ප්‍රශ්නය :
දීප්ති දැන් මේ වෙලාවේ විපක්ෂය ඇතුළු දැන් සියලු බලවේගයන් පාර්ලිමේන්තුව තුළ සහ පිටත කියලා තියෙන දෙයක් තමයි වහාම රනිල් ගේ ආණ්ඩුව ගෙදර යවලා පුළුවන් තරම් ඉක්මනට සර්ව පාර්ශික ආණ්ඩුවක් ගේන්න
කියලා සජිත් ප්‍රේමදාසත්, අනුර කුමාර දිසානායකත් දෙන්නම එකට එකතු වෙලා කියන කාරණාව. දීප්ති, මොනවගේ අදහසක් ද දරන්නේ මේ වෙලාවේ සර්ව පාර්ශික ආණ්ඩුවක් ගෙන ඒම සම්බන්ධයෙන් ?
දීප්ති :
මම මේකට කියන්නේ සර්වපාක්ෂික ෆැන්ටසිය. එහෙම නැත්නම් සර්වපාක්ෂික භූත සන්නිය කියලා.
මොකද හේතුව, ඔබ කියනවා වගේ, තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වෘත්තිය සමිති ඒ වගේම පල්ලිය, භික්ෂූන්, මේ අයත් අඩු වැඩි වශයෙන් මේකට දායක වෙලා තියෙනවා. ඇසිය යුතු ප්‍රශ්නය තමයි අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕනි කියන අයගෙන්, ලංකාවේ තියෙන මුඛ්‍ය ගැටලුව. පළවෙනිම මේ තියෙන ගැටලුව මේ අය වටහාගෙන තියෙනවද ?

ඒ කියන්නේ දයාසිරි ජයසේකර, මෛත්‍රීපාල සිරිසේන මහත්මයා, ඇතුළු අනුර කුමාර දිසානායක සහෝදරයා, සජිත් ප්‍රේමදාස සහෝදරයා, එතකොට මෙන්න මේ අය මම මේ කියන ව්‍යුහාත්මක ගැටලුව,ආර්ථිකයේ තියෙන ව්‍යුහාත්මක ගැටලුව අංක එක වටහා ගෙන තිබෙනවාද?
ඒක තමයි මීළඟට රාජ්‍ය නායකයෙක් වෙනවා නම් ඒ කෙනා දැරිය යුතු මූලික සුදුසුකම්.
මම කියන්නේ මූලික වශයෙන් ඉතාම පටු අර්ථයෙන් ගත්තොත් ලංකාවේ අපි කව්රුත් දන්නවා පවුල් ලක්ෂ 56ක් 57ක් තියෙනවා. අපි කලින් 60% සහ 20% කියන අනුපාතයකට හැදුවා. ඒ තමයි ලංකාවේ සමාජ ධනයෙන් විශාල කොටසක් යන්නේ ලංකාවේ මිලියන දෙකක් පමණ ඉන්න ජනතාවට. ලක්ෂ 14ක් කියන්නේ රජයේ සේවකයෝ, වෘත්තීය සමිති හදාගෙන ඉන්න කට්ටියත් සහ නියෝජිතයෝ ඒ කියන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, කොළඹ වරාය, විදුලිබල මණ්ඩලය, ටෙලිකොම්, රූපවාහිනි සංස්ථාව මේ වගේ සියලුම ආයතන තුන්සීයකට ලං වෙන්න තියෙනවා.

ඉතුරු අය ඉන්නේ උතුරු නැගෙනහිර යාපනය දිස්ත්‍රික්කවල. දුප්පත් ගම් විශාල ගණනක් ඉන්නවා මේ අයට අමතක උන දුප්පත්කම කෙළවරටම ගිය පවුල් ලක්ෂ පනස් ගණනම මේ ආර්ථික ක්‍රමයට ඇතුළු නොවී අවිධිමත් ආර්ථිකයේ, මම කියන්නේ නිදහසෙන් පස්සේ 78 විවෘත ආර්ථිකයෙන් පස්සේ එය දිගින් දිගටම දෛනිකව දරිද්‍ර වෙමින් දූෂණයට පත් වෙමින් ග්‍රාමීය ආර්ථිකය තුළ දැඩි පීඩාවට පත්වෙලා ඉන්නවා මිසක් ඔවුන්ට වෙන විකල්පයක් නැහැ.
''සමාජ ධනය වැඩියෙන්ම සූරා කන්නේ මේ වෘත්තිය සමිති''
ඒ කියන්නේ ලංකාවේ සමාජ ධනය වැඩියෙන්ම සූරා කන්නේ මේ වෘත්තිය සමිති කට්ටියනෙ. ඒ කියන්නේ ඉස්සර වෘත්තිය සමිති නෙමෙයි දැන් තියෙන්නේ. ඉස්සර සමිති කියන්නේ වෘත්තික අයිතිවාසිකම් තියෙන අය.
දැන් තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වලින් එළියට ගිහිල්ලා තමන්ගේ පුද්ගලික ප්‍රශ්න, ඒ කියන්නේ දැන් බලමු ගොඩක් අය කතා කරනවා විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාහනවලට පෙට්‍රල් ගහන්න එක ගැන. එහෙම තෙල් ගහන්න ඕන නෑ. මොකද ඒ ගොල්ලෝ මේ වෙන රටකින් ආපු අයද? අපි ඔක්කොමලා පොදු පුරවැසියෝ.


ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ ඇවිල්ලා, මහින්ද රාජපක්ෂවත් ගෙනාවේ JVP එකනේ. දැන් මතක නැති වෙලා. JVP එක සමාව ඉල්ලලාත් නැහැ. අපි මේ වැරදි කෙනෙක්ව ගෙනාවේ කියලා. ඒ අය අරවා මේවා කරනවා කියලා ගෙනාවේ බලයට.
එහෙනම් එක දෙයක් කළා උතුරු නැගෙනහිර යුද්ධය සම්පූර්ණයෙන් ම ඒ මිනිස්සුන්ගේ තියෙන ආර්ථික ප්‍රශ්නය එක්ක ඇති වෙච්ච යුද්ධය, දේශපාලනික ප්‍රශ්නයක් නෙවෙයි, ත්‍රස්තවාදී ප්‍රශ්නයක් කියලා කෑ ගහලා, කෑ ගහලා සමූල ඝාතනය කරලා විනාස කරලා, මේගොල්ලන් කිරිබත් කෑවා. එතකොට මේ කිරිබත් කාපු අය තමයි මේ ගොල්ලන්. මෙහෙට ඇවිත් දැන් කියන්නේ මානුෂිකත්වය වෙනුවෙන් පෙනී සිටින්න කියලා.
හැමෝටම ඉතිහාසය අමතක වෙලා තියෙනවා, මම ඒ ඉතිහාසය මතක් කරන්නම්. ඒ මහින්ද රාජපක්ෂගෙ මැද්දට පැන්න සජින් වාස් කියලා තක්කඩියෙක්. ඔහු විසින් සියළුම දේ ඉවර කරනවා.
අපි නැවත අහන්නේ සියලු දෙනාගෙන් ඔය පක්ෂවල ඇත්තටම, JVP එක අදාල නෑ.
සර්ව පාක්ෂිකයි කියලා බලය ඉල්ලන කොට මෙන්න මේ ප්‍රශ්නය කතා කරන්න ඕනේ කියලයි මම කියන්නේ. මේ ප්‍රශ්නය කතා නොකර අපේ අවධානය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට ඒවට මේවට යොමු කරනවා කියලා කියන්නේ අමු තක්කඩි වැඩක්.
මිනිස්සු ආයේ සැරයක් ලණු කාලා මේ කිසිඳු ආර්ථික ප්‍රශ්නයක් විසඳන්නේ නැතිව ආයේ රට අරාජිත වෙන එකයි වෙන්නේ, ඒ වගේම මම කියපු 20% ඉල්ලීම් තමයි මේ තියෙන්නේ. ඔය චර බර චර බර කියලා එන සද්දේ තියෙන්නේ ෆේස්බුක් වල ඒවාට බය වෙන්න ඕනේ නැහැ. ලක්ෂ 3ක් විතර, ඔක්කෝම එකතු කළාම ලක්ෂ 5,6ක් වෙයි. ඒ අය තමයි ඔය කෑගහන්නේ. මම කියපු ලක්ෂ පනස් ගාන නෙවෙයි මෙතන කෑගහන්නේ.
මම මේක කියනකන් ඉතුරු අවංක මිනිස්සුන්ට ඇයි මේක කියා ගන්න බැරි. ඇයි මේ අරගලයේ ඉන්න ස්වාධීන මිනිස්සු නළු නිළියෝ චිත්‍රපටිකාරයෝ ඒ අය දන්නැත්තේ? ඒ අය කතා කරන්නේ නෑනේ මේ ගැන. ඉතින් ඒ අය අහන්න එපැයි, ඒගොල්ලෝ දන්නෙ නැතුව කතා කරනවානේ ව්‍යුවහාත්මක වෙනස්කම් ගැන.
සිස්ටම් චේන්ජ් ගැන කතා කරනවානේ. ඒ ගැන කතා කරන අය දන්නෙ නැද්ද ජලනි ප්‍රේමදාස ගැන. සිස්ටම් චේන්ජ් කරන අය දන්නේ නැද්ද බලය ගත යුත්තේ ආර්ථික ප්‍රතිසංස්කරණය හදා ගන්න මිසක් ව්‍යවස්ථා වෙනස් කරගන්න නෙවෙයි කියලා. දැන් මම දන්නවා අනිවාර්යයෙන්ම මෙන්න රාජපක්ෂලට කඩේ යනවා කියනවා කියලා.
මම කියන්නේ ඕනේ මහත්තයෙක්ට ඇවිල්ලා මගේ ඉස්සරහට ඇවිල්ලා මාව පෙන්වන්න රාජපක්ෂලට කඩේ යනවද නැද්ද කියලා. ඔය සියලුම දෙනා රාජපක්ෂලට කඩේ ගිය අය ඉන්නේ ඔය කතා කරන අයත්. ඒනිසා අපි රාජපක්ෂල වෙනුවෙන් නෙවෙයි පෙනී සිටින්නේ අපි පෙනී සිටින්නේ ලක්ෂ පනස් ගානක් වන දුගී දුප්පතුන් වෙනුවෙන් මිසක් හොඳට ආතල් අරගෙන ටොයෙටා කාර් අරගෙන හොරකම් කරලා තියාගෙන ඉන්න තක්කඩි රංචුව වෙනුවෙන් නම් නෙවෙයි අපි පෙනී හිටින්නේ. ඕක තමයි මට දෙන්න තියෙන සංවෘත විස්තරය.
ප්‍රශ්නය :
අපි දන්නවා දීප්ති උතුරු නැගෙනහිර ගත්තහම බොහෝ දුරට ඒ ජනතාව වෙනුවෙන් අපේ සිංහල කට්ටිය අනුර කුමාර හෝ සජිත් ප්‍රේමදාස හෝ වෙනත් විපක්ෂ බලවේගයන් කවුරුත් කතා කරන්නේ නැහැ. අඩුම තරමින් ගෝල්ෆේස් කවුරුත් කතා කරන්නේ නැහැ. මේ නායකයෝ ගත්තම අපිට කියන්න බෑ නේද සියලු දෙනාගේ පොදු නායකයා වෙන්න යන පිරිසක් කියලා. ඒ කියන්නේ සිංහල ජනතාව වෙනුවෙන්ම පෙනී සිටින කොටසක් විදිහට නේද අපිට මේ කට්ටිය ගන්න වෙන්නේ.
දීප්ති :
ඔව්. අනිවාර්යයෙන්ම.
ඒ ප්‍රශ්නෙට පොඩ්ඩක් උත්තර දෙන්න ඉස්සෙල්ලම පළවෙනි එකේ අමතක උන එකක් කියන්නම්.
''මාධ්‍ය අයිතිකාරයෝ කියන්නේ අන්තිම පාදඩයෝ ව්‍යාපාරිකයෝ. හොර ව්‍යාපාරිකයෝ''

අපි දැක්කා මේ ළගඳී දෙරණ නාලිකාවේ සභාපතිවරයා කෙලින්ම කිවුවා ඉන්ටවීව් එකක් දීලා කිවුවා මම තමයි බලයට ගෙනාවේ ගෝටාභය රාජපක්ෂව. කොයිතරම් භයානක කථාවක්ද ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ. මැතිවරණ කොමසාරිස් කාර්යාලයටත් මම ලියන්න ඉන්නවා ඊළඟට.
කරුණාකරලා ඡන්දය පවත්වන වෙලාවේදී ලංකාවේ මාධ්‍ය නියාමන කිරීම සඳහා ක්‍රමවේදයක් නෛතික බල රාමුවක් අනිවාර්ය හැදිය යුතුයි. භයානකම දේ මාධ්‍ය. මාධ්‍ය අයිතිකාරයෝ කියන්නේ අන්තිම පාදඩයෝ ව්‍යාපාරිකයෝ. හොර ව්‍යාපාරිකයෝ.
ඒ අය ලංකාවේ මිනිස්සුන්ගේ පරමාධිපත්‍ය කොයි තැනකවත් කොයි වෙලේකවත් භික්ෂුන් වහන්සේ කෙනෙකුගේවත්, උසාවියටවත්, කාටවත් ප්‍රශ්න කරන්න බැරි තැනට දාලා. ඊළඟට මහජන ස්වාධිපත්‍ය කියන පැරඩොක්ස් එක ගුරුත්වාඛාදනය තමයි ඒ තුළම විරුද්ධ වෙනවා.
උදාහරණ විදිහට මහජනයට අප්‍රසන්න වෙලා තියෙනවා මේ ආණ්ඩුව. හැබැයි එහෙම අප්‍රසන්න වුනා කියලා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට පනින්න භික්ෂුන් වහන්සේලා හෝ කාටවත් අනුර කුමාරටවත් කාටවත් බැහැ. හමුදා කතා අරවා මේවා කියවලා ඉවර වෙලා මේ වටේ මේ ප්‍රජාතන්ත්‍රවාදි රාමුව ඡන්ද බලයෙන් තමයි අපි ආණ්ඩුව හදන්න ඕනේ කියලා මූලික ප්‍රවාදය බිඳ දාන්න බැහැ.
මේ නිසා මම සියළු නායකයන්ට කියන්නේ තමන්ගේ බල තණ්හාව නිසා තමන්ගේ ජීවිතේ අවසන් අරගලය කියලා හිතන නිසා කරුණාකරලා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දකුණු ආසියාවේ ඉන්දියාවයි අපියි විතරයි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා තියෙන්නේ. අපි මේක රැකගමු.
අපේ ආර්ථික පීඩාවට වඩා අපේ කුසගින්නට වඩා මම ඉස්සෙල්ලම කිවුවේ මෙතන මේ වැඩිපුරම කෑගහන්නෙ සල්ලි නැති අය නෙවෙයි. කොහෙන්ද මේ මිනිස්සුන්ට තෙල් ගන්න සල්ලි? දැන් වෙන රටක වෙන්නේ අපි ගත්තොත් වෙනිසියුලාව තෙල් ගන්න සල්ලි නැහැ කා ගාවත්. දැන් මෙහෙ මාර වැඩේ කියන්නේ ඕන තරම් සල්ලි තියෙනවා තෙල් දීපන් කියනවා..
මම අහනවා ප්‍රශ්නයක් උතුරු, නැගෙනහිර ජනයාගේ නායකයා හැටියට අනුර කුමාරට පෙනී හිටින්න පුළුවන්ද, TNA එකේ සුමන්තිරම්ට පෙනී හිටින්න පුළුවන් ද? නෑ ඒ ජනතාව පිළිගන්නේ නැහැ. තමන්ගේ නායකයා මේ අය කියලා. සුමන්තිරම්ට අමතක වෙන්න හොඳ නැහැ ගියපාර ඡන්ද වලින් කොහොමද පැරදුනේ කියලා උතුර. මේ ඔක්කොම අමතක වෙලා අපට.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.




