BREAKING
Top Ad
සමාලාප

බෞද්ධයින් දැන් රාමඤ්ඤ නිකාය වටා එකතු විය යුතුයි -කුසල් පෙරේරා

T

The Leader

May 22, 2020 • 12:23 PM

 බෞද්ධයින් දැන් රාමඤ්ඤ නිකාය වටා එකතු විය යුතුයි -කුසල් පෙරේරා 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෞතම බුදුන්ගේ දේශයෙහි බුදු දහම රැක ගැනීමට නම්, රාමඤ්ඤ නිකායේ තීන්දුව පූර්වාදර්ශයක් ලෙස තබා ගෙන ඒ නිකායන් වලට හා අමරපුර නිකායටද සිවුරක් දැරීමට තරම් නුසුදුසු භික්ෂු වේශධාරීන් සංඝ
  • මේ තීන්දුව ඉතාම කාලෝචිත, සැබෑ බෞද්ධයින්ට අතිශය වැදගත් හා සංඝ සමාජය විනයානූකූල ගෞරවනීය බෞද්ධ සමාජයක් ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය යැයි සිතන සැමට ධෛර්යකි.
  • සංඝ සමාජයේ වැඩි ප්‍රතිශතයක් සංඝයා ඇත්තේ ශ්‍යාමෝලි සියම් නිකාය සහ කෝට්ටේ සියම් නිකාය එක්ව ගණන් ගත් විටය.
  • (කුසල් පෙරේරා- 2020 මැයි 22) 
අකුරු ප්‍රමාණය (Font Size):

සමාජයෙන් නෙරපීමේ තින්දුව එළෙසින්ම වහා ගැනීමට බෞද්ධ සමාජය දැන් බල කළ යුතුව ඇති බවත්, එසේ නොකරන්නේ නම් ඔබ “උප්පැන්න සහතික බෞද්ධයෙකු” පමණක් බවත් ප්‍රවීන සමාජ විචාරකයකු හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන කුසල් පෙරේරා පවසයි.

අවිනීත භික්ෂූ වේශධාරීන් නිකායෙන් නෙරපන බවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නාහිමියන්ගේ උපදෙස් පරිදි එම නිකායේ ලේඛකාධිකාරී අත්තංගනේ සාසනරතන නාහිමියන් නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කුසල් පෙරේරා විසින් සමාජ මාධ්‍ය වෙත යොමුකර ඇති සටහනක එබව සඳහන් වේ. 

කුසල්ගේ සටහනේ මෙසේ සඳහන් වේ.

“දැනටමත් ගරු ඔබ වහන්සේද දන්නා පරිදි වර්තමානයෙහි සම්බුද්ධ ශාසන පරිහානියට මෙන්ම භික්ෂු ගෞරවයට හානි වන අන්දමේ කටයුතු රාශියක් සිදුවෙමින් පවතී. භික්ෂුන් වහන්සේ ලෙස පෙනී සිටිමින් භික්ෂුවට නොගැලපෙන විනය විරෝධි කටයුතු සිදු කරන මහජනයාගේ ශ්‍රද්ධාව, ගෞරවය නැතිවන ආකාරයේ ක්‍රියාකාරකම් සිදුකරන පුද්ගලයන් හා කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාල තුල සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආදි විවිධ මාධ්‍යයන් මගින් දැක ගැනීම සුලභ වෙමින් පවතී........ මේ දුර්විනීත, අධර්මවාදී, අවිනයවාදී භික්ෂු වේශධාරීන් වෙනුවෙන් අපට කළ හැකි වන්නේ අප නිකාය තුල එබඳු අය ලියාපදිංචිවී ඇත්නම් නිකාය කතිකානුකූලව අවශ්‍ය පියවර ගෙන, ඔවුන්ගේ සාමනේර/උපසම්පදා ලියාපදිංචියන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ඇත්නම්, එය අවලංගුකොට නිකායෙන් නෙරපා හැරීමය”

මේ මගේ හිතලුවක් නොවේ. මෙය මා උපුටා ගත්තේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍යතර අත්තංගනේ සාසන රතන මහා ස්ථවීර විසින් මේ මැයි මස 21 වන දින රාමඤ්ඤ නිකායේ සියලු භික්ෂුන් වෙත නිකායේ ප්‍රධානීන් මගින් කළ දැනුම් දීමකිනි. 

එය මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත, විනය විසාරද, අතිපූජ්‍ය නාපාන පේමසිරි මාහිමිපානන්ගේ උපදෙස් මත කරන්නාවූ දැනුම්දීමක් යැයි ආරම්භයේදීම දන්වා තිබිණ.

මේ තීන්දුව ඉතාම කාලෝචිත, සැබෑ බෞද්ධයින්ට අතිශය වැදගත් හා සංඝ සමාජය විනයානූකූල ගෞරවනීය බෞද්ධ සමාජයක් ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය යැයි සිතන සැමට ධෛර්යකි. නොසිතූ අලුත් බලාපොරොත්තුවකි. 

ඒ බලාපොරොත්තුව යතාර්ථයක් බවට පත් කර ගැනීමට නම්, සැබෑ බෞද්ධයින් රාමඤඤ නිකායේ සංඝයා අතරින් සිවුරක් දැරීමට තරම් නුසුදුසු භික්ෂු වේශධාරීන් සංඝ සමාජයෙන් නෙරපීමට ගනු ලැබූ රාමඤඤ නිකායේ තීන්දුව ක්‍රියාත්මක කිරීමට සහාය දීමටත් අනෙක් ප්‍රධාන නිකායද ඒ තීන්දුව එළෙසින්ම ගත යුතු යැයි බල කිරීමටත් වහා පියවර ගත යුතුව ඇත.

සංඝ සමාජයේ වැඩි ප්‍රතිශතයක් සංඝයා ඇත්තේ ශ්‍යාමෝලි සියම් නිකාය සහ කෝට්ටේ සියම් නිකාය එක්ව ගණන් ගත් විටය. එනිසාම “දුර්විනීත, අධර්මවාදී, අවිනයවාදී භික්ෂු වේශධාරීන්” වැඩි සංඛ්‍යාවක් ඇත්තේද ඒ නිකායන්හි ය. 

මේ ගෞතම බුදුන්ගේ දේශයෙහි බුදු දහම රැක ගැනීමට නම්, රාමඤ්ඤ නිකායේ තීන්දුව පූර්වාදර්ශයක් ලෙස තබා ගෙන ඒ නිකායන් වලට හා අමරපුර නිකායටද සිවුරක් දැරීමට තරම් නුසුදුසු භික්ෂු වේශධාරීන් සංඝ සමාජයෙන් නෙරපීමේ තින්දුව එළෙසින්ම වහා ගැනීමට බෞද්ධ සමාජය දැන් බල කළ යුතුව ඇත.

ඒ වෙනුවෙන් නිකාය භේදයකින් තොරව සියලු පන්සල්වල දායක සභාවන්ගෙන් මම ඉතා නිහතමානී ඉල්ලීමක් කරමි. kusal text 05.22


කරුණාකර පන්සල්වල පවත්වා ගෙන යන මුදල් හම්බ කිරීමේ ව්‍යාපාර වලින් ඉවත්ව, පන්සලේ “දුර්විනීත, අධර්මවාදී, අවිනයවාදී භික්ෂු වේශධාරීන්” ඇත්නම් ඔවුන්ගේ සාමනේර/උපසම්පදා ලියාපදිංචි කිරීම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීම වෙනුවෙන් මැදීහත්වන ලෙස මෙයින් ඉල්ලමි. 

මෙයද අවසන් වශයෙන් කිව යුතුය. එසේ නොකරන්නේ නම් ඔබ “උප්පැන්න සහතික බෞද්ධයෙකු” පමණි.

(කුසල් පෙරේරා- 2020 මැයි 22) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...