එසේ නම් ඔවුන් ගැන තොරතුරු අප වෙත යොමු කරන්න. අධ්‍යාපනය නිමා කරන තුරු ඒ දරුවන්ට ආධාර කිරීමට බ්‍රිතාන්‍යයේ වාසය කරන විශේෂඥ වෛද්‍ය බහීරදන් අමිර්තලිංගම් ඇතුළු කණ්ඩායම සූදානම්.
දානපතියන් 170 දෙනෙකුගේ ධන පරිත්‍යාගයෙන් අනුග්‍රහයෙන් පවත්වාගෙන යන පුණ්‍යායතනයකින් ලබාදෙන මූල්‍යාධාර, මවත්, පියාත් දෙදෙනාම අහිමි දරුවන්ටත් ලබා දෙන නමුත් එවැනි දරුවන් කිසියම් ඥාතියෙකු භාරයේ සිටිය යුතු බවත් වෛද්‍ය අමිර්තලිංගම් පවසනවා.
වසර 15ක් මුළුල්ලේ ක්‍රියාත්මක වන එම පුණ්‍යායතනය මේ වනවිට දරුවන් 800 දෙනෙකුට එසේ ආධාර ලබා දී තිබෙන බවත් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින විශේෂඥ මනෝ වෛද්‍ය චිකිත්සකවරයා මා සමග කිවුව.
මුලින්ම උතුරේ දරුවන් ගැන අවධානය යොමු කළ ඔවුන්, දැන් දකුණේ දරුවන්ටත් ආධාර කරන්න සූදානම්. ඒ සඳහා දරුවන් තෝරා ගැනීමට උපකාර කරන්න කියලත් වෛද්‍ය බහීරදන් "සරෝජ් සමග සංදේශය" නාලිකාවෙන් ඉල්ලා සිටියා.
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු දෙමළ ජාතික විපක්ෂනායකවරයා වූ අප්පාපිල්ලේ අමිර්තලිංගම් ගේ බාල පුතු වන වෛද්‍ය බහීරතන්, දෙමළ ඩයස්පෝරාව සහ වත්මන් දෙමළ දේශපාලන නායකත්වය ගැනත් මාත් එක්ක අදහස් පළ කළා.
සරෝජ් පතිරණ (Sandeshaya by Saroj)
ශිෂ්‍යාධාර දීමට සිංහල දරුවන් සොයන දෙමළ කැරලිකරුවා
T
The Leader
February 2, 2024 • 6:21 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශිෂ්‍යාධාර ලැබීමට සුදුසු දිළිඳු සහ/හෝ මව හෝ පියා අහිමි දරුවන් ගැන ඔබ දන්නවා ද?
- ඒ සඳහා දරුවන් තෝරා ගැනීමට උපකාර කරන්න කියලත් වෛද්‍ය බහීරදන් "සරෝජ් සමග සංදේශය" නාලිකාවෙන් ඉල්ලා සිටියා.
- එසේ නම් ඔවුන් ගැන තොරතුරු අප වෙත යොමු කරන්න.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



