BREAKING
Top Ad
සමාලාප

'රාජ්‍ය අලුතෙන් ප්‍රතිව්‍යුහගත කිරීමක් නොකර රටේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ' - දීප්ති

T

The Leader

December 8, 2022 • 11:25 AM

'රාජ්‍ය අලුතෙන් ප්‍රතිව්‍යුහගත කිරීමක් නොකර රටේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ' - දීප්ති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''ආණ්ඩුව වෙනස් කරාට වැඩක් නෑ. චන්ද්‍රිකාගේ සිට ආණ්ඩු අපි වෙනස් කරලා තියෙනවා.
  • ඔහු එම කාරණය අවධාරණය කර ඇත්තේ, CARBON TV නාලිකාවේ Hit Shot වැඩසටහනට එක්වෙමිනි.
  • මට තේරෙන එක තමයි අපේ රටේ ඇත්ත ප්‍රශ්න ටිකට focus  එකක් දෙන්නෙ නෑ කවුරුවත්.
  • උදාහරණයක් විදිහට මුල් කාලේ කම්කරුවෝ අරගල කරලා මැෂින් හැදුවා.
අකුරු ප්‍රමාණය (Font Size):

රාජ්‍ය අලුතෙන් සකස් කිරීමක් ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්නෙ නැතුව රටේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ'' යයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පවසයි.

ඔහු එම කාරණය අවධාරණය කර ඇත්තේ, CARBON TV නාලිකාවේ Hit Shot වැඩසටහනට එක්වෙමිනි.

''අරගලය ඇයි මේ විදියට දිගින් දිගටම අසාර්ථක වෙන්නේ. ?'' යන ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ කරුණු ගෙනහැර දක්වයි.

''අසාර්ථකභාවය කියන්නේ මෙන්න මෙහෙමයි... ඒක නිකන් හරියට අර රැල්ල වගේ කලින් අරගලය කියන එක ගත්තත් සුනාමි රැල්ල වගේ එකක් එනවා ඊගාවට තව එකක් එනවා. එහෙම ඇවිල්ලා ඇවිල්ලා ටාගට් ඇචීව් කරනවා. කලින් ඇවිල්ලා අපි හිතමු අගමැති කාර්යාලය අල්ල ගන්නවා. ඊට පස්සේ ජනාධිපති කාර්යාලය. ඊට පස්සේ ජනාධිපති නිවස. ඔහොමනෙ ගියේ. ඒ අයට ඒ ගැන යම් යම් අදහස් තියෙන්න පුළුවන්. මට තේරෙන එක තමයි අපේ රටේ ඇත්ත ප්‍රශ්න ටිකට focus  එකක් දෙන්නෙ නෑ කවුරුවත්. ඒකට focus එකක් දුන්නනම් රටේ ප්‍රශ්න මෙන්න මේවයි කියල අඳුරගන්නවා. ඒ වගේම අපිට ඒවා විසඳන්න යම්කිසි විශ්ලේෂණාත්මක අවබෝධයක් ගන්න පුලුවන් වෙනවා.

මෙතන වෙලා තියෙන්නේ එහෙම එකක් නෙවෙයි. මෙතන වෙලා තියෙන්නේ දහනවවැනි සියවසේ වගේ සමහර මිනිස්සු ධනවාදී දියුණු නොවෙච්ච යුගයක ෆැක්ටරි වුණත් හරියට ඇවිල්ල නැති යුගයක මිනිස්සු හිතෙන හිතෙන දේවල් කරලා තමයි තමන්ගේ දේවල් පටන් ගත්තේ. උදාහරණයක් විදිහට මුල් කාලේ කම්කරුවෝ අරගල කරලා මැෂින් හැදුවා. කාලයක් ගියහම තමයි වෘත්තීය සමිති හදලා ඒ දේවල් කොහොමද සටන් කරලා දිනාගත්තේ.

නමුත් දැන් මම දකින දේ තමයි අපේ රටේ තාම වමේ දේශපාලනය හරි කවුරුහරි ඒ කියන්නේ සමසමාජ පක්ෂයට පස්සේ ආපු ව්‍යාපාර තියෙන්නෙ ලංකාවේ බොහෝවිට ඒ කියන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාර මාධ්‍ය වලින් ගේන්නේ, ජනතා විමුක්ති පෙරමුණ වගේ, ඒගොල්ලො උඩට ගිහිල්ලා නෙමෙයි තියෙන්නෙ පල්ලෙහාට ගිහිල්ලා. මේගොල්ලො බොහොම ප්‍රාථමික දේවල තමයි කරන්නෙ, සහ ඒ කියන්නේ යම් යම් සටන්වල ජයග්‍රහණ දිනාගන්න එක ඇතුලේ මම කියන්නේ රටේ ප්‍රශ්නය එක්ක රාජ්‍ය කොහොමද නැවත සකස් කරන්නේ කියන කියන එක.



''මේගොල්ලෝ ඉල්ලන්නේ පාලනය කරන ආණ්ඩුව වෙනස් කරමු කියලා. ආණ්ඩුව වෙනස් කරාට වැඩක් නෑ චන්ද්‍රිකාගේ සිට ආණ්ඩු අපි වෙනස් කරලා තියෙනවා රාජ්‍ය අලුතෙන් සකස් කිරීමක් ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්නෙ නැතුව රටේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒකයි අසාර්ථක වෙනවා කියන්නේ. මේ කරන්නේ නිකං මහජනයා පාරට ඇවිල්ලා මාධ්‍යවලින් තව මහජනතාවගෙන් කොටසකට පෙන්වනවා අපිම අපි ගැන හිත හිත චූන් වෙනවා පත්තර වලත් තියෙනවා මාධ්‍යවලත් යනවා ටීවී වලත් තියනවා social media වලත් තියෙනවා මොකුත් වෙන්නේ නෑ. මොකද මේ සටන් වලට ආකෘතියක් නැහැ ඒ කියන්නේ අර ලෙනින් කිව්වා වගේ අපි රාජ්‍ය බලය ලබා ගන්න නම් ආකෘතියක් හෝ නෑ ඒක තමයි පක්ෂය කියලා කියන්නේ එහෙම එකක් නෙවෙයි මේ තියෙන්නෙ. ''



ඒක බොහොම loosely උදාහරණයක් වශයෙන් අරගෙන අපි කිව්වොත් අපි දැක්කා අන්තිම අරගලය ගත්තොත් එකිනෙකාට කිසි සම්බන්ධයක් නැහැ.. සරත් ෆොන්සේකා කියන්නේ හමුදාමය සහ ආධිපත්‍ය මතධාරීන් විදිහට පාලනය කරන අර උඩ ඉඳලා පල්ලෙහා බලන කෙනෙක්. එතකොට සජිත් ප්‍රේමදාස මහත්මයා ගත්තොත් ඔහු රටේ විපක්ෂ නායක වරයාට අමතරව ඉතාම ජනතාවාදී කොහේහරි ගිහාම පොඩි ළමයි එක්ක ක්‍රිකට් ගහනවා. එහෙමත් නැත්නම් කුඹුරක් දැක්කොත් කුඹුරට ගිහිල්ලා මඩ නාලා ඒකත් එක්ක විනෝද වෙනවා. ළමයි සරුංගල් යවන කොට සරුංගල් යවනවා. ළමයි එක්ක ඒ වගේ ජනතාවාදී විදිහට තමයි එයා යන්නේ.. එතකොට අපි ගත්තොත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය එයාලා කොපි ලිස්ට්ලා එක්ක ජනප්‍රිය රැල්ලකින් හැමෝම එකතු කරගෙන ඔබේ දෑත මත මගේ දෑත තියන්න මගේ දෑත මත ඔබේ දෑත තියන්න වගේ එකිනෙකාගෙන් එකිනෙකා විඳගෙන ඉදිරියට ගියොත් අපිට ලොකු වෙනසක් කරන්න පුළුවන් රටේ කියලා ඒ වගේ එකිනෙකට ගැලපෙන්නෙ නැති සත්තු ගොඩක් එක ගෝනියක දාලා තියෙනවනේ.. ඊට පස්සේ මොකද වෙන්නේ එකිනෙකාට එකිනෙකා හා ගන්නවා අන්න එහෙම එකක් තමයි මම දකින්නේ''

සම්පුර්න සංවාදය පහත වීඩියෝවෙන් බලන්න

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...