කාණ්ඩ නවයකින් (ඊටත් වඩා වැඩිදැයි නොදනිමි) යුත් එම කෘතියේ පළමු කාණ්ඩය නිකුත් වන්නේ 1965 මැයි මාසයේ දී ය.
මා සතුව පවතින අවසාන යැයි සිතෙන නව වන කාණ්ඩය ප්‍රකාශයට පත්කෙරෙන්නේ 1971 වසරේ දී ය. දීර්ඝ පර්යේෂණාත්මක කෘතියක් වන එම කෘතියෙන් ඉක්බිති පුවත්පත් හෝ සඟරා පිළිබඳ ලියැවුණු පරිපූර්ණ කෘතියක් තිබේ දැයි මම නොදනිමි. නමුදු විවිධ පුවත්පත් සම්බන්ධයෙන් කෘති කිහිපයක් පළ වී තිබේ.
උදාහරණයක් ලෙස ගතහොත්: සිංහල චිත්‍රකතා, ළමා පුවත්පත්, අසභ්‍ය යැයි හැඳින්වෙන පුවත්පත්, සිනමා පුවත්පත් යනාදිය පිළිබඳ කුඩා කෘති පළ කර ඇත. නමුදු මේ සියලු පුවත්පත්වලට වඩා පොදු නාමයකින් හැඳින්විය හැකි ටැබොලොයිඩ් පුවත්පත් පිළිබඳ පමණක් ම වෙන් වූ කෘතියක් මෙතෙක් පළ වී නොතිබිණ.
මේ වන විට එම අඩුව සපුරාලන්නට දිනුක මලින්ද හේරත් සමත්ව ඇත. ඒ, ඔහු විසින් සම්පාදිත ‘ටැබ්ලොයිඩ් සරසවිය - බෙරේ ගෙදරින් මරදානට විතැන් වූ සිලෝනයේ පත්තර කලාව’නමැති කෘතිය තුළිනි.
මතු පළ වන්නේ Theleader TV ඉදිරිපත් කරන ‘සරග’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග දිනුක මලින්ද හේරත් කළ සම්මුඛ සාකච්ඡාව ය.
මෙම සාකච්ඡාව නැරඹීමෙන් ‘ටැබ්ලොයිඩ් සරසවිය - බෙරේ ගෙදරින් මරදානට විතැන් වූ සිලෝනයේ පත්තර කලාව’ නමැති කෘතිය පිළිබඳ සංක්ෂිප්ත අවබෝධයක් ලබාගැනීමට හැකිවනු නොඅනුමාන ය.
(සටහන - ජයසිරි අලවත්ත )
පත්තර ඒකාධිකාරිය බිඳුණෙ ටැබ්ලොයිඩ් පත්තරෙන් - දිනුක මලින්ද හේරත් (වීඩියෝ)
T
The Leader
September 23, 2024 • 11:28 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශ්‍රී ලංකා පුවත්පත් සඟරා සම්බන්ධයෙන් මෙතෙක් ලියැවී ඇති දැවැන්ත ම කෘතිය කළුකොඳයාවේ පඤඤාසේකර හිමි විසින් සම්පාදිත ‘සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය’ යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.
- මා සතුව පවතින අවසාන යැයි සිතෙන නව වන කාණ්ඩය ප්‍රකාශයට පත්කෙරෙන්නේ 1971 වසරේ දී ය.
- නමුදු විවිධ පුවත්පත් සම්බන්ධයෙන් කෘති කිහිපයක් පළ වී තිබේ. උදාහරණයක් ලෙස ගතහොත්: සිංහල චිත්‍රකතා, ළමා පුවත්පත්, අසභ්‍ය යැයි හැඳින්වෙන පුවත්පත්, සිනමා පුවත්පත් යනාදිය පිළිබඳ කුඩා කෘති පළ කර ඇත.
- නමුදු මේ සියලු පුවත්පත්වලට වඩා පොදු නාමයකින් හැඳින්විය හැකි ටැබොලොයිඩ් පුවත්පත් පිළිබඳ පමණක් ම වෙන් වූ කෘතියක් මෙතෙක් පළ වී නොතිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


