BREAKING
Top Ad
සමාලාප

යුක්රේනයේ ශ්‍රී ලාංකික සොල්දාදුවන්ට මොකද වුනේ?

T

The Leader

January 5, 2024 • 6:05 AM

යුක්රේනයේ ශ්‍රී ලාංකික සොල්දාදුවන්ට මොකද වුනේ? 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුක්රේනයේ යුද ගැටුම් ආයෙත් උත්සන්න වෙලා. ගතවුණු සතියෙදී විතරක් කියෙෆ් අගනුවර ඇතුළු නගර ගණනාවකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර
  • වාර්තාවෙනවිදියට දැන් යුක්රේන යුද බිමේ ඉතිරිවෙලා ඉන්නේ එකම එක ශ්‍රී ලාංකිකයෙක් විතරයි.
  • එහි සඳහන් වෙන විදියට දැනට ඔවුන් බඳවා ගන්නේ ස්පාඤඤ භාෂාව කතා කරන අය විතරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

500ක් විතර එල්ල වුණා. රුසියාව යුද්ද ප්‍රකාශ කරලා අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත වුණත් යුද්ධය නවතින හැඩක් නම් දකින්න නැහැ.

මේ අතරේ සහෝදර සෙබළුන් තුන් දෙනෙක්ම අහිමිවුනාට පස්සේ, යුක්රේන යුද්ධයට සම්බන්ධ වෙලා හිටපු ශ්‍රී ලාංකික සොල්දාදුවන් හැම දෙනාම වගේ ආයෙත් ලංකාවට ඇවිත්. වාර්තාවෙනවිදියට දැන් යුක්රේන යුද බිමේ ඉතිරිවෙලා ඉන්නේ එකම එක ශ්‍රී ලාංකිකයෙක් විතරයි.  

යුක්රේනයේ දී දිවි දුන් රනිෂ් හේවගේ ගේ දේහය යුක්‍රේනයේ මිහිදන් කෙරේ

ඔබට මතක ඇති 'ඩෙන්ටිස්ට්' කැප්ටන් රනිෂ් හේවගේ ගේ මරණය දෙසැම්බර් මාසේ මුල සතියේ ලංකාවේ ප්‍රධාන පුවතක් බවට පත්වෙලා තිබුණ. 


මේ අතරේ යුක්රේන හමුදාවට එකතුවෙන්නේ කොහොමද කියලත් බොහෝ දෙනා මගෙන් විමසීම් කරනවා. 

ඒ ගැන තොරතුරු ඇතුළත් වෙබ් අඩවිය ගැනත් මේ වීඩියෝවේ විස්තර කරනවා.

2jns3874 ukraine army 625x300 10 October 22

එහි සඳහන් වෙන විදියට දැනට ඔවුන් බඳවා ගන්නේ ස්පාඤඤ භාෂාව කතා කරන අය විතරයි. ඒ නිසා මේ වෙලාවේ ශ්‍රී ලාංකිකයින්ට යුක්රේන යුද්ධයට සම්බන්ධ වීම අසීරුයි. 

මේ අතරේ ආණ්ඩුව කියන්නේ ශ්‍රී ලාංකිකයින් යුක්රේන යුද්ධයට සම්බන්ධ වීම වලක්වන්න හැකි සෑම පියවරක්ම ගන්නවා කියල. කොහොම වුණත් විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයින් ඒකට සම්බන්ධවීම වලක්වන්න තමන්ට හැකියාවක් නැති බවත් විදේශ අමාත්‍ය අලි සබ්රි කියල තිබුණ. 



WhatsApp Image 2024 01 05 at 3.30.58 PMසරෝජ් පතිරණ 
(Sandeshaya by Saroj) 

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...