BREAKING
Top Ad
සමාලාප

පාර්ලිමේන්තුවට රනිල්ගෙ ධුර කාලය දීර්ඝ කරන්න පුළුවන් ද ? - (ජයම්පතිගේ විග්‍රහයක් -වීඩියෝ)

T

The Leader

June 14, 2024 • 7:01 AM

පාර්ලිමේන්තුවට රනිල්ගෙ ධුර කාලය දීර්ඝ කරන්න පුළුවන් ද ? - (ජයම්පතිගේ විග්‍රහයක් -වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලය සහ ජනමත විචාරණයක් මගින් ආණ්ඩුවකට සිතෙන ඕනෑම දෙයක් කළ නොහැකි බව ව්‍යවස්ථා
අකුරු ප්‍රමාණය (Font Size):

කටයුතු පිළිබඳ විශාරදයෙක් පවසයි. 

 

ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඒ බව කියා සිටියේ ජනාධිපතිවරණයක් පවත්වනු වෙනුවට ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කළ යුතු බවට මතුවන තර්කය පිළිබඳව Sandeshaya by Saroj නාලිකාව සමග අදහස් දක්වමිනි. 

"කිසියම් විශේෂ හේතුවක් නිසා" ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය මාස කිහිපයකින් කල් දැමීමට ඉඩ තිබෙන බවට රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංග 'සංදේශය' නාලිකාව සමග මීට ඉහතදී කළ ප්‍රකාශය ගැන ප්‍රතිචාරය පළ කරමින් ආචාර්ය වික්‍රමරත්න කියා සිටියේ, එය උපකල්පිත කරුණක් බැවින් මේ අවස්ථාවේ ඒ පිළිබඳව අදහස් දැක්වීම අසීරු බවය. 

රාජ්‍ය නායකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කළාම දඬුවමක් නැද්ද?

සාමාන්‍ය නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින්ට අධිකරණය දැඩි දඬුවම් පමුණුවද්දී, රටේ උත්තරීතරම නීතිය උල්ලංඝනය කරන රාජ්‍ය නායකයින්ට දඩ මුදල් පැනවීම පමණක් ප්‍රමාණවත් දැයි 'සංදේශය' නාලිකාවේ සරෝජ් පතිරණ කළ විමසීමට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ, ආචාර්ය වික්‍රමරත්න අනාගත ව්‍යවස්ථා සංශෝධනයකදී ඒ පිළිබඳවත් සිතා බැලිය යුතු බව කියා සිටියේය. 

ව්‍යාජ හේතු දක්වමින් නීතිපති සංජය රාජරත්නම් ගේ ධුර කාලය දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දරන උත්සාහය පිළිබඳව ද ඔහු කරුණු දැක්වීය.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...