BREAKING
Top Ad
සමාලාප

අනුරගේ ජයග්‍රහණය පසුපස සිටි ටිල්වින්ගේ 'අප්‍රකට' දේශපාලන ජීවිතය ගැන ඔබ දන්නවා ද? - (වීඩියෝ)

T

The Leader

September 27, 2024 • 11:49 PM

අනුරගේ ජයග්‍රහණය පසුපස සිටි ටිල්වින්ගේ 'අප්‍රකට' දේශපාලන ජීවිතය ගැන ඔබ දන්නවා ද? - (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 46ක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින ටිල්වින් සිල්වා ඉන් වසර 29ක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වන්නේය.
  • ජනප්‍රිය දේශපාලනයට නොගිය ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පරිවාස ආණ්ඩුවේ මෙන්ම, අනුර කුමාර දිසානායකගේ වත්මන් ආණ්ඩුවේ කිසිඳු තනතුරක් භාර නොගැනීමට තීරණය කළ බව BBC සිංහල සමග පැවති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
  • ''83 පක්ෂය තහනම් කරන අවස්ථාවේ මම කළුතර දිස්ත්‍රික්කයේ තරුණ සංගමයේ ලේකම්වරයා.
  • නමුත් මම ඒ කාලේ ප්‍රසිද්ධ දේශපාලනය නොකරපු නිසා මම පක්ෂයේ මොනවද කරන්නේ කියලා බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ඇතුළුව පක්ෂයේ වත්කම් ඔහු සතුය.

ජනප්‍රිය දේශපාලනයට නොගිය ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පරිවාස ආණ්ඩුවේ මෙන්ම, අනුර කුමාර දිසානායකගේ වත්මන් ආණ්ඩුවේ කිසිඳු තනතුරක් භාර නොගැනීමට තීරණය කළ බව BBC සිංහල සමග පැවති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.

''83 පක්ෂය තහනම් කරන අවස්ථාවේ මම කළුතර දිස්ත්‍රික්කයේ තරුණ සංගමයේ ලේකම්වරයා. නමුත් මම ඒ කාලේ ප්‍රසිද්ධ දේශපාලනය නොකරපු නිසා මම පක්ෂයේ මොනවද කරන්නේ කියලා බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නෑ. අවුරුදු හතක් හිරේ ඉඳලා ඇවිත් 1995 පක්ෂ ලේකම් ධූරය භාර ගත්තට පස්සේ තමයි බන්ධනාගාර නිලධාරී දැන ගත්තේ මම කවුද කියලා. මගේ ඒ හැසිරීම පක්ෂයේ බොහෝ දෙනෙකුගේ ජීවිත ආරක්ෂා කර ගන්න පුළුවන් වුණා. පොලීසිය හිතුවේ මම පක්ෂයට උදව් කරපු සාමාන්‍ය කෙනෙක් කියලා.'' යනුවෙන් ඔහු පැවසුවේය.

පාසල් කාලය, ආර්ථික අභියෝග අභියෝග හමුවේ පාසල් ගමන අඩාල වීම, රෝහණ විජේවීර හමුවීම, පක්ෂය තුළ කළ රහසිගත දේශපාලනය, බන්ධනාගාරයේ ජීවිතය හා බැඳුනු 'අප්‍රකට' කතා මෙන්ම අනුර දිසානායක ජනාධිපතිවරයා යටතේ තනතුරු භාර නොගැනීමට හේතුව ටිල්වින් සිල්වා BBC සිංහල සමග පැවති සාකච්ඡාවේ දී විස්තර කළේය.






(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...