BREAKING
Top Ad
සමාලාප

''මිනිසුන්ගේ ආදරය කිරිමේ අයිතිය උදුරගන්න එපා" -අනුහස් සදරු (වීඩියෝ)

T

The Leader

June 27, 2020 • 7:48 AM

''මිනිසුන්ගේ ආදරය කිරිමේ අයිතිය උදුරගන්න එපා" -අනුහස් සදරු (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජුනි මාසය ලොව පුරා LGBTQ ප්‍රජාව විසින් PRIDE MONTH ලෙස හඳුන්වන වන අතර විවිධ අභියෝග මැද තම අභිමානය හා අනන්‍යතාවය පවත්වා ගනිමින් කෙරෙන අරගලය සැමරීමට බොහෝ
  • නමුත් විශේෂයෙන්ම මේ වසරේ මුල් කාර්තුවේදී ලෝකය පුරා ජනතාවට මුහුණ දීමට සිදු වූ කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලොව පුරා කෙරෙන අභිමානි සැමරුම් වෙනත් ස්වරූපයක් ගෙන තිබේ.
  • විශේෂයෙන්ම කොවිඩ් 19 තත්වය හමුවේ ප්‍රජාවක් ලෙස මුහුණ පාන්නට සිදු වී ඇති තත්වය, වාතාවරණය හමුවේ පැනනැගී ඇති සුවිශේෂී ගැටලුත්, රාජ්‍ය යාන්ත්‍රණයේ සහන සැලසීම් හා ආරක්ෂාව සම්බන්ධ අභියෝග පිළිබඳව සාකච්ජා කිරීමට අපි තීරණය කළෙමු.
  • ඒත් ලංකාව ඇතුළේ පිරිමි ළමයි දෙනෙක්ට ආදරේ කරන ඒක නීතියෙන් වරදක්.එත් ලංකාව ඇතුළේ කොච්චර කොච්චර අපරාද වෙනවද?
අකුරු ප්‍රමාණය (Font Size):

විට මේ මාසය පුරා විවිධ ක්‍රියාකාරකම් වල නිරත වීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නකි. නමුත් විශේෂයෙන්ම මේ වසරේ මුල් කාර්තුවේදී ලෝකය පුරා ජනතාවට මුහුණ දීමට සිදු වූ කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලොව පුරා කෙරෙන අභිමානි සැමරුම් වෙනත් ස්වරූපයක් ගෙන තිබේ.

මේ තත්වය හමුවේ විශේෂයෙන්ම තවමත් නීතිමය වශයෙන් හා සමාජ සම්මුති, සංස්කෘතික පිළිගැනීම් ආදියේ බලපෑම් මත තම අනන්‍යතාව හේතුවෙන් තමන්ට හිමි ගෞරවය, අයිතීන් මෙන්ම හිමිකම ලබා ගැනීමට ශ්‍රී ලංකා සමාජය ඇතුළේ අරගල කරමින් සිටින LGBT ප්‍රජාවට අසීරු තාවන් රැසකට මුහුණ පාන්නට සිදු වී තිබේ. විශේෂයෙන්ම කොවිඩ් 19 තත්වය හමුවේ ප්‍රජාවක් ලෙස මුහුණ පාන්නට සිදු වී ඇති තත්වය, වාතාවරණය හමුවේ පැනනැගී ඇති සුවිශේෂී ගැටලුත්, රාජ්‍ය යාන්ත්‍රණයේ සහන සැලසීම් හා ආරක්ෂාව සම්බන්ධ අභියෝග පිළිබඳව සාකච්ජා කිරීමට අපි තීරණය කළෙමු.

ඒ අනුව සමරිසි අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරියෙකු වන අනුහස් සඳරු විකල්ප වෙත තම අදහස් දක්වමින් කළ සාකච්ජාව අප පහතින් පළ කරමු.

යල් පැනගිය නීති අයින් කරන්න. ඒ නීති කියාගන්න බැරි තරම් පරණයි. ඒ නීති එංගලන්තයෙන් අපිට දීලා ඒ මිනිස්සු ඒවා අයින් කරගත්තා.අපි තාමත් මේ යල් පැනගිය නීති ටිකක් පොතේ තියාගෙන මිනිසුන්ට හිරිහැර කරනවා නම්, මිනිසුන්ගේ අයිතිවාසිකම් උඳුර ගන්න හදනවා නම් , විශේෂයෙන්ම ආදරය කිරීමේ අයිතිය උදුර ගන්න හදනවා නම් ඒක මමං හිතන්නේ මනුෂ්‍ය වාර්ගයාටම කරනවා නින්දාවක්.

නීති තියෙන්න ඕනි. ඒත් ලංකාව ඇතුළේ පිරිමි ළමයි දෙනෙක්ට ආදරේ කරන ඒක නීතියෙන් වරදක්.එත් ලංකාව ඇතුළේ කොච්චර කොච්චර අපරාද වෙනවද? මන් කියන්නේ මේ අපරාධ වලට නීතිය ක්‍රියාත්මක කරන්න.

රජයක් විදියට සහයෝගයක් මේ වෙලාවේ ප්‍රජාවට ලැබුනේ නෑ. විශේෂයෙන්ම සමරිසි ප්‍රජාව ගත්තත් , නීතිමය රාමුව ඇතුළේ වැරදි කාරයෙක් වෙලා තියෙනවා. තමන් සමරිසි පුද්ගලයෙක් කියලා ගිහින් කියන්න බෑ.කිව්වට පස්සේ ලොකු ප්‍රශ්න, රජය ඇතුළේ ප්‍රජාවක් විදියට අපි සුරක්ෂිතද ? රජයෙන් හම්බෙන සහනාධාර හෝ මේ දේවල් ගන්න මුලින්ම යන්න ඕනේ ග්‍රාම සේවක ළඟට. එහෙම ගියාම අර අමුතු වචන ටිකක් එක්ක ආ .. මු එහෙම කෙනෙක් .. මු සමනලක්.. මු එහෙම එකෙක් …

සම්පුර්ණ සාකච්ජාව

vikalpa.org

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...