BREAKING
Top Ad
සමාලාප

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හෙට දවස - මහ බැංකු අධිපතිගේ විග්‍රහයක් (වීඩියෝ)

T

The Leader

July 22, 2023 • 11:22 AM

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හෙට දවස - මහ බැංකු අධිපතිගේ විග්‍රහයක් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා වන ආචාර්ය නන්දලාල් වීරසිංහ සමඟ සිදුකළ විශේෂ ''ඇඩ්වො කතා'' වැඩසටහන
  • එයට අදහස් දක්වමින් මහබැංකු අධිපතිවරයා  ප්‍රකාශ කරසිටියේ අඩුවේගයකින් වාහනය ගෙන ගොස් යම්තාක් ස්ථාවර මට්ටමකට අද වෙනකොට පත්ව ඇති බවත් හෙමි හෙමින් ඉහලට පදවාගෙන ආයුතු බව ප්‍රකාශ කරන ලදී එහිදී,මූලික වශයෙන් පහත කරුණු පිළිබඳව දැඩි අවදානයක් යොමුකෙරිණි.
  • යන පැනය උදෙසා මහබැංකුඅධිපතිවරයා ප්‍රකාශ කර  සිටියේ, මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමේදී පොලී අනුපාතය වැඩි කරන විට ඉතා ඉක්මනින් වෙළෙඳපොළ පොලී අනුපාතය බැංකු විසින් වැඩි කරන එක සාමාන්‍ය වෙළඳපොලේ පවතින තත්ත්වය බවයි.
  • එබැවින් ඉතා විශාල වශයෙන් වැඩි වන පොලී අනුපාතයට අමතර නියාමන ක්‍රමවේදයක් අවශ්‍යය බව ඔහු ප්‍රකාශ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජුලි 20 දින මහබැංකු පරිශ්‍රය දී පැවැත්විණි.

එහිදී ඔබ අප සියලු දෙනාගේම අවදානයට ලක්වුණ ශ්‍රී  ලංකාවේ ආර්ථිකයේ දිශානතිය පිළිබඳව වැදගත් කරුණු රාශියක් එම වැඩසටහනේදී සාකච්ඡාවට බදුන්විය.

"ශ්‍රී ලංකා ආර්ථිකය යනු ප්‍රපාතයකට රූටා යන වාහනයක් වැනිය. එබැවින් එහි තිරිංග තදකර  අල්ලාගත යුතුය" යන මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයක්ම උපුටා ගනිමින් ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු හරවත් ලෙස සාකච්ඡාවට අවතීර්ණ වුණු අතර වසරක් ගෙවී ගියත් තවමත්  ලංකාවේ ආර්ථිකය, ප්‍රපාතයට ගමන් කරන වාහනයක් වැනි ද? තව තවත් තිරිංග තද කර අල්ලා සිටිය යුතු  ද? යන පැනය පලමුව විමසන ලදී.

එයට අදහස් දක්වමින් මහබැංකු අධිපතිවරයා  ප්‍රකාශ කරසිටියේ අඩුවේගයකින් වාහනය ගෙන ගොස් යම්තාක් ස්ථාවර මට්ටමකට අද වෙනකොට පත්ව ඇති බවත් හෙමි හෙමින් ඉහලට පදවාගෙන ආයුතු බව ප්‍රකාශ කරන ලදී

එහිදී,මූලික වශයෙන් පහත කරුණු පිළිබඳව දැඩි අවදානයක් යොමුකෙරිණි.


ඉදිරියේදී පොලී අනුපාතයට අඩුවෙයිද ?ඒ සදහා නියාමන ක්‍රියාපටිපාටියක් අවශ්‍යය ද?

යන පැනය උදෙසා මහබැංකුඅධිපතිවරයා ප්‍රකාශ කර  සිටියේ,

මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමේදී පොලී අනුපාතය වැඩි කරන විට ඉතා ඉක්මනින් වෙළෙඳපොළ පොලී අනුපාතය බැංකු විසින් වැඩි කරන එක සාමාන්‍ය වෙළඳපොලේ පවතින තත්ත්වය බවයි. එබැවින් ඉතා විශාල වශයෙන් වැඩි වන පොලී අනුපාතයට අමතර නියාමන ක්‍රමවේදයක් අවශ්‍යය බව ඔහු ප්‍රකාශ කළා.


බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ  කිරීමට අපේක්ෂාවක් තිබේ ද?

එයට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ බැංකු හා බැංකු නොවන මූල්‍යායතන ඒකාබද්ධ කිරීම අනිවාර්යයෙන් අත්‍යවශ්‍ය බවයි. ඉන් බලාපොරොත්තු වන්නේ බැංකුවල මුලින්ම ස්ථාවරතාවය ඇතිකළ යුතු බවයි. 

 
ණය නොගෙවීම හේතු කර ගනිමින් මෙම ක්‍රියාවලියේදී රාජ්‍ය බැංකු දෙක සහ පෞද්ගලික බැංකුවල ප්‍රාග්ධන අවශ්‍යතා මොනවාද?,කුඩා බැංකු සහ විශාල බැංකුව එකතු කොට ශක්තිමත් බැංකු බවට පත් කළ හැකි ද යන්න මුලින්ම සලකා බලා බැංකු පද්ධතිය ශක්තිමත් කළ යුතුය යන්න ඔහු විසින් ප්‍රකාශ කර සිටියේය.


විදේශ විනිමය අනුපාතය තීරණය වෙන්නේ කොහොමද සහ මහ බැංකුව ඒ සදහා මැදිහත් වෙන්නැද්ද?

එයට පිළිතුරු දක්වමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර සිටි අපේ රට පුරුදු වෙලා තියෙන්නේ විනිමය අනුපාතය මහබැංකුවෙන් පාලනය කරන දෙයක් කියලයි. විදේශ විනිමය සම්බන්දයෙන් අපට විශ්වාසයක් තියන්න බැහැ. ඒක කාටවත් කියන්නත් බෑ. ඒ නිසා රටේ විදේශ විනිමය අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන් කියලා ව්‍යාපාරිකයන් හිතන්න ඕන. ඒ නිසා ඉල්ලුම සැපයුම මත  සූදානම් විය යුතු බව ඔහු එහිදී ප්‍රකාශ කර සිටින ලදී.


නව මහබැංකු පනත යටතේ මහ බැංකුව ස්වාධීන කරනවා කියන්නේ මොකක්ද?

නීතිමය වශයෙන් ස්වාධීනත්වයත් දැනටමත් මහ බැංකුව සතුව තියෙන බව ඔහු ප්‍රකාශ කර සිටියා. ඒ වගේම රාජ්‍ය මූල්‍ය පද්ධතිය රටේ මූල්‍ය පද්ධතියට බලපෑම් එල්ල කිරීම වැළැක්වීම, මහබැංකුවේ සාමාජිකයන් පත් කිරීමේදී තමන්ට අවශ්‍ය අයව පත්කර ගැනීමේ හැකියාව වෙනස් කොට පත්කිරීම් ස්වාධීන කිරීම යනාදි කරුණු රැසක් මෙම හරවත් සාකච්ඡාවේදී සිදු කෙරිණි.

පහත වීඩියෝව බලන්න
 

 
 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...