BREAKING
Top Ad
සමාලාප

මධුෂ් ගැන කතා කරන එක නතර කරන්න. වැළලිලාම යන්න ඉඩ දෙන්න – මධුෂ්ගේ බිරිඳ තිළිණි නිශායා

T

The Leader

November 16, 2020 • 10:35 PM

 මධුෂ් ගැන කතා කරන එක නතර කරන්න. වැළලිලාම යන්න ඉඩ දෙන්න – මධුෂ්ගේ බිරිඳ තිළිණි නිශායා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හඳුන්වනු ලැබූ 'මාකදුරේ මදුෂ්' ගැන ඔහුගේ බිරිඳ තිළිණි නිශායා සමග 'රාවය' පුවත්පතල කළ සාකච්ජාවකි.)
  •    ඒ කියපුවා ඇත්තනම් එවා ඔප්පු කළ යුතුයි නේ.
  • මාස 18ක් තිස්සෙම CID එකේ හිටිය මනුස්සයෙක් කුඩු පෙන්නන්න එක්කගියා වෙන්න බෑනේ.
  • ඒ තරම් කාලයක් ඉඳලා අන්තිම දවස් 10 කොහොමද කුඩු පෙන්නන්න ගියේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
රාවය :
සමාජය තුළ මධූෂ් දරුණු අපරාධකාරයෙක් විදියට හංවඩු ගැසුණා. මධූෂ් ගැන ඔබගේ අදහස මොකක්ද?
 
තිළිණි නිශායා:
 
මධූෂ් නෙමෙයි ඕනෑම කෙනෙක් අපරාධකාරයෙක් කියන්න නම් ඔහු කළ අපරාධ ඔප්පු වෙන්න ඕන. ඔහුට නඩුවක් හරි, ඔහු ළඟ කුඩු තිබිලාහරි ඔහුගෙන් කුඩු ගන්න කෙනෙක් හරි ඔහු කළ මීනීමරුමක් හරි ඔප්පු වෙන්න ඕනනේ. 
 
එහෙම නැතුව කෙහොමද මධූෂ් නමගිය අපරාධකාරයෙක් කියන්නේ. එහෙම කියන්නේ මාධ්‍යයෙන්. ඒ අයට තොරතුරු දෙන්නේ පොලීසියෙන්.
 
 ඒ කියපුවා ඇත්තනම් එවා ඔප්පු කළ යුතුයි නේ. මධූෂ් එහෙම අපරාධකාරයෙක් කියලා එක නඩුවක්වත් ඔප්පු වෙලත් නැහැ.
 
රාවය :
සිද්ධ වෙච්ච දේ ගැන මොකද හිතෙන්නේ?
 
තිළිණි නිශායා:
 
ඔහුට වුණෙත් අනිත් අයට වෙච්ච දේම තමයි අරගෙන ගිහිල්ලා මැරුවා. මාස 18ක් තිස්සෙම CID එකේ හිටිය මනුස්සයෙක් කුඩු පෙන්නන්න එක්කගියා වෙන්න බෑනේ. ඒ තරම් කාලයක් ඉඳලා අන්තිම දවස් 10 කොහොමද කුඩු පෙන්නන්න ගියේ. සැලසුම් කරලා මොහුව මැරුවා. ඒක තමයි ඇත්ත.
 
 
''ඔහුට වුණෙත් අනිත් අයට වෙච්ච දේම තමයි අරගෙන ගිහිල්ලා මැරුවා. මාස 18ක් තිස්සෙම CID එකේ හිටිය මනුස්සයෙක් කුඩු පෙන්නන්න එක්කගියා වෙන්න බෑනේ. ඒ තරම් කාලයක් ඉඳලා අන්තිම දවස් 10 කොහොමද කුඩු පෙන්නන්න ගියේ. සැලසුම් කරලා මොහුව මැරුවා. ඒක තමයි ඇත්ත.''
 
 
රාවය :
මධූෂ්ව ප්‍රශ්න කිරීමට රඳවා සිටින කාලය තුළ ඔබ දුරකතනයේ සම්බන්ධ වී ඔහු සමඟ කතා කර තිබෙනවද?
 
තිළිණි නිශායා:
 
ඔව්, කොරෝනා තිබුණ මුල් කාලයේ පොදුවේ තිබෙන ලෑන්ඞ් නම්බර් එකෙන් කතා කළා.
 
රාවය :
ඔහු සමග කළ කතාබහේදී ඔබට වැටහුණාද ඔහුගේ ජීවිතයට අනතුරක් තියෙනවා කියලා.
 
තිළිණි නිශායා:
 
නැහැ. එහෙම දෙයක් දැනුනේ නැහැ. කොටින්ම මාස 18 වෙනකන් තියන් ඉඳලා බන්ධනාගාරගත කරයි කියන විශ්වාසය එයාට වගේම අපිටත් තිබුණා.
 
රාවය :
මෙවන් ඉරණමක් උදාවීම කාන්තාවක් ලෙස ඔබට දැනෙන්නේ කොහොමද?
 
තිළිණි නිශායා:
 
මේ අත්දැකීම මම කලිනුත් අත්වින්ඳා. මේ දේ දෙවැනි වතාවටත් නැවත අත්වින්ඳා. බොරු කියලා එකම විදිහට මේ අය මිනිස්සු මරන්නේ කොහොමද? මනුස්සයව අරගෙන ගිහිල්ලා ඒගොල්ලො කවදාවත් හොඳ විදියට පුනරුත්තාපනයක් ලබා දෙන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ අතරමගදී ආයුධ හරි කුඩු හරි පෙන්නන්න ගියා කියලා මරලා දාන එක.
 
''මේ අත්දැකීම මම කලිනුත් අත්වින්ඳා. මේ දේ දෙවැනි වතාවටත් නැවත අත්වින්ඳා. බොරු කියලා එකම විදිහට මේ අය මිනිස්සු මරන්නේ කොහොමද? මනුස්සයව අරගෙන ගිහිල්ලා ඒගොල්ලො කවදාවත් හොඳ විදියට පුනරුත්තාපනයක් ලබා දෙන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ අතරමගදී ආයුධ හරි කුඩු හරි පෙන්නන්න ගියා කියලා මරලා දාන එක.''
 
රාවය :
මධූෂ් අන්තිමට ඔබ සමග කතා කළේ කවදාද?
 
තිළිණි නිශායා:
 
නැති වෙන්න දවසකට කලින් CCD එකේදී කතාකළා. ඒ ගොල්ලොම phoneඑකත් ගෙනැත් මේක තමයි මධූෂ් එක්ක කතා කරන්න පූළුවන් දුරකතන අංකය කිව්වා. ඔවුන් අතේ phone එකක් තිබුනේ නෑ. ඒ කතා කරන්න පුළුවන් phone එක තිබුණේ මධූෂ් බාරව හිටිය නිලධාරියා අතේ.
 
 
රාවය :
ඉතිං ඒ නම්බර් එකට කතා කළාද?
 
තිළිණි නිශායා:
 
මට විදෙස් රටකින් කෝල් එකක් ආවා මධූෂ්ව මරන්න ඉන්නවා කියලා. ඒ හින්දා අපි දුන්න අංකයට කතා කළා. මම කිව්වා මධූෂ්ව මරන්න ඉන්න බවට මට කෙනෙක් කතා කරලා කිව්ව කියලා. හදිසියකට කතා කරන්න පුළුවන් කියලා කිව්ව. ඒ අංකයට මං කතා කරලා දැනුම් දුන්නා.
 
''මට විදෙස් රටකින් කෝල් එකක් ආවා මධූෂ්ව මරන්න ඉන්නවා කියලා. ඒ හින්දා අපි දුන්න අංකයට කතා කළා. මම කිව්වා මධූෂ්ව මරන්න ඉන්න බවට මට කෙනෙක් කතා කරලා කිව්ව කියලා. හදිසියකට කතා කරන්න පුළුවන් කියලා කිව්ව. ඒ අංකයට මං කතා කරලා දැනුම් දුන්නා.''
රාවය :
ඒගොල්ලන්ගේ ප්‍රතිචාරය වුණේ මොකක්ද?
 
තිළිණි නිශායා:
 
එයාලා හිනාවෙලා කිව්වා පිස්සුද? එහෙම දෙයක් වෙන්නේ නෑ කියලා.
 
රාවය :
මධූෂ්ව මරන්න ඉන්න බවට ඒ විදෙස් රටකින් ඔබව ඇමතූ දුරකතන අංකය CCD එකට ලබා දුන්නද?
 
තිළිණි නිශායා:
ඔව්
 
රාවය :
ඒ දිනය මතකද?
 
තිළිණි නිශායා:
 
ඔව්. ඔක්තෝබර් 18 වැනිදා 19 වැනිදාත් තියාගෙන ඉඳල 20 පාන්දරට වෙන්න තමයි මෙයාව මැරුවේ. 18 වැනිදා මං CCD එකට කෑම බීමත් අරන් මෙයාව බලන්න ගියා. එතන පෙන්නපු චිත්‍රය අනුව නම් මෙයාට මෙහෙම කරයි කියලා හිතුනේම නෑ. 
 
ළමයින් බලලා ඊළඟ සතියේ සෙනසුරාදා උදේ 10ට ආයෙත් visit කරන්න දෙන වෙලාවට එන්න කියලා කිව්වා. කෑම බීමත් ගේන්න කිව්වා. ඊට පස්සේ 25හෝ26 මෙයාව රිමාන්ඞ් කරනවා කියලත් කිව්වා. ඒ අතරතුර තමයි මෙයාව 18 වැනාදි අපිටත් පෙන්නලා 19 වැනිදා මෙහෙම කළේ.
 
 
රාවය :
මේ සියල්ල ගැන දැන් හිතෙන්නේ මොකක්ද?
 
තිළිණි නිශායා:
 
මේක කුමන්ත්‍රණයක්. සැලසුමක්. මැරුවට පස්සේ කියන කතා ඔක්කොම මෙයාලා කල් තියා සැලසුම් කරපුවා. මරන්නම තමයි අරගෙන ගියේ. එහෙම කළා කියලා ඕන කෙනෙකුට තේරෙනවා. ඒත් කවුද අද අපි වෙනුවෙන් ඉන්නේ.
 
දැන් මධූෂ්ට එහෙම දෙයක් කළා කියලා අපිටත් කිසි දෙයක් කරගන්න බෑනේ. අපි අසරණයි. 
 
අපි මේක පස්පේ ගියොත් අපිටත් වෙන්නේ ඔය ටිකම තමයි. මට මොනවා හරි උනත් කමක් නෑ. ළමයි තුන්දෙනෙක් ඉන්නවා. එයාලා තාම පොඩියි. මම මේක ගැන තම හොයනවට වඩා හොඳයි මැරිච්ච මනුස්සයාට සහනයක් වෙන්න පිංකමක් කරන එක.
 
''අපි මේක පස්පේ ගියොත් අපිටත් වෙන්නේ ඔය ටිකම තමයි. මට මොනවා හරි උනත් කමක් නෑ. ළමයි තුන්දෙනෙක් ඉන්නවා. එයාලා තාම පොඩියි. මම මේක ගැන තම හොයනවට වඩා හොඳයි මැරිච්ච මනුස්සයාට සහනයක් වෙන්න පිංකමක් කරන එක.... 
 
මගේ කළින් මහත්තයා මැරුණේ 2012 හිරගෙදර කැරැල්ලෙන්. කළු තුෂාර එයාගේ නම. එයාවත් මරලා දැම්මා.''
රාවය :
“මධූෂ්” ඔබේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
 
තිළිණි නිශායා:
 
හිරගෙදරින්ම තමයි. මගේ කළින් මහත්තයා මැරුණේ 2012 හිරගෙදර කැරැල්ලෙන්. කළු තුෂාර එයාගේ නම. එයාවත් මරලා දැම්මා.
 
 2012 ඉඳන් මධූෂ් මට කතා කළා. ඒ වෙද්දී මධුෂ් සහ එයාගේ නෝනා එක්ක සම්බන්ධයක් තිබුණේ නැහැ. අවුරුදු 18 ක් තිස්සෙම එයාලා වෙන් වෙලා හිටියේ. නමුත් දරුවෙක් හිටිය නිසා මධූෂ් ගෙදරට කතා කළා.
 
 ඉන් පස්සේ තමයි 2018 දහවෙනි මාසේ අග වෙද්දී එයා එලියට ඇවිත් මා එක්ක කතා බහ කරලා අපි විවාහ වුනේ. ඉන්පස්සේ තමයි ඩුබායි ගියේ.
 
 
රාවය :
ඔබ මධූෂ්ට වෙනස් වෙන්න කියලා නැද්ද?
 
තිළිණි නිශායා:
 
එහෙම වෙනස් වෙන්න කියන්න තරම් වරදක් අපට පෙනුනේ නැහැ. සමාජෙට මොකක් හිතුනත් ගෙදරට එහෙම නැහැ. ඉතින් වෙනස් වෙන්න කියන්නේ ඇයි ?
 
රාවය :
මධූෂ්ට දේශපාලන බලපෑම් තිබුණද?
 
තිළිණි නිශායා:
 
එහෙම බලපෑමක් තියෙන්නත් ඇති. නැති වෙන්නත් ඇති. එහෙම කියලා මම හරියටම කියන්න දන්නේ නෑ.
 
රාවය :
මාධ්‍ය නිතර පළ කළා මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ දේශපාලකයින්ව මධූෂ් හෙළිකරනවා කියලා. එහෙම අය ගැන ඔබට කියලා තියෙනවද?
 
තිළිණි නිශායා:
 
නැහැ. එයාට සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් කියලා නම් පටබැඳුනට ඒ සම්බන්ධයෙන් එයාට තියන නඩුවක් වත් නැහැ. එයාගෙන් කුඩු ගත්ත කෙනෙක්වත් අපි දැනුවත්ව නැහැ. කුඩු සම්බන්ධ නඩුවක්වත් අධිකරණයක නැහැ. නමුත් මෙයා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් කියලා පොලීසියයි, මාධ්‍යයයි කෙලින්ම මෙයාට කියනවා.
 න්න 
''එයාට සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් කියලා නම් පටබැඳුනට ඒ සම්බන්ධයෙන් එයාට තියන නඩුවක් වත් නැහැ. එයාගෙන් කුඩු ගත්ත කෙනෙක්වත් අපි දැනුවත්ව නැහැ. කුඩු සම්බන්ධ නඩුවක්වත් අධිකරණයක නැහැ. නමුත් මෙයා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් කියලා පොලීසියයි, මාධ්‍යයයි කෙලින්ම මෙයාට කියනවා.''
 
 
රාවය :
මධූෂ් නම ප්‍රසිද්ධ වුණේ කොහොමද?
 
තිළිණි නිශායා:
 
මධූෂ්ව ප්‍රසිද්ධ කළේ මේ මාධ්‍ය. නමුත් ඇතුළාන්තය, ඇත්ත කතාව අපිත් එක් තියෙන සම්බන්ධය දන්නේ අපි විතරයි. අර ගෑනි, මේ ගෑනී කියමින් අපිට අපහාස කරන සමාජයක් තියනේනේ. අපි අපේ දේ බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.
 
රාවය :
දරුවෝ ගැන තියෙන බලාපොරොත්තු මොකක්ද?
 
තිළිණි නිශායා:
 
මධූෂ් පණටත් වඩා දරුවන්ට ආදරෙයි අවුරුදු දෙකහමාරක බාල දුවට විශේෂයෙන්ම. අපට ඉන්නේ එක දුවයි. පුතාලා දෙන්නයි. එක පුතෙක් මධූෂ්ගේ ඉස්සෙල්ලා නෝනගෙන් ලැබුණ පුතා. අනෙක් පුතා මගෙ කලින් මහත්තයා කළු තුෂාරගේ පුතා. දුව මගෙයි මධූෂ්ගෙයි. දරුවො තුන් දෙනාම ඉන්නේ මගේ ළඟ. 
 
මධූෂ්ගේ කලින් විවාහයේ දරුවට පොඩි අසනීපයක් තියනවා. මධූෂ්ගේ කැමැත්ත වුණේ ඒ දරුවත් මගේ ළඟින් තියාගන්නවට. දැන් දරුවෝ තුන් දෙනාම මගේ ළඟ එකට හැදෙනවා.
 
රාවය :
සමාජයට කියන්න තියෙන්නේ මොකක්ද?
 
තිළිණි නිශායා:
 
මධූෂ් ගැන කතා කරන එක නතර කරන්න. බොරුවට කුඩුකාරයා, මිනීමරුවා, කියන් එපා. මැරිච්ච මිනිහට බොරුවට චෝදනා නොකර ඔහොම්මම වැළලිලාම යන්න ඉඩ දෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. 
 
දන්න දේට වඩා නොදන්න දේ අරගෙන මාධ්‍ය වලින් සල්ලි හම්බ කරන්න තමයි ගොඩක් දේ කරන්නේ. ඒතනින් මිනිස්නුන්ව විකෘති කරනවා.
 
 
රාවය :
මධූෂ්ගේ අම්මා සහ සහෝදරයා ගැන මොනාද හිතලා තියෙන්නේ.
 
 
තිළිණි නිශායා:
 
මධූෂ්ට අවුරුදු 10 දී තමයි අම්මා නැති වුණේ. එයාගේ මල්ලිත් නැතිවුණා. පොලීසි වලින් සාර්ථක විමර්ශන මේවට කළේ නැහැ. පැමිණිල්ලක්වත් භාරගෙන තිබිණේ නැහැ. 
 
 
''මධූෂ්ට අවුරුදු 10 දී තමයි අම්මා නැති වුණේ. එයාගේ මල්ලිත් නැතිවුණා. පොලීසි වලින් සාර්ථක විමර්ශන මේවට කළේ නැහැ. පැමිණිල්ලක්වත් භාරගෙන තිබිණේ නැහැ. ''
 
 
මේ ගැන ලොකු කළකිරීමකින් මධුෂ් හිටියේ. මුල ඉඳලා සිද්ධ වුණ අසාධාරණකම් කිසි කෙනෙක් දන්නේ නැහැ. මැදදී කුඩුකාරයා, මිනීමරුවා වගේ චෝදනා විතරයි. 
 
අපේ මධූෂ්ට හොඳ දැනුමක් තියෙනවා. දිගටම පාසැල් ගිය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ හොඳට සමත් කෙනෙක් මධූෂ්. පොත් ගොඩක් කියවනවා. හිරගෙදර අවුරුදු එකහමාරට මං පොත් ගොඩක් ගිහිං දුන්නා. ඒවා එයා හරි ආසාවෙන් කියෙව්වා. මනසට හොඳ පොත් වගෙම පත්තරත් කියන්න ඔහු හරි ආස කළා.
 
රාවය :
ඔබත් දැන් එක වගේ සිද්ධි දෙකකින්ම හෙම්බත්වෙලා නේද?
 
තිළිණි නිශායා:
 
ඔව්, මගේ කලින් මහත්තයා අවුරුදු 10ක් හිරේ හිටියා.එයා එළියට එන්න ඇප දෙන්න දින 10ක් තියෙද්දි තමයි හිරගෙදරදී මැරුම් කෑවේ. ඒකට අදටත් සාධාරණයක් නැහැ. එයා එක්ක සෑහෙන් පිරිසක් හිරගෙදර ඇතුළෙම මරලා දැම්මා.
 
 
රාවය :
ඒකට වන්දි ගෙව්වා නේද?
 
තිළිණි නිශායා:
 
ඔව්. වන්දියක් දුන්නා. මම නම් වන්දිය ගන්න ගියේ නැහැ. වන්දියකින් කොහොමද මගේ මහත්තයගේ අඩුව පුරවන්නෙ. අනික එහෙම වන්දි දීලා මිනිස්සුන්ගේ කටවල් වැහැව්වහම හරිද? 
 
මගේ මහත්තයා ඒ වෙලාවේ වරදකට දඩුවම් විඳින්න ගියානම් ඒ අතර ඔහුව මරා දැම්මහම ඒක වරදක් නොවෙයිද ඒ මිනිමරුවටත් දඩුවම් නැද්ද ? වන්දි දුන්නහම හරිද?
   
රාවය :
ඔබ ගැනත් යමක් කියන්න?
 
 
තිළිණි නිශායා:
 
මම නුගේගොඩ අනුලා විද්‍යාලයට ගියේ. මම හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. දහම් පාසැල් ගියා. මටත් මිනිස්සු චෝදනා කරනවා. මම වැරදිකාරියක් කියලා මට කිසිම නඩුවක් නැහැ. මිනිස්සු මාවත් පාතාල ගොඩට දානව. මම හොඳ අම්මා තාත්තා කෙනෙක්ගේ දරුවෙක්. මගේ වැරැද්ද තියෙන්නේ මගේ මහත්තයාලා දෙන්නගේ ප්‍රශ්න එක්ක. 
 
 
''මම නුගේගොඩ අනුලා විද්‍යාලයට ගියේ. මම හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. දහම් පාසැල් ගියා. මටත් මිනිස්සු චෝදනා කරනවා. මම වැරදිකාරියක් කියලා මට කිසිම නඩුවක් නැහැ. මිනිස්සු මාවත් පාතාල ගොඩට දානව. මම හොඳ අම්මා තාත්තා කෙනෙක්ගේ දරුවෙක්. මගේ වැරැද්ද තියෙන්නේ මගේ මහත්තයාලා දෙන්නගේ ප්‍රශ්න එක්ක.'' 
 
මගේ ආදරේට මගේ කැමැත්තට මං එයාලා එක්ක ගියා. ඒක වරදක් නෙමෙයිනේ. ඉතිං ඒ විදියට සමාජය අපව කොන්කරන එක සම්පුර්ණයෙන්ම වැරදියි නේද?
 
රාවය :
අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මොනවද?
 
තිළිණි නිශායා:
 
මිනිස්සුන්ව නිරපරාදේ මරලා දාන්න එපා. තරහාකාරයෙක්ට උණත් කියන්න තියෙන්නේ මේ මියයන්නේ අම්මා කෙනෙක්ගේ දරුවෙක්. බිරිඳකගේ ස්වාමියෙක්, දරුවෙකුගේ පියෙක්, සහෝදරියකවත් සහෝදරයෙක්වත් අකාලයේ මරලා දාන්න එපා මේ විදියට අපේ දෑසින්ම ඒ අයගේ ඇස් ගලවල, මොළ ගලවලා දකින්න සිද්ධ කරන්න එපා. 
 
හරිම අමාරුයි මේ දේවල් දරාගන්න. වරදක් කරලනම් නීතියෙන් දඬුවම් දෙන්න. මරන්නේ නැතිව. හැමෝගෙම එක ලේ තියෙන්නේ. කවුරුත් අසරණයි.
 
රාවය :
සමාජයේ කතාවක් තියෙනවා කසාද බිරිඳට මිනිය අයිති වුණාට ඔක්කොම කළේ දෙවැනි බිරිඳ කියලා. ඒ ඇයි ?
 
තිළිණි නිශායා:
 
මිනියට ගහගන්න තරම් අපි අතර ප්‍රශ්න නැහැ එයයි, මායි සහෝදරියෝ වගේ මධූෂ් සහ ඒ අක්කා කැමැත්තෙන් වෙන් වෙලා හිටියේ. ඒ අක්කා දන්නවා මධූෂ් මාත් එකකයි ඉන්නේ කියලා. ඒ අක්කත් අපේ ගෙදර එනවා. 
 
අනික මිනිය එහෙත් නෙමෙයි මෙහෙත් නෙමෙයි, මිනිය තියන්න තැනක් මධූෂ් මැරෙන්න කළින්ම කියලා තිබුණා. ඒ මධූෂ්ගේ මහ ගෙදර. පවුලේ සුසාන භූමියේ එයාව වළදාන්න කියලා තිබුණේ. 
 
ඒ එයාගේ මල්ලී , එයාගේ ආච්චි, වලදාපු තැන. කොරෝනා ප්‍රශ්න එක්ක තමයි අවසන් කටයුතු මෙහේ කළේ. 
 
 
''අනික අනියම් බිරිඳ කියලා මට කිව්වට මම අනියම් බිරිඳක් නෙමෙයි. අපි නීත්‍යානුකූලව විවාහ වෙලා ඉන්නේ. හැබැයි එයා රට ගියේ මධූෂ් ලක්ෂිත කියන නමින් නෙමෙයි.''
 
අනික අනියම් බිරිඳ කියලා මට කිව්වට මම අනියම් බිරිඳක් නෙමෙයි. අපි නීත්‍යානුකූලව විවාහ වෙලා ඉන්නේ. හැබැයි එයා රට ගියේ මධූෂ් ලක්ෂිත කියන නමින් නෙමෙයි.
 
 
(රාවය - ravaya.lk)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...