එවන් අවස්ථාවල දී සිය රාජ්‍ය බලය රැක ගැනීම උදෙසා අදාළ රජුට හෝ රැජිනට තම සිතට එකඟ නොවන තීරණ වුව ද ගැනීමට සිදුවේ; අතීතයේ මෙන් ම වර්තමානයේ ද එබඳු අවස්ථා පැමිණ තිබේ; අනාගතයේ ද පැමිණිය නොහැකි යැයි විශ්වාස කළ නොහැකි ය.
තවත් පසෙකින් ගත් විට පුරාණයේ රාජ්‍ය බලය හෙබවූයේ ද වර්තමානයේ රාජ්‍ය බලය හොබවන්නේ ද බොහෝ විට ප්‍රභූ පෙළැන්තිය යි. නිර්ප්‍රභූ පෙළැන්තියක පුද්ගලයකු කිසියම් ආකාරයකින් රාජ්‍ය බලය ලබාගත්ත ද ඔහුට හෝ ඇයට එය පවත්වාගෙ යෑම සඳහා ප්‍රභූන්ගේ සහයෝගය ඇවැසි ම ය. එසේ නොවුන හොත් තම රාජ්‍ය බලය ගිලිහෙන්නේ තමන් ද නොදැනුවත්ව ය.
මෙහි අනෙක් පාර්ශ්වය වන්නේ කිසියම් ආකාරයකින් නිර්ප්‍රභූ පෙළැන්තියේ පුද්ගලයකු කුමන හෝ ආකාරයකින් රාජ්‍යයේ ඉහළ නිලතල දරන තත්ත්වයට පත්වුවහොත් ප්‍රභූ පෙළැන්තිය ඊට එරෙහිව නිර්දය කුමන්ත්‍රණවල නියැළීම ය; එම කුමන්ත්‍රණවලින් තම සතුරා යැයි ඔවුන් විසින් ම නිගමනය කරනු ලබන නිරුප්‍රභූ රාජ්‍ය බලධරයා පලවා හැරීම ය; ඇතැම් විට එය ඝාතනයකින් වුව ද කෙළවර විය හැකි ය.
කුසුම්සිරි විජේවර්ධන විසින් ප්‍රබන්ධිත ‘‘මුලාචාරියා’’ කෘතිය තුළ විදාරණය වන්නේ ද යට කී ආකාරයේ සිදුවීම් මාලාවකි.
මතු පළ වන විඩියෝවෙන් දැක්වෙන්නේ කුසුමසිරි විජේවර්ධන ඔහුගේ නවතම ප්‍රබන්ධය වන මූලාචාරී කෘතිය පිළිබඳ The Leader TV ඉදිරිපත් කරන ‘සරග’ සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාව සමග කළ සාහිත්‍ය කතිකාව ය.
(සටහන - ජයසිරි අලවත්ත)
ඉතිහාස පොත්වල ලියවුණේ ප්‍රභූවරු ගැන විතරයි - කුසුම්සිරි විජේවර්ධන (වීඩියෝ)
T
The Leader
October 6, 2024 • 3:26 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- රජකු හෝ රැජිනක කෙතරම් බලපරාක්‍රමයෙන් වැජඹුණ ද ඔවුන් කිසිවකු නොසිතූ මොහොතක ඒ බලපරාක්‍රමය සුනුවිසනු විය හැකි ය; එසේ සිදුවීම හෝ සිදුකිරීම සඳහා තමා සමීපයේ ම සිටි මැති ඇමතිවරුන්ගේ කෛරාටික කුමන්ත්‍රණ වුව ද ඉවහල් විය හැකි ය.
- තවත් පසෙකින් ගත් විට පුරාණයේ රාජ්‍ය බලය හෙබවූයේ ද වර්තමානයේ රාජ්‍ය බලය හොබවන්නේ ද බොහෝ විට ප්‍රභූ පෙළැන්තිය යි.
- එසේ නොවුන හොත් තම රාජ්‍ය බලය ගිලිහෙන්නේ තමන් ද නොදැනුවත්ව ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


