BREAKING
Top Ad
සමාලාප

මේ මොහොතේ විකුණන්න තියන ලොකුම දේ බුද්ධාගම - හෙට හදන කයිය

T

The Leader

November 1, 2022 • 3:55 AM

මේ මොහොතේ විකුණන්න තියන ලොකුම දේ බුද්ධාගම - හෙට හදන කයිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ මොහොතේ මෙරටට විකිණීමට ඇති ලොකුම දේ බුද්ධාගම බව සමාජ විශ්ලේෂකයකු වන චින්තන ධර්මදාස පවසයි.
  • චින්තන ධර්මදාස මේ බව සඳහන් කර සිටියේ Chatham Street Tv යු ටියුබ් නාලිකාව වෙනුවෙන් ශානුක කරුණාරත්න මෙහෙයවන "හෙට හදන කයිය - මචං" වැඩසටහන සමඟ  එක්වෙමිනි.
  • ඒ වගේම භාවනාව ඇතුළු විකල්ප ජීවිතයක් ගැන ඇඩ්වාන්ස් මෙතොඩලොජි එකක් බුද්ධාගමේ තියනවා.
  • අපිට් බුද්ධාගම විකුනන්න පුළුවන් ලෝකෙටම.
අකුරු ප්‍රමාණය (Font Size):
 


බුද්ධාගම කියා මෙතෙක් කල් මෙරට විකුණුවේ ජාතිවාදය වැනි අනං මනං බව පැවසු ඔහු එයින් බුද්ධාගම නම් product එක බාලවන බවත් පැවසීය.


චින්තන ධර්මදාස මේ බව සඳහන් කර සිටියේ Chatham Street Tv යු ටියුබ් නාලිකාව වෙනුවෙන් ශානුක කරුණාරත්න මෙහෙයවන "හෙට හදන කයිය - මචං" වැඩසටහන සමඟ  එක්වෙමිනි.


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් චින්තන ධර්මදාස මෙසේද පැවසීය.


" මේ මොහොතේ විකුනන්න තියන ලොකුම දේ බුද්ධාගම. අපි බුද්ධාගම විකුනන්න ඕන. බුද්ධාගම කියලා මෙච්චරකල්  විකුණුවේ ජාතිවාදය වගේ අනං මනං. ඒවා මිනිස්සු product විදිහට බාරගන්නේ නෑ.. ඒකෙන් අපේ බුද්ධාගම කියන product එක බාල වෙනවා. ඒකෙන් ගියේ  බුද්ධාගම කියන්නේ ජාතිවාදී අනෙක් එකා ඉවසන්න බැරි සබ්ජෙක්ට් එකක් විදිහට. මම කියන්නේ ඒක නෙවෙයි. බුද්ධාගම කියන්නේ මෛත්‍රිය, කරුණාව, වගේ ලොකු සංකල්ප. ඒ වගේම භාවනාව ඇතුළු විකල්ප ජීවිතයක් ගැන ඇඩ්වාන්ස් මෙතොඩලොජි එකක් බුද්ධාගමේ තියනවා. අපිට් බුද්ධාගම විකුනන්න පුළුවන් ලෝකෙටම. මොකද අපිට විතරයි මේකේ කොපි රයිට් තියෙන්නේ. ඉන්දියාවෙන් ආවට ඉන්දියාවට මේකේ රයිට් එක නෑ . බෞද්ධ මාර්කටිං, බෞද්ධ මනෝවිද්‍යාව, බෞද්ධ කඩකෙරුවාව, බෞද්ධ ගණිකා වෘත්තීය වුනත් ප්‍රශ්නයක් නෑ. මොකද අම්බපාලිලා පවා හිටියනේ. අන්න ඒ ඈන්ගල් එක. මම මේ බුද්ධාගම බාල කරනවා නෙවෙයි. අපි දන්න හැම විෂයක් ඇතුළටම ආධ්‍යාත්මික ප්‍රවේශයක් එකතුකරන්න පුළුවන්. අධ්‍යාත්මික ප්‍රවේශය එක්ක අපේ විෂය අලුත් වෙනවා. අපිට පැකේජ් කරලා මේක ආපහු ලෝකෙට දෙන්න පුළුවන්.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...