BREAKING
Top Ad
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඖෂධ ගෙන්වීමේ තීරණාත්මක බලය WOR කමිටුවට - නිර්දේශ අත්හිටුවීමේ බලය ගැනත් හෙළි වෙයි!

T

The Leader

March 13, 2026 • 7:02 AM

ඖෂධ ගෙන්වීමේ තීරණාත්මක බලය WOR කමිටුවට - නිර්දේශ අත්හිටුවීමේ බලය ගැනත් හෙළි වෙයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ ගබඩා නිසි ප්‍රමිතියට පවත්වාගෙන නොයන බවට 2024 ජනවාරි මස 4 වෙනිදා නිකුත් කළ විගණන වාර්තා විමසුමක සඳහන් වූ අතර රජයේ ආයතනයක් නිසා ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමක් නොකළ බවද එම අඩුපාඩු සකස් කර ගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට කාලය ලබා දුන් බවද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සචින් නිශාන්ත සේමගේ මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද(12) ප්‍රකාශ කළේය.
  •     එම මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට එම කමිටුව බැඳී සිටින බව ඔහු තවදුරටත් සඳහන් කර සිටියේය.
  • කෙසේ වුවද සියලුම ඖෂධ සඳහා මිල නිම කිරීමක් අධිකාරිය විසින් සිදු නොකරන බවද මිල නියම නොකළ ඖෂධ ගණනාවක් ලංකාව තුළ භාවිතා වන බවද ඔහු තවදුරටත් සඳහන් කර සිටියේය.
  •     අදාළ  ලේඛනය මුල් පිටපතක් නොවන අතර  එය ලබාගත් මූලාශ්‍රයක්ද  දක්නට නොමැති බව සඳහන් කළ  ඇය එය සැබැවින්ම   ඖෂධ නියාමන අධිකාරිය සතුව ඇති ලේඛනයක් ද යන්න පිළිබඳව නිශ්චිතව සඳහන් නොවන බවද පෙන්වා දුන්නාය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
කෙසේ වුවද එය නිවැරදි කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව තමන් නොදන්නා බවද ඒ සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ගත් පියවර පිළිබඳව තමා දැනුම් දීමක් සිතු නොකළ බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ දෙවැනි සාක්ෂිකරු ලෙස නම් කර සිටින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සචින් නිශාන්ත සේමගේ මහතා තුන්වන දිනට ත් සාක්ෂි ලබා දෙමින් මේ බව කියා සිටියේය.
 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න පළ බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනිණි.
 
එම නඩුවේ දෙවැනි සාක්ෂිකරු වන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සචින් නිශාන්ත සේමගේ මහතා ගෙන්  හරස් ප්‍රශ්න විමසීම සිදු කරනු ලැබිණි.එහිදී මෙම නඩුවේ  එකොළොස්වන විත්තිකරු වෙනි පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසමින් ලියා පදිංචිය මුදා හැරීමේ සහතිකයේ  (WRO) ඇති වැදගත්කම පිළිබඳව විමසා සිටියේය. 
 
කුමන හෝ ආකාරයකින් ඖෂධ ලංකාවට ගෙන එන්නේ නම් ලියා පදිංචිය මුදා හැරීමේ සහතිකය  WOR ඉතා වැදගත් බවද WRO කමිටුවේ සාමාජිකයන් හට ඒ සඳහා වන විශේෂඥ භාවය ඇති බවද සඳහන් කළ සාක්ෂිකරු   තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් සලකා බැලීම එම තාක්ෂණික කමිටුව විසින් සිදු කරන බව සඳහන් කළේය.
ඇගයීම කින් පසුව තාක්ෂණික කමිටුව විසින් දෙන ලද නිර්දේශයක් පවා යම් යම් හේතු මත අත්හිටුවීමට  WOR කමිටුවට බලයක් තිබේදැයි නීතිඥවරයා එහිදී ප්‍රශ්න කළ අතර  කමිටුවට එම බලය ඇති බවද ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මාර්ගෝපදේශ වල ඇතුළත් වන බව සාක්ෂිකරු සඳහන් කළේය.
 
 
එම මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට එම කමිටුව බැඳී සිටින බව ඔහු තවදුරටත් සඳහන් කර සිටියේය.
 
සිල්ලර මිලට ඖෂධ විකිණීම පිළිබඳ නියාමන වගකීම "ජාතික ඖෂධ නියාමන  අධිකාරිය" සතුවන බවත්  ඖෂධයක සිල්ලර මිල  නියම කිරීම අධිකාරිය විසින් සිදු කරන බව සාක්ෂිකරු සඳහන් කළේය .මෙලෙස මිල නියම කිරීම ක්‍රමවේද යටත් දෙකක් යටතේ සිදු කරන අතර නිතර භාවිතා වන ඖෂධ  අවශ්‍යද වර්ග 60-80 ක් පමණ පවතින අතර එම ඖෂධ සඳහා මෙන්ම ඒ ඒ කාණ්ඩ යටතේ  ඖෂධ මිල නියම කිරීම අධිකාරිය විසින් සිදුකරන බවද ඔහු සඳහන් කළේය. කෙසේ වුවද සියලුම ඖෂධ සඳහා මිල නිම කිරීමක් අධිකාරිය විසින් සිදු නොකරන බවද මිල නියම නොකළ ඖෂධ ගණනාවක් ලංකාව තුළ භාවිතා වන බවද ඔහු තවදුරටත් සඳහන් කර සිටියේය.
 
අනතුරුව මෙම නඩුවේ දස වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ  ප්‍රියන්ත නාවාන මහතා හරස් ප්‍රශ්න ඉදිරිපත් කරමින් ඖෂධයක ලියාපදිංචි වලංගු කාලය කොපමණද යන්න සාක්ෂිකරුගෙන් විමසා සිටියේය. 
 
තාවකාලික වශයෙන් සිදුකරන ලියාපදිංචි කිරීම වසර එකකට හෝ දෙකකට සිදුකරන බවත් ඉන්පසුව පූර්ණ ලියාපදිංචි කිරීම වසර පහකට  සිදුකරන බවත් සඳහන් කළ  සාක්ෂිකරු එම වසර පහක් ගත වීමෙන් අනතුරුව නැවත  නැවත වසර පහ බැගින් ලියාපදිංචි කිරීම් සිදුකරන බව ට කරුණු පැහැදිලි කළේය.
 
686e27e4cb960ba3a97ac830 dfager
 
එහිදී නීතිඥවරයා නැවත ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් විමසා සිටියේ "ලියාපදිංචි කළ කවර හෝ ඖෂධයක් සැපයිය යුතු ප්‍රමාණයේ සීමාවක් තිබෙනවාද "යනුවෙනි. 
 
"එහෙම සීමාවක් නෑ. ලියාපදිංචි වුණත් ඖෂධ ගෙන්වීම නොකරන අවස්ථා තිබෙනවා .  ඖෂධ ගෙන්වීම සඳහා ටෙන්ඩර් පත්  ඉදිරිපත් නොකරන අවස්ථාද තිබෙනවා .ඒ කුමන හේතු මතද යන්න මම දන්නේ නෑ. ටෙන්ඩර් වලට සහභාගී නොවීමේ අයිතිය ලියාපදිංචි කරු ට තිබෙනවා. WOR සහතිකය ඖෂධ ලියාපදිංචි සහතිකයක් නෙමෙයි. එය රටේ තිබෙන ඖෂධ හිඟය, රෝගීන් ගැන ,සහ ඖෂධය වල ඇති අවශ්‍යතාවය සලකා බලා එක් අවස්ථාවකට පමණක් ඖෂධය ගෙන ඒම සඳහා දෙන සහතිකයක් පමණයි" යනුවෙන් සාක්ෂිකරු ඒ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළේය. 
එම හරස් ප්‍රශ්න විමසීමෙන් පසුව නඩුවෙහි දොලොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතු කෝරළ මහතා හරස් ප්‍රශ්න යොමු කරමින් ලේඛන ගණනාවක් පිළිබඳව සාක්ෂිකරුගෙන් කරුණු විමසා සිටියේය. 
 
එහිදී WOR  නිකුත් කිරීමට අදාළව  නීතිඥවරයා විසින් සාක්ෂිකරු ගේ අවධානයට යොමු කළ එක් ලේඛනයක්  සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සිය විරෝධතාවය පළ කළාය .
 
medicine 251120
 
අදාළ  ලේඛනය මුල් පිටපතක් නොවන අතර  එය ලබාගත් මූලාශ්‍රයක්ද  දක්නට නොමැති බව සඳහන් කළ  ඇය එය සැබැවින්ම   ඖෂධ නියාමන අධිකාරිය සතුව ඇති ලේඛනයක් ද යන්න පිළිබඳව නිශ්චිතව සඳහන් නොවන බවද පෙන්වා දුන්නාය. ඒ අනුව මෙම ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන්  සාක්ෂි ආඥා පනත ප්‍රකාරව තමන් විරෝධය දක්වන බව ඇය සඳහන් කර සිටියාය .
 
ඒ සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ අධිකරණයේ හමුවේ ඉදිරිපත් වන ලේඛනයක මූලාශ්‍රය මත සාක්ෂියේ විශ්වාසනීයත්වය රඳා නොපවතින බවය. යම් මූලාශ්‍රයක් නීත්‍යානුකූල නොවන විට පවා අදාළ සාක්ෂිය ආවේශණය කර ගැනීමේ හැකියාව ඇති බව  විනිසුරුවරයා එහිදී සඳහන් කර සිටියේය. ඒ අනුව මුල් ලේඛනය ඉදිරිපත් කිරීමට යටත්ව මෙම සාක්ෂිකරුගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න නැගීමට විත්තියේ නීතිඥවරයාට අවසර දෙන බව  සභාපති විනිසුරුවරයා සඳහන් කර සිටියේය. 
 
ඒ අනුව නීතිඥ  චමින්ද අතුකෝරල  මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කර සිටියේ 2022 මැයි 31 දිනට පෙර WOR නිකුත් කළේ තමන්ගේ අත්සනින් බවය. ඒ සම්බන්ධයෙන් මෙම අධිකරණයේදී තමන් වෙත ඉදිරිපත් කරන ලද ඡායාස්ථ පිටපතෙහි කාර්යාල පිටපත් ඖෂධ නියාමන අධිකාරියේ තිබිය යුතු බව සඳහන්කළ සාක්ෂිකරු ඡායාස්ථ පිටපතේ ඇති කෙටි අත්සන තමාගේ ද යන්න පිළිබඳව නිශ්චිතව සඳහන් කළ නොහැකි බව   ඔහු කියා සිටියේය. තොරතුරු දැනගැනීම පනත යටතේ ඖෂධ අධිකාරියේ තොරතුරු ඇතුළත් ලේඛන කිසියම් පාර්ශවයකට ලබා දුන් බව ද එම ලේඛනවල  සිය නිල මුද්‍රාව සහ අත්සන තැබූ බව සාක්ෂිකරු  ප්‍රකාශ කළේය. 
ඖෂධයක ලියාපදිංචි කාලය අවසන් වීමට මාස හයකට පෙර ට ලියාපදිංචි මුදා හැරීමේ ගැණීමට කටයුතු කළ යුතු බව ඔහු තවදුරටත් පවසා සිටියේය.
 
235832 injection 50 1
 
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව විනිසුරු විරාජ් වීරසූරිය මහතා සාක්ෂිකරු ට ප්‍රශ්නයක් යොමු කරමින්  "2021 මැයි 31 වැනිදා ඉල්ලා අස් වූ බවද කියන්නේ" යනුවෙන් විමසා සිටියේය. එහිදී සාක්ෂිකරු සඳහන් කළේ තමන්ගේ මතකයේ හැටියට එම දිනය නිවැරදි බවය. "ඔබ එවකට සිටි ජනාධිපතිවරයෙක් සමග රැස්වීමකට සහභාගි වුණාද ?" යනුවෙන් විනිසුරුවරයා නැවත ප්‍රශ්නයක් යොමු කළේය. 
 
"අග්‍රාමාත්‍යවරයා සමඟ" යනුවෙන් සාක්ෂිකරු ඊට පිළිතුරු ලබා දුන්නේය. 
"එම දිනය මතකද"යනුවෙන් විනිසුරුවරයා තවදුරටත් විමසා සිටි අවස්ථාවේදී මගේ මතකයේ හැටියට  මැයි විසිවැනිදා" යනුවෙන් සාක්ෂිකරු පිළිතුරු ලබා දුන්නේය. 
 
ඉන් අනතුරුව  පැමිණිලි කාර  පාර්ශවය වෙනුවෙන් සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න කිරීම නියෝජ්‍ය සොරිස්ටර් ජනරාල් වරිය විසින් සිදු කළාය. යම් නිෂ්පාදකයෙකු  යම් ඖෂධයක් නිෂ්පාදනය කරනවාද යන්න පිළිබඳව සොයා බැලීමට හැකියාවක් ඖෂධ නියාමන අධිකාරියට ඇති බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය. 
 
2024 ජනවාරි 04 වැනි දින නිකුත් කර ඇති විගණන විමසුම් වාර්තාව අනුව ඖෂධ ප්‍රවාහන රථ සම්බන්ධයෙන් අධිකාරිය නියාමනය කර නොමැති බව සඳහන් වෙන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය" ඒ වන විට   එම රථ නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් තිබුණේදැ"යි ප්‍රශ්න කර සිටියාය.  එම රථ නියාමනය සඳහා ක්‍රමවේදයක් තිබූ බව සාක්ෂිකරු එහිදී සඳහන් කර සිටියේය. 
 
ගබඩා බලපත්‍රීකරණය සම්බන්ධයෙන් ක්‍රමවේදයක් තිබුණාද යනුවෙන්  නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය එහිදී සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කළ අතර එවැනි ක්‍රමවේදයක් තිබූ බව සාක්ෂිකරු සඳහන් කර සිටියේය. 
 
Close-up of accusation and protection sides with juridical documents standing in front of female judge during discussion of case points
 
ඒ වන විට වෛද්‍ය සැපයුම් අංශයේ අංශය සහ ඖෂධ ගබඩා යහපත් ආකාරයෙන් පවත්වාගෙන  ක්‍රමවේදයක් නැති බවට අදාළ විගණන විමසුම වාර්තාවේ සඳහන්ව තිබුණා. ඒ සම්බන්ධයෙන් ඔබ කරුණු පැහැදිලි කළාද යනුවෙන් නියෝජ්‍ය සොරිස්ටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා  සිටියාය. 
 
"ඒ සම්බන්ධයෙන් මම කරුණු පැහැදිලි කිරීමක් කළා .සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ඒ සම්බන්ධයෙන් දැනුම් දුන්නා. ඔහු යටතේ තමයි වෛද්‍ය සැපයුම් අංශය සහ ප්‍රාදේශීය සැපයුම් අංශ තියෙන්නේ. රජයේ ආයතනයක් නිසා නඩු පැවරුයේ නෑ. ඔහු ඒවා නිවැරදි කිරීමට යම් කාලයක් ඉල්ලා සිටියා.  ඒ සඳහා  අවසර ලබා දුන්නා. එහෙත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඒ සම්බන්ධයෙන් ගත් පියවර කුමක්දැයි මට දැනුම් දුන්නේ නෑ ඒ නිසා මට ඒ ගැන දැනුවත් වීමක් නැහැ."යනුවෙන් සාක්ෂිකරු ප්‍රකාශ කර සිටියේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව නියාමන  ක්‍රමවේද තිබියදීත් විගණන වාර්තාවෙහි එසේ නොමැති බවට සඳහන්  අවස්ථාවක  කළ හැක්කේ කුමක්දැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී ප්‍රශ්න කර සිටියාය.
 
සම්පූර්ණයෙන්ම ක්‍රමවේද නොතිබූ බවට එම වාර්තාවේ සඳහන් නොවන අතර  යම් යම් අඩුපාඩු කිහිපයක් පෙන්වා දීම පමණක් එමඟින් කර තිබූ බව සඳහන් කළ සාක්ෂිකරු නීති විරෝධී යමක් සිදුවී ඇත්නම් ඊට එරෙහිව පියවර ගන්නා බවද සඳහන් කළේය.
 
custme 250709
 
ඖෂධ ප්‍රවාහනය සම්බන්ධයෙන්  කළ පරීක්ෂා වලදී ජයේ ආයතන සම්බන්ධයෙන් ගැටලු මතු නොවූ අතර පෞද්ගලික ප්‍රවාහන යක් පෞද්ගලික අංශයේ ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් ගැටළු හමු වූ බවද ඒ සම්බන්ධ නඩු පැවරීම්  සිදු කිරීමට කටයුතු කළ බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
 
රජයේ ගබඩාකරණය ගැන සොයා බැලීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට නොහැකි බව ් ප්‍රකාශ කළ සාක්ෂිකරු ඒ සම්බන්ධයෙන් සඳහන් කර තිබූ අඩුපාඩු පිළිබඳව සෞඛ්‍ය  අමාත්‍යංශයට බලය පැවරෙන බැවින්  සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ට ඒ පිළිබඳව දැනුම් දුන්  බව කියා සිටියේය.
 
"මෙය විගණන වාර්තාවක්ද විගණන විමසුම් වාර්තාවක්ද?" යනුවෙන්  විනිසුරු ‍ ප්‍රියන්ත. ලියනගේ මහතා  සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ය.
මෙය විගණන විමසුම් වාර්තාවක් බවත් ඊට  අවශ්‍ය පිළිතුරු ලබාදීමට කටයුතු කළ බවත් සාක්ෂිකරු  එහිදී සඳහන් කළේය. එම පිළිතුරු සම්බන්ධයෙන් පසු විපරමක් නොකළ බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේය. 
 
කෙසේ වුවද රජයේ ඖෂධ ගබඩාවල ,දේශීය ගබඩාවල හෝ අඩුපාඩු නිරීක්ෂණය කළ නමුත් ඖෂධවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් තමන්ගේ සේවා කාලය තුළ කිසිදු පැමිණිල්ලක් නොලැබුණු බව සාක්ෂිකරු  විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශ කර සිටියේය.
 
ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණ රසායනාගාරය සම්බන්ධයෙන් පැනයක් ඉදිරිපත් කරමින්  නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ අදාළ රසායනාගාරය ප්‍රධාන විධායක නිලධාරියා යටතේ  පවතින්නේ  ද යනුවෙනි. 
 
රසායනාගාරය ප්‍රධාන විධායක නිලධාරියා යටතේ පවතින්න බවද, එලෙස තත්ත්ව පරීක්ෂාව සඳහා  වෛද්‍ය සැපයුම් අංශයෙන්  ඖෂධ ලැයිස්තුවක් යොමු කරන අතර  සතියකට වරක් සියයකට අධික  ඖෂධ කාණ්ඩ ඇතුළත් ලේඛනයක් එලෙස යොමු කරන බව  සාක්‍ෂි ලබාදෙමින් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර සිටියේය. එම ලැයිස්තුවේ සඳහන් සියලුම ඖෂධ පරීක්ෂා කිරීමේ හැකියාවක් නොමැති අතර  ඒ සම්බන්ධයෙන් වන වාර්තා  අදාළ වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවද සාක්ෂිකරු කියා සිටියේය.
ඖෂධ පරීක්ෂාවේ දී සාම්පල තෝරා ගැනීම රසායනාගාර ධාරිතාවය, අදාල ඖෂධය සම්බන්ධයෙන් ඇති,පැමිණිලි අසාත්මිකතා,  ප්‍රාදේශීයව ලැබෙන පැමිණිලි, රජයේ රෝහල් වෙතින් ලැබෙන සාම්පල , ආදිය පිළිබඳව සලකා බලන බව සාක්ෂිකරු තවදුරටත් සඳහන් කර සිටියේ ය.
 
සාක්ෂිකරු වෙත තවත් ප්‍රශ්නයක් යොමු කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය එහිදී ප්‍රශ්න කර සිටියේ" අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය තුළ නීති විරෝධී යමක් සිදුවන්නේ නම් මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාව ඇත්තේ කාටද ?"යනුවෙනි 
 
ප්‍රධාන විධායක නිලධාරියාට එම වගකීම ඇති බව සඳහන් කළ සාක්ෂිකරු වෙනත් ඕනෑම අයෙකුට වුවද ඒ සම්බන්ධයෙන් පැමිණිලි හැක කළ හැකි බව සඳහන් කළේය. එහෙත්  ප්‍රධාන විධායක නිලධාරීවරයා අධිකාරියේ පූර්ණ කාලීන සේවකයකු වන බැවින්  එවැනි කරුණු පිළිබඳව පැමිණිලි කිරීමේ බලය ඔහු සතුව ඇති බව සාක්ෂිකරු  සඳහන් කර සිටියේය. 
 
2020 03 26 90820 1585222485. large
 
මෙම ප්‍රශ්නය ඉදිරිපත් කළ අවස්ථාවේදී දොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඒ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළේය. 
පැමිණිල්ලට අවශ්‍ය වී ඇත්තේ දොළොස්වන විත්තිකරු වරදකරු කිරීමට වන බව ට චෝදනා කළ  නීතිඥවරයා නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරිය විසින් සාක්ෂිකරුවන් ප්‍රශ්න කරන ආකාරය  වැරදි සහගත බව සඳහන් කළේය. 
 
ඒ පිළිබඳ සැලකිල්ල යොමු කළ සභාපති විනිසුරුවරයා ‍ප්‍රශ්නය වෙනත් ආකාරයකින් යොමු කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ට දැනුම් දුන්නේය.  ඒ අනුව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය  " "ඖෂධ නියාමන අධිකාරිය තුළ  පරිපාලන හෝ තාක්ෂණික කරුණක් ගැන අධ්‍යක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමේ හැකියාව ඇත්තේ කාටදැ"යි සාක්ෂිකරුවන් ප්‍රශ්න කර සිටියාය . විධායක නිලධාරීවරයාට එම බලය ඇති බව සාක්ෂිකරු එහිදී ප්‍රකාශ කළේය. 
 
කල් ඉකුත් වූ ජල භීතිකාඑන්නත් රෝගීන්ගේ කැමැත්ත මත ලබාදීමට නුමැතිය දුන් බවට වූ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරු ගෙන් විමසා සිටියේ ' ඒ සම්බන්ධයෙන් වන  ඉල්ලීම කවුරුන් විසින් යොමු කළේද ?"යන්නය. 
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම ඉල්ලීම කර තිබූ බව සාක්ෂිකරු සඳහන් කර සිටියේ ය.
ඖෂධයක  වලංගු කාලය සඳහන් වන නමුත් ඊට වඩා කාලයක් එම ඖෂධයේ ජීව ගුණය පවත්වාගෙන යන ලෙස ඖෂධ නිෂ්පාදකයින් එම ඖෂධ නිෂ්පාදනය කරන බව ප්‍රකාශ කළ සාක්ෂිකරු තාක්ෂණික කාරණාවක් මත  වලංගු දිනය ඉක්මවා එම ඖෂධය භාවිතයට ගත හැකි බවද සඳහන් කළේය.
කෙසේ වුවද ප්‍රත්‍යක්ෂ නිවැරදි සහ ආරක්ෂාකාරී ඖෂධ ලබාදීම නියාමනය කිරීමේ මූලික වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුවන බවද ලියාපදිංචි ඖෂධ හෝ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව හෝ WOR සහතික නිකුත් කිරීමෙන් අනතුරුව ආනයනය කරනු ලබන ඖෂධ ලංකාවේ නිෂ්පාදනය කරන අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක විශ්ලේෂණයක් කර  තහවුරු කර ගැනීමේ වගකීම එම අධිකාරිය සතුවන බවද සාක්ෂිකරු නැවත ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් සඳහන් කළේය .
 
"ඖෂධයක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවන අවස්ථාවකදී ජාතික ඖෂධ අධිකාරියේ වගකීම කුමක්දැ"යි නියෝජිත සොලිසිටර් ජනරාල්වරිය එහිදී ප්‍රශ්න කර සිටියාය. 
 
med67i
 
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ "යම් ගැටලුවක් තිබෙනවා නම් ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් අදාළ ඖෂධ සම්බන්ධයෙන් ලිපිය යොමු කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක හෝ  ආයතන දැනුම්වත් කළ යුතුයි" යනුවෙනි. 
 
ඉල්ලුම්කරු ගේ සහ  ආයතනයේ යම් යම් අඩුපාඩු නිසා  WOR සහතික   නිකුත් කිරීමේ ගැටළු, ප්‍රමාද වීම් සිදු වුවද එවැනි අවස්ථාවලදී අදාල ඖෂධ නිෂ්කාශනය කිරීම සඳහා වශ්‍ය මැදිහත්වීම සිදුකරන බව සාක්ෂිකරු සඳහන් කළේය 
 
එම පිළිතුර ලබා දීමෙන් අනතුරුව අනතුරුව එම සාක්ෂිකරුගේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කරන ලද අතර මෙම නඩුවට අදාළ  එකසිය තිස් වැනි සාක්ෂිකාරිය ලෙස නම්කර සිටින රාජ්‍ය ඖෂධ නියාමන සංස්ථාවේ වැඩ බලන තොග පාලන කළමනාකරු කිසානී මධූෂා  ලියනාරච්චි විසින් සාක්ෂි ලබාදීම ආරම්භ කරන ලදී. 
 
වෛද්‍ය සැපයුම් අංශයෙන් ඇණවුම කරන ඖෂධ වලට අදාලව  ආනයනය කිරීම සඳහා වූ  ප්‍රසම්පාදන කමිටුවේ තමන් සේවය කළ බව ඇය සඳහන් කළ සිටියාය. ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ඉල්ලීමක් වෛද්‍ය සැපයුම් අංශයෙන් යොමු වූ විට ඖෂධ සාමාන්‍යාධිකාරී  වරයා එය අධීක්ෂණය කරන බවද, එහි අඩුපාඩු තිබේ නම් නිවැරදි කිරීම සඳහා නැවත වෛද්‍ය සැපයුම් අංශයට යොමු කරන අතර නිවැරදි නම් ප්‍රසම්පාදනය කිරීමට අවශ්‍ය ඖෂධ ලැයිස්තුව ප්‍රසම්පාදන කමිටුව වෙත යොමු කරන බවද සාක්‍ෂිකාරිය එහිදී සඳහන් කර සිටියාය. 
 
වෛද්‍ය සැපයුම් අංශය විසින් යොමු කරනු ලබන ඖෂධ ඇණවුම්සමග එහි පිරිවිතරය සහ තවත් ලේඛන  ඉදිරිපත් වන අතර එක් ලේඛනයක එක් ඖෂධයක් හෝ ඖෂධ කිහිපයක් සඳහන් වන අවස්ථාද ඇති බව ඇය කියා සිටියාය. 
 
ප්‍රසම්පාදනයට අදාළ සියලු කරුණු නිසි පරිදි ලේඛනගත කරන අතර  ඒවා සාමාන්‍ය  ඇණවුම්  හෝ හදිසි ඇණවුම් ද යන්න පිළිබඳව හඳුනාගත හැකි බවද ඇය සාක්ෂි දෙමින් සඳහන් කර සිටියාය. මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් ලේඛනයක් සාක්ෂිකාරිය ට පෙන්වා සිටි අතර සාක්ෂිකාරිය සඳහන් කළේ එහි සඳහන් කර ඇති "V" අකුර සඳහන්  ප්‍රසම්පාදනයක්    තමන් විසින් සිදුකර නැති බවය. රාජ්‍ය ඖෂධ නියාමන   සංස්ථාව විසින්" සිදු කළ හැකි ප්‍රසම්පාදන  සිදු කරන අතර  එසේ කළ නොහැකි ප්‍රසම්පාදන අමාත්‍යාංශය වෙත යොමු කරන බව "ද සාක්ෂිකාරිය එහිදී කියා සිටියාය.
 
xddfdsf
 
වැඩිදුර සාක්ෂි විභාගය කල් තබන ලදී
 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අධිචෝදනා ගොනු කෙරුණි.
 
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13 ක් එල්ල කර තිබේ.
 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරුන් ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද 
නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස්  ශානිතිනී  සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 
Nelka Madagedara
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...