BREAKING
Top Ad
සමාලාප

'මීයා' කියන්නෙ දේශපාලන බළල් අතක්ද ?

T

The Leader

December 2, 2023 • 4:27 AM

'මීයා' කියන්නෙ දේශපාලන බළල් අතක්ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීයා කියන්නෙ මේ දවස්වල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සති අන්තයේ විකාශය වෙන අලුත් ටෙලි නාට්‍යයක්.
  •   ප්‍රශ්නය : මොකක්ද ඇත්තටම මීයා කියලා නාට්‍යයක් හදන්න හේතුව?
  • ඉතිං මීයා ටෙලි නාට්‍යයට ඇත්තම නිමිත්ත වුනේ මේ අමුතු වඩේ එක ජනතාව අතරට ගෙනියන්න.
  • මං හිතන්නෙ මනුස්ස ජීවිතේට වටිනාකමක් දෙන කාට වුනත් තමන්ගෙන් ඇත්තට වැඩක් වෙන රස්සාවක් ලැබෙන්න ඕනි කියල.
අකුරු ප්‍රමාණය (Font Size):

චින්තන ධර්මදාස සහ මුවිඳු බිනෝයි අධ්‍යක්ෂණය කරන මේ ටෙලි නාට්‍යයේ අධිවේගී මාර්ගයේ ප්‍රවේශපත් කවුළුවක වැඩ කරන තරුණයෙකුගේ රැකියාව අහිමි වීමක් ගැන කතාවක් එනවා. ඊට සමගාමීව අධිවේගී මාර්ග ප්‍රවේශපත්‍ර කවුන්ටර්වල වැඩ වර්ජනයක් පවා සිද්ද වුනා. මීයා කියන්නෙ ආන්ඩුවෙ කුමන්ත්‍රණයක්ද? අපි මීයා අධ්‍යක්ෂ චින්තන ධර්මදාසව අල්ලගත්තා.

 

ප්‍රශ්නය :
මොකක්ද ඇත්තටම මීයා කියලා නාට්‍යයක් හදන්න හේතුව?

 Screenshot 2023 12 02 at 3.17.58 PM removebg preview

චින්තා :
මීයා කියන්නෙ සුරංගනා කතාවක්. මේ කතාවට නිමිත්ත වෙන්නෙ මං හය වසරෙදි විතර කාපු වඩේ එකක්. ඒ වඩේ එක විකිනුවෙ තර්ස්ටන් එක
ඉස්සරහ බයිසිකලේක. මැද්දට කූනිස්සො දාලා දීපු ඒ වඩේ එක මට අමතක කරන්න බැරි වුනා. මං කීප වතාවක්ම ඒක ගෙදර හදාගෙන කාලාත් තිබුන. ඉතිං මීයා ටෙලි නාට්‍යයට ඇත්තම නිමිත්ත වුනේ මේ අමුතු වඩේ එක ජනතාව අතරට ගෙනියන්න.

 

ප්‍රශ්නය :
මේක තියෙන්නෙ හයිවේ කවුන්ටරේක වැඩ කරන තරුණයෙකුගේ කතාවක්නෙ?

 

චින්තා :
ඔව්. ඒ කතාවට නිමිත්ත වුනු එක ගැන මං කිව්වෙ. මං නිතර හයිවේ එකේ එහා මෙහා යනකොට මේ කවුන්ටර්වල ඉන්න තරුණයො දකිනවා. පොඩි වීදුරු කූඩුවක දාලා කොල කෑලි දිදී ඉන්න මේ තරුණයො ගැන මට දුකක් තිබුන. ඒ අයට ඊට වඩා වැඩක් කරන්න පුළුවන්, තමන්ගෙ දක්ෂතා යොදවන්න පුළුවන් රස්සාවක් ලැබෙන්න ඕන කියල අදහසක් මට තිබුන. ඒක හින්දයි මේ තරිඳු හයිවේ එකක වැඩ කරන තරුණයෙක් වුනේ.

 ප්‍රශ්නය :

නැතුව ආන්ඩුවෙ කොන්ත්‍රාත් එකකට නෙමෙයිද?

 

චින්තා :

එහෙම දියුණු ආණ්ඩු මේ රටේ තියෙනවා නං මොනවා කරන්න බැරිද නේද.. එහෙම සැලසුම් කරන්න (සිනා). මං හිතන්නෙ මනුස්ස ජීවිතේට වටිනාකමක් දෙන කාට වුනත් තමන්ගෙන් ඇත්තට වැඩක් වෙන රස්සාවක් ලැබෙන්න ඕනි කියල.

ප්‍රශ්නය :
මේක සෙක්ස් එහෙම නැද්ද?

 

චින්තා :
සෙක්ස් නැත්තෙ මොකකද? ඕනම දේක සෙක්ස් තියෙනවා. ඒක මොන විදිහක සෙක්ස් නැත්තං ලිංගික ප්‍රකාශනයක් වෙනවද කියලයි තේරුම් ගන්න ඕනි. සෙක්ස් කියන්නෙ නිරුවතින් ලිංගිකව හැසිරෙන එකට විතරක් නෙමෙයි. පංච ඉන්ද්‍රියයන් ‍පිනවීම කියන්නෙත් සෙක්ස් තමයි. අපේ ලොකුම සෙක්ස් ඉන්ද්‍රිය අපේ මොළය. ‍මොලේ ටිකක් කිතිකවන එකත් සෙක්ස් තමයි.

 

ප්‍රශ්නය :
ඇයි මේකට මීයා කියන්නෙ?

 

404677736 122144590046019845 1823623586022782375 n චින්තා :
මීයා කියන්නෙ අපි හැමෝම දන්න සතෙක්. ඒ වගේම විවිධ තේරුම් වෙනුවෙන් පාවිච්චි වෙන රූපකයක්. මීයා කියන්නෙ පුංචියට හිටියට හරිම දරුණු සතෙක්. සිස්ටම් චේන්ජ් එකක් කරන්න සිංහයෙකුට වඩා මීයෙකුට පුළුවන් කියලයි මං හිතන්නෙ.

 

ප්‍රශ්නය :
මේක ඔයා එක්ක කරන අනිත් අධ්‍යක්ෂවරයා මුවිඳු බිනෝයි?

 

චින්තා :
ඔව් මුවිඳු කියන්නෙ විෂුවල් ආර්ටිස්ට් කෙනෙක්. මියුසික් කොම්පෝසර් කෙනෙක්. මං එයාගෙ වැඩ වලට ගොඩක් කැමතියි. ඉතින් මේ ටෙලිය හදන්න කල්පනා කරන කාලෙම මං මුවිඳුට කතා කළා එකට ඩිරෙක්ට් කරමු කියල. ෆිල්ම් එකක් ටෙලියක් කරද්දි ඒ විදිහට තවත් ආර්ටිස්ට් කෙනෙකුගෙ එනර්ජි එකක් එක්ක වැඩ කරන්න මං කැමතියි.

මුවිඳු විතරක් නෙමෙයි. මේ නාට්‍යය පිටපත ලියද්දිම අපි පස් දෙනෙක් එකතු වුනා. මම මුවිඳු, රන්දුලා, පමුදිත, චන්දන තමයි මුල්වටයෙ ඉඳන්ම එකතු ‍වුනෙ..

 

ප්‍රශ්නය :
කවුද මේක නිෂ්පාදනය කලේ? Screenshot 2023 12 02 at 3.17.38 PM removebg preview

 

චින්තා :
මේක නිෂ්පාදනය කලේ රන්දුලා ද සිල්වා සහ රවිනි ජිනදාස. මේක කරන්න අපිට සල්ලි දුන්නෙ අපේ වැඩවලට කැමති යාලුවො. බලාපොරොත්තු වුනාට වඩා වැඩි වියදමක් ගියා. ඒත් අමාරුම තැන්වලදි උදව්වට යාලුවො හිටියා.

 

ප්‍රශ්නය :
සන්නස්ගල එහෙමත් රඟපානවා නේද?

චින්තා :
සන්නා මීයා ඇතුලෙ ඇපියර් වෙනවා. සන්නා විතරක් නෙමෙයි ගිවන්ත අ‍ර්ථසාද්, මොහාන් රාජ් මඩවල, ගප්පියා, හසලක තුෂාර වගේ තව පිරිසක්මත් මේ නාට්‍යයේ විශේෂ රංගනයන්වලට එනවා.

 

ප්‍රශ්නය :
කවුද මේකෙ ප්‍රධාන චරිත කරන්නෙ?

 

චින්තා :
ධනුක දිල්ෂාන්, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, මන්රුචි සිරිවර්ධන, තිවංකා නානායක්කාර, ප‍බෝධා සංදීපනී, අමා විජේසේකර, ලක්රුවන් විතානගේ, පූජන දන්දෙනිය, ධනුෂ්ක ඩයස්, චමිලා පීරිස්, ප්‍රියන්ත සිරිකුමාර වගේ තවත් ගොඩක් අය මේකෙ ඉන්නවා.

 ප්‍රශ්නය :
මේක පිටිපස්සෙ තියෙන්නෙ දේශපාලන කතාවක්ද?

 

චින්තා :
අපොයි නෑ. මේක සුරංගනා කතාවක්. මොනම දේශපාලනයක්වත් නෑ. තනිකරම විනෝදය විතරයි අරමුණ.

ප්‍රශ්නය :


මීයා මෙගාවක් වෙයිද?

 

චින්තා :
නෑ. මීයා රූපගත කරලා අවසන්. කොටස් 21යි තියෙන්නෙ. එච්චරයි.

406233180 10161159251300185 7002432665995422709 n  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...