BREAKING
Top Ad
සමාලාප

කමලදාසගේ අලුත් එක (වීඩියෝ)

T

The Leader

October 11, 2023 • 6:17 AM

කමලදාසගේ අලුත් එක (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වීඩියෝවෙ කමලදාස කියන දේ අළුත් දෙයක් නොවේ. මඩිහේ පන්ඥාසීහ හාමුදුරුවො කිව්වෙත් පුද්ගලයා හදා රට හදමු කියල.
  • ඕකා කිසි කෙනෙකුට උදව්වක් කරන්නෙ නෑ කියලා අප් ‍ රසාදයට පත්වීමයි ඒ අයගෙ උරුමය.
  • එහෙම බැන වදිමින් අපහාස කරමින් තමන් ඊට ඉහල සදාචාරයක් රකිනවා කියල පෙන්නන බොහෝ අය ඇත්තටම තමන්ට එවන් අවස්තාවක් නොලැබීම ගැන මනස්තාපයකින්, ඉරිසියාවකින් පසුවෙන අයයි.
  • අපේ සංස්කෘතිය , අපේ අරක මේක කියලා ආඩම්බර වෙන හැම කෙනෙක්ම රාජපක්ෂ ගුණ ඇතුලතින් දරන අයයි."
අකුරු ප්‍රමාණය (Font Size):

හැබැයි මෙතක කමලදාසට මග ඇරෙන දේ තමයි දේශපාලනය කියන්නෙ මොකක්ද කියන එක. 

මේ වීඩියෝව Chinthana Dharmadasa ෂොයාර් කරල තිබුණ මේකෙ කමලදාස කියන දේවල් ඉතා ඉහළ අගයකින් යුක්ත ඒව බව හැගෙන විදිහේ සටහනකුත් එක්ක. 

මේකෙ අමතක කරන දේ තමයි පුද්ගල ක්‍රියාකාරකම් හා රාජ්‍යය අතර තිබෙන වෙනස. සමාජයක් රාජ්‍යය හැසිරවීම සදහා නීති පද්ධතියක් යොදාගැනීම මගින් බලාපොරොත්තු වෙන්නෙ පුද්ගල අගතීන්ගේ ආචරණය සීමා කරන්න. ඒ නිසා කමලදාස කියන විදිහට පුද්ගල අගතීන් පෙන්වා රාජ්‍ය ආයතනයන්හී අගතිගාමී චර්යා යුක්තිසහගත කිරීම නිවැරදි වෙන්නේ නැහැ.

Nirmal.jpg(මහාචාර්ය නිර්මාල් දේවසිරි)
කොළඹ විශ්ව විද්‍යාලය 

(උපුටා ගැනීම නිර්මාල් ගේ ෆේස්බුක් පිටුවෙන්)

 

චින්තන ධර්මදාස ගේ සටහන :

Screenshot 2023 10 11 at 17.13.46

"ජැක්සන් රාජපක්ෂලාට කඩේ ගියා, අරක කළා මේක කළා කියන පෝස්ට් දාන අය තමන්ට එහෙම අවස්තාවක් ලැබුනොත් ඒ දේ නොකරන අයද? අවාසනාවට මට ජීවිත කාලෙම ලංකාවෙ එහෙම නොකරන මිනිස්සු මුනගැහිලා තියෙන්නෙ හරිම අඩුවෙන්. එහෙම අය සාමාන්‍යයෙන් ජනප්‍රසාදයට පත්වෙන අයත් නෙමෙයි. ඕකා කිසි කෙනෙකුට උදව්වක් කරන්නෙ නෑ කියලා අප්‍රසාදයට පත්වීමයි ඒ අයගෙ උරුමය.

එහෙම මිනිස්සු කවදාවත් අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න අයට බැන බැන අපහාස කර කර ගියෙත් නෑ. එහෙම බැන වදිමින් අපහාස කරමින් තමන් ඊට ඉහල සදාචාරයක් රකිනවා කියල පෙන්නන බොහෝ අය ඇත්තටම තමන්ට එවන් අවස්තාවක් නොලැබීම ගැන මනස්තාපයකින්, ඉරිසියාවකින් පසුවෙන අයයි. රාජපක්ෂ කියන්නෙ මේ රටේ මහා සංස්කෘතිය. මහා සම්ප්‍රදාය. අපේ සංස්කෘතිය , අපේ අරක මේක කියලා ආඩම්බර වෙන හැම කෙනෙක්ම රාජපක්ෂ ගුණ ඇතුලතින් දරන අයයි."

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...