BREAKING
Top Ad
සමාලාප

ඡායා රූපය කියන්නෙ සන්නිවේදන මෙවලමක් - හේමන්ත අරුණසිරි (වීඩියෝ)

T

The Leader

July 28, 2024 • 12:32 AM

ඡායා රූපය කියන්නෙ සන්නිවේදන මෙවලමක් - හේමන්ත අරුණසිරි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔබ, මම ඇතුළු ලෝකයේ වෙසෙන මිනිසුන් හට පිහිටා තිබෙන්නේ ඇස් දෙකක් බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ.
  • ‘‘තෙවැනි ඇස යැයි සඳහන් කළ සැණින් පොත පත පරිශිලනය කරන බොහෝ දෙනකුට ටී.
  • කීර්තිර්ත්න, යමුනී රශ්මිකා පෙරේරා, රංජනී පෙරේරා, විකුම් සේනානායක,  රෝහිත ගුණවර්ධන,  කුමාර කරුණාරත්න (ප්‍රබන්ධ කතා රචකයා නොවේ) යන අය ද තෙවැනි ඇසකින් ලෝකට දුටු පුද්ගලයෝ ය.
  • ඔවුන් නූතන පරම්පරාවේ තෙවන ඇස්කරුවෝ සහ ඇස්කාරියන් ලෙස හැඳින්විය හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

යථා තත්ත්වය එසේ වුව ද ‘‘තෙවැනි ඇසක්’’ සහිත, තෙවැනි ඇසකින් ලෝකය දකින පුද්ගලයන් ලොව සිටින බව ඇසුව හොත් ඔබ පුදුම වනවා නියත ය.

‘‘තෙවැනි ඇස යැයි සඳහන් කළ සැණින් පොත පත පරිශිලනය කරන බොහෝ දෙනකුට ටී. ලොබ්සාං රම්පා සිහිපත් වනු නොඅනුමාන ය. නමුදු අද අපගේ කතා නායකයා යනු රම්පා පවසන ආකාරයේ තෙවන ඇසක් සහිත පුද්ගලයකු නොවේ.

මෙබඳු තෙවන ඇසක් සහිත පුද්ගලයන් ශ්‍රී ලංකාවේ මෙන් ම විදෙස් රටවල ද වෙසෙති. එබදු පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳ සිහිපත් කරන්නේ නම්: ඩොරෙතා ලෑන්, ඇන්සල් ඇඩම්ස්, පීටර් ලින්ග්බර්ග් (විලාසිතා), ජේම්ස් නට්වේ (යුද විරෝධී), ජොනස් බෙනඩික්සන් (විකල්ප), හොමෝයි යරවාලා (වාර්තාමය) යනාදි අය සිහිපත් කළ හැකි ය.

ලාංකීය පුරාණ තෙවන ඇස්කරුවන් පිළිබඳ සිහිපත් කරන්නේ නම්: ඒ. ඩබ්ලියු. අන්ද්‍රෝ, ජුවන් සිල්වා, එච්. ඇම්. විතානගේ (මෙම විෂය පිළිබඳ පළමු සිංහල කෘතිය රචනා කරන ලද්දේ මාතර විතානගේ පරම්පරාවේ මුල් පුරුක වූ මොහු විසිනි.) යන අයට තෙවැනි ඇසක් තිබිණ; ඔවුහු එම තෙවන ඇසින් ලෝකය දුටුවෝ ය.

මෙම පිරිසට අමතරව: එරංග ජයවර්ධන (පුලිට්සර් ත්‍යාගය සඳහා යෝජනා වූ), කේ. ජී. කීර්තිර්ත්න, යමුනී රශ්මිකා පෙරේරා, රංජනී පෙරේරා, විකුම් සේනානායක,  රෝහිත ගුණවර්ධන,  කුමාර කරුණාරත්න (ප්‍රබන්ධ කතා රචකයා නොවේ) යන අය ද තෙවැනි ඇසකින් ලෝකට දුටු පුද්ගලයෝ ය. ඔවුන් නූතන පරම්පරාවේ තෙවන ඇස්කරුවෝ සහ ඇස්කාරියන් ලෙස හැඳින්විය හැකි ය.

දැන් ඔබට ‘‘තෙවැනි ඇස්කරුවා’’කවුදැයි කිසියම් ඉඟියක් ලැබි ඇති බව නිසැක ය. එය වඩ වඩාත් තහවුරු කරගැනීම සඳහා මතු දැක්වෙන නාම ලේඛනය ද වැදගත්වනු ඇත.

ලයනල් වෙන්ට්ඩ්, හෙන්රි රාජකරුණා, විල්සන් හෑගොඩ, ලාල් හෑගොඩ, සරත් පෙරේරා,ඩොමිනික් සන්සෝනි, ලක්ෂ්මන් නඩරාජා, නිහාල් ප්‍රනාන්දු, බී. පී. වීරවර්ධන, ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා, ඉන්ද්‍රනාථ තේනුවර, අජිත් සෙනවිරත්න, චන්දන සිල්වා යන අය ද මෙහි දී සිහිපත් කළ යුතු ම ය.

අවසන් නාම ලේඛනය කියවීමෙන් අනතුරුව තෙවැනි ඇසක් සහිත පුද්ගලයන් කවුදැයි ඔබට පසක් වනු ඇත.

ආරම්භයේ පැවසු පරිදි අද අපගේ කතා නායකයා ද මීට විසි වසරකට පෙර... එනම් 2004 වසරේ අගෝස්තු මාසයේ 14, 15, 16 යන තෙදින තුළ ‘‘ගස සැඟවූ කවිය’’ යන මැයෙන් තමන්ගේ තෙවැනි ඇසෙහි පළමු දැක්ම ප්‍රදර්ශනය කළ, තවමත් තම තෙවැනි ඇසින් ලෝකය දකින තෙවැනි ඇස්කරුවකු හෙවත් ඡායා රූප ශිල්පියකු වන හේමන්ත අරුණසිරි ය.

මතු පළවන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග හේමන්ත අරුණසිරි ඡායා රුපකරණය පිළිබඳ අදහස් දැක්වූ  විඩියෝව ය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...