BREAKING
Top Ad
සමාලාප

ශ්‍රී ලාංකිකයින් 150ක් රුසියානු හමුදාවේ ! -(Sandeshaya by Saroj වීඩියෝවක්)

T

The Leader

January 30, 2024 • 3:13 AM

ශ්‍රී ලාංකිකයින් 150ක් රුසියානු හමුදාවේ ! -(Sandeshaya by Saroj වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ දුප්පත් පවුලක කෙනෙක් කැරට් කනව දැකපු කෙනෙක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට කෝල් කරන්න ගියපු කතාවක් ලඟදි බුකියේ තිබුණ.
  • ඇත්තටම යුද්ධය නොවුනා නම් ඩොලරයේ අගය පහළ වැටෙන නිසා ඒ මුදල තවත් ඉහළ යනවා.
  • කොහොම වුණත් නුපුහුණු ශ්‍රමිකයින්ට ඒතරම් හොඳ වැටුපක් නොලැබෙන බවත් ඇත්ත.  සාමාන්‍යයෙන් විදේශයකදී ඉහළ වැටුපක් ලැබෙනව කියන්නේ ඒ සේරම මුදල් අතේ ඉතිරිවෙනවා කියන එක නෙවෙයි.
  • මොකද ඒ රටවල භාණ්ඩ මිලත් වැටුප වගේම ගොඩක් ඉහළ නිසා.  කොහොම වුණත් මිලෝශාන් කියන විදියට රුසියාවේ ජීවන වියදම ඒතරම් ඉහළ නැහැ.  කොටින්ම ලංකාවේ කැරට් කිලෝ එක රුපියල් 2000ට යද්දී, රුසියාවේ කැරට් කිලෝ එකක් රූබල් 17ක් විතර.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒක විහිළුවක් වුණත් රනිල් වික්‍රමසිංහගේ රාජපක්ෂ පාලනයේ යතාර්ථය ඒතරම්ම අමිහිරියි. 

ඒත් මොස්කව් අගනුවර තොරතුරු තාක්ෂණවේදියෙක් විදියට සේවය කරන මිලෝශාන් දිල්රුක්ෂන් කියන විදියට විදේශික පුහුණු ශ්‍රමිකයින්ට රුසියාවේදී ඉහළ වැටුපක් ලැබෙනවා. 

සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් නොකියන කතාවකුත් ඔහු මට කිවුව. ඒ කියන්නේ තමන්ට මාසෙකට ඩොලර් 2500ක විතර වැටුපක් ලැබෙනවා කියල. ඇත්තටම යුද්ධය නොවුනා නම් ඩොලරයේ අගය පහළ වැටෙන නිසා ඒ මුදල තවත් ඉහළ යනවා. කොහොම වුණත් නුපුහුණු ශ්‍රමිකයින්ට ඒතරම් හොඳ වැටුපක් නොලැබෙන බවත් ඇත්ත. 

සාමාන්‍යයෙන් විදේශයකදී ඉහළ වැටුපක් ලැබෙනව කියන්නේ ඒ සේරම මුදල් අතේ ඉතිරිවෙනවා කියන එක නෙවෙයි. මොකද ඒ රටවල භාණ්ඩ මිලත් වැටුප වගේම ගොඩක් ඉහළ නිසා. 

කොහොම වුණත් මිලෝශාන් කියන විදියට රුසියාවේ ජීවන වියදම ඒතරම් ඉහළ නැහැ. 

කොටින්ම ලංකාවේ කැරට් කිලෝ එක රුපියල් 2000ට යද්දී, රුසියාවේ කැරට් කිලෝ එකක් රූබල් 17ක් විතර. ඒ කියන්නේ රුපියල් 50ක් වගේ මුදලක්.   

රුසියාවේ රැකියා අවස්ථා ගැන ඉදිරියටත් තවත් විස්තර ගෙන එන්න "සරෝජ් සමග සංදේශය" නාලිකාව බලාපොරොත්තු වෙනව. 

ඔහු තවත් විශේෂ දෙයක් කිවුව. ඒ තමයි, රුසියාවේ හමුදාවට සම්බන්ධවන විදේශිකයින්ට දල වශයෙන් මසකට ඇමෙරිකානු ඩොලර් 5000කට ආසන්න වැටුපක් සහ රුසියාවේ පුරවැසිභාවය හිමිවන බව. 

මේ වනවිටත් ශ්‍රී ලාංකිකයින් 150ක් පමණ රුසියාවේ හමුදාවට සම්බන්ධවෙලා ඉන්න බවත් මිලෝශාන් කියනවා. ඒ බොහෝ දෙනා හමුදාවට බැඳිලා තියෙන්නේ මුලින්ම ශිෂ්‍ය සහ වෙනත් වීසා බලපත්‍ර ලබාගෙන රුසියාවට ආවට පස්සේ. 

රුසියාව ප්‍රමුඛ කරගත් පැරණි සොවියට් දේශයේ ආහාර රටා ගැන වගේම ආහාර සුරක්ෂිතතාව ගැනත් අපි කතා කළා. 

වීඩියෝව බලන්න. බලල ඔබේ අදහසත් කියන්න.

සරෝජ් පතිරණ 
(Sandeshaya by Saroj)


 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...