BREAKING
Top Ad
සමාලාප

'රනිල් බැසිල්වත් රැවට්ටුවා' - උදයාංග වීරතුංග (වීඩියෝ)

T

The Leader

July 7, 2024 • 9:27 AM

'රනිල් බැසිල්වත් රැවට්ටුවා' - උදයාංග වීරතුංග (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂට ප්‍රතිඥා දුන් බව අවධාරණය කරන
  • ''රනිල්ට ආණ්ඩුව දීම ගැන මහින්ද දැන් කනගාටු වෙනවා'' රාජපක්ෂ හිටපු ජනාධිපතිවරුන්ගේ ඥාති සොහොයුරෙකු වන උදයාංග වීරතුංග පවසන්නේ, රනිල් වික්‍රමසිංහට ජනාධිපති පදවියට පත්වීමට පොහොට්ටුව ආධාර කිරීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැන් කණගාටුවන බවය.
  • "රාජපක්ෂවරුන් ගැනත් ඇත්තටම මම ලැජ්ජ වෙනවා.
  • රටට කෙලවුනත් කමක් නෑ ඇමරිකානුවන් කියන විදියට නටන රජයක් පොහොට්ටුව පත්කරපු එක ගැනත් මම ඇත්තටම ලැජ්ජා වෙනවා," ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංග, රාජපක්ෂ පවුලේ සියලු දෙනා ඒ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ පොරොන්දුව විශ්වාස කළ බව ද සඳහන් කරයි.

රුසියාවේ මොස්කව් අගනුවර රතු චතුරශ්‍රයේ සිට Sandeshaya by Saroj යූටියුබ් නාලිකාව සමග අදහස් දක්වමින් ඒ බව කියා සිටි හිටපු තානාපතිවරයා, ලැජ්ජාව නිසා ජනාධිපතිවරයා විසින් තමන් රවටන ලද බව බැසිල් රාජපක්ෂට ප්‍රසිද්ධියේ සඳහන් කිරීමට නොහැකිව සිටින බවත් පැවසීය.

''රනිල්ට ආණ්ඩුව දීම ගැන මහින්ද දැන් කනගාටු වෙනවා''

රාජපක්ෂ හිටපු ජනාධිපතිවරුන්ගේ ඥාති සොහොයුරෙකු වන උදයාංග වීරතුංග පවසන්නේ, රනිල් වික්‍රමසිංහට ජනාධිපති පදවියට පත්වීමට පොහොට්ටුව ආධාර කිරීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැන් කණගාටුවන බවය.

"රාජපක්ෂවරුන් ගැනත් ඇත්තටම මම ලැජ්ජ වෙනවා. රටට කෙලවුනත් කමක් නෑ ඇමරිකානුවන් කියන විදියට නටන රජයක් පොහොට්ටුව පත්කරපු එක ගැනත් මම ඇත්තටම ලැජ්ජා වෙනවා," ඔහු පැවසීය.

"තවදුරටත් මේ රනිල් රාජපක්ෂ රජය ගෙනියන්න සුදුසු නැහැ කියලයි මම හිතන්නේ."

ඒ සඳහා දිගටම සහය දෙන පොහොට්ටුවේ මැති, ඇමතිවරුන් ද දැඩි විවේචනයට ලක් කළ උදයංග වීරතුංග, පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මෑතදී ඔහු සම්බන්ධයෙන් කළ ප්‍රකාශවලට ද ප්‍රතිචාර දැක්වීය.

(සරෝජ් පතිරණ)
බීබීසී ලෝක සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...