BREAKING
Top Ad
සමාලාප

බදුවලට මම විරුද්ධ නෑ - (ධම්ම දිසානායක)

T

The Leader

February 2, 2023 • 11:17 PM

බදුවලට මම විරුද්ධ නෑ - (ධම්ම දිසානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යවරයා වශයෙන් නිවේදනය කරන ලද ආණ්ඩුවේ නව බදු ක්‍රමයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරුවරුන්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් ඇතුළු බොහෝ දෙනා දැඩි විරෝධය පළකරමින් සිටිති.
  • මේ තත්වය යටතේ නව බදු සංශෝධන අකුලා ගන්නා මෙන් ඉල්ලමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සෞඛ්‍ය සේවකයින් ඇතුළු බොහෝ දෙනා දිගටම උද්ඝෝෂණවල නිරතව සිටිති.
  • කෙසේ වුවත් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක පවසන්නේ බදු අයකිරීම පිළිබඳව තමන් විරුද්ධ නොවන බවය.
  • "Sandeshaya by Saroj" යූටියුබ් නාලිකාව සමග අදහස් දක්වමින් ඒ බව කියා සිටි ඔහු, සිය ස්ථාවරයට හේතුව ද පැහැදිලි කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):



සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය විසින් පසුගියදා නුවරඑළියේ දී සංවිධානය කර තිබුණු සමුළුවක් අමතමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා කියා සිටියේ, නව බදු ක්‍රමය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එක් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියකගේ මාසික වැටුප රුපියල් සෘණ 6500ක් බවය. නොඑසේනම් මාසය අවසානයේ වැටුපක් ලබනු වෙනුවට ඇය විශ්වවිද්‍යාලයට රුපියල් 6500ක් ගෙවිය යුතුව තිබේ.

මේ තත්වය යටතේ නව බදු සංශෝධන අකුලා ගන්නා මෙන් ඉල්ලමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සෞඛ්‍ය සේවකයින් ඇතුළු බොහෝ දෙනා දිගටම උද්ඝෝෂණවල නිරතව සිටිති.

කෙසේ වුවත් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක පවසන්නේ බදු අයකිරීම පිළිබඳව තමන් විරුද්ධ නොවන බවය.

"Sandeshaya by Saroj" යූටියුබ් නාලිකාව සමග අදහස් දක්වමින් ඒ බව කියා සිටි ඔහු, සිය ස්ථාවරයට හේතුව ද පැහැදිලි කළේය.

පවත්නා දේශපාලන වාතාවරණය, අරගලයේ ප්‍රධානම ඉල්ලීම වූ System Change, "සහචර ජාල," වැඩවසම් යුගයේ සිට ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ පවතින "වැයික්කි පාලනය," දේශපාලකයා සහ පාලිතයා අතර පවතින අනුග්‍රාහක හෙවත් Clientalism වැනි කරුණු පිළිබඳව ද මාධ්‍යවේදී සරෝජ් පතිරණ සමග සංවාදයකට එක්වෙමින් ධම්ම දිසානායක අදහස් දැක්වීය.




JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...