BREAKING
Top Ad
සමාලාප

සමාජ මාධ්‍යවලට නියාමන ක්‍රමවේදයක් අවශ්‍යයි - සරෝජ් පතිරණ

T

The Leader

January 6, 2023 • 12:40 PM

සමාජ මාධ්‍යවලට නියාමන ක්‍රමවේදයක් අවශ්‍යයි - සරෝජ් පතිරණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදහස් ශ්‍රී ලංකාවේ දැවැන්තම සාමකාමී විප්ලවය දියත්කළ අරගලයට සමාජ මාධ්‍ය ප්‍රබල පිටුවහලක් වූ නමුත්
  • ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය පිළිබඳව NewsFirst නාලිකාවේ "මාවත" විශේෂ වැඩසටහන් මාලාවට එක්වෙමින් ඒ බව කියා සිටි ඔහු, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඇතැම් සමාජ මාධ්‍ය ජාලකරුවන්ගේ හැසිරීම ඉතාමත් ප්‍රශ්නසහගත බව පෙන්වා දුන්නේය.
  •   විදේශීය මාධ්‍ය ආයතන සඳහා සේවය කරන අතරවාරයේ "Sandeshaya by Saroj" නාලිකාව ද පවත්වාගෙන යන නමුත්, අරගලය සමයේ තමන් පූර්ණ අරගලකරුවෙක් බවට පත්නොවූයේ සිය වාර්තාකරණයේ ස්වාධීනතත්වය රැකගැනීම පිණිස බවත් ඔහු කියා සිටියේය.
  • සමාජ මාධ්‍යවල ප්‍රමිතිය රැකගැනීම පිණිස පුරවැසියා සතු කාර්යභාරය කවරක් දැයි සාකච්ඡාව මෙහෙයවූ ගයාන් සම්පත් සහ සුනිල් හඳුන්නෙත්ති කළ විමසීමට පිළිතුරු දෙමින් සරෝජ් පතිරණ කියා සිටියේ, සමාජ මාධ්‍ය මෙහෙයවන්නන් ද ස්වයං නියාමනයකට යොමුවිය යුතු බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

, ශිෂ්ඨසම්පන්න අනාගත ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ ක්‍රියාදාමයේ දී සමාජ මාධ්‍ය වෙනුවෙන් ද නියාමන ක්‍රියාදාමයක් අවශ්‍ය බව ප්‍රවීණ මාධ්‍යවේදී සරෝජ් පතිරණ පවසයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය පිළිබඳව NewsFirst නාලිකාවේ "මාවත" විශේෂ වැඩසටහන් මාලාවට එක්වෙමින් ඒ බව කියා සිටි ඔහු, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඇතැම් සමාජ මාධ්‍ය ජාලකරුවන්ගේ හැසිරීම ඉතාමත් ප්‍රශ්නසහගත බව පෙන්වා දුන්නේය.

ඉදිරි දශකය ඇතුළත බීබීසී ආයතනයේ සියලු ගුවන් විදුලි සහ රූපවාහිනී සේවා වසා දමන බව බීබීසී ප්‍රධානියා මෑතදී කළ ප්‍රකාශය මගින් ජනමාධ්‍යවල අනාගත මාවත පැහැදිලි වන නමුත්, සරෝජ් පතිරණ පවසන පරිදි අසත්‍ය, වගකීම් විරහිත සහ ගැටුම්වලට තුඩු දෙන වාර්තාකරණයෙන් වැළකීම සමාජ මාධ්‍ය ජාල ඇතුළු ඕනෑම මාධ්‍යයක් වගකීමය.  

විදේශීය මාධ්‍ය ආයතන සඳහා සේවය කරන අතරවාරයේ "Sandeshaya by Saroj" නාලිකාව ද පවත්වාගෙන යන නමුත්, අරගලය සමයේ තමන් පූර්ණ අරගලකරුවෙක් බවට පත්නොවූයේ සිය වාර්තාකරණයේ ස්වාධීනතත්වය රැකගැනීම පිණිස බවත් ඔහු කියා සිටියේය.



සමාජ මාධ්‍යවල ප්‍රමිතිය රැකගැනීම පිණිස පුරවැසියා සතු කාර්යභාරය කවරක් දැයි සාකච්ඡාව මෙහෙයවූ ගයාන් සම්පත් සහ සුනිල් හඳුන්නෙත්ති කළ විමසීමට පිළිතුරු දෙමින් සරෝජ් පතිරණ කියා සිටියේ, සමාජ මාධ්‍ය මෙහෙයවන්නන් ද ස්වයං නියාමනයකට යොමුවිය යුතු බවය.



ෆේස්බුක්, ට්විටර් සහ යූටියුබ් වැනි ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගම් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් මියන්මාරයේ සහ ශ්‍රී ලංකාවේ වාර්ගික අරගලවලට එම සමාගම් දායක වූ අන්දම සිහිපත් කරමින් ඔහු පැහැදිලි කළේය.

ඒ අතරම සමස්තයක් ලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය කෙරෙන කරුණු විචක්ෂණශීලීව විමසා බැලීමට ඉහළ සාක්ෂරතාවක් පවතින බව පැවසෙන ශ්‍රී ලංකාවේ පුරවැසියා ද උත්සුක විය යුතුය.

ශ්‍රී ලංකාවේ ආනගත දේශපාලන ගමනමග කවරක් විය යුතු ද යන්න ගැන මූර්ති ශිල්පී (මහ කුඹලා) අජිත් පෙරේරා, ප්‍රාසාංගික කලාවේදිනී දිනූපා කෝදාගොඩ, ප්‍රාසාංගික කලාවේදී ඩිලාන් සේනානායක, සංගීතවේදී සාදර බණ්ඩාර සහ රංගවේදී කළණ ගුණසේකර "මාවත" වැඩසටහන් ඔස්සේ දීර්ඝව කරුණු දැක්වූහ.

 


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...