ඒ කතාන්දර මගේත් ඔබේත් කතාව විය හැකි ය. එබඳු සත්‍ය කතා අසන, දකින ඔබ ඇතැම් විට එය ප්‍රබන්ධ කතාවක් යැයි සිතිය හැකි ය. තවත් සමර විටෙක ඔබ ප්‍රබන්ධ කතාවක් රස විඳ එය සැබෑ කතාවක් යැයි පැවසිය හැකි ය. ඒ තීරණ දෙකෙන් කුමන තීරණයක් වුව ගැනීමේ අයිතිය පවතින්නේ රසික ප්‍රජාව වෙත ය.
එබඳු රසික ප්‍රජාව වෙත සමීපව සිටින සමන්ත කුමාර ගමගේ යනු සැබෑ ජීවිතයේ විවිධ දුක්, කම්කටුලු, හිරිහැර විඳි පුද්ගලයෙකි. ඔහු ලාංකීය ප්‍රේක්ෂක ප්‍රජාව වඩාත් හඳුනන්නේ චරිතාංග නළුවකු ලෙසිනි. නමුදු ඒ නළුවා තුළ ම තවත් කලාකාමී චරිත කිහිපයක් ම සැඟව සිටිති. ඒ එක් චරිතයක් නම් වේදිකා නාට්‍ය පෙළ රචකයා ය. තවකෙක් නම් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයා ය; සම්මානනීය වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයා ය. තෙවැන්නා නම් රූපවාහිනී සහ සිනමා තිර රචකයා ය.
පාසල් වියේ දීම කලා ක්ෂේත්‍රයට පිවිසි සමන්ත කුමාර ගමගේ ලියා අධ්‍යක්ෂණය කරන ලද පළමු වේදිකා නාට්‍ය 1996 වසරේ දී සමස්ත ලංකා පාසල් නාට්‍ය අතුරින් හොඳ ම වේදිකා නාට්‍යයට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නේ ය. මේ 2024 වසරයි. එදා මෙදා තුර ඔහු විසින් රචිත රූපවාහිනී නාට්‍ය පිටපත් සංඛ්‍යාව දහයකි. ඒ අතුරින් ‘‘ගිරිදේව’’ පිටපත සඳහා හෙතෙම හොඳම රූපවාහිනී තිර රචනයට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නේ ය. ඔහුගේ ප්‍රථම සිනමා තිර රචනය ඇසුරෙන් ඉසුරු ගුණතිලක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘ශේෂ’’ සිනමා නිර්මාණය ප්‍රංශයේ පැවති කාන්ස් ලෝක සිනමා සම්මාන උළෙල (Cannes World Film Festival) නියෝජනය කළ අතර එහි දී එම සිනමා නිර්මාණය ‘හොඳ ම නර්තනමය සිනමා නිර්මාණය’ ලෙස සම්මානයට පාත්‍ර විය.
මේ වන විටත් ඔහු විසින් රචිත රූපවාහිනී තිර පිටපත් ඇසුරින් නිර්මාණය කළ රූපවාහිනී නාට්‍ය දෙකක් විකාශනය වෙමින් පවතී. ඒ, චරිත් අබේසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘බඹරෙක් ඇවිත්’’ සහ චන්දන ඉරුගල්බණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘වියළි’’ නමැති රූපවාහිනී නාට්‍ය ද්විත්වය යි.
පහත පළවන්නේ leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සමන්ත කුමාර ගමගේ, සිය තිර රචනා කලාව පිළිබඳ ඉදිරිපත් කළ අදහස් සමුච්චය යි.
(සටහන : ජයසිරි අලවත්ත)
'ශේෂ' තිර රචනය ලිව්වෙ සැබෑ අත්දැකීමක් ඇසුරෙන් - සමන්ත කුමාර ගමගේ
T
The Leader
June 15, 2024 • 11:22 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජීවිතය යනු කිසිදා ලියා හෝ කියා අවසන් කළ නොහැකි කතාන්දරයකි.
- එබඳු සත්‍ය කතා අසන, දකින ඔබ ඇතැම් විට එය ප්‍රබන්ධ කතාවක් යැයි සිතිය හැකි ය.
- ඔහු ලාංකීය ප්‍රේක්ෂක ප්‍රජාව වඩාත් හඳුනන්නේ චරිතාංග නළුවකු ලෙසිනි.
- තවකෙක් නම් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයා ය; සම්මානනීය වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයා ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


