BREAKING
Top Ad
සමාලාප

‘සින්ටෝ’ මධ්‍යම පන්තියේ හරස්කඩක්' - අසංක සායක්කාර (වීඩියෝ)

T

The Leader

November 24, 2024 • 1:59 AM

‘සින්ටෝ’ මධ්‍යම පන්තියේ හරස්කඩක්' - අසංක සායක්කාර (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුරුෂයකු කාන්තාවක සමග ලිංගික සම්භෝගයේ යෙදීමෙන් ඉක්බිති කාන්තාව ගැබ් ගැනීම එසේත් නොවේ නම් කාන්තාවගේ කුසෙහි දරුවකු පිළිසිඳ ගැනීම ඔබ දකින්නෙ කොහොම ද? අනිවාර්යයෙන් ම ඒ සිද්ධිය එක ම විදියට දකින්න අපේ සමාජය කැමති නැහැ.
  • යාන්තම අවුරුදු දහඅට ලබපු තරුණියක්, නීත්‍යනුකුලව විවාහ වෙන්නෙ නැතුව ගැබ් ගත්තොත්...?
  • මෙන්න මේ ආකාරයට මම යට සඳහන් කළා වගේ කාන්තාවක ගැබ් ගැනීම පිළිබඳව සමාජය දරන්නෙ විවිධාකාර මත.
අකුරු ප්‍රමාණය (Font Size):

‘එක ම විදියට දකින්න’ කිව්වම දැන් ඔයාලට ප්‍රශ්නයක් නේද...? ඒත් තිත්ත ඇත්ත එහෙමයි.

අපි මෙහෙම හිතමු... අලුතෙන් විවා පත් කාන්තාවක් ගැබ් ගැනීම සාමාන්‍ය යි. හැබැයි අවුරුදු විස්සත් පැනපු, කසාද බඳින්න ආසන්න දුවෙක් ඉන්න අම්මා කෙනෙක් ගැබ් ගත්තොත්...? ඒ දිහා සමාජය බලන්නෙ වෙනස් විදියකට නේද...? සමාජය වුවමනා නෑ... අර විවාපත්වෙන්න ඉන්න දුව, ඒ දුව විවාහ වෙන් ඉන්න තරුණයා... ඒ අය මේක දකින්නෙ තමන්ගෙ ජීවිතයට එල්ල වුණ බරපතල බාධකයක් විදියට නේද...?

තව පැත්තකින් අපි මෙහෙම හිතමුකො... යාන්තම අවුරුදු දහඅට ලබපු තරුණියක්, නීත්‍යනුකුලව විවාහ වෙන්නෙ නැතුව ගැබ් ගත්තොත්...? ඒ තරුණිය දිහා සමාජය බලන්නෙ කොහොම ද...? යට කියපු සිද්ධි දෙකට ම වෙනස් විදියකට නේද...?

මෙන්න මේ ආකාරයට මම යට සඳහන් කළා වගේ කාන්තාවක ගැබ් ගැනීම පිළිබඳව සමාජය දරන්නෙ විවිධාකාර මත. ඒ මත හරිද වැරැදිද කියල තීරණය කරන්නෙ සමාජය නොවිය යුතුයි; ඒක තීරණය කරන්න ඕනෙ සිද්ධියට මුහුණ දුන් පාර්ශ්වය යි.

ඉතිං... මේ දවස්වල ස්වර්ණවාහිනියෙ ‘‘සින්ටෝ’’ නමින් රුපවාහිනි නාට්‍යයක් විකාශනය වෙනවා. ඒ නාට්‍යයේ සාකච්ඡා කෙරෙන්නෙ මෙන්න මේ ප්‍රශ්නය ගැන.

ඒ නාට්‍ය යේ තිර රචනය සහ අධ්‍යක්ෂණය අසංක සායක්කාර; මතු පළ වන්නේ අසංක සායක්කාර, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ‘සින්ටෝ’ පිළිබඳ කරපු සාකච්ඡාව.

(සටහන - ජයසිරි අලවත්ත)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...