BREAKING
Top Ad
සමාලාප

බයි අනෙකා අහෝසිවීමේ අර්බුදය....- (මහේෂ් හපුගොඩ)

T

The Leader

August 27, 2022 • 4:36 AM

 බයි අනෙකා අහෝසිවීමේ අර්බුදය....- (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක අතකට මෙහෙමත් හිතෙනවා. දැන් ජාතික ජන බලවේගේ අය සහ ලාල් කාන්ත මහත්මය වගේ අය කියන්නේ ෂන්තල් මුෆ් සහ ලැක්ලෝ වර්ගයේ ජනප්‍රිය ජන අරගලයක් වෙත විතැන් වෙන්න ඕනි කියල.
  • පසුගිය අරගලයේ ගතිකය එක්ක පශ්චාත් මාක්ස්වාදී ප්‍රවණතාවට යම් නෛතික බවක් ලැබිල කියල හිතන්න පුළුවන්.
  • අනික් පැත්තට පසුගිය කාලයේ නැට්ටට පැරදිච්ච එක්සත් ජාතික පක්ෂයේ සෙට් එක 'අපිට සිහිනයක් ඇත' වර්ගයේ ඇඩ් එකකට මාරුවෙමින් ඉන්නවා.
  • ඒ කියන්නේ තුන්වේල කාල, ඇඳලා, බුදියලා හිටියම ඇති වගේ 'මතයක් නොවන මතයක' හිටපු සම්ප්‍රදායික යූ එන් පී කට්ටියත් දැන් පශ්චාත් නූතන සිහිණ දෘෂ්ටිවාදයක් දක්වා ගමන් කරලා තියනවා (පල්ලම් බැහැල කියල කියන්න බැරි උනොත්).
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ පොත් අධ්‍යනය කරන්න ඕනි කියල.

පසුගිය අරගලයේ ගතිකය එක්ක පශ්චාත් මාක්ස්වාදී ප්‍රවණතාවට යම් නෛතික බවක් ලැබිල කියල හිතන්න පුළුවන්.

අනික් පැත්තට පසුගිය කාලයේ නැට්ටට පැරදිච්ච එක්සත් ජාතික පක්ෂයේ සෙට් එක 'අපිට සිහිනයක් ඇත' වර්ගයේ ඇඩ් එකකට මාරුවෙමින් ඉන්නවා. ඒ කියන්නේ තුන්වේල කාල, ඇඳලා, බුදියලා හිටියම ඇති වගේ 'මතයක් නොවන මතයක' හිටපු සම්ප්‍රදායික යූ එන් පී කට්ටියත් දැන් පශ්චාත් නූතන සිහිණ දෘෂ්ටිවාදයක් දක්වා ගමන් කරලා තියනවා (පල්ලම් බැහැල කියල කියන්න බැරි උනොත්).

ඔබ ඔබ බවට පත්වෙන්න. අරගලය ඔබ තුළම සොයාගන්න වගේ සටන් පාඨ ඒ ඔස්සේ ඉදිරියට එමින් පවතිනවා.


300833505 10159950338789326 5368622511116523269 n

මේ අව් අස්සේ පොහොට්ටුවේ සෙට් එක මොඩ් වෙමින් ඉන්නවා. එයාල සමලිංගික අයිතීන් ගැන පෙනී සිටින්න පටන් අරගෙන. මංගල ගැන අනුකම්පාවෙන් ඉන්න ගමන් රනිල් ෆැන්ටසි එකට ආමන්ත්‍රණය කිරීමක් දැන් එතන දකින්න පුළුවන්. ජාතිකත්ව දක්ෂිණාශික හාඩ් කෝ තැනකින් දක්ෂිණාශික ලිබරල් සොෆ්ට් කෝ තැනකට එයාල මාරුවෙමින් ඉන්නවා. ඒ අතරේ සමාජය ගැන රැඩිකල් මතයක හිටපු උන්ව දඩයම් කරනවා.  


ඒ කියන්නේ දකුණේ සිංහල පක්ෂ වලින් අති බහුතරයක් X කණඩායමේ ලිබරල් සංස්කෘතික මතය දැන් වැළඳ ගනිමින් ඉන්නවා. ඒ ප්‍රවණතාව X එකේ කට්ටියට සතුටු වෙන්න පුළුවන් දෙයක්. දශක තුනකට පස්සේ එයාලගේ දේශපාලන ෆැන්ටසි එක මේ මහපොළොවේ පැළවෙමින් තියනවා. ඒක අරගලයේ ජයග්‍රහණයක්. මම කියන්නේ එයාල ජයපැන් බොන්න ඕනි කියල.

වෙනත් මුකුත් නැතත් X එකෙන් අධිනිශ්චය කරපු සංඥා ටික තමන්ගේ කරේ එල්ලා ගන්න තරමට දැන් ලාංකික දකුණේ දේශපාලනය වෙනස් වෙලා තියනවා. තමන්ට සම්බන්දයක් නැතත්. ඒකත් මදෑ.

මේ ප්‍රවාහයෙන් තරමක් වෙනස් වෙන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය. හැබැයි පරණ එක්ස් එකේ අය එයාල වෙතත් කරන ආයාචනය තමයි සමාජ ප්‍රවාහයේ ලිංගික අනන්‍යතා ප්‍රශ්න, සංස්කෘතික අනන්‍යතා ප්‍රශ්න, නාගරික අනන්‍යතා ප්‍රශ්න කේන්ද්‍ර කරගත්ත දේශපාලනයක් වෙත යන්න කියල. එකම දේ පරණ සෙට් එක තවමත් අර පරණ විප්ලවය වගේ ෆැන්ටසි එකක ඉන්න එක විසංයෝජනය කරගන්න බැරි එක.

ඒ කියන්නේ හාඩ් කෝ සෙට් එකක් ඉඳීම උගුරේ ඇනුණ කට්ටක්. මේ රෝග ලක්ෂණයම ජේ වී පී එකේ තියෙන්නත් පුළුවන්.

ඒ නිසා විශ්ව විද්‍යාල මධ්‍යම පංතික කට්ටිය කියන්නේ මේ පරණ සෙට් එක 'ෂන්තල් මුෆ් විප්ලවය' කරන්න බාධාවක් කියල. ඒ නිසා පරණ ඔළු හෝදන්න එයාල ට්‍රයි කරනවා.

Chapa 2022.08.27
අනික් පැත්තට ඒක නිසා තමයි ජාතික ජන බලවේග වේදිකාවේ ඇඳලා ඉන්න ගන්ස් ඇන්ඩ් රෝසස් ටී ෂර්ට් දිහා සංශයවාදීව පරණ කට්ටිය බලන් ඉන්නේ. 

 
අඩේ..විප්ලවය කියන්නේ මෙච්චර ලේසි දෙයක්ද... අපරාදේ අපි මදුරුවෝ තලා තලා කැලෑ ගානේ චාටර් වුණේ. පොඩ්ඩක් අනන්‍යතාව වෙනස් කරගත්තනම් විප්ලවය කරන්න තිබ්බ නේ. එහෙම හිතෙනවා ඇති එයාලට.


කොහොම වුණත් ජනප්‍රිය ෂන්තල් මුෆ් අකෘතියටත් සතුරෙක් උවමනා කරනවා. ඒ තමයි නිදහසට ඉඩ නොදෙන දක්ෂිණාංශික/ ජාතිකවාදී සතුරා. දුෂණ වංචා සතුරා. අකාර්යක්ෂම අශ්ලීල සතුරා. ලංකාවේ නම් පොහොට්ටු බයියන්. සරලව කිව්වොත් එන්නත් වෙනුවට පැණි බීපු අය.

දැන් බයියෝ එයාල නියෝජනය කරන්න ටොයියෙක් හොයන් ඉන්නේ. එයාල දැන් සිහින ගැන, ශිෂ්ට බව ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන, යුරෝපය ගැන, බටහිර ගැන, අයි එම් එෆ් (IMF) ගැන ධනාත්මකව කතා කරන්න ඒ භාෂාව කතාකරන කෙනෙක් හොයාන (articulator). එයා ටයි කෝට් අඳින කෙනෙක්. මේ නිසා දැන් ටොයි බයි පරස්පරය තුනී වෙමින් යන්නේ. 'ටොබයියන්' කියල අතරමැදි වචනෙකුත් ඇවිල්ලා. ඒ කියන්නේ අර පරණ පරස්පරය මැකෙමින් යනවා කියල හිතෙනවා.

බයියෝ එයාලගේ අලුත් මාස්ටර්ට මෙතරම් ලව් ඇයි කියල දැන් ඔයාලට වැටහෙන්න ඕනි. මොකද මේ වෙලා තියෙන්නේ ගැඹුරු සමාජ සංසිද්ධියක්. තැන්මාරුවීමක් (shift). අළුත් ආඛ්‍යානයක් දැන් එයාලට තියනවා. අලුත් අනන්‍යතාවක් තියනවා.  


දකුණේ දැන් හැමෝටම අනන්‍යතාවක් තියනවා. හැමෝම සංස්කෘතික වීම, ශිෂ්ට වීම, සිහින දැකීම, රොක් ඇහීම එක්ක දැන් අර 'ගැමි බයි සතුරා' නැතිවෙමින් යනවා. සතුරෙක් නැතිව ජනප්‍රිය විප්ලව ආකෘතියක් පැවතීමත් මේ එක්ක අර්බුදයට යයි.
 
 
Mahesh Hapugoda 1 1
(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...