BREAKING
Top Ad
සමාලාප

'දුවෙක් හිටියනං කොන්ඩම් එකක් අතට දෙන්න මම දෙපාරක් හිතන්නෙ නෑ.' -චන්දි අලුවිහාරේ

T

The Leader

April 10, 2021 • 9:36 AM

'දුවෙක් හිටියනං කොන්ඩම් එකක් අතට දෙන්න මම දෙපාරක් හිතන්නෙ නෑ.' -චන්දි අලුවිහාරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''කවුරු හරි පිරිමියෙක් විවාහ වෙන්න කලින් කන්‍යාභාවය හොයනවා නම් ඒ මනුස්සයව කවදාවත් බඳින්න එපා. කිසිම කෙනෙකුට කාන්තාවකගෙන් ඔයා වර්ජින්ද කියල අහන්න අයිතියක් නෑ. ශරීර අංගයකින් කාන්තාවකගේ පවිත්‍රභාවය මනින්න හදන්නෙ සිතින් වගේම කයිනුත් අපවිත්‍ර මිනිස්සු.'' ඒ, 2021 පෙබරවාරි 03දා 'ධරනී' පුවත්පතේ පල වුණු 2016 ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුල දිනූ චන්දි අලුවිහාරේ සමග කල කතාබහකින් කොටසක්. ලංකාවෙ කාන්තාවක් හැටියට බය නැතිව හදවතට එකඟ දේ විවෘතව ප්‍රකාශ කිරීම වෙනුවෙන් ගරු කිරීමක් වශයෙනුයි මේ උපුටාගැනීම පල කරන්නෙ. සම්පූර්ණ ලිපිය පත්තරෙන් කියවන්න. සාකච්ඡාව කරලා තිබුනෙ සෙව්වන්දි හෙට්ටිආරච්චි. ''මම ලෝකයේ සම්මතයි කියලා කියන දේවල් හෝ මිනිස්සු විසින් ලෝක සම්මතයි කියල හදාගත්තු දේවල්වගට අනුව වැඩ කරන කෙනෙක් නෙමෙයි. මම කොයි දේ කරන්නෙත් හෘදයසාක්ෂියට අනුව. පැවරෙන වගකීම් පුළුවන් උපරිමයෙන් ඉටුකරන්න උත්සාහ කරන කාන්තාවක් විදිහට මාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට මම කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන සමාජ සුබසාධන කටයුතු රාශියකම නිරත වෙනවා.'' - චන්දි අලුවිහාරේ ප්‍රශ්නය : ඔබ පෙනී ඉන්නෙ තනිවුනු මව්වරුන් වෙනුවෙන්. ලෝකයේ ගොඩක් රටවලට අලුත් දෙයක් නොවුනට මේ සින්ගල් මදර් කියන සංකල්පය ලංකාවට තවමත් ආගන්තුකයි නේද? චන්දි : ඔව්. ඒක එහෙම වෙලා තියෙන්නෙ ආකල්පමය වශයෙන් තවමත් අපි ඉන්නෙ ඉතාම නොදියුණු මානසිකත්වයක නිසා ගොඩනැගිලි හදලා විතරක් රටක් දියුණු කරන්න පුළුවන් කියල හිතන මිනිස්සු ඉන්න රටක මේ වගේ සංකල්පයක් ප්‍රතික්‍ෂේප වීම එක අතකට පුදුම වෙන්න කාරණාවක් නෙමෙයි. නමුත් දියුණු රටවල මේ තත්වය වෙනස්. ඔවුන් භෞතිකව වගේම ආකල්පමය වශයෙනුත් ඉතාම දියුණුයි. දරුවෙක් එක්ක තනිවෙන මවකට ඒ දරුවාව උස්මහත් කරගෙන සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් ඒ රටවල නීති පද්ධතියෙන්ම සකස් කරලා දීලා තියෙනවා. ප්‍රශ්නය: ඇයි මවක් මේ විදිහට තනිවෙන්නෙ? චන්දි : මෙතනදි කාරණා දෙකක් ගැන කතා කරන්න පුළුවන්. විවාහක කාන්තාවන් දරුවන් සමග තනිවෙන්නෙ ඇයි කියල මුලින් කතා කරමු. උපන්දා ඉඳලා දැනසිටිය දෙන්නෙක් වුනත් එකට ජීවත් වෙන කොට එකිනෙකාගෙ වැරදි අඩුපාඩු වැඩියෙන් පේන්න ගන්නවා. ඒ අඩුපාඩු ගලපාගෙන එකට ජීවත්වෙන්න පුළුවන් නම් ඒ බැඳීම සාර්තකයි. ඒත් ගලපගන්න අපහසු තැන් දිගින් දිගටම ගලපා ගැනීමට යාමෙන් සිද්ද වෙන්නෙ ඒ කාන්තාව කායිකවත් මානසිකවත් පීඩාවට ලක්වීම විතරයි. මම කියන්නෙ කිසිම කාන්තාවක් ඒ වගේ බැඳීමක සිරකාරියක් විය යුතු නෑ. එවැනි බැඳීමකින් ඉවත් වෙන්න තීරණය කරන කාන්තාවකට සිද්ද වෙනවා තනිවුනු මවක් විදිහට සමාජයට මුහුණ දෙන්න. ඒ වගේම නීත්‍යානුකූලව විවාහ නොවී මව්වරුන් වෙන කාන්තාවනුත් ඉන්නවා. මම නම් කියන්නෙ ඒ වරදට සම්පූර්ණයෙන් වගකියන්න ඕන මේ සමාජය සහ අපේ අධ්‍යාපන ක්‍රමය. තවමත් අපේ රටේ දරුවන්ට නිසියාකාර ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන්නෙ නෑ. ඒ නිසාම අපේ රටේ මව්වරුන්ගේ අනුපාතය දවසින් දවස ඉහල යමින් තියෙනවා. මෙතනදි මම තව දෙයක් කියන්න කැමතියි. මව විවාහකද අවිවාහකද කියන කාරණය මාතෘත්වයට අදාල කාරණාවක් නොවෙයි. ප්‍රශ්නය: සෙක්ස් කියන වචනය ගැන වැඩිපුර හොයපු රට විදිහට ලංකාව වාර්තා තියන්නෙ ඔය කියපු අධ්‍යාපන දුර්වලතා නිසාද? ''කවුරු මොනවා කිව්වත් මේ ලෝකයේ පැවැත්ම රඳා පවතින්නෙ ලිංගිකත්වය කියන ක්‍රියාවලිය මත.'' චන්දි : කවුරු මොනවා කිව්වත් මේ ලෝකයේ පැවැත්ම රඳා පවතින්නෙ ලිංගිකත්වය කියන ක්‍රියාවලිය මත. යම් වයස් සීමාවකදි හැමකෙනෙකුටම ලිංගිකත්වය කියන කාරණාව ගැන වැඩිපුර දැනෙන්න ගන්නවා. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. නමුත් ගොඩක් දෙමව්පියන් ඒ වගේ අවස්ථාවල දරුවො දිහා බලන්නෙ ලෝකෙ තියෙන ලොකුම අපරාධය කරපු අපරාධකාරයො දිහා බලනවා වගේ. ඒ වගේ වෙලාවක හිතට එකඟව ඔබට තරුණ කාලය මතක් කරගන්න පුළුවන් නම් ඒ වගේ ප්‍රශ්නයක් දිහා ඊට වඩා මානුෂික විදිහට බලන්න පුළුවන් වෙයි. ඒ නිසා අඩු වයසකදි අනාරක්ෂිත ලිංගික ඇසුරකට යොමු වුනොත් ඒකෙන් අත්වෙන්න පුළුවන් ඉරණම ගැන ඔබේ දියණියට වගේම පුතාටත් ආදරෙන් කියාදෙන්න. මට දියණියක් හිටියා නම් අම්මා කෙනෙක් විදිහට නිසි වයස ආවට පස්සෙ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොන්ඩම් එකක් පාවිච්චි කරන්න කියන එක කියලා දෙන්න මම පැකිලෙන්නෙ නෑ. මගේ අවුරුදු 12ක් වෙන පුතාටත් මං මේ වෙනකොට මේ කාරණා කියල දීලයි තියෙන්නෙ. ප්‍රශ්නය : අදටත් අපේ මිනිස්සු විවාහයේදී කන්‍යාභාවය සෙවීම ගැන ඔබේ අදහස මොකක්ද? චන්දි : කවුරු හරි පිරිමියෙක් විවාහ වෙන්න කලින් කන්‍යාභාවය හොයනවා නම් ඒ මනුස්සයව කවදාවත් බඳින්න එපා. කිසිම කෙනෙකුට කාන්තාවකගෙන් ඔයා වර්ජින්ද කියල අහන්න අයිතියක් නෑ. ශරීර අංගයකින් කාන්තාවකගේ පවිත්‍රභාවය මනින්න හදන්නෙ සිතින් වගේම කයිනුත් අපවිත්‍ර මිනිස්සු. (Faculty of Sex) THE LEADER TV හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස" මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?
  • ''කවුරු හරි පිරිමියෙක් විවාහ වෙන්න කලින් කන්‍යාභාවය හොයනවා නම් ඒ මනුස්සයව කවදාවත් බඳින්න එපා.
  • කිසිම කෙනෙකුට කාන්තාවකගෙන් ඔයා වර්ජින්ද කියල අහන්න අයිතියක් නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):
''කවුරු හරි පිරිමියෙක් විවාහ වෙන්න කලින් කන්‍යාභාවය හොයනවා නම් ඒ මනුස්සයව කවදාවත් බඳින්න එපා. කිසිම කෙනෙකුට කාන්තාවකගෙන් ඔයා වර්ජින්ද කියල අහන්න අයිතියක් නෑ. ශරීර අංගයකින් කාන්තාවකගේ පවිත්‍රභාවය මනින්න හදන්නෙ සිතින් වගේම කයිනුත් අපවිත්‍ර මිනිස්සු.''
 
ඒ, 2021 පෙබරවාරි 03දා 'ධරනී' පුවත්පතේ පල වුණු 2016 ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුල දිනූ චන්දි අලුවිහාරේ සමග කල කතාබහකින් කොටසක්. ලංකාවෙ කාන්තාවක් හැටියට බය නැතිව හදවතට එකඟ දේ විවෘතව ප්‍රකාශ කිරීම වෙනුවෙන් ගරු කිරීමක් වශයෙනුයි මේ උපුටාගැනීම පල කරන්නෙ. සම්පූර්ණ ලිපිය පත්තරෙන් කියවන්න. සාකච්ඡාව කරලා තිබුනෙ සෙව්වන්දි හෙට්ටිආරච්චි.
 
 
''මම ලෝකයේ සම්මතයි කියලා කියන දේවල් හෝ මිනිස්සු විසින් ලෝක සම්මතයි කියල හදාගත්තු දේවල්වගට අනුව වැඩ කරන කෙනෙක් නෙමෙයි. මම කොයි දේ කරන්නෙත් හෘදයසාක්ෂියට අනුව. පැවරෙන වගකීම් පුළුවන් උපරිමයෙන් ඉටුකරන්න උත්සාහ කරන කාන්තාවක් විදිහට මාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට මම කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන සමාජ සුබසාධන කටයුතු රාශියකම නිරත වෙනවා.'' - චන්දි අලුවිහාරේ
 
 
ප්‍රශ්නය :
ඔබ පෙනී ඉන්නෙ තනිවුනු මව්වරුන් වෙනුවෙන්. ලෝකයේ ගොඩක් රටවලට අලුත් දෙයක් නොවුනට මේ සින්ගල් මදර් කියන සංකල්පය ලංකාවට තවමත් ආගන්තුකයි නේද?
 
චන්දි :
ඔව්. ඒක එහෙම වෙලා තියෙන්නෙ ආකල්පමය වශයෙන් තවමත් අපි ඉන්නෙ ඉතාම නොදියුණු මානසිකත්වයක නිසා ගොඩනැගිලි හදලා විතරක් රටක් දියුණු කරන්න පුළුවන් කියල හිතන මිනිස්සු ඉන්න රටක මේ වගේ සංකල්පයක් ප්‍රතික්‍ෂේප වීම එක අතකට පුදුම වෙන්න කාරණාවක් නෙමෙයි.
 
නමුත් දියුණු රටවල මේ තත්වය වෙනස්. ඔවුන් භෞතිකව වගේම ආකල්පමය වශයෙනුත් ඉතාම දියුණුයි. දරුවෙක් එක්ක තනිවෙන මවකට ඒ දරුවාව උස්මහත් කරගෙන සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් ඒ රටවල නීති පද්ධතියෙන්ම සකස් කරලා දීලා තියෙනවා.
 
 
 
ප්‍රශ්නය:
ඇයි මවක් මේ විදිහට තනිවෙන්නෙ?
 
චන්දි :
මෙතනදි කාරණා දෙකක් ගැන කතා කරන්න පුළුවන්. විවාහක කාන්තාවන් දරුවන් සමග තනිවෙන්නෙ ඇයි කියල මුලින් කතා කරමු.  උපන්දා ඉඳලා දැනසිටිය දෙන්නෙක් වුනත් එකට ජීවත් වෙන කොට එකිනෙකාගෙ වැරදි අඩුපාඩු වැඩියෙන් පේන්න ගන්නවා. ඒ අඩුපාඩු ගලපාගෙන එකට ජීවත්වෙන්න පුළුවන් නම් ඒ බැඳීම සාර්තකයි.
 
 ඒත් ගලපගන්න අපහසු තැන් දිගින් දිගටම ගලපා ගැනීමට යාමෙන් සිද්ද වෙන්නෙ ඒ කාන්තාව කායිකවත් මානසිකවත් පීඩාවට ලක්වීම විතරයි. මම කියන්නෙ කිසිම කාන්තාවක් ඒ වගේ බැඳීමක සිරකාරියක් විය යුතු නෑ. එවැනි බැඳීමකින් ඉවත් වෙන්න තීරණය කරන කාන්තාවකට සිද්ද වෙනවා තනිවුනු මවක් විදිහට සමාජයට මුහුණ දෙන්න. 
 
ඒ වගේම නීත්‍යානුකූලව විවාහ නොවී මව්වරුන් වෙන කාන්තාවනුත් ඉන්නවා. මම නම් කියන්නෙ ඒ වරදට සම්පූර්ණයෙන් වගකියන්න ඕන මේ සමාජය සහ අපේ අධ්‍යාපන ක්‍රමය.
 
 තවමත් අපේ රටේ දරුවන්ට නිසියාකාර ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන්නෙ නෑ. ඒ නිසාම අපේ රටේ මව්වරුන්ගේ අනුපාතය දවසින් දවස ඉහල යමින් තියෙනවා.
 
 මෙතනදි මම තව දෙයක් කියන්න කැමතියි. මව විවාහකද අවිවාහකද කියන කාරණය මාතෘත්වයට අදාල කාරණාවක් නොවෙයි.
 
 
 
ප්‍රශ්නය:
සෙක්ස් කියන වචනය ගැන වැඩිපුර හොයපු රට විදිහට ලංකාව වාර්තා තියන්නෙ ඔය කියපු අධ්‍යාපන දුර්වලතා නිසාද?
 
world depends on sex
''කවුරු මොනවා කිව්වත් මේ ලෝකයේ පැවැත්ම රඳා පවතින්නෙ ලිංගිකත්වය කියන ක්‍රියාවලිය මත.''
 

 

චන්දි :

කවුරු මොනවා කිව්වත් මේ ලෝකයේ පැවැත්ම රඳා පවතින්නෙ ලිංගිකත්වය කියන ක්‍රියාවලිය මත. යම් වයස් සීමාවකදි හැමකෙනෙකුටම ලිංගිකත්වය කියන කාරණාව ගැන වැඩිපුර දැනෙන්න ගන්නවා. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. 
 
නමුත් ගොඩක් දෙමව්පියන් ඒ වගේ අවස්ථාවල දරුවො දිහා බලන්නෙ ලෝකෙ තියෙන ලොකුම අපරාධය කරපු අපරාධකාරයො දිහා බලනවා වගේ. ඒ වගේ වෙලාවක හිතට එකඟව ඔබට තරුණ කාලය මතක් කරගන්න පුළුවන් නම් ඒ වගේ ප්‍රශ්නයක් දිහා ඊට වඩා මානුෂික විදිහට බලන්න පුළුවන් වෙයි. 
 
ඒ නිසා අඩු වයසකදි අනාරක්ෂිත ලිංගික ඇසුරකට යොමු වුනොත් ඒකෙන් අත්වෙන්න පුළුවන් ඉරණම ගැන ඔබේ දියණියට වගේම පුතාටත් ආදරෙන් කියාදෙන්න. 
 
මට දියණියක් හිටියා නම් අම්මා කෙනෙක් විදිහට නිසි වයස ආවට පස්සෙ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොන්ඩම් එකක් පාවිච්චි කරන්න කියන එක කියලා දෙන්න මම පැකිලෙන්නෙ නෑ. මගේ අවුරුදු 12ක් වෙන පුතාටත් මං මේ වෙනකොට මේ කාරණා කියල දීලයි තියෙන්නෙ.
 
 
 
ප්‍රශ්නය :
අදටත් අපේ මිනිස්සු විවාහයේදී කන්‍යාභාවය සෙවීම ගැන ඔබේ අදහස මොකක්ද?
 
චන්දි :
කවුරු හරි පිරිමියෙක් විවාහ වෙන්න කලින් කන්‍යාභාවය හොයනවා නම් ඒ මනුස්සයව කවදාවත් බඳින්න එපා. කිසිම කෙනෙකුට කාන්තාවකගෙන් ඔයා වර්ජින්ද කියල අහන්න අයිතියක් නෑ. ශරීර අංගයකින් කාන්තාවකගේ පවිත්‍රභාවය මනින්න හදන්නෙ සිතින් වගේම කයිනුත් අපවිත්‍ර මිනිස්සු.
 
 

 

 

 


 

THE LEADER TV

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

 

 මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...