BREAKING
Top Ad
සමාලාප

කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට සුදුසුම ක්‍රමය ඇන්ටිජන් පරීක්ෂණය යි - මහාචාර්ය මලික් පීරිස් (වීඩියෝ)

T

The Leader

November 27, 2020 • 8:10 AM

 කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට සුදුසුම ක්‍රමය ඇන්ටිජන් පරීක්ෂණය යි - මහාචාර්ය මලික් පීරිස් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • '' පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් මූලික වෛද්‍ය උපාධිය ලබා ගත් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් වන මහාචාර්ය මලික් පීරිස්, අද වන විට ලෝකයේ
  •   ප්‍රශ්නය -  මෙම රෝගය මහජනතාව අතර විශාල බියක්, අවිනිශ්චිතතාවක් ඇති කරලා තියෙනවා.
  • එසේම මෙම රෝගය වටා නිර්මාණය වන ඇතැම් මිත්‍යා මත සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වීම තත්ත්වය තවත් දරුණු අතට පත් කරන්න හේතුවෙනවා.
  •     පිළිතුර -  රෝගය සම්ප්‍රේෂණය වීම සලකා බැලුවොත්, ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීම්වලින් 44%ක්ම සිදුවන්නේ අදාළ ආසාදිතයා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පෙර බව සොයාගෙන තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

වෛරසවේදය පිළිබඳ විද්‍යාඥයින් අතර ප්‍රමුඛස්ථානයක් හිමිකර ගැනීමට සමත්ව තිබෙන විද්‍යාඥයෙක් වේ
ලොව පිළිගත් විද්‍යාත්මක සඟරා සඳහා පර්යේෂණ පත්‍රීකා 600 කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර ඇති මහාචාර්ය මලික් පීරිස්, ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින්ගෙන් සැදුම්ලත් බ්‍රිතාන්‍යයේ රාජකීය සමාජයේ ද සාමාජිකයෙකු වේ.
2003 වසරේ දී පැතිර ගිය සාර්ස් වෛරසය හඳුනාගැනීම සහ එම වසංගතය පාලනය කිරීමට මහාචාර්ය මලික් පීරිස් සිදුකළ සුවිශේෂී කාර්යභාරය ලොව පුරා විද්‍යාඥයින්ගේ පැසසුමට ලක්වුණි. 
එසේම 2015 වසරේ මැදපෙරදිග කලාපයේ පැතිර ගිය මර්ස් වෛරසය සම්බන්ධයෙන් කෙරුණු පර්යේෂණ සඳහා ද සුවිශේෂී දායකත්වයක් ලබා දීමට මහාචාර්ය මලික් පීරිස් කටයුතු කළේය. 
ඔහු වර්තමානයේ දී හොංකොං විශ්වවිද්යාලයේ සමාජ සෞඛ්‍ය පිළිබඳ විද්‍යායතනයේ වෛරස් අධ්‍යයන විද්‍යාව පිළිබඳ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබයි.  ''
 
malik11.27කොවිඩ් ආසාදිත රෝගියෙකු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම ආරම්භ කළ දින සිට දින 10ක් ගතව යාමෙන් පසු ඔහුගෙන් වෙනත් අයෙකුට වෛරසය ආසාදනය වීමේ හැකියාවක් නැතැයි හොංකොං විශ්ව විද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ අංශයේ ප්‍රධානී මහාචාර්ය මලික් පීරිස් අවධාරණය කරයි. 
 
මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රෝගය තවත් අයෙකුට ආසාදනය කිරීමේ හැකියාව ඇති ආසාදිතයින් හඳුනාගැනීම සඳහා වඩාත් යෝග්‍යතම පරීක්ෂණය වන්නේ ඇන්ටිජන් (ක්ෂණික ප්‍රතිදේහජන)ක පරීක්ෂණය වන බවයි.
 
මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින මහාචාර්ය මලික් පීරිස්, පසුගියදා ලංකා කායික රෝග විශේෂඥවරුන්ගේ සංගමය සංවිධානය කර තිබූ විද්වත් සාකච්ඡාවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.
 
 
මෙහිදී යොමු කෙරුණු ප්‍රශ්න කිහිපයට මහාචාර්වරයා මෙසේ ප්‍රතිචාර දක්වන ලදී.
 
ප්‍රශ්නය - 
මෙම රෝගය මහජනතාව අතර විශාල බියක්, අවිනිශ්චිතතාවක් ඇති කරලා තියෙනවා. එසේම මෙම රෝගය වටා නිර්මාණය වන ඇතැම් මිත්‍යා මත සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වීම තත්ත්වය තවත් දරුණු අතට පත් කරන්න හේතුවෙනවා.  මෙම රෝගය පිටුපස තිබෙන විද්‍යාත්මක පසුබිම කුමක්ද?  
 
පිළිතුර - 
රෝගය සම්ප්‍රේෂණය වීම සලකා බැලුවොත්, ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීම්වලින් 44%ක්ම සිදුවන්නේ අදාළ ආසාදිතයා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පෙර බව සොයාගෙන තිබෙනවා. ඉන්පසු දින 3-4ක කාලයක් තුළ දී සම්ප්‍රේෂණය වීමක් සිදුවුණත් දින 5,6,7 ක් යන විට රෝගය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව සීග්‍රයෙන් පහළ බසිනවා. 
 
ප්‍රශ්නය - 
කොවිඩ් 19 රෝගය හඳුනාගන්නේ කෙසේද? අප බහුල වශයෙන් භාවිතා කරන්නේ පීසීආර් පරීක්ෂණය. එය සිදුකෙරෙන්නේ කෙසේද? පීසීආර් පරීක්ෂණයේ තිබෙන සීමාකාරී සාධක මොනවාද?
 
පිළිතුර -
 පීසීආර් පරීක්ෂණ සහ ඇන්ටිජන් ටෙස්ට් (ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ) එකිනෙක සන්සන්දනය කිරීමේ දී වෛරසයේ අඩංගු නියුක්ලීය ආම්ලිකතාවය හඳුනාගැනීමේ හැකියාව පීසීආර් පරීක්ෂණයේ දී සාපේක්ෂව ඉහළ මට්ටමක පවතිනවා. 
 
නමුත් ඔබට අවශ්‍ය රෝගය පැතිර යා හැකි ආකාරයේ වෛරසය හඳුනාගැනීමට නම් රෝගියාගේ ශරීරයේ ඉතා විශාල වෛරස ප්‍රමාණයක් තිබිය යුතු වෙනවා. එය සහ පීසීආර් පරීක්ෂණය අතර පවතින සහසම්බන්ධතාවය අඩු එකක්. 
 
වෙනත් විදියකට කිව්වොත් පීසීආර් ධනාත්මක වන සෑම පරීක්ෂණයක්ම, සෑම පුද්ගලයෙකු තුළම රෝගය ආසාදනය කිරීමේ වෛරස ප්‍රමාණය තිබෙනවා යන්න අදහස් වන්නේ නැහැ.  
 
ඇන්ටිජන් පරීක්ෂණය පීසීආර් පරීක්ෂණයට වඩා යම් ආකාරයකින් සංවේදීතාවයෙන් අඩු වුණත් එයින් වෛරස වැඩි ප්‍රමාණයක් සහිත රෝගීන් හඳුනාගත හැකිවෙනවා. 
 
ඇන්ටිජන් පරීක්ෂණය සහ ආසාදිතභාවය අතර පවතින සහසම්බන්ධතාවය වඩා හොඳ එකක්. 
 
''ඇන්ටිජන් පරීක්ෂණය පීසීආර් පරීක්ෂණයට වඩා යම් ආකාරයකින් සංවේදීතාවයෙන් අඩු වුණත් එයින් වෛරස වැඩි ප්‍රමාණයක් සහිත රෝගීන් හඳුනාගත හැකිවෙනවා. ඇන්ටිජන් පරීක්ෂණය සහ ආසාදිතභාවය අතර පවතින සහසම්බන්ධතාවය වඩා හොඳ එකක්.'' 
 
මුල් කාලයේ දී භාවිතයට ගැනුණු ඇතැම් ඇන්ටිජන් පරීක්ෂණ හොඳ තත්ත්වයේ ඒවා නොවුණත් පසුකාලයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සහිතව හඳුන්වා දුන් ඇන්ටිජන් පරීක්ෂණ ඉතා හොඳ මට්ටමේ ඒවා ලෙස හඳුන්වන්න පුළුවන්.
 
 අදාළ අරමුණ වෙනුවෙන් මේ පරීක්ෂණ වර්ග දෙකම නිවැරදි ආකාරයෙන් යොදා ගැනීමේ හැකියාව අපිට තිබිය යුතුයි.
 
 
ප්‍රශ්නය - 
මෙම පරීක්ෂණ කවුරු වෙනුවෙන්, කුමන අවස්ථාවේ දී භාවිත කළ යුතුද?
 
පිළිතුර - 
පීසීආර් පරීක්ෂණයේ ඉහළ සංවේදිතාවය නිසාම රෝගී පුද්ගලයෙකු සිටිනවා නම්, ඔහුගේ රෝගී තත්ත්වය නිශ්චය කර ගැනීම සඳහා ඒ සඳහා ඇති හොඳම තේරීම පීසීආර් පරීක්ෂණය ලෙස හඳුන්වන්න පුළුවන්. 
 
එසේම ඔබට ක්ෂණික තීරණ ගැනීමට සිදුවන අවස්ථාවක දී සහ පීසීආර් පරීක්ෂණ කළ හැකි ස්ථානයක් බොහෝ දුර තිබෙන අවස්ථාවක දී ඇන්ටිජන් පරීක්ෂණ හරහා වේගවත් ප්‍රතිඵලයක් ලබා ගත හැකියි. එමගින් තීන්දුවක් ගැනීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. 
 
''පීසීආර් පරීක්ෂණයේ ඉහළ සංවේදිතාවය නිසාම රෝගී පුද්ගලයෙකු සිටිනවා නම්, ඔහුගේ රෝගී තත්ත්වය නිශ්චය කර ගැනීම සඳහා ඒ සඳහා ඇති හොඳම තේරීම පීසීආර් පරීක්ෂණය ලෙස හඳුන්වන්න පුළුවන්. 
එසේම ඔබට ක්ෂණික තීරණ ගැනීමට සිදුවන අවස්ථාවක දී සහ පීසීආර් පරීක්ෂණ කළ හැකි ස්ථානයක් බොහෝ දුර තිබෙන අවස්ථාවක දී ඇන්ටිජන් පරීක්ෂණ හරහා වේගවත් ප්‍රතිඵලයක් ලබා ගත හැකියි. එමගින් තීන්දුවක් ගැනීමේ අවස්ථාව ඔබට ලැබෙනවා. ''
 
ඒ වගේම රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින්, වෛරසය බොහෝ සේ ආසාදනය වී ඇති පුද්ගලයින් හඳුනාගැනීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණය ප්‍රමාණාත්මක වෙනවා. මන්ද එය වේගවත්, ඒ වගේම වැඩි වෛරස ප්‍රමාණයක් තිබෙන රෝගීන් එමඟින් පෙන්නුම් කරනවා. 
 
ප්‍රශ්නය - 
පීසීආර් පරීක්ෂණයෙන් පොසිටිව් ලෙස හඳුනාගත් රෝගියෙකු තවත් අයෙකුට වෛරසය ආසාදනය නොකරන්නෙකු බවට පත්වීමට හැකියාවක් තිබෙනවා ද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?
 
පිළිතුර - 
මම කලින් කිව්වා වගේ පීසීආර් පරීක්ෂණයෙන් සිදුකරන්නේ මුළු වෛරසයේ අඩංගු බෝවන වෛරස කොටස් පිළිබඳව හඳුනාගැනීම නොවේ. වෛරසයේ ජානමය ද්‍රව්‍ය පිළිබඳ පමණයි එහිදී අවධානය යොමුවන්නේ. 
 
පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට ආසාදනය නොවන මට්ටමකට පැමිණි අවස්ථාවක දී පවා වෛරසයේ ජානමය ද්‍රව්‍ය බොහෝ කාලයක් රෝගියාගේ ශරීරයේ පැවතිය හැකියි. 
 
මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මේ වන විට වෙනස් කරලා තිබෙනවා. 
 
මූලික වශයෙන් ඔවුන් කියන්නේ රෝග ලක්ෂණ නොපෙන්වන සහ සුළු වශයෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්, රෝගය ආසාදනය වී දින 8-10 ගතවීමෙන් පසු ඔහුගෙන් තවත් අයෙකුට රෝගය බෝවිය නොහැකි බවයි.
 
coronavirus testing
''ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මේ වන විට වෙනස් කරලා තිබෙනවා. මූලික වශයෙන් ඔවුන් කියන්නේ රෝග ලක්ෂණ නොපෙන්වන සහ සුළු වශයෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්, රෝගය ආසාදනය වී දින 8-10 ගතවීමෙන් පසු ඔහුගෙන් තවත් අයෙකුට රෝගය බෝවිය නොහැකි බවයි.
 
 ඒ නිසා ඔබ පීසීආර් පරීක්ෂණය කළ යුතුම නැහැ. පීසීආර් පරීක්ෂණය පොසිටිව් වුණත් එයින් ගම්‍ය වන්නේ නැහැ ඔහුගෙන් තවත් අයෙකුට රෝගය බෝවිය හැකියි කියලා. 
 
වසංගත රෝග විද්‍යාව අනුව සහ ආශ්‍රිතයින් හඳුනාගැනීමේ අධ්‍යයනවලට අනුව රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් දින 5-6 කින් පසුව තවදුරටත් රෝගය සම්ප්රේෂණය කිරීමේ හැකියාවක් නැති බව හෙළි වී තිබෙනවා.  
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...