BREAKING
Top Ad
සමාලාප

භික්ෂූන් වහන්සේත් මගේ යහනට එනවා - ලිංගික ශ්‍රමික කාන්තාවක් කියන කතාව (වීඩියෝ)

T

The Leader

June 8, 2023 • 11:50 PM

භික්ෂූන් වහන්සේත් මගේ යහනට එනවා - ලිංගික ශ්‍රමික කාන්තාවක් කියන කතාව (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විවිධ පූජකයින්, බෞද්ධ භික්ෂූන්, නීතිවේදීන්, වෛද්‍යවරුන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු සමාජයේ ඉහළ නිලතල දරන බොහෝ දෙනා
  • "Sandeshaya by Saroj" යූටියුබ් නාලිකාව සමග අදහස් දක්වමින් ඒ බව කියා සිටි කටුනායක වෙළෙඳ කලාපයේ හිටපු මෑන්පවර් සේවිකාවක වන ඇය පවසන්නේ, ලිංගික ශ්‍රමය ද නීතිගත කොට තමන් ඇතුළු ලිංගික ශ්‍රමිකයින්ගේ වෘත්තීය හිමිකම් රැකදිය යුතු බවය.
  • කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් වෙළෙඳ කලාපයේ සේවිකාවන් ලක්ෂ දෙකකට පමණ සිය ජීවිකාව අහිමි වූ බව කලාපයේ වෘත්තීය සමිති නායක ඇන්ටන් මාක්ස් පසුගියදා පෙන්වා දී තිබිණ.
  • මේ තත්වය යටතේ බරපතලම පීඩාවට ලක්වන්නේ මෑන්පවර් සේවිකාවන් වන අතර, රැකියා අහිමිවීමත් සමග ඇතැමුන් ලිංගික පහස විකිණීමට පෙළඹී ඇති බව ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ලංකා සංවිධානයේ අශිලා දන්දෙණිය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

නිරන්තරයෙන් සිය පහස ලබන නමුත් සිය වෘත්තීය ජීවිතයේ දී මුහුණදෙන කිසිදු ගැටලුවකට නීතියේ පිළිසරණ පැතීමේ හැකියාවක් නොමැති බව ලිංගික ශ්‍රමික කාන්තාවක් පෙන්වා දෙයි.

"Sandeshaya by Saroj" යූටියුබ් නාලිකාව සමග අදහස් දක්වමින් ඒ බව කියා සිටි කටුනායක වෙළෙඳ කලාපයේ හිටපු මෑන්පවර් සේවිකාවක වන ඇය පවසන්නේ, ලිංගික ශ්‍රමය ද නීතිගත කොට තමන් ඇතුළු ලිංගික ශ්‍රමිකයින්ගේ වෘත්තීය හිමිකම් රැකදිය යුතු බවය.

කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් වෙළෙඳ කලාපයේ සේවිකාවන් ලක්ෂ දෙකකට පමණ සිය ජීවිකාව අහිමි වූ බව කලාපයේ වෘත්තීය සමිති නායක ඇන්ටන් මාක්ස් පසුගියදා පෙන්වා දී තිබිණ.

මේ තත්වය යටතේ බරපතලම පීඩාවට ලක්වන්නේ මෑන්පවර් සේවිකාවන් වන අතර, රැකියා අහිමිවීමත් සමග ඇතැමුන් ලිංගික පහස විකිණීමට පෙළඹී ඇති බව ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ලංකා සංවිධානයේ අශිලා දන්දෙණිය පවසයි.

කෙසේ වුවත්, ආර්ථික අර්බුදය හමුවේ වෙළෙඳ කලාපයට සමු දුන් මේ ලිංගික ශ්‍රමිකාව පවසන්නේ වත්මන් රැකියාව අත්හැර යළිත් මෑන්පවර් සේවයට එක්වීමට තමන්ගේ බලාපොරොත්තුවක් නොමැති බවය.

"ආර්ථික අහේනිය නිසා සමහරු මෑන්පවර් රස්සාව ඉවර වෙලා හවසට මේ රස්සාව කරනවා. සමහර කාන්තාවෝ බත් පතට පවා මිනිස්සු එක්ක යනවා."

ලිංගික ශ්‍රමය සැපයීමේ රැකියාව තෝරාගැනීම ගැන කිසිදු කනගාටුවක් නොමැති වුනත් සිය 18-හැවිරිදි දියණිය එම රැකියාව තෝරාගනු දැකීමට තමන් අකැමති බවත් ඇය කියා සිටියාය.  


 

JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...