BREAKING
Top Ad
සමාලාප

'ඇයි මාධ්‍යට විතරක් - මෙරට සියලු දේ සියලු දේ සඳහා නියාමනය අවශ්‍යයි' - සමන් අතාවුදහෙට්ටි

T

The Leader

July 6, 2023 • 12:31 PM

'ඇයි මාධ්‍යට විතරක් - මෙරට සියලු දේ සියලු දේ සඳහා නියාමනය අවශ්‍යයි' - සමන් අතාවුදහෙට්ටි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාධ්‍යට පමණක් නොව මෙරට සියලු දේ සඳහා නියාමනයක් අවශ්‍ය බවත් නියාමනයක් කියූ සැනින් මෙරට තුළ බිල්ලෙක් මවා
  • බලය ඇති දේශපාලනඥයින්ට මහජන දේපළක් වූ විද්‍යුත් සංඛ්‍යාත ඕනෑම අයෙකුට පැවරීමට හැකියාව ඇති බවත්, එසේම ඒවා විකිණීම ඇතුළුව කිසිම සුදුසුකමක් නොමැති පාර්ශ්ව වෙත ලබාදී මහජන දේපළ දැඩි අවභාවිතයක් සිදුව ඇති බවත් ඔහු පවසයි .
  • ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුද හෙට්ටි මේ බව සඳහන් කර සිටියේ සුප්‍රීම් Tv චැනලය වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙන "මචං" වැඩසටහන සමග එක්වෙමිනි.
  • ශානුක : ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලකයෙක් විදිහට කටයුතු කලා, මේ දවස්වල කතා කරනවා මාධ්‍ය නියාමනයක් අවශ්‍ය බව, ඒ පිළිබදව ඔබේ අදහස ?
අකුරු ප්‍රමාණය (Font Size):

ගත්තද නියාමනයක් තිබුණු රටවල් ඉස්සරහට ගිය බවත් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති ජේෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුද හෙට්ටි පවසයි.

බලය ඇති දේශපාලනඥයින්ට මහජන දේපළක් වූ විද්‍යුත් සංඛ්‍යාත ඕනෑම අයෙකුට පැවරීමට හැකියාව ඇති බවත්, එසේම ඒවා විකිණීම ඇතුළුව කිසිම සුදුසුකමක් නොමැති පාර්ශ්ව වෙත ලබාදී මහජන දේපළ දැඩි අවභාවිතයක් සිදුව ඇති බවත් ඔහු පවසයි .

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුද හෙට්ටි මේ බව සඳහන් කර සිටියේ සුප්‍රීම් Tv චැනලය වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙන "මචං" වැඩසටහන සමග එක්වෙමිනි.

මචං වැඩසටහන මෙහෙයවන මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මෙහිදී මාධ්‍ය නියාමනය, මෙරට  රූපවාහිනී සහ ගුවන් විදුලි වැඩසටහන් වල ගුණාත්මක භාවය ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් සමන් අතාවුද හෙට්ටි ගේ අවධානය යොමුකරවයි. 

  
'' මට අමරදේවත් එකයි, නිහාල් නෙල්සනුත් එකයි, මචං''
 
    
ශානුක :
ඔබ දශක ගණනාවක් පුරා ගුවන් විදුලි සහ රූපවාහිනී මාධ්‍යයන්වල හසල අත්දැකීම් ඇති පුද්ගලයෙක්, ඇතැමුන් චෝදනා කරනවා වර්තමානය වන විට මෙම ධාරාවන් විනාශයට පත්වෙලා යන වග, ඔබට අනුව එහි විග්‍රහය කුමක් ද ?

සමන් :
මට අනුව රේඩියෝ, ටීවි පමණක් නොව අනෙකුත් අනෙකුත් ක්ෂේත්‍රයන්ට විශාල හානියක් වෙලා තියෙනවා මේ රේටින් කියන මිත්‍යාවට හසුවීම නිසා, මොකද ලංකාවේ අදටත් විද්‍යාත්මක රේටින් ක්‍රමයක් නැහැ. පුද්ගලික ආයතනයක් සුළු පිරිසක් මූලික කරගෙන රේඩින් කියලා මහා ලොකු දෙයක් පෙන්නුම් කලා, එහි ප්‍රථිපලයක් විදිහට නාලිකා,රේඩියෝ සහ ටීවී මෙන්ම දැන්වීම් ආයතන, ඒජන්සි සමග තමයි තමන්ගේ තීරණ ගන්න ගියේ, ඒ ගත්ත තීරණ නිසා පොදුවේ මේ ක්ෂේත්‍රයන්වල විනාශය ආරම්භ පටන් ගත්තේ. ඒ මාධ්‍ය පිරිහෙන කොට ඒවා අසන බලන ‌ප්‍රේක්ෂයත් විනාශ උනා, ඒක වලක්වන්න බැහැ. ඒ වගේම මාධ්‍ය මෙන්ම ඇඩ්වර්ටයිසින් ඒජන්සිත් පිරිහුනා. හොදට කල්පනා කරලා බලන්න පහුගිය අවුරුද් දහය, පහලොව කාලය තුල සාර්ථක වෙච්ච එක ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක් තියෙනව ද ? මේ රේඩින් නැති කාලේ ‌ඇඩ්වර්ටයිසින් කීයක් මිනිසුන්ගේ හදවත් තුළ මුල්බැහැ ගත්ත ද කියලා, මට හොදට මතකයි තවම ඒ නිෂ්පාදනයන් ගැන කතා කරනවද ? නමුත් අද මේවා බැලුම්බෝල වගේ උඩ එනවා යට යනවා. ඇයි ඒ, ඔය රේටින් කියන මිත්‍යාව නිසා මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ. ඒකනේ සමහර නිෂ්පාදනයන් පරණ ඒවා මතක් කරමින් අළුත් ඒවා නිෂ්පාදනය කරන්නේ.


ශානුක :
ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලකයෙක් විදිහට කටයුතු කලා, මේ දවස්වල කතා කරනවා මාධ්‍ය නියාමනයක් අවශ්‍ය බව, ඒ පිළිබදව ඔබේ අදහස ?


සමන් :
මාධ්‍යට පමණක් නෙවෙයි රටේ සියළුම දේට නියාමනයක් අවශ්‍යයි. ලෝකේ නියාමනයක් තිබුණු රටවල් ඉස්සරමට ගියා. අපි නියාමනය කියපු ගමන් මහා ලොකු බිල්ලෙක් මවා ගන්නවා, ඒක බිල්ලෙක්වත් වෙනත් දෙයක් නෙවෙයි අපිට මෙතැනින් උඩට යන්න පුළුවන් පාරක්, පඩිපෙලක්. දැන් බලන්න අපේ රටේ මාධ්‍යයන්වලට බලපත්‍ර දීමේ ඉදලා තියෙන්නේ හොරකන්, දූෂණය නේ, මොකද ? බලය තියෙනවා ඔනෑම දේශපාලඥයෙකුට සංඛ්‍යාත දෙන්න. ඔහුට පුළුවන් ඒවා විකුනන්න කිසිම ප්‍රශ්නයක් නැතිව. මොකද ඒවා ලබා දීලා තියෙන්නේ කිසිම විද්‍යාත්මක පදනමකින් තොරව නිසා. මොකද සමහර සංඛ්‍යාත ලබා දුන්න අවස්ථා තියෙනවා, කිසිම අත්දැකීමක් හෝ සුදුසුකමක් නැති ඒ සදහා සැළැස්මක් ඇති පරිපූර්ණ පිරිසක් නැති, මූල ධනයක් නැති තනි මිනිහෙකුට මේවා ලබා දෙනවා,  සංඛ්‍යාත කියන්නේ මහජන දේපල, එතැනදි වෙන්නේ මහජන දේපල අවභාවිත කිරීමක්. එහෙම උනාම කරන්නේ දේශපාන බලය පාවිච්චි කරල සංඛ්‍යාත අරන් ඒවා කුලියට දෙනවා එහෙමත් නැත්නම් විකුණනවා. ඒවා මැඩලන්න නීති රීති නැහැ, ඒ නිසා මම කියන්නේ නියාමනයක් අවශ්‍යයි. එතකොට වෙන්න අවශ්‍ය නියාමන බලය මහජන සතු කිරීමකින්. දැන් ලෝකයේ බැලුවාම විකාශන අධිකාරීන් සකස් වී තියෙන්නේ අන්න ඒ ක්‍රමයටයි. එතැනදී මහජනතාවට බලය තියෙනවා මේ පිළිබදව තීන්දු තීරණ ගන්න. හැබැයි ලංකාවේ බහුතර දේශපාලඥයින් මේ ක්‍රමයට කැමති නැහැ.


ශානුක :
ඔබගේ විග්‍රහයට අනුව ලංකාවේ මාධ්‍ය ආයතනයන් තුළ ගුණාත්මක වැඩසටහන් නිර්මාණය නොවන්නේ මේ නිසා ද ?


සමන් :
උදාහරණයක් විදිහට බලන්න, ඉන්දියන් අයිඩියල්, වැඩසටහන බලන්න. ඉන්දියාවේ ගීත ගායන තරගයි අපේ ලංකාවේ ගීත ගායන තරගයි ගත්තාම අහසට පොලොව වගේනේ. එහෙ ඉන්න ප්‍රවීණ ගායකයෝ ප්‍රවීණ රචකයෝ, නව පරපුරේ දක්ෂයින් දක්වන කුසලතාවයට දක්වන ප්‍රතිචාර දැක්කාම පුදුම හිතෙනවා. එතැන ඉන්න වාදකයින් ගායකයින් කොතරම් කුසලතා මට්ටමක ඉන්නව ද හිතන්න. ඉන්දියවෙත් තියෙනවා පහල මට්ටමේ සහ ඉහල මට්ටමේ නිෂ්පාදයන්, නමුත් වරද තියෙන්නේ ඉන්දියාවේ නෙවෙයි අපේ.

ශානුක කරුණාරත්න හා සමන් අතාවුද හෙට්ටි අතර සිදුකෙරෙන සම්පුර්ණ කතාබහ පහත මචං වීඩියෝවේ දැක්වෙයි.
 
 
 

 

Screenshot 2023 07 07 at 12.18.55 PM


 

 JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...