BREAKING
Top Ad
සමාලාප

'ගුරු ගීතය' චිත්‍රපටිය දේශපාලන වශයෙනුත් කොන් වුණා | සිනමා අධ්‍යක්ෂ උපාලි ගම්ලත් (වීඩියෝ)

T

The Leader

December 22, 2024 • 11:12 PM

'ගුරු ගීතය' චිත්‍රපටිය දේශපාලන වශයෙනුත් කොන් වුණා | සිනමා අධ්‍යක්ෂ උපාලි ගම්ලත් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘තමාට වැදගත් වූ තැන්වල දී පා සටහන් සදාකාලිකව ම තබා යෑමට බැරි ඇයි...?
  • මම විශ්වාස කරන විදියට ලංකාවේ දැනට වැඩියෙන් ම අලෙවි වී ඇති, වැඩි ම පාඨක පිරිසක් කියවා ඇති සහ එකම සාහිත්‍ය කෘතිය වැඩිම වාර ගණනක් කියවා ඇති සාහිත්‍ය කෘතිය ද ‘‘ගුරු ගීතය’’ යි.
  • ඔබ නවකතාවක් ලෙස මෙතෙක් රසවිඳි ‘‘ගුරු ගීතය’’ පසුගිය 12වන දින සිට සිනමා නිර්මාණයක් ලෙස මුදාහැරුණා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
දුයිෂේන් සහ මා කඳුකරයේ සිට ආ ඒ අඩි පාර සොයා ගන්න හැකි නම්, ගුරුතුමාගේ පා සටහන් සොයා ඒවා සිප ගැනීමට මා සූදානම් ය. ඒ අඩි පාර සියලු ම මාර්ග සහ මාවත්වලට වඩා මට අගනේ ය. මා යළි ජීවිතයට ගෙනවිත්, මට අලුත් විශ්වාසයක් දී, අලුත් බලාපොරොත්තු සහ ආලෝකය ලබා දුන් ඒ දවසටත්, අඩි පාරට සහ මාවතටත් දේවාශිර්වාද ලැබේවා...!
 
එදා පෑයූ ඉරටත්, එදා පැවති කාලගුණයටත් කෘතඥතාව හිමි වේවා...!’’


මේ කොටස මම උපුටාගත්තෙ චින්ගිස් අයිත්මාතව් විසින් රචිත, දැදිගම වි. රුද්‍රිගු විසින් පරිවර්තිත ‘‘ගුරු ගීතය සාහිත්‍ය කෘතියෙන්.

මම විශ්වාස කරන විදියට ලංකාවේ දැනට වැඩියෙන් ම අලෙවි වී ඇති, වැඩි ම පාඨක පිරිසක් කියවා ඇති සහ එකම සාහිත්‍ය කෘතිය වැඩිම වාර ගණනක් කියවා ඇති සාහිත්‍ය කෘතිය ද ‘‘ගුරු ගීතය’’ යි.

ඔබ නවකතාවක් ලෙස මෙතෙක් රසවිඳි ‘‘ගුරු ගීතය’’ පසුගිය 12වන දින සිට සිනමා නිර්මාණයක් ලෙස මුදාහැරුණා. මෙම සිනමා නිර්මාණයේ පිටපත සහ අධ්‍යක්ෂණය උපාලි ගම්ලත්. මෙවර The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සම්මුඛ වන්නේ ඔහු යි.

මතු පළ වන්නේ එම සම්මුඛ සාකච්ඡාව යි.

(සටහන | ජයසිරි අලවත්ත)



 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...