිසි ප්‍රසම්පාදන කමිටුවක් කැඳවූ බව ඔබ දන්නවාදැ"යි නීතිඥවරයා එහිදී කරුණු විමසීමක් කළ අතර "එවැන්නක් මගේ මතකයේ නෑ. ප්‍රසම්පාදනය ගැන දන්නේ නෑ. මම බලන්නේ මට අදාළ කරුණු පමණයි. ප්‍රසම්පාදනය කරන්නේ කවුද? මොන ලේඛන මතද යන්න මට අදාළ නෑ. ඖෂධයක ප්‍රත්‍යක්ෂකාරී ආරක්ෂාකාරී ගුණාත්මක භාවය වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුයි. එය MEC එකේ හෝ WOR වගකීමක් නෙමෙයි .අධිකාරියේ ඉහළ නිලධාරීන් හෝ අධිකාරියේ සම්පූර්ණ විෂය පථය ගැන මට දැනුමක් නෑ. යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළේය .
මෙම නඩුවේ නව වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයතිලක මහතා ඉදිරිපත් කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ WOR ලබාදීමේදී අයදුම් කිරීම සඳහා නිර්නායක ඇත් තිබේදැයි තමන් නොදන්නා බවය. තමන් එම ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කර නොමැති නිසා ඒ බව නොදන්නා බව ඔහු සඳහන් කළේය.
"තමුන් එම කමිටුවේ සිටිනවා නම් ඒ සම්බන්ධයෙන් අවබෝධයක් සිටීම වැදගත් නේද? "යනුවෙන් නීතිඥවරයා එහිදී ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය. එම අයදුම්පත නිසි ලෙස ලැබී තිබේනම් පමණක් එය WOR කමිටුව වෙත ඉදිරියට ලැබෙන බව නීතිඥ සාක්කිකරු එහිදී සඳහන් කර සිටියේය.
"නිසි ලෙස අයදුම් කර තිබේද යන්න පිළිබඳව එහිදී සැලකිල්ලක් යොමු කරන්නේ නැතිදැ"යි නීතිඥවරයා නැවතත් සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය .
එහිදී ඔහු පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ "අයදුම් කර තිබෙනවාද නැද්ද යන්න අප සලකා බලන්නේ නෑ. මගේ වගකීම වන්නේ අවශ්‍ය ලේඛන තිබෙනවාද, එයට WOR ලබාදීම සඳහා සුදුසුකම් තියෙනවාද යන්න පිළිබඳව. ඖෂධයක් ලබාදීම සඳහා ගතවන කාලය පිළිබඳව අප බලන්නේ නෑ ඒ පිළිබඳව සලකා බලන්නේ තාක්ෂණික ඇගයුම් කමිටුව විසින් යැයි සාක්ෂිකරු පිළිතුරු ලබාදුන්නේය.
"WOR සහතික ලබාදෙන්නේ හදිසි අවශ්‍යතාවයක් මත හදිසි ඖෂධ ආනයනය කිරීමට නේද" යනුවෙන් නීතිඥවරයා එහිදී ප්‍රශ්න කර සිටි අතර සාක්ෂිකරු පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ එය අවස්ථාව අනුව වෙනස් වන බවය. ඖෂධයක් ගෙන්වීම සඳහා ගතවන කාලය පමණක් සැලකිල්ලට ගෙන තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීමට අවස්ථාව නොදෙන බවද WOR සහතික නිකුත් කිරීමේදී එම ඖෂධය අවශ්‍යද කොපමණ කාලයකට ද ලංකාවේ එම ඖෂධය තිබෙනවාද යන්න, පිළිබඳව සැලකිලිමත් වන බව සාක්ෂිකරු කියා සිටියේය.
අනතුරුව නඩුවේ දසවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා සාක්ෂිකරු ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
ප්‍රසම්පාදන ක්‍රියාවලියක දී පෙර අවශ්‍යතා සපයා නැති ඖෂධ සැපයීම කරුවෙකු තෝරා ගත් අවස්ථා තිබේදැයි ඔහු නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.
එහිදී සාක්ෂිකරු සඳහන් කළේ එවැනි අවස්ථාවකදී නැවත ටෙන්ඩර් කරන ලෙස උපදෙස් ලබා දෙන බවත්, අදාළ සැපයුම්කරුට වඩා වෙනස් සැපයුම්කරුවකු යෝජනා කිරීම අවශ්‍ය වූ විට WOR ලබා නොදෙන බවත් සාක්ෂිකරු සඳහන් කර සිටියේය.
එහිදී විනිසුරු විරාජ් වීරසූරිය මහතා සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ පෙර සැපයුමට අදාළ ලේඛන සලකා බලන්නේ කෙසේද යන්න පිළිබඳවයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව ඖෂධ සහ ඊට අදාළ නිෂ්පාදකයින් සැපයුම්කරුවන් සම්බන්ධ ලැයිස්තුවක් ඇති බවත් ඒ මත මෙම කරුණු තීරණය කරන බවත් සාක්ෂිකරු කියා සිටියේය.
මෙම නඩුවේ දොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතු කෝරළ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ MEC කමිටුවේ හෝ WOR කමිටුවේ සාමාජිකයෙකු ලෙස සාක්ෂිකරු සතුව පත්වීම් ලිපියක් තිබෙනවාද යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අතර සාක්ෂිකරු එවැනි ලිපියක් නොමැති බවට පිළිතුරු ලබා දුන්නේය.
අනතුරුව සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න කිරීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් සිදු කළාය.
එහිදී සාක්ෂිකරු සඳහන් කළේ, WOR නිකුත් කිරීම සඳහා තම කමිටුවට බලය අභි නියෝජනය කර තිබෙන බවය. එය ගැලීම් සටහනේ සඳහන් වන බවත් WOR නිකුත් කිරීම සම්බන්ධ අවසාන තීරණය ගන්නේ එම කමිටුව මගින් නිසි ලේඛන පරීක්ෂා කිරීමෙන් අනතුරුව බවද සාක්ෂිකරු සඳහන් කළේය.

WOR කමිටුව මාසයකට දෙවරක් රැස්වන බවද එම කමිටුවේ තීරණ MEC කමිටුවට දැනුම් දෙන බවද MECකමිටුව මසකට වරක් රැස්වන බවද සාක්ෂිකරු තවදුරටත් සඳහන් කළේය. 2023 ජනවාරි මස 27 වන දා රැස්වූ එම කමිටුවේ රැස්වීමේදී ප්‍රධාන විධායක නිලධාරියා විසින් ලබාදුන් නැවත අධීක්ෂණයට ලක් කළ බවද ,එහිදී WOR නිකුත් කර තිබූ ඇතැම් ඖෂධ අනුමත නොකිරීමට කටයුතු කළ බවද ,සඳහන් කළ සාක්‍ෂිකරු එම ඖෂධ අත්‍යවශ්‍ය නොවීම හා ඇතැම් හානිකර ඖෂධ එම ලැයිස්තුවේ සඳහන්වීම මත එම තීරණය ගත් බව සඳහන් කර සිටියේය.
එම ඖෂධ මිලදී ගැනීමට අදාළව හදිසි ප්‍රසම්පාදන කමිටුවක් රැස්වූ බව තමන්ගේ මතකයේ ඇතත් ඒ පිළිබඳව පැහැදිලිව නොදන්නා බව සාක්ෂිකරු සඳහන් කළේය.
WOR අයදුම්පත කමිටුවට ලැබෙන්නේ දැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය එහිදී සාක්ෂිකරුගෙන් විමසීමක් කළාය .එම අයදුම්පතක් තමන්ට නොලැබෙන බවත් ප්‍රධාන විධායක නිලධාරියාට ලැබෙන බවද එම අයදුම්පත තමන්ට අදාළ නොවන බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් නොවන බවද සාක්ෂිකරු සඳහන් කර සිටියේය.
"ප්‍රධාන විධායක නිලධාරියා ලබාදුන් WOR ගැන අධිකාරිය ගත් තීරණ මා දන්නේ නෑ එය මගේ කාර්ය භාරයෙන් තොරයි. මගේ කාර්ය භාරයෙන් තොර දේවල් මා සොයා බලන්නේ නෑ. ඒ ගැන වගකීමක් මා ගන්නේ නෑ. මේ සම්බන්ධව අධිකරණයේ නඩුවක් තිබෙනවාද යන්න පිළිබඳවත් මා දන්නේ නෑ. කෙසේ වුවත් 2023 ජනවාරි මස 27 වැනිදා පැවැති MEC කමිටුව තුන් WOR ගැන නැවත සලකා බැලුවා. එහි තිබූ සමහර ඒවා අනුමත කළා සමහර ඒවා අනුමත කළේ නෑ."යනුවෙන් සාක්ෂිකරු කරුණු පැහැදිලි කළේය .
MEC කමිටු සාමාජිකයෙකු හෝ WOR කමිටු සාමාජිකයෙකු ලෙස තමන්ට පත්වීම් ලිපියක් නොමැති බවත් සෙසු සාමාජිකයන්ටද එවැනි පත්වීම් ලිපි නොමැති බවත් සඳහන් කළ සාක්ෂිකරු එවැනි පත්වීම් ලිපියක් නොතිබීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය කිසිදු අවස්ථාවක ප්‍රශ්නයක් ප්‍රශ්න කර නොමැති බවද කියා සිටියේ ය.
මෙම සාක්ෂිකරුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව නඩුවට අදාළව සාක්‍ෂි ලබාගැනීම සඳහා සාක්ෂිකරුවන් හය දෙනෙකු සඳහා සිතාසි නිකුත් කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය. නඩුවට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය කල් තබන ලදී

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අධිචෝදනා ගොනු කෙරුණි.
හියුමන් ඉමියුනොග්ලොබියුලීන්න් සහ රිටොප්සිමැප් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13 ක් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරුන් ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබේ.

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)




