BREAKING
Top Ad
සමාලාප

හැම මාසෙකම ලේ පයින්ට් දෙකක් නැතිව ජීවත්විය නොහැකි මිනිස්සු (වීඩියෝ)

T

The Leader

May 14, 2023 • 4:37 AM

හැම මාසෙකම ලේ පයින්ට් දෙකක් නැතිව ජීවත්විය නොහැකි මිනිස්සු (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මධූෂ කුමාර, ශාලුක හිරාන් ප්‍රේමචන්ද්‍ර දෙන්න මට අඳුන්වල දුන්නේ වෛද්‍ය බෝධිනී සමරතුංග.
  • මධූෂ, ශාලුක කියන විදියට ලංකාවේ එයාල වගේ රෝගීන් 2500ක් විතර ඉන්නවා.
  • ඔවුන් කියන විදියට මෑතක් වෙනතුරු තැලසීමියා රෝගීන්ගේ උපරිම ආයු කාලය තිබුණේ අවුරුදු 13ක් විතර.
  • ඒත් වෛද්‍ය විද්‍යාවේ දියුණුවේ පිහිටෙන් උපරිම ආයු කාලය දැන් අවුරුදු 49ක් විතර වගේ වෙලා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ වෙලාවේ ඉඳල බෝධිනී නංගිත්, මධූෂත් සැරෙන් සැරේ කතා කළේ ජාත්‍යන්තර තැලසීමියා දිනය ළඟ, ළඟ එන බවත් මතක් කරමින්.

මධුෂ තැලසීමියා රෝගියෙක්.

"ඒ කියන්නේ එයාගේ රතු රුධිරාණු තුළ හිමොග්ලොබින් ප්‍රෝටීනය හරියට නිපද වෙන්නේ නෑ. හිමොග්ලොබින් තමයි ඔක්සිජන් ප්‍රවාහනය කරන්නේ. ඉතින් මේ දුර්වලතාවය එක්ක රතු රුධිරාණු ඉක්මනින් බිඳී යනවා,"


ඒ නිසා මධුෂ හැම මාසෙකම රෝහලට ගිහිල්ල ලේ පයින්ට් කිහිපයක් ගන්න ඕනේ. එහෙම නොකළොත් එයාගේ ජීවිතය අවදානමේ.

ශාලුකත් එහෙමයි.

කොහොම හරි සාකච්ඡාවට ශාලුකත් එකතු කරගනිමු කියල මධූෂ මුල ඉඳලම කිවුව.

ශාලුක ආවේ මාතලේ ඉඳල.

ශ්‍රී ලංකා ජාතික තැලසීමියා සංවිධානයේ සභාපති සහ ජාතික සංවිධායක විදියට ඒ දෙන්න ලංකාව පුරා පැතිරිලා ඉන්න රෝගීන් වෙනුවෙන් උපකාර කරන්න කැපවෙලා ඉන්නවා. ඒ වගේම මේ රෝගය ගැන රටවැසියන් දැනුවත් කිරීම ඔවුන්ගේ උත්සාහය.

මධූෂ, ශාලුක කියන විදියට ලංකාවේ එයාල වගේ රෝගීන් 2500ක් විතර ඉන්නවා.

ඔවුන් කියන විදියට මෑතක් වෙනතුරු තැලසීමියා රෝගීන්ගේ උපරිම ආයු කාලය තිබුණේ අවුරුදු 13ක් විතර.

ඒත් වෛද්‍ය විද්‍යාවේ දියුණුවේ පිහිටෙන් උපරිම ආයු කාලය දැන් අවුරුදු 49ක් විතර වගේ වෙලා.
අවුරුදු 49ක් කිවුවහමත් මම ඇත්තටම shock වුනා. 48-49 කියන්නේ කිසිවෙක් මිය යා යුතු වයසක් නෙවෙයි.

රෝගීන් ඉන්නේ 2500ක් විතර වුණත් තැලසීමියා රෝග වාහකයින් ලක්ෂ අටක් විතර අපේ සමාජයේ ඉන්නවා කියලත් ඔවුන් කියනවා.  

ඒ අයගෙන් බොහෝ දෙනෙක් තමන් තැලසීමියා වාහකයෙක් බව දන්නේ නෑ, මොකද ඒ අතරින් හඳුනාගෙන තියෙන්නේ 3%ක් විතරයි.

සමහර විට ඔබත්, මමත් ඒ අතරෙ ඉන්නත් පුළුවන්.

මතක තියාගන්න තැලසීමියාව බෝවෙන රෝගයක් නෙවෙයි. ඒ වගේම ළමා කාලයේම විශේෂ ප්‍රතිකාර නොකළොත් රෝගය සුව කරන්නත් ඉතාම අපහසුයි.

කොහොම වුනත් මේ රෝගය ගැන අවබෝධයක් තියෙනව නම් අනාගතයේදී තැලසීමියා රෝගීන් බිහිවීම අපිට වලක්වන්න පුළුවන්.

ඒ කොහොමද?  

තැලසීමියා රෝගීන් බිහිවෙන්නේ එකම එක ක්‍රමයකින් විතරයි.

ඒ තමයි තැලසීමියා රෝග වාහකයින් දෙදෙනෙක් අතර විවාහය. තැලසීමියා රෝග වාහකයින් දෙදෙනෙක් විවාහවීම වලක්වා ගත්තොත් රෝගය නිවාරණය කිරීමේ හැකියාව තියෙනව.

ඉතින් මේ දේවල් අපේ සමාජයට කියල දෙන්න තමයි වෛද්‍ය බෝධිනී, මධූෂ, ශාලුක තුන් දෙනාම එකතුවෙලා මේ සාකච්ඡාවට මාව යොමු කළේ.

ඔවුන් කියපු විදියට මේක ජාතික තැලසීමියා සංවිධානය කරපු පළමු යූටියුබ් සාකච්ඡාව.

අහල බලන්න. ඔබ උගත් දේ ඔබේ මිතුරන්ටත් කියන්න.



(සරෝජ් පතිරණ)
BBC හිටපු මාධ්‍යවේදී
sarojpathi@gmail.com

.

JW

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...