BREAKING
Top Ad
සමාලාප

' දියුණු රටවල් එතනට ආවේ මැජික්වලින් නොව කැපවීම්වලින්' - මහින්ද සමරසිංහ

T

The Leader

January 1, 2024 • 2:14 AM

' දියුණු රටවල් එතනට ආවේ මැජික්වලින් නොව කැපවීම්වලින්' - මහින්ද සමරසිංහ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕස්ට්‍රෙලියාවේ හා ස්විස් හි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු නිමවා1988 පළාත් සභා වලින් දේශපාලනයට පැමිණි මහින්ද සමරසිංහ අනතුරුව ආණ්ඩුවේ
  • රටවල් 168 කට අදාළ අන්තර් පාර්ලිමේන්තු සංවිධානයේ මානව හිමිකම් කමිටුවේ ඡන්දයෙන් පත්වූ සභාපති ලෙස ද රටට ගෞරව ගෙනා ඔහුගේ ඇමෙරිකානු තානාපතිකම හරහා කල කී දේ නව වසරේ උදාවේ අපි කතා බහ කරමු.
  • පහුගිය ඡන්දෙන් දිනලත් වසර 30 ක මගේ අත්දැකීම් වලින් පාළකයො වැඩ ගත්තෙ නෑ.
  • ලෝකයේ බලවත්ම රටේ ලංකාවෙ නියෝජිතයා ලෙස විශාල සේවයක් කලහැකි නිසා මම වැඩේ බාරගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙන්ම විපක්ෂ ප්‍රධාන සංවිධායකකම් හා කැබිනට් 05 ක් ඇතුළු ඇමතිධුර 07 ක් දැරුවේය. රටවල් 168 කට අදාළ අන්තර් පාර්ලිමේන්තු සංවිධානයේ මානව හිමිකම් කමිටුවේ ඡන්දයෙන් පත්වූ සභාපති ලෙස ද රටට ගෞරව ගෙනා ඔහුගේ ඇමෙරිකානු තානාපතිකම හරහා කල කී දේ නව වසරේ උදාවේ අපි කතා බහ කරමු.

ප්‍රශ්නය :
ඇමෙරිකානු තානාපති භූමිකාව තුළ කලකී දේ ගැන සෑහීමකට පත් වෙනවා ද..?


මහින්ද :
ඔව්.දේශපාලනයට වඩා රටට වැඩි සේවයක් කරන්න මම පාර කපා ගත්තා.

ප්‍රශ්නය :
මොකද්ද ඔබ අලුතෙන් කපා ගත්ත පාර....?


මහින්ද :
මගේ ජාත්‍යන්තර අත්දැකීම් හා සබදතා ඊට මුල් වුණා. පහුගිය ඡන්දෙන් දිනලත් වසර 30 ක මගේ අත්දැකීම් වලින් පාළකයො වැඩ ගත්තෙ නෑ. හිටපු ජනපති ගෝටාභය මට ආරාධනා කලා මේ තානාපතිකමට. ලෝකයේ බලවත්ම රටේ ලංකාවෙ නියෝජිතයා ලෙස විශාල සේවයක් කලහැකි නිසා මම වැඩේ බාරගත්තා. හිතුවටත් වඩා වැඩි දෙයක් මම කලා.

ප්‍රශ්නය :
කඩා වැටුණු ලංකා ආර්ථිකය නගා හිටුවන්න ඔබ දැක්වූ දායකත්වය කුමක්ද...?


මහින්ද :
මම උසස් අධ්‍යාපනය ලැබුවෙ හා වෘත්තියෙන් ආර්ථික ක්ෂ්‍රේත්‍රයේ අත්දැකීම් ඇති කෙනෙක්. ඒ මත පදනම්වයි මම ඇමෙරිකාවෙදි ක්‍රියා කළේ.

ලංකාවට ආර්ථික ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් ලබන්න නම් IMF වැනි ලොව පිළිගත් සංවිධාන සමග වැඩ කළ යුතු වෙනවා. හිටපු ජනපතිගෙ උපදෙස් මත එහි ප්‍රධානි එක්ක මම කතා කරල ලංකාවට ඇති අභියෝග පැහැදිලි කලා. IMF දෙන්නෙක් ලංකාවට ගිහින් හිටපු ජනපති එක්ක කතාකලා. ඒ දෙන්නගෙන් කෙනෙක් අද ද: කොරියාවෙ මහබැංකු අධිපතියි.

රටේ රාළ කොලම : රනිල්ගේ සැබෑවුන IMF සිහිනය


දින 2 - 3කින් IMF වැඩේට සූදානම් බව හිටපු ජනපති IMF ට කිව්වා. ඒ වගේම ලංකාව තුළ දේශපාලනික තීන්දු ගන්න රනිල් ජනපතිතුමා කැපවුණේ නැතිනම් IMF මූල්‍ය සහාය හා පිලිගැනීම ලංකාවට ලැබෙන්නෙම නෑ.

ප්‍රශ්නය :
ඔබේ මැදිහත්වීමෙන් වෛද්‍ය හා සෙසු ක්ෂ්‍රේත්‍ර හරහා ලංකාවට ලබාදුන් ප්‍රතිලාභ මොනවාද?

මහින්ද :
ඩොලර් නැතිවීමෙන් ලංකාවේ විශාල බෙහෙක් හිගයක් ආවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විදේශ අමාත්‍යාංශය හරහා තානාපතිල දැනුවත් කලා ආධාර ලෙස බෙහෙත් ලබා දෙන්න කියලා. බෙහෙත් ලැයිස්තුත් එවා තිබුණා.

පුවත්
මම ඇමෙරිකාවේ ආයතන ප්‍රධානීන්ට හා මට සබදතා ඇති අයට කරුණු පැහැදිලි කලා. ලංකාවට නොමිලේ බෙහෙත් දෙන්න ආයතන කිහිපයක් කැමති කර ගත්තා. කෙටි කාලයකින් ඩොලර් මිලි 53 ක ( රු කෝටි 1725 ) බෙහෙත් ලංකාවට යැවීමට හැකිවීම ගැන මම ඇතුළු වොෂින්ටන් එම්බසිය ආඩම්බර වෙනවා. පිළිකා හෘද මොළය ඇතුළු රෝග සදහා මිල අධිකම ඉහළම ප්‍රමිතියේ බෙහෙත් අපි යැවිවෙ. ප්‍රවාහන වියදම පවා ඇමෙරිකාවෙන් ලබා ගන්න අපට හැකිවුණා.

ප්‍රශ්නය :
ඔබේ මේ කටයුත්ත ලංකාවේ ඖෂධ මාෆියාවට හිසරදයක්. අභියෝග ආවෙ නැද්ද...?


මහින්ද :

ඇමෙරිකාවෙන් නොමිලේ බෙහෙත් හොයනවට වඩා අමාරු වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්ම එවපු ලැයිස්තු වලට හොයපු බේත් වලට අනුමැතිය ගැනීමයි. මට ජනාදිපතිට පවා කීප වරක් කතා කරන්න වුණා. අවංක නිලධාරීන් උදව් කලා.

ප්‍රශ්නය :
බෙහෙත් වැඩිපුර එවන්නේ ඉන් ඔබටත් පුතිලාභ ලැබෙන නිසාද....නැතහොත් ඇමෙරිකානු ඖෂධ පරීක්ෂණ වල මීයන් බවට ලංකාවෙ අය පත් කරගෙන නිසාද..?

1663811192 Another donation of urgently needed medicines medical supplies from US L

මහින්ද :
නොමිලේ දෙන බෙහෙත් වලට මොන ලෝකෙ ද කොමිස් දෙන්නේ. මිලදී ගන්නව නම් නේ දෙනව නම් කොමිස් දෙන්නේ....

ලෝකයේම භාවිතා කරන ඉහළම බෙහෙත් අපි ඇමෙරිකාවෙන් එවිවේ. ඒවා සමහර රටවල වගේ පැදුරු වල දාල අව්වෙ වේලන බාල බෙහෙත් නෙවෙයි.

ප්‍රශ්නය :
ඖෂධ වලට අමතර සහායක් ඇමෙරිකාවෙන් ලංකාවට ලබා ගන්න බැරි වුණා ද...?
 
594938bc8833422f923fcbee7874f957USAID පරිපාලක සමන්තා පවර්
 
මහින්ද :
US Aid එකෙන් ඩොලර් මිලියන 300 (රු කෝටි 9990) ක පමණ උදව් පසුගිය වසර 1 1/ 2 දි ලංකාවට ලැබුණා. මහ කන්නයට පොහොර ගත්තෙ ඒ හරහායි. DFC ආයතනය ඩොලර් බිලියනයක ( රු කෝටි තිස් දෙදහස් තුන්සියයක) විශාල මුල්‍ය පහසුකමක් ලංකාවට දුන්නා. කොළඔ බටහිර ජැටියට දුන් ඩො මිලි 553 ත් ඊට ඇතුලත්. ඒ ප්‍රධානියා එක්ක තව ආයෝජන රැසක් ලංකාවට ගේන්න කතා කරගෙන යනවා. තව ඇමෙරිකානු ආයතන හා සංවිධාන වලින් ලංකාවට විශාල උදව්  ලබා දෙන්න අපි මැදිහත් වුණා.
ප්‍රශ්නය :
ඔබ හැම ආණ්ඩුවකම ඇමති, මන්ත්‍රී, තානාපති. එහෙම වෙන්නෙ කොහොම ද.?

මහින්ද :
1987 පළාත් සභා හා 94 ඉදල මම පාර්ලිමේන්තුවේ ඉන්නවා. ජනතාවයි මාව ගෙනාවේ. ඒ අතරෙ මගේ හැකියාවන් අදුනගත් සමහර නායකයින් හා සමහර ආණ්ඩු මගෙන් රටට වැඩ ගන්නවා. මට ඒ ගැන සතුටුයි.

ප්‍රශ්නය :
මෙය මැතිවරණ වසරක්. ඔබ යළිත් දේශපාලනයට එනවා ද...?
 
වසර 10කට පසු මෙක්සිකෝව සමඟ නිළ සබදතා ඇරඹේ
මහින්ද :
දේශපාලනයට වඩා වැඩි සේවයක් මෙවැනි තනතුරකින් කල හැකියි. මම එය ඔප්පු කල බව හුග දෙනෙක් කියනවා. එම සේවය තවදුරටත් රටට කරන්න මම සූදානම්. ඇමෙරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබදතා වඩාත් ගොඩනැගු නිසයි බොහෝ උදව් අද ලැබෙන්නේ. මෙක්සිකෝවෙත් වෙළෙඳ කටයුතු සඳහා ගිවිසුමක් අත්සන් කළා.
ප්‍රශ්නය :
අසරණ වෙලා ඉන්න  කළුතර දිසාව ඇතුළු ලංකාවේ ජනතාවට 2024 ට ලබා දෙන පණිවිඩය....?

මහින්ද :
ඉවසීම නීති ගරුකවීම එකමුතුකම රට වෙනුවෙන් කැපවීම හා නාස්තිය දූෂණය පිටුදැකීම නව වසරේ අධිෂ්ඨානය කරගනිමු. දියුණු රටවල් එතනට ආවේ මැජික් වලින් නොව එවැනි කැපවීම් වලින් බව ලංකාවම හිතට ගැනීම වටිනවා.

සංවාද මෙහෙවර :
අශෝක ජයතුංග
(වොෂින්ටන් DC සිට)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...