සාමාන්‍ය සමාජය පිළිනොගත් සමකාමී දේශපාලනඥයන් අතරින් සමාජය පිළිගත්ත එකම සමකාමී දේශපාලනඥයා මංගල සමරවීර පමණක් බවත්, එම පිළිගැනීම ලබාදීමටත් ඔවුන්ට දිගු කාලයක් ගත වූ බවත් ඔහු පෙන්වා දෙයි.
වර්තමානය වන විට සමකාමී පුද්ගලයන් සම්බන්ධව විවෘතව කතා කරන්න පටන් ගෙන තිබෙන බව පවසන විසාකේස චන්ද්‍රසේකරම්, සමකාමී ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු කරන තත්ත්වයකට ද පත් වෙමින් තිබෙන බවත් සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න සමඟ ‘හෙට හදන කයිවාරුව - මචං' වැඩසටහනට සම්මුඛ වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.
කෙනෙකුගේ ලිංගික අනන්‍යතාවය සම්බන්ධව පහත්කොට සැලකීම ප්‍රශ්නයක්. ඒ පහර ගැසීම නිසා අපේ ප්‍රජාව පත්වන තත්ත්වය කෙසේද? සුජාත රජයක් පවතින විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව රජය පලවා හැරියා. පළමු වතාවට ජනතාව පාරට බැස්සා. ජනතාව පාරට බැස්සේ ඒක කෙනෙක් වෙනුවෙන් නෙමෙයි. අපට අවශ්‍යම වෙලාවේ කිසිවකුත් නිවැරදි තීන්දු තීරණ අරගෙන නැහැ.
විසාකේස චන්ද්‍රසේකරම් සමඟ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න සිදුකළ ‘රට හදන කයිවාරුව - මචං' වැඩසටහන පහත සබැඳියෙන් නැරඹිය හැකිය.
සමාජය පිළිගත් එකම සමකාමී දේශපාලකයා 'මංගල' - විසාකේස චන්ද්‍රසේකරම්
T
The Leader
November 1, 2023 • 1:31 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- 2018 වසරේද සිට මෙරට සමකාමී නායකයන් විවේචනය ලක් කරන, හෑල්ලුවට ලක් කරන තත්ත්වයක් ඇති වූ බවත්, ඒ සෑම අවස්ථාවකම එම කටයුත්ත දේශපාලන මෙවලමක් බවට පත් වූ බවත් චිත්‍රපට අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම් පවසයි.
- සුජාත රජයක් පවතින විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව රජය පලවා හැරියා.
- සාමාන්‍ය සමාජය පිළිනොගත් සමකාමී දේශපාලනඥයන් අතරින් සමාජය පිළිගත්ත එකම සමකාමී දේශපාලනඥයා මංගල සමරවීර පමණක් බවත්, එම පිළිගැනීම ලබාදීමටත් ඔවුන්ට දිගු කාලයක් ගත වූ බවත් ඔහු පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



