BREAKING
Top Ad
සමාලාප

රනිෂ් හේවගේ: අයෝනා හේවගේ ගෙන් ලාංකිකයින්ට ආයාචනයක්

T

The Leader

January 12, 2024 • 4:38 AM

රනිෂ් හේවගේ: අයෝනා හේවගේ ගෙන් ලාංකිකයින්ට ආයාචනයක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මල්ලි වීරයෙක් කරන්න ඕන නෑ ඒත් එයා කුලී හේවායෙක් නෙවෙයි - අයෝනා හේවගේ
අකුරු ප්‍රමාණය (Font Size):

 

සිය බාල සොයුරු කපිතාන් රනිෂ් හේවගේ වීරයෙකු කිරීමට තමන්ට අවශ්‍යතාවක් නැතත්, කිසි ලෙසකින් හෝ කුලීසොල්දාදුවෙකු නොවූ බව අයෝනා හේවගේ පවසයි.  


සිය සොහොයුරාගේ අභාවයෙන් දින 40 ක් පිරෙන දිනයේ ඔහුගේ සොහොන් කොත වෙත යාමට සැරසෙමින් සිටියදී 'සරෝජ් සමග සංදේශය' නාලිකාව සමග අදහස් දක්වමින් ඇය ලාංකීය සමාජය වෙත බැගෑපත් ආයාචනයක් ද කරන්නීය. 
 
රනිෂ් හේවගේ, එම් එම් ප්‍රියන්ත සහ රොඩ්නි ජයසිංහ යන ශ්‍රී ලාංකික සෙබළුන් තිදෙනා පසුගිය දෙසැම්බර් 04 වෙනි දින යුක්රේන බක්මුත් ප්‍රදේශයේ යුද බිමේ දී ජීවිතක්ෂයට පත්වීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල ප්‍රබල අවධානයට ලක්විය. සිය සොහොයුරා දිවි පිදීමෙන් අනතුරුව අයෝනා හේවගේ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වන ප්‍රථම වතාව මෙයයි. 

ශ්‍රී ලාංකික සෙබළුන්ගෙන් සමන්විත භට ඛණ්ඩයකට නායකත්වය දුන් සිය සොහොයුරා මිය යාමෙන් අනතුරුව යුක්රේන වැසියන්ගෙන් සිය පවුලට ලැබෙන සැලකුම් පිළිබඳව මෙන්ම යුක්රේන සටන් බිමේ සිටින ශ්‍රී ලාංකිකයීන් පිළිබඳව ද ඇය 'සංදේශය' නාලිකාව සමග විස්තර කළාය.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...