අද දින සරග සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාව සමග එකතු වන ලේඛකයා සමග සාකච්ඡා කිරීමට කෙතරම් වුවමනා වුව ද ඒ වෙනුවෙන් මම ඉවසීමෙන් බලා සිටියෙමි; සරග වැඩටහන ආරම්භයේ සිට ම ඔහු සම්බන්ධ කරගැනීමට අවස්ථාවක් උදා වන තෙක් සිටියෙමි.
ඔහු සාහිත්‍ය පරිවර්තකයෙකි; සම්මානලාභී පරිවර්තකයෙකි. අද දින ඔහු මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නේ ද සම්මානනීය අවස්ථාවක් පාදක කරගෙන ය; ඒ මා ලද අවස්ථාව ය.
2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ හොඳම පරිවර්තන ළමා සාහිත්‍ය කෘතිය වෙනුවෙන් සම්මාන ලැබුවේ අද සරග සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාව සමග එකතු වන ලේඛකයා ය; පරිවර්තකයා ය.
ඔහු මහින්ද සෙනරත් ගමගේ ය.
මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග: සම්මානනීය පරිවර්තක, 2024 රාජ්‍ය සාහිත්‍ය සම්මානෝත්සවයේ හොඳම පරිවර්තන ළමා සාහිත්‍ය කෘතියට හිමි සම්මානය හිමි කරගත් මහින්ද සෙනරත් ගමගේ සමග කළ සම්මුඛ සාකච්ඡාව ය.
(සටහන |- ජයසිරි අලවත්ත)



